ඉබෝලා බරපතලයි - සතියකට ආසාදිතයන් 10,000ක්

මාස දෙකක් ඇතුළත සතියකට නව ඉබෝලා ආසාදිතයන් 10,000ක් පමණ හමු වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීහු පවසති.

දින 60ක් ඇතුළත ඉබෝලා අර්බුදයට නිසි පියවර නොගතහොත් තවත් විශාල සංඛ්‍යාවක් මිය යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධාන සහකාර අධ්‍යක්ෂක ජෙනරාල් බ්රූස් අයිල්වෝඩ් (Bruce Aylward) මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය සති 04ක් ඇතුළත සතියකට නව ඉබෝලා ආසාදිතයන් 1,000ක් පමණ හමුවන බවත් එම ගණනය කිරීම් මෙතෙක් හෙළිදරවූ ඉබෝලා තත්ත්ව පමණක් බවත් අයිල්වෝඩ් (Bruce Aylward) මහතා අවධාරණය කරයි.

ඉදිරි මාස දෙක ඇතුළත ඉබෝලා වෛරසය පැතිරීම 70%කින් පහත හෙළීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අරමුණු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.