ව්‍යාපෘති කළමනාකරණ පාඨමාලාව හැදෑරූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් ඇගයේ


ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කොළඔ ව්‍යාපෘති කළමනාකරණ ආයතනය  එක්ව සංවිධානය කළ ව්‍යාපෘති කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කළ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය අද (07) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීරගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ‍ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන, ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ උප සභාපති ශාන්ති ලාල් ප්‍රනාන්දු, ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ හිටපු සභාපති අනුර කූරගමගේ, ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ අලෙවි කළමනාකරු ධම්මික ‍මෙන්ඩිස් සහ පාඨමාලා දේශක ආචාර්ය ලෆ්රි මසාහිර් ද සහභාගි විය.