ආබාධිත වුණත් දිරියෙන් මවුපියන් රකින පුතෙක්

මානෙල් ගමගේ

මේ ධෛර්යවන්ත තරුණයා අපට හමුවූයේ අගුරුවාතොට වේරවත්ත ප්‍රදේශයේදීය.

ඔහු නමින් කේ. පියරත්නය. වයස අවු .33ක් වන පියරත්න මහතා ආබාධිතවූවත් එය ඔහුට උපතින් උරුම වූවක් නොවේ. ඇවිදීමට නැගිටීමට නොහැකි යැයි පවසමින් අනුන්ට අතපෑමට ඔහු කැමති වූයේ නැත.

ආබාධිත පුද්ගලයා සඳහා වන ත්‍රීරෝද රථයකනැගී ප්‍රදේශයේ වෙළෙඳසල්වලට රසකැවිලි, පහන්තිර, හඳුන්කූරු වැනි කුඩා වෙළෙඳ ද්‍රව්‍ය සැපයීම ඔහුගේ රැකියාව මෙන්ම විනෝදාංශයයි. රැකියාවක් කර ගත නොහැකි මවුපියන්ද යැපෙන්නේ අද ඔහු උපයන සුලු මුදලිනි.

මම දොඹගොඩ සීලරතන මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයේ දවස් වරකා ගෙඩියක් කඩන්න ගහකට නැගල මාව ගහෙන් වැටිල සුසුම්නාව ඇදිල ආබාධිත වුණා. යාලුවො ඉස්කෝලෙ යනව දකින කොට මට ඇති වුණේ කියන්න බැරි තරමෙ දුකක්. අම්මයි තාත්තයි මගෙ සේරම වැඩ කරල දීල දන්න හැම තැනම අරන් ගිහිල්ල මාව සනීප කරන්න උත්සාහ කළා.

මට ඇඳටම වෙලා ඉදල එපාවෙලයි තිබුණේ. මං මානසිකවත් ඇද වැටෙන හින්ද තාත්ත ආබාධිත අයට තියෙන මේ ත්‍රිරෝද රථය ගෙනත් දුන්න. එදා මට දැණුන සතුට කොච්චරද කියල කියන්න බෑ. මං ඒකෙන් පොඩ්ඩක් පාර පැත්තෙ රවුමක් ගියා. වටපිට ලෝකයත් එක්ක ආයිත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

කඩවලට සිල්ලර බඩුදාන කෙනෙක් දවසක් මට මුණගැහිල මල්ලි වාහනනේකුත් තියෙන එකේ නරක ද පොඩි බිස්නස් එකක් කළොත් කියල ඇහුව. ඒවෙන කොට මටත් හිතිලයි තිබුණෙ කාටවත් බරක් වෙලා ඉදල හරියන්නෙ නෑ.

අම්මලට උදව් වෙන්න ඕනෑ කියල. ඒ අනුව මම ඒ අයියගෙන් බඩු අරන් ළඟ ළඟ කඩවලට ගිහින් දෙන්න පටන් ගත්ත. ඒ ආරම්භය අද මම හොරණ, මිල්ලනිය, මදුරාවල, ගෝවින්න වගේ ප්‍රදේශවල කඩවලට හඳුන්කූරු, පහන්තිර, රසකැවිලි වගේ ;පාඩි පොඩි සිල්ලර බඩු දානව. විසි තිස් දාහක බඩු කීපදෙනෙක් මට ගෙදරට ගෙනල්ල දෙනවා. ඒ අයට මම හොර බොරු නැතුව වෙලාවට මුදල් දෙනව.

රෝද පුටුවෙන් වාහනේට නගින විදියට මං ඒක හදාගෙනයි තියෙන්නෙ. ඒ වුණාට වාහනේට වහලයක් නෑ. සමහර දාට අතරමඟදි වහිනව. බඩු තෙමුණොත් හොඳ නෑ. විකුණ ගන්නබැරි වෙනවා.

. Tell a Friend