කාලය එළඹ ඇත්තේ දනිනින් වැටීමට නොව දෙපයින් සිටගැනීමටය

 මාගේ බහුමානය, අභිමානය හා ආත්ම ගෞරවය මට වැදගත් ය. ඒ ගුණයන් මාගේ ජීවිතයට වඩා මට අගනේ ය. යුධ හමුදාවට හා රට වෙනුවෙන් සේවයේ යෙදී සිටිය දී මා කිසිදු අයථා ලාභ ප්‍රයෝජන නොගත්තේ එනිසා ය. මා හමුදා සේවයෙන් විශ්‍රාම යනවිට මා සතුව තිබුණේ කාමර තුනකින් සමන්විත නිවසක් පමණි.


සරත් ෆොන්සේකා විසිනි.


ආදරණීය ශ්‍රී ලාංකික රට වැසියනි,

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්

ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවනි, මේ එළඹ ඇත්තේ නෑ දෙයක් වුනාවේ යැයි නිහඬව නොසිට, අපේ අනාගතය සහ රටේ අනාගතය හැඩගස්වන්නට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඉදිරිපත් විය යුතු කාලය යි. ශ්‍රී ලංකාව තවමත් ව්‍යවස්ථානුකූලව, ප්‍රජාතන්ත්‍රවාදී රටකි. එහි ව්‍යාවස්ථාව විශේෂ අයිතීන් පිළිබඳව සඳහන් කරයි.

කිසිවකුගේ බලපෑමකින් තොරව තම ඡන්ද බලය භාවිත කිරීමට පුරවැසියන්ට තිඛෙන අයිතිය ද ඊට අයත් ය. සැබෑ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්වීම කණගාටුවට කරුණකි. රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව විරෝධය පාන හා විරුද්ධ අදහස් දරණ පුද්ගලයන්ට, රාජපක‍ෂ පාලනය දරුණු වධ හිංසා පමුණුවන්නේ ඔවුන් තම සතුරන් ලෙස දකින බැවිනි.

මා සිරගත කිරීමත්, මා හට ව්‍යාජ චෝදනා එල්ල කරමින් නඩු පැවරීමත් ඊට හොඳම උදාහරණ වේ.

කෙසේ වුවත්, සිරගත කිරීමෙන් මා නිහඬ කළ හැකි නොවේ. මාගේ ජීවිතය පැහැරගෙන හෝ මා නිහඬ කිරීමට ඔවුන් උත්සාහ කළ හැකි බව මා දනිතත්, මා ඊට බිය නැත. මාගේ රට හා ජනතාව වෙනුවෙන් සිය දුක් ගැහැට හා සිත් තැවුල් විඳීමට මා සූදානම් ය. කථා කිරීමේ හා දේශපාලන වශයෙන් අදහස් පළ කිරීමේ නිදහස ජනතාවට අහිමි කෙරේ නම්, ඒකාධිපතියෙකු යටතේ ජීවත්වනවා ට වඩා මිය යෑම යහපතකැයි මා තරයේ විශ්වාස කරමි. ජනතාවගේ ස්වෛරීභාවය හා ප්‍රජාතාන්ත්‍රික අයීතීන් සුරැකීම මාගේ දේශපාලන ඉලක්කයන්ගෙන් එකක් ලෙස මා සලකන්නේ එබැවිනි.

සමාජ තත්ත්වය හෝ තරාතිරම කුමක් වුවත්, සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම සමාන අයිතිවාසිකම් හා ඒ අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස ද තිබිය යුතු ය.

ගරුත්වයෙන් යුතුව, ආත්ම ගෞරවය රැකගෙන, සදාචාර සම්පන්නව ජීවත්වීමේ අයිතිය මෙන් ම තමා රුචි තැනක ජීවත්වීමේ අයිතිය ද ඔවුන්ට ලැබිය යුතු ය. සැමට සමාන සැලකිලි ලැබිය යුතු ය. කෙසේ වුවත්, දැනටත් අප වෙන්කොට තැබීමේ අරමුණෙන් යුතුව, කෙටි කාලීන දේශපාලන වාසි උදෙසා, දූෂිත දේශපාලනඥයින් විවිධ ජාතීන් අතර අවිශ්වාසය හා සැකය නිර්මාණය කර ඇත.

ඛෙදීම් ඇති කරන දේශපාලනයට හසු නොවන ලෙසට මා සිය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

සංවර්ධිත රටක් යන පොදු අරමුණ කරා ලඟාවීමට සිය ශ්‍රී ලාංකිකයන් එකාවන් ව කටයුතු කළ යුතු ය. සුළු පිරිසකගේ මඩිය තරවීම වෙනුවට, වඩා හොඳ හෙට දවසක් සිය ජාතීන්ට ම හිමි විය යුතු ය. දේශපාලන මැරයා තම ගමනට අවහිර කරන, තම මතයට එරෙහිවන නෑම අයෙකු, විශේෂයෙන් දේශපාලනඥයින් හා මාධ්‍යවේදීන් වනසාලන ජනාධිපති තුමා හැසිරෙන්නේ හින්දි චිත්‍රපටවල දක්නට ලැඛෙන මැර දේශපාලනඥයෙකු මෙනි.

රජයක් බලයට පත් කෙරෙනුයේ, රටක් සංවර්ධනය කිරීම හා එහි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සම්බන්ධයෙන් අදාල පාර්ශවය විසින් ජනතාවට ලබාදෙන පොරොන්දු මත ය. ඔවුන් ක්‍රියාවට නැංවීමට අදහස් කරන ප්‍රතිපත්ති, ඒ අවස්ථාවේ පවතින ප්‍රතිපත්තිවලට වඩා උසස් විය යුතු ය.

එසේ නමුත් අද අපට ඇත්තේ ඉතාමත් නින්දිත අයුරින් බලය අයුතු ලෙස යොදවමින්, අල්ලස, තර්ජනය, සහ සිය ආකාරයේ බලපෑම් යොදාගෙන ව්‍යවස්ථාදායකය අනිසි අයුරින් මෙහෙයවමින්, තම තනතුර රැකගැනීමේ උත්සාහයක යෙදී සිටින ජනාධිපති වරයෙකි. මුල් තැන ලා ඇත්තේ ඔහුගේ අවශ්‍යතාවත්, ඔහුගේ සහ ඔහුගේ පුතුන් ගේ සුභසාධනය සහ බලය වැඩි කරගැනීමේ අපේක‍ෂාවත් ය. දෙවැනි තැන ගෙන ඇත්තේ ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් ට එරෙහිව නැගී සිටින දේශපාලන විරුද්ධවාදීන් විනාශ කිරීමයි.

මෙම මස මුල් භාගයේ දී 18 වැනි සංශෝධනය අනුමත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීම ඊට හොඳම උදාහරණයයි. ඔහුට අවශ්‍ය පරිදි රාජපක‍ෂ පවුලේ පැවැත්ම සහතික කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළේ, එහෙයියන් වන ඔහුගේ අමාත්‍යවරුන්ගේ සහ අල්ලසින් හා තර්ජනයෙන් නම්මාගත් විපක‍ෂ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව ය.

එසේම, ඉහළ කාර්යාංශවල හා කොමිෂන් සභාවල සිය උසස්වීම් හා පත්වීම් ඔහුගේ සෘජු අණසක යටතට ගැනීමට තරම් බලය යෙදවූයේ, මැතිවරණ සමයක් එළඹි විට, සදාකල් බලයේ රැඳී සිටීමට ඔහු දරණ ප්‍රයත්නයට එරෙහිව නැගී සිටිය හැකි කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඉතිරි නොකරන්නට ය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් රැකගැනීමට හේතුපාදකවන තත්ත්වයක් නොවේ. කරුණු එසේ වුවද, ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රටකි. එහි ජනාධිපති වරයා මෙන් ම රජය ද බලයට පත්කරනු ලබන්නේ ජනතාව විසිනි. එම නිසා, ජාතියෙහි අභිවෘද්ධියට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට නියෝග කිරීමේ අයිතිය ජනතාව සතු වේ. අප තව දුරටත් ඉහත තත්ත්වය ඉවසා සිටිය යුතු නොවේ. අපගේ අනාගතය පාලනය කිරීම අප ම හැසිරවිය යුතු කාලය දැන් උදා වී ඇත. ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් විය යුතු බව මෙන් ම නිර්ලජ්ජී ඒකාධිපති වාදයට යටත් නොවන්නක් විය යුතු බව ද අප විසින් සහතික කරගත යුතු කාලය දැන් එළඹ ඇත.

ජනාධිපති මැදිහත්වීම්

රටේ නීතිය රැකීමේ ක්‍රියාවලියට ජනාධිපති වරයා විසින් කරනු ලබන මැදිහත්වීම් හා බලපෑම් දෙස මූලිකව බලන කල, අපේ නීති පද්ධතියෙන් ජනතාවට කිසිදු සාධාරණයක් ඉෂ්ඨ නොවන
බව මා තේරුම් ගනිමින් සිටිමි. ඒ සඳහා වැඩි දුරටත් සාක‍ෂි අවශ්‍ය නම්, මා සම්බන්ධයෙන් ගනු ලැබූ හාස්‍යජනක යුධාධිකරණ තීන්දු දෙක දෙස නෙත් යොමන්න. සාක‍ෂිවලට ප්‍රතිපක‍ෂව,
ජනාධිපති වරයාට අවශ්‍ය වූ අයුරින් මා වරදකරු කළ හැටි සිතා බලන්න.

සිවිල් පුද්ගලයෙකු යුධාධිකරණයකින් වරදකරු බවට පත් කල එකම රට, ශ්‍රී ලංකාව විය හැකියි. මෙම තීන්දුව ලබා දුන්නේ කිනම් තත්ත්වයන් යටතේ ද යන්න සැලකිල්ලට ගතහොත්, ඇත්ත
වශයෙන් ම එය ඉතා හාස්‍යජනක බැව් වැටෙහෙනවා ඇත. පළමු නඩු විභාගය පැවැත් වුයේ, අධිකරණ නිවාඩු සමයේ දී ය. එබැවින් නීතීඥයන් ඊට සහභාගි නොවූහ. හමුදා ටෙන්ඩර්
පටිපාටිය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නොකළ බවට සාක‍ෂි තිබියදීත්, දෙවැනි නඩු විභාගයේදී ද මා වැරදිකරු බවට තීන්දු කරන ලදී. තීන්දුවෙන් කිසිදු සාධාරණයක් මා බලාපොරොත්තු නොවූවා සේ ම, මා හට සාධාරණයක් ඉටු වූයේ ද නැත. මාගේ ජනරාල් පදවිය, නිර්භීත භාවය වෙනුවෙන් මා ලද පදක්කම් හා මාගේ විශ්‍රාම ප්‍රතිලාභයන් නීති විරෝධි අයුරින් මා හට අහිමි කිරීම රාජපක‍ෂ ආධිපත්‍යයේ ජයග්‍රහණයක් යැයි ඔවුන්ට හැෙඟනවා ඇත. හීනමානයෙන් පෙළෙන අකෘතඥ පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙපමණි. ඔහු, හමුදාවක සිය සම්මතයන්, සදාචාරයන් සහ සම්ප්‍රදායයන් උල්ලංඝනය කරමින්, යුධාධිකරණයෙහි හිඳ ගන්නට යෙදවූයේ අයථා කටයුතුවල නිරත වී, යුද හමුදාව අපකීර්තියට පත්කරන ලද කණිෂ්ඨ නිළධාරීන් ය. ඇත්ත වශයෙන් ම එය ඉතා නින්දිත ක්‍රියාවකි. එය රට මෙන් ම හමුදාව ද අපකීර්තියට පත් කළ ක්‍රියාවකි.

ඒ ගැන සඳහන් කරද්දී, මා විශේෂයෙන් ම පෙන්වා දිය යුතු තවත් කරුණක් ඇත. මා කිසිදු දිනෙක මගේ රට වෙනුවෙන් සේවය කළේ උසස්වීම් හා පදක්කම් බලාපොරොත්තුවෙන් නොවේ. මා රට වෙනුවෙන් කැප කළ වසර හතලික සේවා කාලයත්, මව්බිම වෙනුවෙන් කිහිප වාරයක් හෙළුෑ රුධිරයත් අකා-මකා දමන්නට ඔවුන්ගේ ඒ නින්දිත ක්‍රියාවට කිසිදු හැකියාවක් නොමැත. මා හමුදාවට සේවය කළේ මගේ රට වෙනුවෙන් තිබූ ආලය නිසා ය. ඒ සේවය වෙනුවෙන් මා කිසිවක් ආපිට බලාපොරොත්තු නොවූයෙමි. රටෙන් මා හට ලැබිය යුතු එකම දෙය වූයේ මා පුණ්‍ය කටයුතු වෙනුවෙන් වෙන්කොට තැබූ, මාගේ මාසික විශ්‍රම වැටුප වූ රුපියල් පනස් දහසක මුදලයි. මහින්ද රාජපක‍ෂ අද මාගෙන් සොරා ගන්නට සමත් වී ඇත්තේ අන් කිසිවක් නොව, මාගේ එම පරහිතකාමී උත්සාහය පමණි.

මා ජාතිය වෙනුවෙන් දිනා දුන් දෑ ආපසු මා හට දෙන්නට ඔහුට නොහැක්කේ යම් සේ ද, මාගේ පදවිය හා මා දිනාගත් පදක්කම් ද ආපසු ගැනීමට ඔහු ට නොහැකි ය.

ඔහුට වුවමනා වී ඇත්තේ මා කළ සේවය අකා-මකා දැමීම නම්, ප්‍රභාකරන් ට ද යළි පණ දීමට ද ඔහුට සිදු වනු ඇත. අපගේ මෙම අකෘතඥ නායකයා මේ රට වෙනුවෙන් කිසිදු යහපතක් සිදු නොකරනු ඇත. මෙවැන්නක් මා හට සිදු කළ මෙවැනි පුද්ගලයෙකුගේ පාලනය යටතේ අප රටේ නෑම පුරවැසියෙකුට මෙවැනි ඉරණමක් අත්විය හැක. අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් ඉවත ලා, ප්‍රජාපීඩිත දුෂ්ට පාලනයක් කරා පිය ඔසොවන රටක අධිකරණය දේශපාලනීකරණය වීම එම රටේ ඉරණමයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ චෝදනාව එල්ල විය යුත්තේ ජනාධිපති වරයාට ය.

ප්‍රජාතන්ත්‍රවාදී නීතිය විධායකයෙකුගේ උකුලේ සුරතල්වන ලොම් හැන සුනඛයෙකු බවට පත් කරන්නට නිල බලයෙන් බලපෑම් කරන්නටත්, මැදිහත් වන්නටත් ඔහු පෙළඹී ඇත. නීතියට සම්බන්ධ අයට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද එය රහසක් නොවුන ද, මුණිවත රකින්නට සිදුව ඇත්තේ ප්‍රතිහිංසනයට ලක්වීමට ඇති බිය නිසා ය.

නිහඬව සිටීමෙන් පලක් නැත.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සුරැකීමේ කර්තව්‍යය වෙනුවෙන් පෙනී සිටින සියදෙනාගෙන් මා ඉතානෑකමින් ඉල්ලා සිටින්නේ ස්ථීර විශ්වාසය මත දැඩිව පිහිටා සිටිමින්, නින්දා සහගත මෙවන් අයුතු ප්‍රයෝජන ගැනීම්වලට එරෙහිව නැගී සිටන ලෙසයි. එවිට, අධිකරණ පද්ධතිය සිය පාලනයට යටත් කරගෙන සිටි ආකාරය ඔවුන්ට

ම පිළිගැනීමට සිදුවන දිනයක් උදාවීමත්, එසේ බලපෑම් කිරීමෙන් ලද තෘප්තිය පිළිබඳව ඔවුන් ට පසුතැවෙන්න්ට සිදුවීමත් නිසැක ය.

වෙනසක් වෙනුවෙන් හඬක් නඟමු රටක් සංවර්ධනය වීමටත්, එම සංවර්ධනයේ සැබෑ හවුල්කරුවන් ලෙස ජනතාවට හැඟීමක් ඇතිවීමටත්, ඒ රටෙහි ආර්ථීක නිදහසක් තිබිය යුතු ය.

අවාසනාවට, ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ සත්‍යය නම්, දියුණුවීමේ අවස්ථාව ලැඛෙනුයේ ජනාධිපති වරයාගේ ආශිර්වාදය ලැබූවන්ට හෝ ඔහු සමග සමීප සබඳතා ඇත්තන් ට පමණක් වීමයි.

මෙයින් සහතික කෙරෙන්නේ සංවර්ධනයේ හැකියාවන් හා පෙරනිමිති හැමවිටම දුරස්තර සිහිනයක් පමණක් ම බවයි. මේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමේ අභියෝගය භාර ගත යුත්තේ අප ය. අප රටේත්, දේශපාලනඥයින්ගේත් ශක්තිය මහජනතාවයි.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ අඩු පහසුකම් ඇති ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පොදු ජනතවට මේ සැබෑව තේරුම් ගැනීමට අපේ දූෂිත නායකයන් ගෙන් ඉඩක් නොලැබේ.

සංවර්ධනය ගැන අතිමහත් පොරොන්දු දෙන ඔවුන්, රාජ්‍ය කටයුතුවල කිසිදු වෙනසක් නොකර, ‘සමෘද්ධි’ වැනි සොච්චමක් ජනතාව වෙත දිගුකරයි. අපේ ජනතාව, විශේෂයෙන් ම අඩු පහසුකම් ඇති අය මීට වඩා
යමක් ලද යුතු බව මාගේ විශ්වාසයයි. වඩා හොඳ රැකියා අවස්ථාවන්, ජීවන තත්ත්වයන් නඟා සිටුවීම සඳහා වඩා හොඳ ක්‍රමවේදයන්, තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් සිය දරුවන්
වෙත දිය හැකි වඩා හොඳ පාසැල්, සහ සෞඛ්‍ය පහසුකම් සඳහා වඩා හොඳ ප්‍රවේශයන් ඔවුන්ට අවශ්‍යය.

මේවා ලඟාකර ගැනීමට නම්, තමන් සතු ශක්තිය කෙතරම් ද යන්න මහජනතාව විසින් තේරුම්ගත යුතු ය. තමන්ගේ පුද්ගලික අවශ්‍යතා නොව, පාලනය මෙන් ම මහජන අවශ්‍යතාවයන් හා රටේ සුභසිද්ධිය පෙරටුකොට කටයුතු කළ හැකි, ඛෙහෙවින් ම සුදුසු පුද්ගලයන් ඒ සඳහා තෝරාගැනීම වෙනුවෙන් ජනතාව, තම ශක්තිය හා ඡන්ද බලය භාවිත කළ යුතු ය. ඉදින්, අපේ රටේ නායකත්වය සඳහා දූෂිත නොවූ, උගත්, සුදුසුකම් ලත්, අත්දැකීම් ඇති, අවංක, සෘජු, දේශප්‍රේමී මෙන් ම කඩිසර දේශපාලනඥයන් තෝරා ගන්නට එකාවන් ව ක්‍රියා කරමු.

පවතින ක්‍රමය වෙනස් කිරීමෙහි ලා ව්‍යාපාරික ප්‍රජාවට කළ හැකි දෑ ද බොහෝ ය. කැපවීමෙන් යුත් අවංක දේශපාලනඥයින් ගේ අවශ්‍යතාවය කෙතරම්ද, ඒ හා සමානව, මේ රට නිවැරදි මාවතක සංවර්ධනය කරා ගෙන යාම සඳහා අවංක හා සෘජු ව්‍යාපාරිකයන්ගේ අවශතාවය ද අපට ඇත. රාජ්‍ය පාලනය පිළිබඳව ඔවුන් දක්වන සහාය ජාත්‍යන්තර ප්‍රජාව තුල දැඩි විශ්වාසයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇත. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට විදේශ විනිමය ගලා එන ආකාරයේ හා එමගින් අප රටේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරලීමට හැකි වන ආකාරයේ සුදුසු ආයෝජනය වාතාවරණයක් එවිට රට තුල ගොඩනැගෙනු ඇත. පවතින දේශපාලන ක්‍රමයෙන් අවංක ව්‍යාපාරිකයන්ට කිසිදු සෙතක් නොසැලසේ.

මේ ආයාචනය ආගමික නායකයන්ට, ගෞරවයෙනි රට නිවැරදි මාවතේ ගමන් ගන්නා බැව් සහතික කිරීමේ කාර්යයේ දී ආගමික නායකයන් හට ඉටු කළ හැකි හා ඉටු කළ යුතු භූමිකාව අති මහත් ය. අප රටේත්, එහි ජනතාවගේත් ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් ආගමික නායකයන් ගෙන් ඉටු වූ මෙහෙවර පිළිබඳව ඉතිහාසය සාක‍ෂි දරයි.

නමුත් අද පවතින තත්ත්වය අනුව, දුෂ්ට දේශපාලනඥයින්, සිය ආත්මාර්ථකාමී දේශපාලන න්‍යායපත්‍රයන්ට එරෙහිවන ආගමික නායකයන් ට පවා තර්ජනය කරති. එවන් දේශපාලනඥයින්, මහින්ද රාජපක‍ෂ ගේ ආශිර්වාදය ද ඇතිව, ගරු මහා නායක වරුන් පීඩා කරමින්, තැති ගන්වමින් හා තර්ජනය කරමින් හැසිරුන අයුරු අප දුටිමු. මෙහි වඩාත් ම හාස්‍යජනක කරුණ වන්නේ බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව රටෙහි සංවර්ධනය සිදු කරන බවට මහින්ද රාජපක‍ෂ බණ දෙසීමයි.

ඔහු කරන අකටයුතුකම් පිළබඳව මුණිවත රකින ලෙසට ගරු මහා නායක වරුන්ට බලපෑම් කරන ඔහුගේ මේ ද්‍රෝහී ක්‍රියාවන් හි ඇති සාධාරණය කුමක් ද?

දූෂණයට හෝ බලය අයුතු ලෙස යොදවන්නන්ට කිසිදු ආගමකින් සමාවක් නැත. රට ගොඩගැනීම වෙනුවෙන් ආගමික නායකයන් හට කළ හැකි දෑ බොහෝ ඇති බව මා විශ්වාස කරමි. ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහ පාලනයේ නිවැරදි මාවතට ශ්‍රී ලංකාව යොමු කිරීමේ මහඟු කර්තව්‍යයට සහයෝගය දක්වන ලෙසට මා සිය ආගමික නායකයින්ගෙන් අයැද සිටිමි.

තරුණ පරපුරටයි රටේ අනාගතය තරුණ පරපුරයි. සත්‍යය එය වුවත්, පවතින රාජ්‍ය පාලනය යටතේ තරුණ පරපුර නොසලකා හැර ඇතිවාක් මෙන් ම, දිනෙන් දින ම මුණිවත රකින පිරිසක් බවට පත් කරමින් ඔවුන් යටත් කරගෙන ද ඇත. සිය නීත්‍යානුකූල අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන විශ්ව විද්‍යාල සිසුන් හිංසාවට මෙන් ම මරණයට පවා ලක් කිරීම මීට දියහැකි එක් අවාසනාවන්ත උදාහරණයකි.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර රටෙහි අනාගත නායකයන් ලෙස මෙම රජය සලකන්නේ නැත. මේ රටේ වෙසෙන වැදගැම්මක් ඇති එක ම තරුණයා ලෙස සැලකෙන්නේ, නාමල් රාජපක‍ෂ ය. පවතින පාලන ක්‍රමය රටේ දිගු කාලීන යහපතට උපකාරී නොවන බැව් අපේ අනාගත නායකයන් වටහා ගත යුතු ය.

දේශපාලකයින් ඉතා සාර්ථක අන්දමින් තරුණ පරපුර මැඬලමින්, අප සැමදෙනා ම හිංසනයට ලක්කර ඇත. මේ ක්‍රියාපටිපාටිය අප විසින් වෙනස් කළ යුතු ව ඇත.

ඒ වෙනස ඇති කරන්නට ක්‍රියාකාරීව කටයුතු කරන්නැයි අපේ තරුණ පරපුරෙන් මා බලවත් ලෙස ඉල්ලා සිටිමි.

සන්නද්ධ හමුදා සහ පොලිසිය වෙතයි මෙම රජය, සන්නද්ධ හමුදාවන් ට හා පොලිසිය ට කරන කුඩම්මාගේ සැලකිල්ල ගැන මා අතිශයින් ම කණගාටු වෙමි. අප, ජීවිත පූජාවෙන් මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ දූෂිත දේශපාලනඥයින්ට විනාශ කරන්නට ඉඩදීමට නොවේ. සන්නද්ධ හමුදාවල හෝ පොලිසියේ සාමාජිකයන් කෙරෙහි කිසිදු ගරුත්වයක් හෝ ඔවුන් රට වෙනුවෙන් කළ සේවය පිළිබඳ කිසිදු හැඟීමක් මහින්ද හා ගෝඨාභය රාජපක‍ෂ වරුන්ට නැත.

තම තමන්ගේ පුද්ගලික ආරක‍ෂාව ඇතුළු අන් සෑම දේට ම වඩා රට මුල් තැනට ලා ඔබලා කටයුතු නොකළේ නම්, යුධ ජයග්‍රහණයේ අසිරිය කරපින්නාගෙන මෙසේ කටයුතු කරන්නට ඔවුන්ට අවස්ථාව නොලැඛෙනු ඇත. ඔවුන් දැන් ඔබට සලකන්නේ කවරාකාරයටද? හමුදා සේවයේ යෙදෙන්නන් හට ජනාධිපතිවරණයෙන් අනතුරුව රාජපක‍ෂ සොයුරන් අඩන්තේට්ටම් කළ ආකාරය ඔබ සැවොම දුටු බව නිසැකයි. සම්මතයට අනුව පරීක‍ෂණයක් හෝ නොපවත්වා, සේවයෙන් පහකිරීම්, පදවියෙන් පහළ හෙලීම්, ජෙනරාල්වරුන් සහ බි්‍රගේඩියර්වරුන් හා අනේක නිළධාරීන් නෙරපා හැරීම් සිදු කළ අයුරු නින්දිත ය.

තමන් රිසි අයෙකු තෝරා පත්කර ගැනීම සඳහා තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් වන ඡන්ද බලය භාවිත කිරීම සැබැවින් ම සාපරාධී ක්‍රියාවක් ද?

ඔබලාගේ ජයග්‍රහණයන් පිළිබඳව අභිමානී වන්න. ඔබ සැම එක්ව බේරා ගත් මේ රට දේශපාලන ත්‍රස්තවාදයෙන් බේරාගන්නට අදිටන් කරගන්න.

තම පෞද්ගලික වාසි හා තම බලය ස්ථාපිත කිරීම පිළිබඳව පමණක් වෙහෙසෙන නායකයන්ට ඔබේ කැපකිරීම් තුලින් දිනාගත් දේශය විනාශ කරන්නට ඉඩ හරින්නට එපා.

ලොව ම තැති ගැන්වූ බිහිසුණු  ත්‍රස්තවාදී සංවිධානයක් සහමුලින් තුරන් කළ ඔබ සැමදෙනාගේ නිර්භීත කැපවීම ශ්‍රී ලංකාවට ඇවැසිව ඇති කාලයයි මේ. හැම විටම ඔබේ සේවය ලබා දුන්නේත්, ලබා දිය යුතු වන්නේත් රට ට මිස දූෂිත නායකයන්ට නොවේ. ඔබලාගේ ජයග්‍රහණයන් විනාශ කිරීමේ අදහසින් ක්‍රියා කරන රාජ්‍යතන්ත්‍රයක දේශපාලන අතකොළු නොවී, ඔබලා සාඩම්බරයෙන් දිනා ගත්තා වූත්, ආදරයෙන් රැක ගන්නා වූත් මේ රට වෙනුවෙන් ඔබගේ ප්‍රතිඥාව හා අභිමානය ඒ ආකාරයෙන් ම සුරකින ලෙසට මා ඉතානෑ කමින් ඉල්ලා සිටිමි.

මාධ්‍ය අයිතීන්

ප්‍රජාතන්ත්‍රවාදය තුළ මාධ්‍ය නිදහස අතිපූජනීය ලෙස සුරැකිය යුතු වේ. රාජපක‍ෂ පාලනය යටතේ මාධ්‍යය නිරන්තර තර්ජනයට ලක් ව ඇත. ජනාධිපතිවරණය සමයේ දී පවා, මාධ්‍යය අයථා ලෙස භාවිත කළා පමණක් නොව එය හිංසනයට ලක්කිරීම් හා බිය ගැන්වීම් ද සිදුකරන ලදී. මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු ප්‍රහාරයට ලක්විය. ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම ශෝකයටත් භීතියටත් කරුණකි. ඝාතනය කරනු ලැබූ, ප්‍රහාරයන්ට ලක්වූ හෝ පැහැර ගැනීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පරීක‍ෂණ පැවැත්වීම පිළිබඳව කිසිදු වුවමනාවක් රජය පෙන්වා නැත.

ඒ වෙනුවට, මහජනයා නොමඟ යවමින්, එකී පවිටු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යුද හමුදාවට හා අනෙක් අයට චෝදනා එල්ල කිරීමට තැත් කරයි, තම පණ දෙවැනිකොට සලකමින් රට වෙනුවෙන් සේවය කළ හමුදා සාමාජිකයන් අවතක්සේරුවට ලක් කිරීමේ හා මහජනතාව අතර ඔබලා සම්බන්ධයෙන් අවිශ්වාසයක් ගොඩනැගීමේ තවත් එක් උපායයකි ඒ. මහජනතාව ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙවන් අමූලික බොරුවලට නොරැවටෙන ලෙසටයි. මහජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලදැයි කීවද, එම මහජනතාව කෙරෙහි රජයේ කිසිදු විශ්වාසයක් ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ සිය කි්‍රයාවන්ගේ මුද්‍රාව වී ඇත්තේ රහස්‍යභාවයයි.

මේ රහස්‍ය සංස්කෘතියේ දී, මහජනතාව දැනුවත් කිරීමේ මෙහෙවර ඉටු කරන්නට නිදහස් මාධ්‍යය ට නොහැක. අප බලයට පත් වූ දිනෙක, ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිදහස මේ රටේ සිය මාධ්‍යයන්ට භුක්ති විඳින්නට ඉඩදෙන බවටත්, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ මහජන අයිතිය රැකදෙන බවටත් මා තරයේ පොරොන්දු වෙමි.


ව්‍යාජ ප්‍රචාරයන්

අප ජනගහනයෙන් බහුතරයක් ජීවත් වන්නේ දුර බැහැර පළාත්වල ය. ඔවුන්ට දකින්නට ලැඛෙන්නේ රජය විසින් විකෘතිකර, ඛෙදා හරින රජයේ මාධ්‍ය පමණි. රාජපක‍ෂ පාලනයේ ව්‍යාජ ප්‍රචාරනවලට හා චරිත ඝාතනවලට නොරැවටෙන්න. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙන් ම අයිටීඑන් නාලිකාව ද ඒකපාක‍ෂික ය. මෙම නාලිකා දෙක මහජනයා නොමඟ යවයි.

ඉදිරියට ද එය එසේ ම ය. මා සම්බන්ධව ව්‍යාජ කතා ගොතමින් මුල් කාලයේ දී ම ඔවුන් උත්සාහ කළේ මාගේ දේශපාලන ජීවිතය වනසාලන්නටයි. ඔවුන් මා හට කළ ඇතැම් චෝදනා අති භයානක දාමරිකයෙකුටවත් සිදු කළ නොහැකි දෑ ය. දැනටමත් ජාතිය වෙනුවෙන් ඉටුවන සාධාරණයක් නැත. දැනට මෙහි ඇත්තේ රජය බියපත් ව සිටින දේශපාලන විරුද්ධවාදීන්ට පහර දෙන ක්‍රමවේදයක් පමණි.

මාගේ බහුමානය, අභිමානය හා ආත්ම ගෞරවය මට වැදගත් ය. ඒ ගුණයන් මාගේ ජීවිතයට වඩා මට අගනේ ය. යුධ හමුදාවට හා රට වෙනුවෙන් සේවයේ යෙදී සිටිය දී මා කිසිදු අයථා ලාභ ප්‍රයෝජන නොගත්තේ එනිසා ය. මා හමුදා සේවයෙන් විශ්‍රාම යනවිට මා සතුව තිබුණේ කාමර තුනකින් සමන්විත නිවසක් පමණි.

මාගේ නිවසට වඩා ප්‍රමාණයෙන් විශාල නිවෙස් හමුදාවේ සාමාන්‍ය සෙබළුන් සතුව තිබුණි. මා දේශපාලනයට පිවිසි විට, මාගේ ප්‍රතිරූපය විනාශ කිරීමටත්, මා ප්‍රතිපත්තියක් නැති දුෂ්ටයෙකු ලෙස හංවඩු ගසන්නටත් රජය
විසින් කතා රැසක් ගොතන ලදී. ඒ ගෙතූ කථාවලින් අංශුමාත්‍රයක් හෝ මා විසින් සිදුකොට තිබුණා නම් හෝ සැබෑ වී නම්, යුධ හමුදාවේ හමුදාපති තබා කපිතාන් වරයෙකු වීමටවත් මට අවස්ථාවක් නොලැඛෙනු ඇත.

කිසිවෙකුට මුදලට හෝ අල්ලසට මා නතු කළ නොහැකි බව මා සාඩම්බරයෙන් පවසමි. මා යුද හමුදාපති ව සිටි සමයේ, සිය ආධාරකරුවෙකු ලවා මා වෙනුවෙන් නිවසක් ඉදිකරවා දෙන්නට රාජ්‍ය ආරක‍ෂක ලේකම්වරයාට වුවමනා විය. එවැනි ත්‍යාග පිළිගැනීම මාගේ ජීවන රටාවේ පිළිවෙත නොවන බවත්, මාගේ හෘදසාක‍ෂියට හා ප්‍රතිපත්තිවලට එය විරුද්ධ බවත් පැවසූ මා එය ප්‍රතිෙක‍ෂප කළෙමි. එවිට, මාගේ බිරිඳ එයට නතු කරගැනීම ඔවුන් ගත් තැත ද අසාර්ථක විය. දූෂිත අවි ගණුදෙනුවලට මා සම්බන්ධ බැව් කියමින්, මාගේ බෑණනුවන්ට එරෙහිව ද කථාවක් ගොතන්නට ඔවුන් පෙළඹීමේ හේතුව මින් ඔබට තේරුම් යනවා නිසැකයි.

අවි ආයුධ නොවන වෙනත් භාණ්ඩ පමණක් යුධ හමුදාවට සපයන ශ්‍රී ලංකාවේ තවත් සමාගමක් සමග මාගේ බෑණනුවන්ගේ පිටරට ඇති ව්‍යාපාරය කටයුතු කර ඇත. මේවා අවි ආයුධ නොවන බවත්, හමුදාව සමග ගනුදෙනු කළ සමාගමට පක‍ෂව හෝ සහයෝගයෙන් යුතුව හෝ මා ක්‍රියාකර නොමැති බවත්, ජුලි 28 දින පැවති යුධාධිකරණයේ අභිචෝදනා මණ්ඩලය විසින් ද පිළිගන්නා ලදී. ඔවුන්ගෙන් මා වෙත එල්ල වූ එකම චෝදනාව වූයේ මා එම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කිරීමයි. මා කිසිදු දූෂිත ගණුදෙනුවක චූදිතයෙකු හෝ වැරදිකරුවෙකු නොවන බැව් ඉදින් සැමට වැටහෙනවා ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ ම විවාද මඬුල්ලත් මා නිර්දෝෂි බැව් පිළිගෙන තිබියදීත්, රජය මාගේ නමට නිගරු කරමින්, මා වරදකරු යැයි පවසා මට දඬුවම් කළේ ය. මෙය මහ පොළොව නුහුසුලන අපරාධයකි.

රාජ්‍ය නායකයෙකු තම දේශපාලන විරුද්ධ පක‍ෂයන්ට එරෙහිව අභිචෝදනා එල්ල කිරීම බියසු ක්‍රියාවකි. සිය විරුද්ධවාදීන් නිකරුණේ සිරගත කරන්නේ බල තණ්හාවෙන් පෙළෙන, බියගුළු ඒකාධිපතියන් ම පමණි.

මහජනතාව හා මේ රට වෙනුවෙන් බන්ධනාගාරයේ කල් ගත කරන්නට මා බිය නැත. මා සිරගත කිරීමෙන් රාජපක‍ෂ පාලනයට කිසිදා මා නිහඬ කළ නොහැක. මාගේ ජීවිතයේ ඉතිරි කොටස මුළුමනින් ම සිරගෙදර ම ගත කරන්නට සිදු වුවත්, මා නොකඩවා ම ජනතාවගේ නිදහස ස්ථාපිත කිරීමේ අරගලයෙහි යෙදෙමි. ත්‍රස්තවාදී නායකයන් වූ කේපී වැන්නවුන් හට ප්‍රභූ සැලකිලි දෙන නිර්ලජ්ජී ක්‍රියාවල නිරතවන අයෙගෙන් කෙනෙකු නොවී, සිරගත වී සිටීම යෙහෙකැයි මා සිතමි.

දේශපාලන සංස්කෘතිය

මා දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේ අපේ රට විනාශ මුඛයට පත්කළ හා අපේ ජනතාවගේ අභිමානය සුණු විසුණු කර ඇති මෙම ආධිපත්‍යයේ තවත් දූෂිත සාමාජිකයෙකු වන්නට නොවේ. මාගේ අභිවෘද්ධිය ගැන පමණක් මා සිතුවා නම්, යුධ හමුදාවේ ම රැඳී සිටීම එය පහසු කරවන්නට තිබිණ. මා නිල ඇඳුමෙන් සමුගත්තේ මාගේ රටේ හා එහි ජනතාවගේ නාමයෙන් කැප වීමට ය. පවතින ක්‍රමවේදයේ හවුල්කරුවකු වන්නට හෝ වීමට මට වුවමනා නැත.

මෙම දූෂිත පාලනතන්ත්‍රය වෙනස් කිරීම සඳහා මාගේ ජීවිතය පවා හෝ කැප කරන්නට මා සූදානම් ය. දේශපාලන බලපෑම් සෑම අතකින් ම සමාජයේ සදාචාරය සෝදාපාළුවට ලක්කර ඇත. මෙය බලවත් ගැටළුවකි. ආදර්ශයන් දිය යුත්තේ රාජ්‍ය නායකයා ය. අවාසනාවකට, විනය අතින් බෙහෙවින් ම පිරිහුන පිරිස ඔහුගේ සමීපතමයන් වී ඇත. කෙතරම් දූෂිත වුවත්, අශ්ශීල වුවත් හා නොපිළිගත හැකි වුවත් ඔවුන්ට සමාව ලැබේ.

මර්වින් සිල්වා මීට කදිම උදාහරණයකි. අපට අවශ්‍යව ඇත්තේ කාන්තාවන්, දරුවන් හා පුරුෂයන්ට ගරු කරන රටකි. අප ශිෂ්ට ජනතාවක් බව ලෝකයට මෙන් ම අපගේ බාල පරම්පරාවන්ට ද අප පෙන්වා දිය යුතු වේ.

අප කළ යුත්තේ කට මැත දෙඩවීම නොව, මානුෂික අයිතීන්ට හා මිනිසාගේ අභිමානයට අප ගෞරව කරන බව ඔප්පු කිරීමයි. ලොව පිළිගත් බලවත් ආයතනයන් ට අභියෝග කිරීම වැනි අදූරදර්ශී ක්‍රියාවල යෙදීම නුවණට හුරු නොවේ. මහින්ද රාජපක‍ෂගේ ආශිර්වාදය ද ඇති ව, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ හැසිරුන ආකාරය මුළු මහත් ජනතාවට ම අවමානයකි.

අප නීච ජාතියක් යැයි හංවඩු ගසන්නට අන් රටවලට උඩගෙඩි දෙන එවන් හැසිරීම්, අප රටට විවිධාකාරයේ තහනම් පනවන්නට එම රටවල් ගන්නා උත්සාහයන්ට ද අත්වැල සපයයි.

පුද්ගලික අංශය ද නොපිළිගත හැකි අයුරින් දේශපාලන බලපෑම්වලට ලක් ව ඇත.

රාජපක‍ෂ පාලනතන්ත්‍රය එය සම්පූර්ණයෙන් ම දේශපාලනීකරණ කර ඇති අතර, 18 වැනි සංශෝධනයෙන් ඔහුට බලතල ලබා දීමෙන් සිදුව ඇත්තේ මේ තත්ත්වය වඩාත් භයානක අතට හැරීමයි. යුදහමුදාව පවා දේශපාලනීකරණය වී ඇති අතර, මෙතෙක් අපට සිටි අදක‍ෂතම ආරක‍ෂක ලේකම්වරයෙකු අතින් දැනට එය අනිසි පාලනයට ලක් ව ඇත. රටේ පරිපාලනමය ක්‍රියාකාරකම්වලට ජනාධිපති හා ආරක‍ෂක ලේකම් යන දෙදෙනාම නිර්ලජ්ජිත

ලෙස බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පරිපාලකයන් උදාසීන තත්ත්වයට පත් ව ඇත. සංවර්ධනයට බලපාන මෙම අශ=වාදී දර්ශනය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව ඉතානෑකමින් විමසා බැලිය යුතු වේ. එක පවුලක් විසින් මේ රට විනාශය කරා ගෙන යාමට ඔවුන්ට ඉඩ හල යුතු නොවේ. නාගරික සංවර්ධන අධිකාරිය ආරක‍ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති වරයා යටතට ගැනීමට මහින්ද රාජපක‍ෂ විසින් ගත් තීරණ මීට කදිම උදාහරණ වේ.

මහින්ද රාජපක‍ෂ හට ඇත්තේ පුද්ගලික හා නිහීන අභිමථාර්තයන් ය. ඔහුගේ ප්‍රමුඛතාව රටේ සුභසිද්ධිය සඳහා නොව ඔහුගේ අභිමථාර්තයන් සඳහා ය. පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රුපියල් මිලියන 1,000 ක් වැය කිරීමෙන් මොහුගේ හීනමානය මැනවින් පැහැදිලි වේ.

වෙනසක් ඇති කිරීම වෙනුවෙන් දායකවන්නන් වඩා හොඳ ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් කළ යුතු වෙනස්කම් සිදුකිරීම මට තනිව කළ හැකි නොවේ. එය සාමූහික ප්‍රයත්නයක් විය යුතු අතර, ඒ සඳහා මහජනතාවගේ උපකාරය හා සහයෝගය මට අවශ්‍ය වේ. තමන්ගේ හෘද සාක‍ෂිය හා හදවත අමතන්නැයි මා මේ රටේ සිය ජනතාවගෙන් ඉතා නිහතමානීව ඉල්ලමි.

කිසිදු ප්‍රතිපත්තියක් නැති දේශපාලනඥයින්ගෙන් හා දූෂිත පාලනයෙන් අපේ මව් බිම බේරාගැනීමට කාලය දැන් එළඹ ඇත.

එය සිදු කළ හැක්කේ මේ රටේ ම ජනතාවට පමණි. රට බේරාගැනීමේ මේ ප්‍රයත්නයේ දී අප සැවොම හවුල්කරුවන් විය යුතු වේ.

අපගේ අනාගත පරම්පරාවන්ට සෞභාග්‍යමත් රටක් ඉතිරිකර යන්නට අපට හැකි වන්නේ එවිට ය. කරුණාකර මේ පූජනීය ප්‍රයත්නයේ හවුල්කරුවකු වී ඔබේ කොටස ඉටු කරන්න. ශිෂ්ඨ සම්පන්න හා සදාචාරාත්මක
ජාතියක හා රටක හිමිකරුවන් වීමේ බලාපොරොත්තුව අප හට තිබිය යුතු ය. පවතින දූෂිත පාලනයට ඇත්තේ බොරු පොරොන්දුවලින් ජනතාව රැවටීමේ පුරුද්ද පමණි. පවතින යථා තත්ත්වය වටහා ගන්නටත්, අනාගත නායකයන් සඳහා මේ රටට ආදරය කරන පුද්ගලයන් තෝරා ගන්නටත් අපගේ ආදරණීය මව්බිමෙහි වෙසෙන සිය ජනතාවගෙන් මා ඉල්ලා සිටිමි. අපගේ මව්බිමෙහි නාමයෙන් අප එය කළ යුතු ව ඇත.

ඉදිරි කාලයේ දී ආර්ථීක හා දේශපාලනමය වශයෙන් අපේ ආදරණීය රට දියුණුවෙන් දියුණුවට පත් වී, ඒ තුලින් අපේ රටේ ජනතාවට සෙත සැලසෙනු දැකීම මාගේ ඒකායන ප්‍රාර්ථනය හා බලාපොරොත්තුවයි.

ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලාංකිකයන් නිවැරදි මගට යොමුවේවා!! අප රටට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා!!!


Tell a Friend