ඉහල කොත්මලේට පොලීසිය හා හමුදාව යොදවයි

ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘතියේ තලවකැලේ වැඩබිමට පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වෙයි. වැඩබිම් සේවකයකු වේල්ලෙන් ඇද වැටීමෙන් මියගොස් සිටියදී ඊයේ අලූයම හමුවීමෙන් සේවකයින් අතර නොසන්සුන්තාවක් මතු වීම ඊට හේතු වී ඇත. එහෙත් මරණය පිළිබඳ පවතින සැකසහිත භාවය සේවකයින් විසින් ප‍්‍රශ්න කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩබිමට පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා ඇත. වැඩබිමේ කටයුතුද තාවකාලිකව අත්හිටුවා තිබේ. Tell a Friend