යුරෝපයේ අධික සීතල හේතුවෙන් පුද්ගලයින් 420 ක් මරුට


l කිෂානි වැලිවිටිගොඩ 

යුක්රේනයේ අධික හිම පතනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 140 ක් පමණ වේ. බොහොමයක් මිය ගොස් ඇත්තේ නිවාස රහිත පුද්ගලයන් වන අතර උෂ්ණත්වය ඍණ 50 දක්වා පහළබැසීම හේතුවෙනි. මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු වීදී වල සහ ගංගා වල හිම වලින් වැසි තිබියදී සොයා ගෙන තිබෙන බවට විදෙස් පුවත් එජෙන්සී වලට වාර්තා වී තිබේ.

ඉතාලියේ මිලාන් නුවර උෂ්ණත්වය ඍණ 10 දක්වා පහළ අගයක් ගන්නා අතර නිවෙස් හිමි පුද්ගලයින් 59,000 ක් පමණ දෙනා රට පුරාම විදුලි බලය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පීඩා විඳිති. ඉරිදා (05) දින මරණ 8 ක් වාර්තා වුන අතර පුද්ගලයින් තිදෙනෙකු නිවාස රහිත අය වුනු අතර ඔවුන්ගේ මළසිරුරු රෝමයට ආසන්න මුහුදාසන්නයේ පිහිටි ඔසිටා නගරයේ දුම්රිය පොළකින් සොයා ගෙන තිබේ. මෙම මරණ 8 ත් සමගම ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් තිබේ.