ලංකාවේ කාන්තාවන් හා ගැහැණු ළමයින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ තොරතුරු සහ සේවාවන් ලබාගැනීම වෙත යොමු වීම වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1.4ක් පරිත්‍යාග කිරීම සඳහා ජපානය අද දින එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමග ගිවිසුමකට එළඹිණි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් බේරුණු කාන්තාවන් වෙනුවෙන් සේවාවන් වෙත ප්‍රවේශය ලබාදීම ද ඒ සඳහා අදාළ තුන් අවුරුදු වැඩසටහනට අයත් වේ.. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ලිංගික ප්‍රජනන සෞඛ්‍යය සහ හිමිකම් පූර්ණව අවබෝධ කරගැනීමට හා භාවිතා කිරීමට එය අත්‍යවශ්‍ය ය.
මෙම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකාවේ - ජපන් තානාපති අකිරා සුගියාමා මෙසේ පැවසී ය. “ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව සම්බන්ධ සාධනීය වෙනස්කම් ඇති කිරීමත්, කාන්තාවන් සහ ගැහැණු ළමයින් බලසතු කිරීමත්, ඔවුන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීමත් ඔස්සේ සාමය තිරසර කිරීමේ ක්‍රීයාවලිය වේගවත් කිරීම පිණිස ජපාන රජය යෙන් මිලියන 163ක් හෙවත් දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.47ක මිදලක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට ලබාදීමට තීරණය කර ඇත. G7 රාජ්‍ය එකමුතුවේ කාන්තාව, සාමෙය සහ ආරක්ෂාව සහයෝගිතා මුලපිරුම යටතේ, එම මුලපිරුමේ හවුල්කාර රට වන ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට ජපානය මෙසේ සහයෝගය දක්වයි.”
![]() |
ශ්‍රී ලංකාවේ - ජපන් තානාපති අකිරා සුගියාමා |
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මෙසේ පැවසුවා ය: “පවුල් සැලසුම වැනි ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සහ තොරතුරු වෙත විශ්වීය ප්‍රවේශය තහවුරු කිරීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දූත මෙහෙවරෙහි හදවත බඳු ය. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ නිවැරදි දැනුම හේතුවෙන් ජනතාව බලසතු වෙනවා පමණක් නොව, එයින් මිථ්‍යාවන් ද දුරලනු ලැබේ. ප්‍රජාවන් අතර ආතතීන් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නේ එවැනි මිථ්‍යාවන් ය. මෙම කාලීන මුලපිරුම සඳහා ජපාන රජය ලබාදෙන අනගි සහාය අපි මහත් සේ අගය කරන්නෙමු. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් බලසතු කිරීම සඳහා අපගේ ක්‍රියා ඉදිරියට ගෙන යාමට එය මහත් ධෛර්යයකි.”
![]() |
රිට්සු නකේන් |
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට මෙම වැඩසටහනින් සහාය ලැබේ.
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මෙම වැඩසටහනෙහි වැදගත්කම අවධාරණය කරමින් මෙසේ පැවසුවා ය: “පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවා පැත්තෙන් කැපීපෙනෙන ජයග්‍රහණ අත්පත් කරගත්තේ ය. කලාපයේ වෙනත් රටවල් සමග සන්සන්දනාත්මකව ගත් කල විශිෂ්ට දර්ශක ශ්‍රී ලංකාවට තිබේ. පවුල් සැලසුම ද ඇතුළුව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් කැපීපෙනෙන භූමිකාවක් ඉටු කරයි. කාන්තාවන්ගේ හා තරුණ පුද්ගලයන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම ඉතා වැදගත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමග එක්වන්නට ලැබීම පිළිබඳ අපි මහත් සේ සතුටු වන්නෙමු.”
ශ්‍රී ලාංකිකයන්ගෙන් 50%කට තම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ ඇත්තේ සීමිත දැනුමක් බව සමීක්ෂණයකින් පෙන්වා දී තිබේ. විවාහක කාන්තාවන් අතරින් 35%ක් උපත් පාලන ක්‍රම භාවිතා කරන්නේ නැත. පවුල් සැලසුම යනු ශ්‍රී ලංකාවේ මතභේදාත්මක ප්‍රශ්නයකි. එම මාතෘකාව කතාකිරීමට සමාජයේ තිබෙන නොකැමැත්ත හේතුවෙන් තරුණ ජනයාට තොරතුරු හා සේවා වෙත තිබෙන්නේ සීමාසහිත ප්‍රවේශයකි. ඔවුන් තම සිරුර සහ ජීවිත පිළිබඳ දැනුවත් තීරණ ගැනීමේදී එය බාධාවකි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ මිථ්‍යාවන් හා වැරදි අදහස් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ද ඇති විය.
![]() |
වසන්තා පෙරේරා |
පොදු ජනතාව සඳහා අයිතිවාසිකමක් සහ තෝරාගැනීමක් ලෙස පවුල් සැලසුම් පිළිබඳ සංවේදී කිරීම ඔස්සේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ මිථ්‍යාවන් සහ පූර්ව විනිශ්චයන් සමග සම්බන්ධ වාර්ගික ප්‍රචණ්ඩත්වයන් ආමන්ත්‍රණය කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. එසේම, තොරතුරු, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කළ හැකි පරිදි තරුණ හිතවාදී මධ්‍යස්ථානවල ධාරිතාවන් ශක්තිමත් කිරීමට ද මෙමගින් කටයුතු කරනු ලැබේ. තවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ලක් වන කාන්තාවන් සහ ගැහැණු ළමයින් බිය, වරදකාරී හැඟීම් හෝ වෙනස්කම් කිරීම් හෝ නොමැතිව උපකාර ලබාගැනීමට යොමු වන පරිදි බලසතු කිරීම ද මෙම ව්‍යාපෘතිය විසින් අරමුණු කරනු ලැබේ.
සබැඳි පුවත්
Post a Comment