කතු වැකිය : රජුට අය වැයෙන් පස්සේ එන ශක්තිය !

ජනපති ධුරයේ දෙවැනි ධූර කාලයට නොවැම්බර් 19දා දිවුරුම් දී 20 වැනිදා අයවැය ඉදිරිපත් කර වඩා ශක්තිමත් රජයක් පිහිටුවන බව මහින්ද රාජපක්ෂ ජනපති වෘත්තීය සමිති සමග අරලියගහ මැදුරේදී ඊයේ සඳහන් කළේය. දැනටමත් අමාත්‍ය මණ්ඩලය සැලකිය යුතු ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇති හෙතම අගමැති ධුරය හැරෙන්නට අනෙක් සියලුම ධුර ඉදිරියේදී වෙනස් කරන බවට සැලයි.

ජනාධිපතිවරයා මේ ආකාරයෙන් මීළඟට එන අභියෝගය හමුවේ තමන්ගේ ශක්තිය වැඩි වන්නේ යැයි කියූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෑතකදී එනම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර රට වටේ ගියේ මෙම සින්දුවම ගායනා කරමිනි. දැන් ඔහු කියන්නේ තියෙන වත්මන් ආණ්ඩුවේ ශක්තිය මදි බවයි. ඔහුගේ ශක්තිය මනින මිනුම් දණ්ඩ මනින ඒකකය පුදුමය. මෙලෙස ප්‍රකාශ කිරීමෙන් අරමුණු දෙකක් ඉටු වේ. එනම් ගෙවී යන මාස කිහිප තුළදී උඩු දුවමින් යන ගැටලූ වලින් නොවැම්බරය දක්වා කර හැරිය හැකිය. දෙවැන්න මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තමාට ඕන ආකාරයෙන් වෙනස් කිරීමට රිසි සේ මහජන මුදල් වියදම් කිරීමට හැකි වන්නේය.

අපේ වැටහීමට අනුවනම් ශක්තිය තීරණය වන්නේ එළබෙන දෙයකින් නොවේ. එනම් පවතින දෙය යහපත් ලෙස කළමනාකරණය කිරීමෙනි. එය තමාට හිතවත් මාධ්‍ය රැගෙන ගොස් රටේ තියෙන මුල් ගල් ගලවන්න යැයි බොරු රඟපෑම් කිරීමෙන් කළ නොහැකිය. එය කළ හැක්කේ අහිමිවෙන දෑ වලට පැහැදිලි සහ කල් පවතින විකල්ප හදුන්වා දීමෙනි. එය " පාන්පිටි ත්‍රස්තවාදය " නමැති ඔහුගේ අයවලුන් කිරීමට යනත දරන මෝඩ යුධමය දේශපාලනයෙන් කළ නොහැකිය. එසේම තවත් එක පාරක් 130 ක් සමඟ නිව් යෝර්ක් ගොස් රටේ සල්ලි කාබාසිනියා කොට පිටිසර ගම්වල වල් වදින මුල් ගලකට " චන්ඩියෙකු" මෙන් බැන වැදීමෙන් පලක් නොවේ.

මේ සියලු රඟපෑම් සරත් ෆොන්සේකා හිර කිරීමෙන් රටේ ඇති වී ඇති තමන්ට අවාසි සහගත දේශපාලනය නිසා බිඳ වැටි ඇති රජුගේ මානසිකත්ව
පිළිඹිබු කරන්නක් මිස වෙනත් කිසිවක් මින් උද්දීපනය නොවේ. 18 වන සංශෝධනයෙන් ලබාගත් ශක්තියටත් වඩා තවත් මොනවද? මැකියාවෙලි කියූ පරිදි, "කිරීමට ඇති දේ වෙනුවෙන් කරන දේ අත්හැර දමන්නා තමන්ගේ ශක්තිය නොව විනාශය උදා කර ගන්නේය." Tell a Friend