ල.ස.ස.ප.ය රජය සමඟ සිටීම හෝ නොසිටීම 23 දා කියයි

ලංකා සමසමාජ පක්‍ෂය රජය සමග තවදුරටත් එක්ව කටයුතු කරන්නේද යන්න පිළිබද ලබන 23 වනදා තීරණය කරන බව පවසයි. එහි ප‍්‍රධාන ලේකම් විමලසිරි ද මැල් මහතා පැවසා ඇත්තේ මේ පිළිබදව පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡ කරනු ඇති බවය. මෙවැනි තත්වයක් මතුවී ඇත්තේ පක්‍ෂයේ සභාපති අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයට තවදුරටත් සහායදිය යුතු බවට කර යෝජනාවක් විවාදයට ලක්වීම බව වාර්තා වෙයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍යවරයා සහායදීම සම්බන්ධයෙන් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ විරෝධතා මතු වී තිබිණි. මේ පිළිබදව පක්‍ෂය මහ සම්මේලනයේදී තීරණය කරන බව විමලසිරි ද මැල් මහතා වැඩිදුරටත් පවසා ඇත. Tell a Friend