මන්ත‍්‍රී දයාසිරි ස්වාධීන වීම අත්හරියි

සන්ධාන රජයට වාසිදායක වන කිසිදු වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොකිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පවසයි. මන්ති‍්‍රවරයා සදහන් කර ඇත්තේ මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට ගත් තීරණය සම්පූර්ණයෙන් නතර කළ බවය. එසේම ලබන දෙසැම්බරයේ පැවැත්වෙන පක්‍ෂ සමුළුවෙන් පසුව පක්‍ෂයේ ඉදිරි කටයුතු කෙරෙහි කැපවන බවද මන්තී‍්‍රවරයා කියා සිටියේය. උපවාස හෝ සිරිකොත වැටලීම ගැන කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීමටද මන්ත‍්‍රීවරයා වග බලාගෙන තිබිණි. Tell a Friend