විජය ගැන බොරු කියන්න එපා යැයි මහින්දට චන්ද්‍රිකාගෙන් දොස් මුරයක්


මම ජේ. ආර් ළඟ දනින් වැටුනේ නැහැ


තම සැමියා වන විජය කුමාරතුංග හිරෙන් නිදහස් කැර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ළඟ තමා දනින් වැටුණු බවට ජනාධිපති රාජපක්ෂ සහ ඇමති කෙහෙළිය. විමල වීරවංස වැනි අයවලුන් කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කීවාය. කිසිම විටෙක කුමන අකාරයකින්වත් විජයගේ නිදහස වෙනුවෙන් එවකට සිටි ජනාධිපතිගෙන් තමා කුමන හෝ ඉල්ලීමක් නොකළ බව ඇය අවධාරණය කළය.


"හිරේ ඉන්න විට විජය තදබල ලෙස අසනීප වුණා. මේ සියලූ කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපති හමුවීමට මා තීරණය කළා. හැබැයි එසේ ගියේ සාක්කිකාරියක ලෙස මගේ අක්කත් සමඟයි. එහෙම කළේ සත්‍ය විකෘත කරන නිසයි. ජයවර්ධන ජනාධිපති අප සුහදව පිළිගත්තා. තේ සමඟ සුළු ආහාරයකුත් දුන්නා. අනම් මනම් කතා කර කර ඉඳලා එක වරම විජය නිදහස් කරන්න තීරණය කළ බව මට කිව්වා. එය සිදු වන්නේ කවදාදැයි මා ප්‍රශ්න කළා. සතියකින් නිදහස් කරන බව දැනුම් දුන්නා."
Tell a Friend