The Most/Recent Articles

Showing posts with label ShortStory. Show all posts
Showing posts with label ShortStory. Show all posts

මැහැල්ලකගේ කතාවක් - දමිළ ලේඛක කාවලූර් රාසතුරෛ

දමිළ නවකතාව, කෙටිකතාව, නාට්‍ය, සිනමාව, විචාරය ආදී ක්ෂේත්‍ර ගණනාවකටම තම දායකත්වය ලබා දුන් කාවලුර් රාසතුරෛ යාපනයේ ඌරකාවටිතුරෛහි උපන්නෙකි. සුදන්දිරන් වීරකේසරී, තිනකරන් ආදී පුවත්පත්වලට ලියා තම කුසලතා ඔපවත් කරගත් ‍මොහු පසුකාලෙක දමිළ පාඨකයන් අතර ජනප්‍රිය ලේඛකයකු බවට පත්විය. ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ලේඛක සංගමයට එක්වී එහි වර්ධනයට ද මහත් කැපවීමක් කළේය. යාපනයේ දමිළ සංස්කෘතිය විදහා පාමින් මෙරට නිෂ්පාදිත පොන්මණී නම් දමිළ චිත්‍රපටයේ තිර රචකයා මෙන්ම නිෂ්පාදන කළමනාකරු ද වූ රාසතුරෛ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද කලක් සේවය ‍කළේය. දැනට මොහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත්වෙයි. මෙම කෙටිකතාව ශ්‍රී ලංකාවේ දමිළ මාධ්‍ය පාසල් පෙළ පොතකට ද ඇතුළත් වූවකි.

මැහැල්ලගෙ මරණෙ සාමාන්‍ය සිද්ධියක්. ඒත් මැරෙන්න කලින් වෙච්ච සිදුවීම්වල විශේෂත්වයක් තිබුණ. මළගෙදරට ආපු කවුරුත්ම වගේ කතා කළේ ඒ ගැන තමයි.
මැහැල්ලගේ මළ සිරුරෙ හිස තියෙන පැත්ත බිම දෙපා දිගහැරන් හිඳගෙන, පුංචි වංගෙඩියකින් බුළත් විට කොට කොටා කටට දමාගනිපු මාණික්කම් ආච්චි ඒ වෙලාවෙ එහෙට ආපු සෙල්ලම්මට මැහැල්ලගෙ සිද්ධි එකින් එක විස්තර කළා.
මැහැල්ලගෙ ඥාති මිනිබිරියක් වුණ පුෂ්පම් ඒ සිද්ධි ගැන හිත හිතා හදවතින් හඬා වැලපුණා. ඇගේ හිතට සැනසීමක් ලැබුණෙම නෑ.
සෙල්ලම්මගෙ ස්වාමිපුරුෂයත් මඩුවට වෙලා ඒ කතාව අහගෙන හිටියා.
“කාටත් ඉතින් මේ ටික තමයි. කවුරු මැරුණත් හුස්ම ඩිංග යන්න කලින් මොකක් හරි විශේෂ දෙයක් සිද්ධ වෙනවනේ.”
ඉස්කෝලෙ මහත්තය දර්ශනය ගැන කතා කළා.
කරම්බන්වල සෙවත්තියාර් කෝවිල ආසන්නෙ ජීවත්වෙන අයට ඒ මහලු කාන්තාව එක්තරා ‘තොරතුරු මධ්‍යස්ථානයක්’ නැත්නම් විවේකාගාරයක්. කූපන් කඩෙයක් කිව්වත් ගැළපෙනව.
එරම්බු පරපුරේ නෑදෑයෝ කවුද? ඥානප්‍රකාශම් පවුල ජීවත්වුණේ කුමන ඉසව්වෙද?
ඒ මැහැල්ලගෙන් ඇහුවොත් උත්තර ලැබෙනව.
කරම්බන්වල වංශවත් අය කවුද? වරිග සභාවට වැද්ද නොගන්න පහත් කුලේ අය කවුද?
අහන්න ඕන ඒ මැහැල්ලගෙන්මයි.
කරම්බන්වල මුල්ම පදිංචිකාරයො කවුද?
අහන්න ඕන ඒ මැහැල්ලගෙන්මයි.
ඇත්තටම ඒ මැහැල්ල තොරතුරු මධ්‍යස්ථානයක් ම තමයි. ඒත් ඈ සපයන තොරතුරුවලට සාක්ෂි නම් නෑ. ඒ ‍වගේම ඇගේ වයස කීයක්ද කියන්නත් සාක්ෂි නෑ. හුඟක් ඉස්සර දවසක ඒ ගම්පත්තුවට මහා සුළි සුළඟක් හමල, තල් ගස් උසට ගංවතුර ගලල තියෙනව. එත‍ෙකාට මැහැල්ලගෙ වයස අවුරුද්දක් කියල තමයි කියන්නෙ. ඒ වුණාට ඊයෙ වෙනකම්ම කරම්බන්වල ඉදුණු පලතුරක් වගේ පැවතුණ එකම ප්‍රාණයත් ඒ මැහැල්ලම තමයි.
දරුවො හයදෙනෙක් වදාපු අම්ම කෙනෙක් වුණත් අවසාන කාලෙ ඇයව බලාගන්න කවුරුවත් ම හිටියෙ නෑ. වදාපු දරුවන්ගෙන් පස්දනෙක් ම මාරය උපන් ගෙයිදිම උදුරගෙන ගියා. හයවෙනිය කොල්ලෙක්. ඌ පුංචි කාලෙදි ම ගෙදරින් පැනල ගියා. අවුරුදු තුන හතරකට විතර කලින් දවසක හදිසියෙම ගෙදර හොයාගෙන ආවෙ “අම්මේ ‍ෙකාහොමද සැප සනීප?” කියල අහගෙන. දවස් දෙකක් අම්මත් එක්ක ගෙදර හිටිය. ‘අරක කරන්නම්. මේක කරන්නම්’ කිය කියා අම්මව මුළා කළා. තුන්වැනි දවසෙ යන බවක් කියන්නෙවත් නැතුව සද්ද නොකර යන්න ගියා.
“පිට්ටු තැම්බුව පුතා ගිහින් මූණකට හෝදගෙන වරෙන්.”
“මට හොදි ටිකක් එක්ක හට්ටියෙ තියල අම්ම කන්න. මට එක්කෙනෙක් හමුවෙන්න තියෙනව. ගිහින් එන්නම්.”
අම්මයි පුතයි අතරෙ අන්තිමට ඇතිවුණ කතාබහ තමයි ඒ. ආව - ගියා. හරියට විදුලියක් කෙටුව වගේ. හොදි හට්ටියයි, පිට්ටුයි දවස් දෙකක් තිස්සෙ තිබිල පිළුන්වුණා. තුන්වැනි දවසෙ සංකරපිල්ලෛ - ඒ කියන්නෙ ගමේ පියුන් මහත්තය ඇවිත් පණිවුඩේ කිව්වට පස්සෙ තමයි මැහැල්ල කාරණේ දැනගත්තෙ.
“ආච්චි, ඔහෙගෙ පුතාට හදිසි ටෙලිග්රෑම් එකක් ඇවිත් ගිය බව කියන්න කිව්ව. ගිහින් ඔහෙට ලියුමක් එවනවලු.”
“ලියුමක් එවනවලු. ඒක කියන්නෙත් පණිවිඩකාරයො එවල. පර කොල්ලට ඇවිත් අම්මට යනව කියල යන්නවත් වෙලාවක් නෑ. එක අතකට ඒකත් හරි. උගේ මහ එකාත් ඒ විදියටමනේ පැනල ගියේ.”
මුළාව, කෝපය, අසහනය, තනිකම වගේ හැඟීම් එකිනෙක ගැටෙමින්, තෙරපෙමින්, ඉස්මතු වෙමින් මැහැල්ලගෙ හදවත පාරන්න වුණා. ඈ කොහොඹ ගහ යට ඉඳගෙන තනියම මුනු මුනු ගෑව. ඒත් ඊළඟ දවසෙ ඉඳන් දිනපතාම ඒ කොහොඹ ගහ යටට වෙලා මඟබලාගෙන හිටියෙ පියුන් මහත්තය එනකම්.
“කොල්ල ලියුමක් එවනව කියල සංකරපිල්ලෛට කියලනේ ගියේ.”
කොහොඹ ගහේ හෙවණැල්ල මැහැල්ලගෙ කතාවට හිස වැනුව.
“පුතා සංකරපිල්ලෛ, මට ලියුමක් තියෙනවද?”
“අද නම් නෑ ආච්චි”
තවත් දවසක් ගතවුණා.
“ලියුමක් තියෙනවද පුතා”
“නෑ ආච්චි”
සතියක්ම ගෙවිල ගියා.
“ලියුමක් නැද්ද පුතා?”
“නෑ ආච්චි”
ඔහොම මාසයක්ම ගෙවුණ.
“මොකුත් නැද්ද දරුවො?”
ඈ එදා වෙනදාට වඩා සමීප ළෙන්ගතු ස්වරූපයකින් ඇහුවෙ එතකොටවත් සංකරපිල්ලෛ ලියුමක් දේවි කියන පුහු විශ්වා‍සය හිතේ මතුවුණ නිසා. ඒත්...
“නෑ ආච්චි”
මෙහෙම තවත් මාස කීපයක්ම ගතවුණා.
“නැද්ද දරුවෝ?”
“ලියුම් තියෙනව නම් ‍මම නොදී ඉන්නවද? ආච්චි නිකරුනේ කරදර වෙනව”
කාලය තවත් ගෙවිල ගියා.
“කවුද? සංකරපිල්ලෛද? ලියුමක් නැද්ද දරුවො?”
මැහැල්ලගෙ ඇස් පෙනීම දුර්වල වෙලා. බයිසිකල්වලින් යන හැම කෙනෙක්ගෙන්ම අහන්නෙ “ලියුමක් නැද්ද දරුවො” කියල.
සංකරපිල්ලෛටත් දැන් එපා වෙලා. එයා දැන් මැහැල්ලට උත්තර දෙන්තේ නෑ. කොහොඹ ගහේ හෙවණැල්ල විතරයි ඉතින් මැහැල්ලගෙ පිහිටට හිටියෙ.
දවසක් ඒ මැහැල්ල කොහොඹ ගහ යට පේන්න හිටියෙ නෑ. සංකරපිල්ලෛට දැනුණෙ හැමදාම දර්ශනය වෙච්ච කෝවිලක් නොපෙනී ගියා වගේ. මිනිස්සු පුරුද්දට වහල් වුණාම එහෙම තමයි.
දවස් දෙකක්, තුනක් ගත වුණා. ඒත් මැහැල්ල ගහ යටට ඇවිත් හිටියෙ නෑ.
සංකරපිල්ලෛට මේක ‍ලොකු කුතුහලයක්. එයා හන්දියෙ කඩේ සු‍ෛ‍සපිල්ලෛගෙන් ඒ ගැන ඇහුව.
“ආච්චි ලෙඩවෙලාලු”
මැහැල්ලගෙ පැල්පත තිබුණෙ ක‍ඩේට පිටුපස්සෙ. සංකරපිල්ලෛ කඩුල්ල ඈත් කරගෙන ඇතුල්වෙලා බෙල් එක ගැහුව. ප්‍රතිචාරයක් නෑ. පස්සෙ තොප්පිය ගලවල සයිකලේ හැඬල් එකේ රඳවල ඔළුව පහත් කරගෙන ඇතුළට ගියා.
බිම සාරිය එළාගෙන මැහැල්ල දිගාවෙලා හිටිය. කෝපි මණ්ඩිත් එක්ක පොල්කට්ටක් පැත්තක තිබුණ. ඉව අල්ලගෙන ආපු කූඹි හමුදාව මුලින්ම පොල් කට්ට වටේ කඳවුරු දාන්න පටන්ගෙන
“ආච්චි”
සංකරපිල්ලෛ උස් හඬින් කතා කළා. පිළිතුරක් නෑ. ඊට පස්සෙ ඇඟෙන් අල්ලල හෙල්ලුව.
“ක..ව්...ද?”
කෙඳිරිලි හඬක් මතුවුණා.
“ආච්චි මම සංකරපිල්ලෛ”
ඇගේ දෑස් බඳුන් ක්ෂණීකව දීප්තිමත් වුණා.
“ලි..ලියුමක්ද?”
එහෙම අහන ගමන් ම මැහැල්ල නැඟිටින්න උත්සාහ කළා. සංකරපිල්ලෛගෙ කටහඬ ඈට දැනුණෙ කිසියම් දෙයක් ළංකරවන හැඟීමක්. සංකරපිල්ලෛ ඈට නැඟිටින්න නොදී එහෙමම හාන්සිවෙන්න සලස්වල නිහඬව එතැනින් පිටවෙලා ගියා.
සංකරපිල්ලෛ ඊට පස්සෙත් කඩේ මුදලාලි හමුවෙලා මැහැල්ලගෙ තත්ත්වෙ හොයල බැලුව. වරින් වර ගිහින් මැහැල්ල බලල ආව.
“පුතා ලියුන්කාරය යනවද බලපං”
මැහැල්ල දැන් කතා කරන්නෙ සිහි විකල්ලෙන් වගේ.
මෙහෙම දවසක් දෙකක් ගතවුණාට පස්සෙ ඇගේ නන්දෙඩවිල්ලයි, ගතේ වෙව්ලිල්ලයි, අප්‍රාණික ගතියයි තව තවත් උග්‍ර අතට හැරුණ. කුසෛපිල්ලෛගෙ බිරිය සෙවන්තියාර කෝවිලේ පූජකතුමාට මේ විස්තරේ ගිහින් කිව්ව. පූජකතුමා ඇවිත් දේව යාතිකාවක් කළා.
“ලියුන්කාරය යනවද බලපං”
සංකරපිල්ලෛ හැමදාම හිස් අතින් ඇවිත් තමයි මැහැල්ල බලල ගියේ.
“ලියුන්කාරය ගියාද බලපං”
එදා අවට නිවැසියො හැම‍කෙනෙක්ම වගේ ඇවිත් මැහැල්ල වට කරගෙන හිටිය.
“ආච්චි දවස් දෙකක් තිස්සෙ පණ ඇද ඇද ඉන්නෙ. පණ යන්නෙ නැතුව මෙච්චර කාලයක් ඉන්නව මම නම් කොහේදිවත් දැකල නෑ.
“මොනව කියනවද සෙල්ලම්මා, මාරයගෙ වෙලාව එන්න කලින් පණ යන්නෙ නෑ. පුතණ්ඩිය එවන ලියුමක් දකිනකම් ආච්චි‍ෙග පණ අල්ලල හිටීවි වගේ”
ගෑනුන්ගෙ මේ කතාබහ අහගෙන හිටපු සංකරපිල්ලෛ පිටවෙලා යන්න ගියා.
ඊළඟ දව‍ස උදාවුණා.
“ලියුම් යනවද බලාපං”
එදා ඒ හඬ වරින් වර මතුවුණේ අදෘශ්‍යමාන තැනකින් වගේ.
ලියුම් බෙදන වෙලාවෙ සංකරපිල්ලෛ වහ වහා මැහැල්ලගෙ පැල්පතට ආව. අතේ තිබුණ ලියුම් මිටියෙන් ලියුමක් අරන් මැහැල්ලගෙ අතේ තිව්ව.
“මෙන්න ආච්චි පුතාගෙ ලියුම”
මැහැල්ල නොඉවසිලිමත් වුණා. ඇගේ අත පය වේගයෙන් ක්‍රියාත්මක වුණා. දෑස්වලින් කඳුළු වැගිරුණා. වතුරෙ ගිලිල දඟලන කෙනෙක් පිදුරු ගහක් අල්ලනව වගේ ලියුම අතට අරගෙන ක්ෂණිකව දෑස් යොමු කළා.
ඉවසිය නොහැකි තරම් නිහැඬියාවකින් තත්පර කීපයක් ගෙවිල ගියා.
මැහැල්ලගෙ අතින් ලිස්සල ගිය ලියුම බිම පතිත වුණා.
මාණික්කම් ආච්චි මැහැල්ලගෙ ඇස් දෙකයි, කටයි පියවල ගාණට හැදුව. අනිත් ගෑනු ටික එකිනෙකාගෙ උරහිසට අත තියාගෙන බිම ඇණතියාගෙන මළ ගීතිකා ගායනය පටන් ගත්ත. ඒ අතර කුසෛපිල්ලෛගෙ බිරිය හෙමින් නැඟිටල පිටවුණේ ස්වාමිපුරුෂයගෙ කඩෙන් බුලත් පුවක් ටිකක් ගේන්න.
සෙල්ලම්මගෙ පුරුෂය කෝවිලේ ඝණ්ටාරේ ගහන්න හනික දිව්වා.
කුසෛපි‍ල්ලෛ මැහැල්ලගෙ පුතාට ටෙලිග්‍රෑම් ගහන්න ගියා.
“කවුද මැරුණේ?”
“අර නාකි ආච්චි”
පුතා එනකම් මළකඳ ගෙනියන්න ප්‍රමාද කළා. කුසෛපිල්ලෛ යවපු ටෙලිග්රෑම් එකට පිළිතුරකුත් නෑ. පුතණ්ඩිය ආවෙත් නෑ.
“ආච්චි මැරුණෙ සන්නිය හැදිල. මළකඳ ඉක්මනට ගෙනියන්න ඕන.”
ඇවිත් හිටපු අය වෙහෙසට පත්වුණා. එයාලගෙ ඉවසීම සීමාවටම ළඟා වුණා.
කුසෛපිල්ලෛ මඩුවෙ මුල්ලකට හේත්තුවෙලා හිටපු සංකරපිල්ලෛව මිදුලෙ පැත්තකට අඬගහගෙන ගියා.
“ආච්චිගෙ පුතාගෙ ලිපිනය මොකක්ද? මම අර ලියුම දැක්කෙ නෑ. ටෙලිග්රෑම් ගැහුව කියල මම කිව්වෙ බොරු”
“මම දන්නෙ නෑ කුසෛපිල්ලෛ. පුතෙක් එවපු ලියුමක් නෑ. ඒක ම‍ෙග වැඩක්.”
ඒ ප්‍රකාශයෙන් කුසෛපිල්ලෛ මොහොතකට තිගැස්සුණා. පස්සෙ හැම දෙයක්ම අවබෝධ කරගත්ත.
“ඔහෝ... ඒකත් එහෙමද?”
කුසෛපිල්ලෛ ආයෙත් ඇතුළට ගියා.
“බලන් හිටිය ඇති. මීටත් පරක්කුවෙලා එයා එන්නෙ නෑ. මරණෙ උස්සමු. ඔහු උස් හඬින් කියා සිටියා.
දවුලෙ හඬ ගිගුම් දෙන්න පටන්ගත්ත. දේහය රැගත් පිරිස පිටත්වුණා.

අලෙක්සන්දර් පුෂ්කින් The Queen of spades

එස්. නන්දලාල්
The Queen of spades යනු රුසියානු මහා ලේඛක අලෙක්සන්දර් සෙර්ගෙයෙවිච් පුෂ්කින් (1799 - 1837) විසින් 1833 වසරේ දී නිර්මාණය කරන ලද පිකොවායා දාමා’ නමැති කෙටිකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.

ප්‍රධාන වශයෙන් කවියකු වන පුෂ්කින් සැලකෙන්නේ රොමැන්තික නිර්මාණකරුවකු ලෙසිනි. ඔහු විදෙස් ලේඛකයන්ගේ ඇසුර හෝ ආභාසය ලැබූ බවක් සඳහන් නොවේ. රුසියානු බසට නව වදන් වැලක් මෙන් ම නව වියරණයක් ද එක් කිරීමෙන් ඔහු රුසියානු සාහිත්‍යයේ සිය මුද්‍රාව තැබූ බව විචාරකයෝ පෙන්වා දෙති.

The Queen of spades හි කතා සාරාංශය මෙසේ ය.

ජර්මානුවකු වන හෙර්මන් රුසියානු අධිරාජ්‍ය හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධරයෙකි. අනෙකුත් නිලධාරීන් ෆාරෝ නමැති සූදු කෙළියේ යෙදී සිටිනයුරු ආශාවෙන් බලා සිටින නමුත් හේ කිසි දිනෙක ඊට සහභාගි නොවෙයි. එක් දිනෙක ටොම්ස්කි නමැති වෙනත් නිලධාරියෙක් ඇනා ෆෙටොව්නා ආදිපාදවරිය නමැති අසූ හත් වියැති සිය මිත්තණිය ගැන විස්මිත කතාවක් කියයි. මීට අවුරුදු හැටකට පමණ පෙර ඇනා ෆෙටොව්නා ප්‍රංශයට ගිය විටෙක රජ වාසල නිලධාරීන් සමග ෆාරෝ සූදුවේ යෙදී විශාල මුදලක් පැරදෙයි. ඒ මුදල ගෙවා දමන්නැයි ඇය සිය කළමනාකරු ද වන ඇගේ සැමියාට කියන නමුත් ඔහු නාස්ති කරන්නට මුදල් නැතැයි එය නොගෙවයි.

මේ නිසා ඇය පත් වන්නේ ඉමහත් අපහසුතාවකටයි. එවිට ඇගේ මිතුරකු වන ආදිපාදවරයෙක් දිනක රහසක් ඇයට දෙයි. ඒ අනුව ඔට්ටු අල්ලන ඈ අති විශාල මුදලක් දිනා පරදුණු මුදල් ගෙවා දමයි. මේ කතාව අසන හෙර්මන්ගේ මනස ඒ ඔස්සේ ම දුවන්නට වෙයි. නිදි නොලබන ඔහු රහස දැන ගැනීමේ බලවත් අභිලාසයෙන් දැඩි සිත් පීඩාවට පත් වැ සිටියි. මොස්කව් හි වීනස් ලෙස එවකට පසිඳු වැ සිටි ඇනා ෆෙටොව්නා දැන් ජරපත් මැහැල්ලකි. එහෙත් රදළ සමාජයේ සියල්ලෝ ඇයට බුහුමන් දක්වති. ඇගේ පෞද්ගලික සේවිකාව ලීසා නමින් කෙටියෙන් හැඳින්වෙන ලිසොවේටා ඉවානොව්නා නම් තරුණියකි.

ආදිපාදවරියගේ මැදුර සොයා ගන්නා හෙර්මන් පළායන භද්‍ර යව්වනයෙන් යුත් ලීසා මඟින් ඇනා ෆෙටොව්නාට ළං වී රහස දැන ගැනීමට අදිටන් කැර ගනියි. ඒ අනුව ඔහු ඇයට පෙනෙන්නට වීදියේ රැක සිට ඇයට ලිපි යවයි. ඔවුන් අතර ප්‍රේමයක් නොතිබිය ද ලීසා ඔහුට කැමැත්තී ය.

දිනෙක ලීසගේ ද අනුදැනුම ඇතිව මැදුරට ඇතුළු වන හෙර්මන් ආදිපාදවරියගේ කුටියට පිවිස රහස දෙන ලෙස අයදියි. ඇය කියන්නේ එය හුදෙක් විහිළුවක් පමණක් බවයි. ඔහු කොතෙක් යාඥා කළ ද ඇය වෙනස් නොවෙයි. එවිට හෙර්මන් පිස්තෝලයක් පෙන්වා ඇයට තර්ජනය කරයි. ආදිපාදවරිය ඒ අවස්ථාවේ ම මරණයට පත්වෙයි. ලීසාගේ කාමරයට යන ඔහු සිද්ධිය ඇය සමඟ පවසයි. එවිට ලීසා කම්පාවට පත් වැ ඇයගේ මරණය ගැන ඔහුට චෝදනා කරයි. තමා ඇය නොමැරූ බවත් පිස්තෝලයේ පතොරම් නොතිබූ බවත් එවිට ඔහු ඇයට පහදා දෙයි. ආදපාදවරියගේ අවමඟුලට සහභාගි වන හෙර්මන් ඇය තමාට ඇසක් ඉඟි මරනු දකියි. එවිට ඔහු මූර්ජා වෙයි.

පසුදින රාත්‍රියේ ආදිපාදවරියගේ අවතාරය හෙර්මන්ගේ කාමරයට අවුත් රහස හෙළිදරව් කරන අතර ඒ අනුව කටයුතු කිරිමේ දී පිළිපැදිය යුතු කාරණා ද ඔහුට පහදා දෙයි. එක් වරකට ඔට්ටු ඇල්ලිය යුත්තේ එක් කොළයක් පමණි. පැය විසි හතරක් තුළ දෙවරක් ඔට්ටු ඇල්ලීම නොකළ යුතුයි. කොළ තුනෙන්ම ඔට්ටු අල්ලා අවසන් වීමෙන් පසු යළි කිසි දා ක්‍රීාවට නොයා යුතු ය. මුදල් දිනා ගැනීමෙන් පසු ලීසා ආවාහ කැර ගත යුතු ය. කොළ තුන නම් තුන, හත සහ ආසියා ය.

පසුදා සූදු පිටියකට යන ඔහු 47,000 ක් තුනේ කොළයට ඔට්ටු අල්ලා දිනයි. එතරම් විශාල මුදලක් සංසරණය වන සූදු පිටියක් නොවන එහි සිටි සියල්ලෝ එවිට විස්මයට පත්වෙති. දෙවැනි දින 94,000 ක් හතේ කොළයට ඔට්ටු අල්ලා එදා ද දිනයි. තුන්වන දිනයේ ඒ සියලු මුදල් රැගෙන එන ඔහු ආසියා කොළයට ඔට්ටු අල්ලයි. ආසියා කොළය ඔහුගේ ගොට වැටෙයි. එහෙත් ඔහු වසා තිබුණේ ආසියා නොව පොරොව (Queen) ය. එබැවින් ඔහු සියලු මුදල් පරදියි. කොළයේ ඇති රැජින රූපය ඔහුට පෙනෙන්නේ විළිස්සාගත් ආදිපාදවරිය මෙනි.

සියලු බලාපොරොත්තු සුන් කර ගන්නා ඔහු උමතු වැ උන්මත්තකාගාරයට යැවෙයි. එහි දී කිසිවකු සමඟ කථා නොකර බලාගත් වන ම බලා හිඳිනා ඔහු ‘තුන, හත, ආසියා - තුන හත, පොරොව’ යනුවෙන් නොතොරව මුමුණයි. මේ කෙටිකතාවේ දී පුෂ්කින් ඇනා ෆෙටොව්නාගේ චරිතය සවිස්තර ව ඉදිරිපත් කරයි. ඇය දැන් දිවි ගෙවන තත්ත්වය ද ඇගේ මැදුරේ ඇති ඡායාරූප පවා ඒ විස්තරයට ඇතුළත් ය. මෙයින් කියැවෙන්නේ එසමයේ දේශපාලන පරිසරය ය'යි ඇතැම් විචාරකයෙක් පෙන්වා දෙයි.

ලීසා ගැන කෙරෙන විස්තරයෙන් ඇගේ අහිංසක භාවය චිත්‍රණය කෙරෙයි. කපටියකු වන හෙර්මන් රහස දැන ගන්නට එළැඹෙන්නේ එවැනි තැනකට ය. ආදිපාදවරිය පණ මෙන් සුරැකි රහස හෙළිදරව් කරන්නේ පණ නැසුණු පසුව ය. වෘද්ධ ඇනා ෆෙටොව්නා ලීසාට මහා වදයකි. එහෙත් ලීසාට දැනෙන්නේ ඇගේ මරණය නිසා තමා මෙලොව අතරමං වූ සෙයකි. ලීසා සිතන්නේ හෙර්මන් එන්නේ තමාට ප්‍රේම කරන්නට ය'යි කියායි. හෙර්මන්ට අවශ්‍ය වනුයේ යොවුන් ප්‍රේමය නොවේ. කෙසේ හෝ මුදල් ය. මහා ධන තෘෂ්ණාවකින් පෙළෙන ඔහු ඒ විසින් ඇති කරන ලද අපරීක්ෂාකාරී කලබලය නිසා ම වැරදි කොළයක් වසයි. අවසානයේ අපගේ සිත් තුළ ශේෂ වනුයේ තෘෂ්ණාව විසින් මිනිසා පිරිහීම කරා ඇද ගෙන යන අයුරු ය.

මෙහි කථාව ඉදිරිපත් කෙරෙන්නේ තුන්වන පුරුෂයෙනි. එසේ ම කාලය වර්තමානයේ එනම්, 19 සියවසේ දෙවැනි දශකයේ සිට ඉන් වසර හැටක් එපිට අතීතයට දිග හැරෙයි. ඒ නිසා සවිස්තර චරිත හා සිද්ධි නිරූපණයකට කර්තෘට අවකාශ තිබේ. ඇනා ෆෙටොව්නාගේ චරිතය නිරූපණයේ දී පරිසරය උපයෝගී කැර ගන්නා පුෂ්කින්, හෙර්මන්ගේ චරිතය නිරූපණයේ දී උපයෝගී කර ගන්නේ ඔහුගේ ක්‍රියාවන් ය. ලීසාගේ චරිතය විස්තාරණය වනුයේ ඇගේ හැඟීම් ගැන කෙරෙන විග්‍රහයකිනි.

මෙය, කෙටිකතා නිර්මාණකරණයේ යෙදෙනවුන් විසින් මනාව අධ්‍යයනය කළ යුතු කෘතියක් ලෙස සැලැකේ.

මේ කෘතිය චිත්‍රපටයකටත් ඔපෙරාවකට හා නාට්‍යයකටත් පරිවර්තනය කරනු ලැබ තිබේ.

මෙම කෙටිකතාව දැදිගම වී. රුද්රිගු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව සෝවියට් රාදුගා ප්‍රකාශකයන් විසින් පළකරන ලද ‘පුෂ්කින්ගේ තෝරාගත් ගද්‍ය කෘති’ නම් එකතුවේ ඇතුළත් ය.


‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක

සිනමා සටහන් 
 
‘බඹර වළල්ල’ චිත්‍රපටය සමාජයේ පුළුල් සාකච්ඡාවක් ඇති කළේය. එයට හේතුව එය බහුඅරුත් දක්වන චිත්‍රපටයක් වීමයි. විවිධ අය බඹර වළල්ල තුළ තම තමන්ට කැමති දේ දුටහ. ඇතැමුන්ට එය සමාජ යථාර්ථය නියෝජනය කළේය. තවත් අයෙකුට එය මානව යථාර්ථය විදහා දැක්වීය. තවත් කෙනෙකුට එය යටි සිත පිළිබඳ ෆ්‍රොයිඩියානු සත්‍යය විචිත්‍රවත් කළේය.

කලකට පසු මෙලෙස චිත්‍රපටියක් ගැන කතා කරන්නට ලැබුණු දුලබ අවස්ථාවක් නිසාදෝ ඇතැම්හු එහි නැති දේ පවා අතිශයෝක්තියකින් ඊට ආරෝපණය කරන්නට පෙළඹුණහ. බඹර වළල්ල යථාර්ථවාදී දෘෂ්ටියෙන් විග්‍රහ කරන්නට ගන්නා උත්සාහය ලත් තැනම කඩා වැටෙයි. එහි නිරූපිත ඇතැම් චරිත ඒවායේ හරයෙන් ගත් කළ අප සමාජයේ පවතින ඒවා යැයි පෙනී යා හැකි වුවත්, සමස්තයක් වශයෙන් ගත් කළ චිත්‍රපටිය යථාර්ථවාදී දෘෂ්ටියෙන් විග්‍රහ කළ නොහැකි බව ඇතැම් විචාරකයෙකු ඉතා නිවැරදිව පෙන්වා දී තිබුණි.
බඹර වළල්ල අප හමුවේ මතු කරන ගැටලු රාශියකි. මෙය මානව යථාර්ථය නිරූපණය කෙරෙන චිත්‍රපටයක් ද? මිනිසුන් විශිෂ්ටත්වයට පත්වීමේ මඟ වැටී ඇත්තේ අපරාධ තුළින් ද? මානව ජීවිතය බඹර වළල්ලක් ද? මිනිසුන් අති මහත් බහුතරය බඹර වළල්ල නැටිය නොහැකිව දෙපා දුබල කර ගත්තවුන් ද? බඹර වළල්ල ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිය ප්‍රකට කරන්නේ ද? බෞද්ධ දෘෂ්ටියෙන් ජීවිතය ගෙවන්නා බඹර වළල්ල නටන්නෙක්ද? යහපත් ජීවිතයක් ගත කිරීමේ මඟ ගැනීමෙන් මිනිසුන්ට විශිෂ්ටත්වයට පත් විය නොහැකි ද? විශිෂ්ටත්වය යනු, කුමන හෝ ආකාරයේ ප්‍රචණ්ඩ මාවතක් ගැනීමෙන් හෝ මුදල් ඉපයීම තුළින් සමාජීය තත්ත්වය උසස් කර ගැනීම ද? නූගත් ප්‍රාථමික මිනිසා හෝ සටකපටකමින් පිරි දරුණු අපරාධකරු අනුව යාම ද? මහත්මයෙකු වීමේ මඟ යනු මැල් සහ ඒ අනුව යමින් පොඩි එකා ගත් මඟ ගැනීම ද?
ඇතැමුන්ට මෙය ගමේ නරක පිළිබඳ යථාර්ථවාදී චිත්‍රයක් නිරූපණය කරන චිත්‍රපටියක් වීය. ගම පිළිබඳ යථාර්ථය යනු ගමේ නරක පැත්ත අතිශයෝක්තියට නැඟීම ද? චිත්‍රපටියේ නිරූපිත ගම “ප්‍රාථමික ප්‍රචණ්ඩත්වය” ට ඇරුණු ම්ලේච්ඡ ස්ථානයකි. කුමන හෝ මොහොතක යමෙක්, ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඉඩ තිබේ.
චිත්‍රපටියේ ඉන්නා යහපත් අය වන්නේ, දූෂණයට ලක් වූ, අපචාරයට ලක් වූ, උන්මත්තක බවට පත්වූ සහ අබ්බගාතයන් බවට පත්වූ අය පමණි. එයින් කියැවෙන්නේ කුමක් ද?
ප්‍රාථමික ගම මතුපිටින් ශිෂ්ඨ කරන්නට යොමු වන තැනැත්තාම ශිෂ්ට සම්පන්න නොවන බව, ඔහුද අශිෂ්ටයෙකු වන බව නැතහොත් ඇතුළතින් වඩාත් දරුණු අශිෂ්ටයෙකු බව හෙලි වෙයි. අනෙකා ශිෂ්ට කිරීම අරමුණු කරන්නාම ශිෂ්ට නොවේ. ඒ අනුව, ගමත්, ටවුමත් දෙකම සංස්කෘතියක් නැති පරිසරයන් ද? තමන් ශිෂ්ට බව පෙන්වන ටවුම ගම තරම්ම හෝ ඊට වැඩියෙන් අශිෂ්ටය. මෙම චිත්‍රපටයේ එන ටවුම ද ම්ලේච්ඡ දරුණු තැනකි. නමුත් එය ප්‍රාථමික නොවේ. සටකපට කමින්, යටි උගුලින් විදග්ධ බවට පත්වූ තැනකි.
තවත් විචාරවලින් කියැවුණු පරිදි, මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන ඊට ප්‍රතිපක්ෂව නොවේ ද? චිත්‍රපටියේ එන ‘පොඩි එකා’ මානව ආශාව නියෝජනය කරන “ප්‍රාථමික යටි සිත” නිරූපණය කරන්නේ යැයි ඇතැම් විචාරකයෙක් කීය. මෙම යටි සිත, නියෝජනය කරන “ප්‍රාථමික” ‘සරල”, “නූගත්” මානව ආශාවන් ජය ගැනීම හුදු පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම පිළිබඳ කරුණක් ද? පාසැල් අධ්‍යාපනය නොලබන සියල්ලෝ “ප්‍රාථමික යටි සිත” විසින් මෙහෙයවනු ලබන්නෝද?
ෆ්‍රොයිඩ්ට අනුව මනුෂ්‍යයා ශිෂ්ට වන්නේ, ආශයන් මර්දනයෙනි, නැතහොත් ඒවා නිර්මාණශීලී හැකියාවන් වර්ධනය මඟින් උත්කර්ෂණයට පත් කිරීමෙනි. නමුත් මානව දරුවා උපදින්නේම මානව ජීවිතයක් දැනටමත් ගොඩනඟා ඇති තැනක මැදට ය. ග්‍රීකයෝ මෙම තත්වය හැඳින්වීමට ‘en media res’ (in the midst of) යන සංකල්පය යොදා ගත්හ. හැමවිටම, දැනටමත් ( always, already) යනුවෙන් බටහිර සමාජීය න්‍යායේ හැඳින් වෙන්නේ ද, ඒ හා සමාන අදහසකි. සැමවිටමත්, පවත්නා මානව සමාජයක මැදට උපදින මානව දරුවා සහජ ආශයන් මර්දනය කිරීමෙන් ශිෂ්ට සම්පන්න බවක් ආරූඪ කර ගන්නවා වෙනුවට යහපත් පුරුදු යහපත් ලෙසින් පිළිගන්නා ඌරුවකට අනුව සෑදීම වැඩීම තුළින් ශිෂ්ට වීම මෙම සංසිද්ධියම දැකීමේ තවත් ආකාරයකි. ‘මානව සමාජය, යහපත පිළිබඳ අදහසක් මත ගොඩ නඟා ඇතැයි’ ඇරිස්ටෝටල් යෝජනා කළේය. යහපත් දෑ පුරුදු පුහුණු කිරීමෙන් අපි ඒවා යහපත් ලෙසින් පිළිගනිමු.
සිංහල සිනමාවේ නව රැල්ලේ සිනමාකරුවන් මෑත පසුගිය කාලයේ දී වැඩි රුචියක් දක්වා ඇත්තේ මානව චරිතයන්හි අත්දැකීම් නිරූපණය කරනවාට වඩා චරිත විකටරූප (caricatures) බවට පත් කොට විප්‍රරූපණයන් ලෙසින් ඉදිරිපත් කරන්නට ය. අශෝක හඳගම අක්ෂරය චිත්‍රපටයෙන් මෙම භාවිතාව උච්චස්ථානයක් කරා ගෙන ආවේ ය. මෙයින් කියැවෙන අදහස නම්, එම චිත්‍රපටියේ එන චරිත සමාජ යථාර්ථයක් හා බැඳුණු, එහි මුල් ඇදුණු ඒවා නොව මුල් සිඳුණු ඒවා බවයි. ඔවුන් සමාජ බැඳීම් ඇතිවී ඒ මත කටයුතු කරන අය නොවේ. ඒ අනුව එම මානව චරිතවලට සුවිශේෂී අනන්‍යතාවයක් නැත. වෙනත් අයුරකින් කියන්නේ නම් ඔවුන් ඉපදී හැදී වැඩී ඇත්තේ දැනටමත් පවතින මානව සමාජයක මැද නොව, මිනිස් සබඳතාවලින් තොර රික්තකයකය.
බඹර වළල්ල චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද විවිධ විචාරකයන් ද මෙම චිත්‍රපටය පිළිබඳ ඉදිරිපත් කරන විවිධ අදහස් තිබියදීත්, චිත්‍රපටය සාධනීය ලෙස කියැවිය හැකි හොඳම ආකාරය එය හාසකාණුකරණයක් (parody) ලෙස දැකීම යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි. මෙම චිත්‍රපටය ලෝකය පිළිබඳ යථාර්ථවාදී චිත්‍රයක් නම් නොවේ. අතිශයෝක්තියට නැඟූ විකට රූපකරණයට නැඟූ චිත්‍රයකි.
මෙම හාසකාණුකරණයට පාදක වී ඇත්තේ චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව ලෙස ගත හැකි “හොඳ මිනිහෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි,” යනුවෙන් පුනරුච්චාරණය කෙරෙන අදහස බව අපගේ යෝජනාව යි.
“හොඳ නරක තියෙන්නේ අපේ හිතේ, අපි තනිවුණාම, අපි සමාජයට බැස්සාම ඒවායින් වැඩක් නැහැ” යි යනුවෙන් චිත්‍රපටයේ එන අදහසින් කියැවෙන්නේ ද ඉහත මුඛ්‍ය තේමාවට සම්බන්ධ අනු – අදහසකි. මෙම චිත්‍රපටයේ ‘දුෂ්ටයන් හෝ වීරයන් නැතැ’යි ඇතැම් විචාරකයෙකු හඳුනාගෙන තිබුණේ ද මෙම අදහසමය.
වීරයන් යැයි අප සළකන මිනිසුන් තුළ අයහගුණ, දුර්වලතා තිබිය හැකිවා මෙන්ම, දුෂ්ටයන් යැයි ප්‍රකට මිනිසුන් තුළ යහගුණ ද තිබිය හැකිය. මෙය මානව පැවැත්ම පිළිබඳ සාධාරණ නිරීක්ෂණයක් බව මිනිස්සු අත්දැකීමෙන් දනිති. මේ අතර කලාතුරකින් ශාස්තෘවරුන් බඳු සුපිරි මානවයන් මෙන්ම තනිකරම තිරිසනුන් බඳු මිනිසුන් ද අන්තයන් හි නොසිටිනවා නොවේ. නමුත්, මිනිසුන් බොහෝ දෙනෙකු තුළ යහගුණ මෙන්ම අයහගුණ ද සම්මිශ්‍රණයෙන් තිබෙයි. එයිනුත් සමස්තයක් වශයෙන් අයහපත පරදා යහපත මතුව ඒම තුළින් නොවේ ද, මිනිස් ලොව මිනිස් වාසය සඳහා උචිත අවකාශයක් ලෙස දිගටම පවතින්නේ? නමුත්, මෙයින් කියැවෙන්නේ යහපත සහ නපුර අතර පැහැදිලි බෙදුම් රේඛාවක් නොමැත, යන අදහස ද?
මෙහි දී “හොඳ මිනිසෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි” යන මතයට පසු බිම්වන දාර්ශනික අදහස අප විමසා බැලිය යුතුය. ඉන් කියැවෙන්නේ මිනිසා තුළ ඇති, ප්‍රාථමික, ආක්‍රමණශීලී , සහජ ආශයන්, හොඳ යටපත් කර ගෙන සැණින් මතුවිය හැකි බවයි. මේ අනුව හොඳ, යහපත යනු මිනිසා තුළ ස්ථිරසාර පැවැත්මක් ඇති දෙයක් නොවේ. හොඳ යනු, නරක මර්දනය කිරීම යි. යහපත යනු, වගා කර ගැනීම තුළින් මිනිසා තුළ පැළපැදියම් වන යහපත් පුරුදු හා බැඳුණක් නොවේ. යහපත පිළිබඳ විනිශ්චයට මඟ පෙන්වන පුරුදු මත පදනම් වූ භාවිතාවක් නොවේ.
මේ අනුව, යමෙකු අපරාධකරුවෙකු වන්නේ කෙසේ ද? මර්දනය කොට ඇති සහජාශයන් මතුව ඒමෙනි. එසේ නම් මිනිසුන් තමන්ගේ අපරාධවලට වගකිව යුතු නොවේ, යැයි මින් කියැවෙනු ඇත් ද?
අනෙක් අතට ගමේ අපරාධ සිදු වන්නේ සහජාශයන් මතු පිටට පොළා ඒමක් ලෙසින් පෙණුනත් ටවුමේ අපරාධ මනා ලෙස සැළසුම් කොට කරන ඒවා යි. ඒවා ආහාර, ලිංගිකත්වය යනාදියට ඇති කෑදරකම වැනි ප්‍රාථමික, ආක්‍රමණ‍ශීලී සහජාශයන්ට බැර කළ හැකි ඒවා නොවේ. ඒවා ආශාවන් අතරට අයත් වෙතොත්, විය හැක්කේ මුදලට හෝ සමාජ තත්ත්වයට ඇති ගිජුකම වැනි ආශාවන්ට ය.

මිනිසෙකු යහපත්වීම හෝ අපරාධකරුවෙකු වීම සම්බන්ධයෙන් සමාජයේ භූමිකාව කුමක් ද? මෙම චිත්‍රපටයට අනුව සමාජය මිනිසුන්ට යහපත් වීම සඳහා අනුබලයක් නොදෙයි. ඒ වෙනුවට සමාජය කරන්නේ මිනිසුන් අපරාධකරුවන් කිරීමට හවුල් වීමය.

හොඳ-නරක පිළිබඳ කරුණු සමාජයට අදාළ ද? හැම හොඳ මිනිසෙකුම තත්පර කිහිපයකින් අපරාධකරුවෙකු බවට පත් විය හැකි ද? මිනිසකු හොඳ බවට පත් වන්නේ කෙසේ ද? මානවයා යනු ඉතාමත්ම සුළු කුපිත කිරීමකින් ඕනෑම මොහොතක මතුපිටට පුපුරා ආ හැකි ප්‍රාථමික ආශාවන්ගෙන් සෑදුණු සත්ත්වයෙක් ද?
මිනිසා තුළ ඇති හොඳ, දෙන ලද ඕනෑම මොහොතක එබඳු ප්‍රාථමික ආශාවන්ට යට විය හැකි ද?

මෙය මානවයා පිළිබඳ හොබ්සියානු න්‍යාය ගැන්වීමෙන් මතුව එන අදහසකි. හොබ්ස්ට අනුව මිනිසා, තම අසීමිත ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා, සීමිත සම්පත් වෙනුවෙන් අන් මිනිසුන් සමඟ එකිනෙනාට එරෙහිව කරන සටන විනාශයෙන් කෙළවර වීම වළක්වා ගැනීමට, මිනිසා විසින් රාජ්‍යය සාදා ගන්නා ලදී.
අප අපගේ සහජාශයන් විසින් මෙහෙයවනු ලබන්නේ නම්, අප සමාජීය වශයෙන් එකිනෙකාට වගකිව යුතු වන්නේ නැත. අපගේ සදාචාර විරෝධී ක්‍රියාවන්ට අප වගකිව යුතු නොවේ. ඒවා පිළිබඳ වගකීම අපගේ පාලනයෙන් තොර අපගේ සහජාශයන්ට පැවරෙන හෙයිනි. එතැන සමාජයේ තැන ගන්නේ හොබ්සියානු රාජ්‍යයයි. ‘බඹර වළල්ල’ පෙනී සිටින්නේ මෙම හොබ්සියානු අර්ථකථනය වෙනුවෙන් ද? ෴

© කතිකා‘ අධ්‍යයන කවය
 kathika.lk 

මිරැන්ඩා - කෙටි කතාව

හකාවතී 

රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය. රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.

මිරැන්ඩා රාත්‍රී එකට පමණ නිවසට පැමිණෙද්දී ඇයගේ පසුපසින් ආරක්ෂාව වෙනුවෙන් කරකැවෙමින් හුන් පක්ෂෙ සහෝදරවරු කීප දෙනා ඇය මග හැර අඳුරේම නොපෙනී ගියේ ඔවුනගේ කාර්ය අවසන් වෙමින් පැවතුනු බැවිනි. මිරැන්ඩා ගේට්ටුවෙන් ඇතුලට යද්දී ද ඔවුහු ඝණ අඳුරේ ඈතින් වූ පඳුරු රාශියකට මුවා වී ඈ නිවස තුළටම යන තුරු ඇගේ නිවස වටපිට සියළු අඳුරු අහුමුළු නිරීක්ෂණයෙන් සිටියහ.

"උඹ ආවද? බැල්ලි. තොගෙන් මම නිදහස් වෙන දවසක් ළඟදිම එනවා... තෝ නිසයි මේ සේරම හෙණ පාත් වුනේ...පාහර බැල්ලි...."

නිශ්ශංක නිදිමරගාතේ කොඳුරන්නට විය. නිශ්ශංක අලුතින් ලියා පළ කරන්නට යෙදුනු කවි පොතේ අත් පිටපත ඔහුගේ ඇඳ අසළ බිම කොල ඉහිරී තිබෙනු මිරැන්ඩා දුටුවා ය.

"ඔයා නිදියන්න. මම බිම නිදා ගන්නම්. කෑ ගහන්න විතරක් එපා. උදේට කතා කරමු. "

"තෝ වේසාවි. මම දන්නවා තෝ රෑ දෙගොඩහරියක් වෙනතුරු මොනවද කරන්නේ කියලා. මහ ලොකු පක්ෂ රැස්වීම්..අනේ පල බැල්ලි. තෝයි මායි කරන විප්ලව...පරට්ටි..."

මිරැන්ඩාට දැනුනේ කුණු වූ කොත්තු රොටියක දියව ගිය අරක්කු ගඳ වහනය වන නිශ්ශංක ගේ කුස තුළින් හඹා ආ ගොරොද්දාවේ ඌෂ්ණය ය. ඈ අපුලින් කට මුහුණ අතින් පිස ලා නිශ්ශංකගේ පොරෝනය තව තවත් ඇද දමා ඔහුගේ සිරුරේ නිරාවරණය වූ පපු පෙදෙස වසා දැම්මා ය.

"නිශ්ශංක. දැං ඇති. ඔයා දැන් නිදියන්න. අපි උදේට කතා කරමු. "

මිරැන්ඩා ඇඳුම් උනා දමා නාන කාමරය වෙත ඇදුනාය. නාන කාමරය පුරා විසිරී ගිය ලේ පැල්ලම් දුටුවෙන් ක්ලාන්තව මෙන් ඇය බිත්තියේ වූ පිඟන් ගැඩොල් රටාව මතුපිට සිය වමත රූටා යවමින් කිසිවක් අල්ලා ගන්නට තැත් දරමින් බිත්තිය පාමුල උණ්ඩි වූවාය. එම ලේ මත කිසියම් පණක් ඇති පනුවන් රාශියක් දඟලන්නා සේ ඈ දුටුවෙන් ඇගේ මුළු සිරුරම සලිත වී ගියේ ය. මිරැන්ඩා නැවතත් ඇගේ දෑස් දෑතින්ම පිස දමා නාන කාමරයේ සුදු පාට පිඟන් ගඩොල් අතර ඝණව පැතිරී ඇති ඒ ලේ වැදලි බලන්නට වූවා ය.

"උඹ මට මගේ පාඩුවෙ ඉන්න දෙනව ද නැද්ද?"

මිරැන්ඩා පාං කපන පිහිය නිදි යහනේ කොට්ටයට යටින් වූ ගුදිරි මෙට්ටය අස්සෙන් වහා එළියට ඇද නිශ්ශංකගේ ගෙලට තබා තද කළා ය.
නිශ්ශංක භය බීරාන්තව මිරැන්ඩාගේ කෝපාග්නියෙන් දැවෙන දෙතුන් ගුණයක් විශාල වූ දෙනෙත් දෙස මඳ අඳුරේ බලා සිටියේ මරණ මංචකයේ සිටින මිනී මරුවෙක් ලෙසිනි. නිශ්ශංකගේ දෑස් කොතරම් විශාල වී ඇත්දැයි ඔහුට නිනව්වක් නොවීය.

"මට ආයෙමත් වේසි වේසි කියල කීවොත් මම තොගේ බෙල්ල කපනවා කපනවාමයි!"

මිරැන්ඩා ඒ වචන ටික උච්ඡාරණය කළේ දත් දෙපෙල එකිනෙක සපාගෙන තොල් එකට තද කර උගුරිනි. ඒ හඩ ආවේ ඇගේ උදරයෙන් ද විය හැක. නිශ්ශංක අසීමිත බියෙන් මුවෙන් වදනකුදු පිට නොකර ඈ දෙසම බලා සිටියේය.
මිරැන්ඩා නිශ්ශංකගේ ගෙල ඉතා සෙමින් නමුත් දැඩිව පිහියෙන් අතුල්ලා සියුම් කේෂනාලිකා කීපයක් කපා දමා මතු වූ ලේ බිඳිති මත පිහි තලයේ දාරය ඇතිල්ලුවාය.

නිශ්ශංක ඉකිගසා හඩන්නට පටන් ගත්තෙන් මිරැන්ඩා පිහිය බිම දමා ඔහුගේ ළය මත හිස හොවා හඩන්නට පටන් ගත්තීය.

නිශ්ශංක ළදරුවෙකු සේ මිරැන්ඩාගේ උරහිසේ තම හිස හොවා ඉකි ගසමින් හඩන්නට විය. මිරැන්ඩා ඔහුගේ හිස තිබූ කොට්ටය තුළ ඔබා ගත් හිසින් වැළහින්නක සේ හඩමින් ඔහුගේ සිරුර මත වැනෙන්නට වූවා ය.
නිශ්ශංක ඇගේ බරින් සිය දුබල සිරුරේ අක්වක් වූ යටිබඩ පෙදෙස නැවත සකස් කර ගනිද්දී මිරැන්ඩා ඔහු වෙතින් පෙරලී ඇඳේ ඇගේ ඉසව්වට තල්ලු වූවා ය.

"නිශ්ශංක මට ඔයාගෙන් වැඩක් නෑ. ඔයා හරි බොළඳයි....මට ඔයාව මරන්න ඕන නෑ. මට මරන්න ඕන...මහ ඇමති!"

නිශ්ශංක මිරැන්ඩාගේ මුව සිය අතින් වසා දැම්මෙන් ඇගෙ හඩ නිකුත් නොවුණි.

මිරැන්ඩා හිස් සීලිම දෙස බලාගෙන මිමිනුවාය. නිශ්ශංකට සඳලතා සිහි විය. මේ යක්ෂණියට වඩා ඇය කොතරම් සියුමැලි ගැහැණියක් දැයි සිතින් විමසමින් සිය කොපුල් තල හරහා ගලා ගිය කඳුලු සොටු සූරා පිසිමින් නිශ්ශංක නාන කාමරය වෙත ඇදෙන්නට විය. හාත්පස ඝණ අඳුර බිඳින්නට නාන කාමරයේ දැල් වූ විදුලි බුබුලත් සමගම ඔහුගේ සිතේ වූ බිය ද පහව යන්නට විය.

සඳලතා ට දින දී තිබුණේ තවත් සති දෙකකින් උදා වන පළමු බ්‍රහස්පතින්දා ය. ඈ ඉමහත් අපහසුවෙන් නානකාමරයට වැදුනාය. වෙනදාටත් වඩා බඩේ පැටියා ඇගේ මුත්‍රාෂයට පයින් අනිනා සේ ඇයට දැනුනෙන් ඈ කොමෝඩය මත සීරුවෙන් වාඩි වූවාය.

"සඳා මට මිරැන්ඩා එක්කල තවත් ජීවත් වෙන්න බෑ... ඒකි පක්ෂෙ එකෙක් එක්කල බුදියනවා. මම ඒක දන්නවා. මෙච්චර කල් මම ඒක නොදන්නවා වගේ හිටියා..."

"මට තේරෙන්නෑ නිශ්ශංක. ඔයා ගැන මම තැවෙනවා. මැරෙනවා. උපදිනවා. මේ බඩේ ඉන්න පැටියගෙ ඉරණම මොකද්ද නිශ්ශංක?"

"මම දන්නේ නෑ සඳා...මම ජීවිතේම නරකාදියක් කර ගෙන..මට කිසිම ගැලවීමක් නෑ...මට කිසි දේකට විසඳුමක් නෑ..."

"මිරැන්ඩා ගැන මම දන්නවා නිශ්ශංක...මට තේරෙන්නේ නෑ ඔයා වගේ සංවේදී කෙනෙක් එයා එක්කල ජීවත් වෙන්නේ කොහොමද කියල..."

සඳලතා ගේ මිය ගිය දේහය නානකාමරයේ කොමෝඩය උඩ වැටී සිටියදී සොයා ගන්නා විට දින දෙකක් ගෙවී ගොස් තිබුණි. ඇගේ කුස දරා හුන් දියණිය සිය ජල අටල්ල බිඳී කොමෝඩය තුළට වැටී කුණු වී තිබිය දී සොයා ගත්තේ ඇගේ සිරුර ඉවතට ගන්නා විට දී ය. සඳලතාත් ඇගේ දියණියත් කුණුව ගිය වෑදමත් පෙකෙණි වැලත් යන සියල්ල එකම කුණු මාංෂ මල්ලක් සේ, මුහුණු වසා සිටි පොලිස් කම්කරුවන් පිරිසක් විසින් බිම තබා තිබූ හැකිලූ ට්‍රොලියකට සීරුවෙන් ගොඩගැසුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඇරඹුනි.

ඊළඟට පරීක්ෂණය සඳහා හිස කුණු වී ඉදිමී ඕජස් ගලමින් තිබූ නිශ්ශංකගේ සිරුර ද ට්‍රොලිය මතට දැමුණි.

විනෝදය - කෙටි කතාව

 හකාවතී 
ජනේලය අද්දර මේසයේ රෝස පාට මේස රෙද්දේ වාටියේ සුදු පාට රේන්ද සැරසිල්ල මේසය වටා කිරිබත් කැට පළුවක හැඩයෙන් තරංගාකාර රටාවක් පරිමිතිය ඔස්සේ පැතිරී ඇත්තේ ලැප්ටොප් පරිගනකය යට සායක්  ඇඳ මේසය මධ්‍යයේ බැබලෙන පරිද්දෙනි. ජනේලයේ මල් වීදුරු රටාවේ කිරිබත් කැට අස්සෙන් උදා හිරු කිරණ පොදක් කාමරයට වෑස්සී ඇත.

සුගතදාසගේ සුරතල් ලැපයේ සිට ඔහු සැතපෙන සුව යහනට දේදුන්නක් වැටී ඇත. දේදුන්නේ වර්ණාවලියෙන් ආලෝකවත් වක්‍රාකාර දිස්න කදම්බයේ ඉතා කුඩා දූවිලි අංශු රාත්‍රී අහසේ තාරුකා සේ දිස්න දෙමින් අනවරත අහඹු චලිතයක යෙදේ. (බ්‍රව්නීය චලිතයක්!)

සුගතදාස දෑස් අපරිමිත දුෂ්කරතාවයෙන් හැර ගන්නට තැත් දරමින් සිය හිස අසල වූ ජංගම දුරකතනයේ තිරය දල්වා එහි සටහන් වේලාව බලන්නට විය.

6.28 am

"මම තව දවසක් වෙනුවෙන් පණ පිටින් ඇහැරිලා! "

සුගතදාස අනන්ත සිහින මැද්දේ කිසිදු සිහිනයක් මතක් කර ගත නොහැකි ගොළුවෙකු සේ සිය ගෙවී ගිය රාත්‍රියේ චමත්කාරය ආවර්ජනය කර ගැනීමට දුර්වල උත්සාහයක යෙදුනේය. දෑස් සම්පූර්ණයෙන් හැරුණු මොහොතේ දේදුන්නේ ආලෝක ධාරාවන් අතරේ ඇති වර්ණාවලිය ඔහුට දිස් වෙයි. එහි සැඟවෙන්නට තැත් දරන සමනල රෑනක් මතු වෙයි.

"මා වියපත් බවට සාක්ෂි සපයන පරණ සිහින අමතක වේවා! අලුත් සිහින අරං ඔබ සපැමිණේවා!! වෛවර්ණ අලුත් දේදුන්නක්...!!! "

සුගතදාස දේදුන්න දිගේ පරිගනක මේසය වෙත හබල් ඔරුවක හබල් ගසන්නා සේ දෑත් රටාවකට චලනය කරමින් පාවී ගියේය. ඔහු පසුපසින් සමනල රෑනක් තටු ගසමින් ඇදී ගියේ රිදී කැන් දහරක් විහිදුවමිනි. දිනපතා පාන්දර පරිගනකයෙන් වෑහී සිය යහන් ගබඩාවට ඇතුළු වන මේ රහස් දේදුන්න සුගතදාස එලාම් තබා ඇති ඕනම වේලාවකට මිනිත්තු දෙකකට පෙර වැටේ.

අනේ බලනුව වර්ණාවලිය
යමහලකි මා කවි සිත
ඇවිලී දැවී යනු ඇති අබතුර
නුඹ හැර වෙන කවුරු
ඉසිත් සුළු දිය අහස මුදුන සිට?

-සුගතදාස වලිමුනි

හනි හනිකට මුහුණු පොතේ කවි පිටුවට ඇතුළු වූ සුගතදාස දවසේ වැඩ අරඹනු වස් දේදුන්නට ලයාන්විත කවි වදන් පෙලකින් පිළිතුරු බැන්දේය.

දේදුන්න අතුරුදන් විය! එතෙක් අහස ගැබ්බරව හුන් ආදර වැහි වළාකුලෙන් වට වැස්සෙන් මුළු ලොවම තෙමී යන්නා සේ සුගතදාසට දැනුණි. හදවතේ හඩ මේඝ අකුණු සේ ලබ් ඩබ් හඩින් මුර ගාන්නට විය.

"ආදරයට තැනක් අවකාශයක් නැත. කාලයක් නැත. මායිමක් සීමාවක් නැත. වයසක් නැත. පරණ වන්ට වන්ට වයින් රසය! "

දැන් කාමරයේ දොර පියන් හැර දමා නිදහසේ කුටුම්බ ලෝකය හා සබැඳී ජීවිතය පටන් ගැනුමට හැකිය.

"මෙතරම් සුන්දර ප්‍රායෝගික ආදරයක් මා වෙත ළඟා කර දුන් දෙව් සමිඳානනි- මා ඔබගේ ඇකයේ... මුහුණු පොතේ තුරුලේ නැලවෙමි! වාසනාව නම් විසි එක් වැනි සියවසේ අවසානය වනතුරුත් මිනිස් හිතේ හඩ නැගෙන මේ සිතුවිලි වෙනත් කිසිවෙකුට අසාගත හැකි චිත්ත-චෞර යන්ත්‍රයක් තවමත් නිපදවා නොතිබීම යි. දෙයියන්ගෙ නාමෙට එබඳු යන්ත්‍රයක් මගේ ජීවිත කාලෙ තව ඉතිරි වසර දහ දොළහට පෙර නම් නොනිපදේවා!! දෙවියන්වහන්සේ ඒකට ඉඩ නොතබන සේක්වා!!! ඔබවහන්සේ ගේ අත්වරදකින් හෝ එබන්දක් නිපදවන්නට මිනිසා සමත් වූ දවසක අවසන් වන කාරණා දෙකක් ඇත. එකක් මා වැනි සුන්දර තක්කඩියන් කවි ලිවීමය. අනෙක ගෙදර බිරිඳට නොදැනී අන් අඹුවන්ට පෙම් කිරීමය! මේ දෙකම මට මහා අසිරියකි. මේ දෙකම නොපවතින්නට මා ද නොපවතිනු ඇත. දොරගුළු ලා ලැපය ඉදිරියේ වාඩි ගත් සෑම විටකම මගේ විනෝදය කිසිවෙකුටත් සොරා ගත නොහැකිය. දෙවියනි ඔබ පමණි මාගේ විනෝදය දන්නේ."

අදේවවාදියෙකු වූ සුගතදාස මොහොතකට නිහඩව සිතින් දෙවියන් යාඥා කරන්නේ මේ ප්‍රාර්ථනාව සඳහා පමණි. දෙවියන් විශ්වාස නොකරන හෙතෙම දෙවියන් විශ්වාස කරන අනෙකුත් අය නිසාවෙන් වැරදීමකින් හෝ තමන් වැරදි නම් විය හැකි ආපදාවකට කල් ඇතුව සූදානමක් ලෙස මෙලෙස රහසිගත යාඥාවක යෙදීම දැන් කලක සිට කරගෙන යයි.

එකවර දෙදෙනකුට පෙම් කළ හැකිද? නොහැක. නමුත් ඒ එකම විදියට පෙම් කරන්නේ නම් පමණි. වෙනස් විදිවලට පෙම් කරන්නේ නම් දෙදෙනකුට නොව ඕනෑම තරමකට පෙම් කළ හැකිය. රහස වන්නේ පෙම් කරන විදිය එකිනෙකට වෙනස් වීමයි! ඵලය ප්‍රේමයමයි!!

දිනක් සුගතදාස සිය දින සටහන් පොතේ එවැනි සටහනක් තැබීය. පසුව එය කවියක් ලෙස මුහුණු පොතේ කවි පිටුවේ පළ කර දින සටහන ඉරා පුළුස්සා දැම්මේය.

එකවර දෙදෙනකුට පෙම් කළ හැකිය!
දෙවිදියකට පෙම් කළ යුතුය සිහියෙන්

බිත්තර දෙකක්
දෙවිදියකට කෑ හැක
එකක් තම්බා
අනෙක බුල්ෂයි

බහිස්‍රාවී ඵලය
එකම තීව්‍රතාවෙන්
දුර්ගන්ධය!

-සුගතදාස වලිමුනි

ඩයමික්‍රොන් එම් ආර් මිලි ග්‍රෑම් තිහේ පෙති යුගල කටට හලා ගත් හෙතෙම විනාඩි විස්සකට පසු උදෑසන ආහාරයට සූදානම් විය යුතු බැවින් යහනින් නැගී කාමරයෙන් එළියට ඇවිද ගියේ මුළුතැන්ගෙය වෙතය.

සුගතදාසට දැං ප්‍රශ්නයකට ඇත්තේ තම සෞඛ්‍යය පමණි. දූ දරුවන්ට සියළු යුතුකම් ඉටු කොට ඇති හෙයින් ද ඔවුන් නැවත ලංකාවට ඒමක් සිදු නොවනා බැවින් ද ඔහුට සිතීමට කාරණා ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. එතරම් සැහැල්ලුවක් වුව ද ජීවිතයට දරා ගනු නොහැකිය. ජීවත් වීමට කිසියම් බරක් ඇවැසිය. හඹා යාමක් ඇවැසිය. මරණය තෙක් ඒ බර රැගෙන යායුතුය. හඹා යා යුතුය.

සුගතදාස වලිමුනි සිය සැන්දෑ සමයේ ලේඛන වෘත්තියට වන් මල් සාප්පු හිමියෙකි. ඔහුගේ බිරිඳත් අගනුවර ප්‍රසිද්ධ කාන්තා විදුහලක උප විදුහල්පතිනි ධූරයට පත්ව විශ්‍රාමිකව සිටින්නියකි. ඇය නිතරම තම අත් බෑගය සකස් කරමින් සිටින්නී කොයි ගමනක යන්න යෙදුනත් තම සාරියට ඇඳුමට ගැලපෙන ලෙස අත්බෑගයක් තෝරා ගැනීමටත් ඒ තුළට ඈ නිරන්තරයෙන් ළඟ තබා ගන්නා තමන්ට ඇවැසි යැයි හැඟෙන සියළු අඩුමකුඩුම තැන්පත් කරන්නටත් පැය භාගයක කාලයක් වෙන් කරන්නියකි. ඇගේ මේ අත්බෑග් හුටපටය වලිමුනිට ඈ සමග විවාහ වූ කාලයේ පටන්ම පවත්නා නොතේරෙන පුරුද්දකි. කොයි ගමනක් යන්න සූදානම් වුවත් ඇය හැඩවැඩ වී තම අත්බෑගයේ ද්‍රව්‍ය තැන්පත් කරන්නට ගන්නේ ඊට පෙර ඒවා අසුරා තිබූ අත්බෑගයෙනි. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නාමාවලිය කාලයෙන් කාලයට වෙනස් වූ නමුදු දැං ඇය ඒවා බැංකු පොත්-ටෙලර් කාඩ්-කරාබුනැටි පිරවූ කුඩා කුප්පියක්-ඕඩිකොලොං කුප්පියක් -සිද්ධාලේප බඳුනක්-පැරසිටමෝල් කාඩ් එකක්-ලේන්සු කීපයක්-පෑනක්-කුඩා සීවලී දිනපොතක්-ධම්ම පදය පොත් පිංචක්-ජංගම දුරකථනයක්-මුහුණ පිසින තෙත් කඩදාසි කීපයක්-ගමන් බලපත්‍රය-ජාතික හැඳුනුම්පත-මාරු කාසි සහ රුපියල් දෙතුන්දහසක මුදල් නෝට්ටු යනාදී දේවලට පමණක් සීමා කර ඇත.

වලිමුනි සහ බිරිඳගේ දූවරු දෙදෙනාම දැන් කැනඩාවේ පදිංචිව පවුල් වී ඒ රටවලම ජීවිතය ගෙවන්නට පෙළඹුනු අය වෙති. වසරකට සැරයක් පමණ වලිමුනි සහ බිරිඳ කැනඩාවට යන්නේ මාස කීපයක් කල්ගත කරන්නට ද සූදානමිනි. දූවරුන්ගේ දරුවන් උපන් අලුත නම් වලිමුනිලාට නොයෙකුත් ආකාරයේ ගැටළු පැන නැගුනේ මුනුපුරන් මිනිපිරියන් හදා වඩා ගැනීමට දූවරුන්ට උදව් උපකාර කරන්නට නිරන්තරයෙන් කැනඩාවට යන්නට එන්නට සිදු වීමෙනි. මාස කීපයකින් වීසා අලුත් කරගන්නටත් නැවත ඒවා නීත්‍යානුකූල කරගන්නටත් එහෙට මෙහෙට දුව පැන ගත කළ ඒ කාලය තරම් දුෂ්කර වූ අමිහිරි යුගයක් ඔවුන් දෙපලගේ ජීවිත කාලවලම නැත. ඔවුන් ඒ කාලය සිහි කරන්නේ ද ඉමහත් පීඩනයකිනි. දැං දරුවන්ගෙ දරුවන් ලොකු මහත් නිසා ඒ අපල කාල ගෙවී ගොස් සැබෑ නිස්කලංක ජීවිතයක් ඔවුනට උදා වී ඇත. මල් සාප්පුව බද්දට දී ඇති හෙයින් වලිමුනිට සැඳෑ සමයේ ආර්ථිකය පිළිබඳ කිසිදු ගැටළුවක් නැත. යලට මහට දූවරුන් ද ඩොලර් කීපයක් වලිමුනිලගේ බැංකු ගිණුම් වෙත බැර කරති. වලිමුනි වඩාත් කැමති කැනඩාවේ සිට ලංකාවට එද්දී අතේ ඩොලර් අරන් එන්න බැවින් ඩොලර් මාරු කරගැනීම වැනි දේ ද ඔහුට ඉඳහිට කරගන්නට සිදු වෙයි. ඒ දේවල්වලින් වලිමුනි අසීමිත තෘප්තියක් ලබයි.

සුගතදාස මල් සාප්පුවේ ආදායමින් දූවරු දෙදෙනාටම කැනඩාවට ගොස් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලැස්සුවේ මීට වසර දහයකට දොළහකට පමණ පෙරය. ඒ යුගය අද මෙන් අන්තර්ජාල පහසුකම් සරුවට ව්‍යාප්තව නොතිබූ හෙයින් ගුවන් තැපෑලේ පිහිටෙන් සහ දුරකථන ඔස්සේ සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනුණි. අධ්‍යාපනයේ කඩඉම් එකින් එක පසු කරද්දී ඔවුනට ඇවැසි ලෙස තම ජීවිත සකස් කර ගැනීමේ නිදහස ද ඒ ආකාරයෙන්ම ලැබුණෙන් ඔවුන් සිය ජීවන සහකරුවන් ලෙස තෝරා ගත්තේ කැනඩා පුරවැසියන් මය. මේ කාලයේ දී සුගතදාසත් බිරිඳත් නිරතුරුවම දූවරුන්ට තම සිතැඟි ලියා යවන්නට උත්සුක වූවෝය. මුල දී කිසියම් අහේතුක භීතියකින් ඔවුහු පෙළුන ද පසුව කාලයාගේ ඇවෑමෙන් දරුවන්ගේ තේරීම ඔවුනගේ යහපතට හේතු වනු දැකීමෙන් සතුටට පත් වූහ. ඔහු මල් වලට කොතරම් ආදරය කළාද එතරම් ම සිය දියණියන්ට ද ආදරය කළේය. මල් පරව යන්නට නොදී කල් තබා ගැනීමේ සාත්තු සප්පායම් කදිමට දන්නා ඔහු එසේම දියණියන්ට ද නිරන්තර අවවාදයෙන් ඔවුන් යහපත් දරුවන් ලෙස සමාජයේ ජීවත් විය යුතු ආකාරය මල් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට උත්සුක විය. ඒ කාලයේ විශේෂයෙන් සුගතදාස නිරතුරුවම දූවරුන් දෙදෙනාට ලියුම් ලියා යැවීමටත් නොයෙක් උපදෙස් සරලව විස්තර කරන්නටත් ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස ඔහුගේ ලේඛන හැකියාව සියුම්ව දියුණු වන්නට ගත්තේ ඔහුගේ ද නොදැනීමෙනි. වරක් දූවරු සුගතදාසට දන්වා එවූයේ ඔහු එවා ඇති සියළු ලියුම් ඔවුන් එකතු කර තබා ඇති බවත් ඒවා සංග්‍රහ කොට පොතක් මුද්‍රණය කරන්නට තරම් ඒවා සාරගර්භ බවත් ය. මේ අදහසින් කැළඹුනු සුගතදාස එතැන් පටන් ලේඛනය ගැන සිය අවධානය දැඩිව යොමන්නට පටන් ගත්තේය. ඔහු ජීවිතයේ සෙවූ බර ඔහුට හමු වීමේ දොරටුව විවෘත වූ බැව් ඔහුට දැනුණි. නිකම්ම නිකම් මල් සාප්පු හිමියෙකු ලෙස මිය යනවාට වඩා යමක් ඔහු මියැදීමෙන් පසු ලෝකයාට ශේෂ විය යුතුයැයි අදහසක් මෙලෙස සිතේ හටගත්තේය.

මල් ශාලා හිමියෙකු ලෙස සුගතදාසගේ ජීවිතය ඇරඹෙන්නේ සිය පියාගේ ව්‍යාපාරය පවත්වා ගන්නට සමත් වූ පවුලේ එකම පිරිමි දරුවා වූ හෙයිනි. සුගතදාසගේ අක්කා වෛද්‍යවරියක් වන අතර නංගී නීතිඥවරියකි. තමා ඔවුන් මෙන් සමාජයේ පිළිගත් රැකියාවක නියුතු නොවීම පිළිබඳ සියුම් කනස්සල්ලක් ද සුගතදාස වෙත ඒ කාලයේම රෝපණය වුණි. එනමුත් ව්‍යාපාරිකයෙකු වූ හෙතෙම මුදලින් බලයෙන් ඔවුන් අභිබවා සමාජයේ ජීවත් විය. සුගතදාස වලිමුනි කාලයක් හේවුඩ් කලායතනයේ සංගීතය හැදෑරු නමුත් ඉන් ඉදිරියට යෑමක් ඔහුගෙ පියා බලාපොරොත්තු නොවූයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා සිය කාලය යොදවන්නට සිදු වූ නමුදු ඔහු නිරතුරුවම දැනුම පිපාසයෙන් හෙම්බත්ව සිටි බැව් නොරහසකි. පාසැල් අධ්‍යාපනය ද ඉතාම සාර්ථකව අවසන් කරන්නට ඔහු සමත් වුව ද රැකියාවක් හෝ වැඩිදුර අධ්‍යාපනයක් ගැන සිතන්නට ඉඩක් නොවීය. දිනක් සුදු පැහැති මලකට කහපාට සහ රතු පාට වර්ණ දියර මල් නටුවෙන් උරා ගන්නට අමුතු විදියකට සැලැස්වීමෙන් මල් පෙතිවල වර්ණ අපූරු ලෙස වෙනස් කරන්නට සුගතදාස කොලු ගැටයාට හැකි විය. ඉන් පසු ඔහුට පියාගෙන් ගැලවීමක් ලැබුණේ නැත.

ලේඛකයෙකු වීමේ සිහිනය හදිසියේම මනසේ සංසේචනය වූයෙන් ඔහු නැවත ඉපදුනාක් මෙන් සිය ජීවිතය දිහා බලන්නට උත්සුක විය.

ඔහු සිය බිරිඳගේ කුඩා පුස්තකාලයට වැදී එහි ඇති පොත් පත් වැඩි අවධානයකින් පරිශීලනය කරන්නට ගත්තෙන් ඔහුට ද පෞද්ගලික පුස්තකාලයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගුනු බව දැනුනෙන් වහා ඒ සඳහා ක්‍රියාත්මක විය. ඔහු නිර්මානාත්මක ලේඛනයට වඩාත් සුදුසු බැව් දියණියන් පැවසූයෙන් ඒ අරභයා ලාංකික ලේඛකයන්ගෙ කෘති මිලට ගන්නට එතැන් සිට පෙළඹුනි. ඔහු සිත්ගත් ලේඛකයා වූයේ අජිත් තිලකසේනය. මුල් දවස්වල අජිත් තිලකසේනට කැමති වීමේ හේතුව ඔහු තම සමීපතම මිතුරන්ට කීවේ අජිත්ට ද සාහිත්‍ය හෝ භාෂාව ගැන අබමල් රේණුවක තැකීමක් නැති බැවින් ඔහු අනුගත් මග ගැනීම තමන්ට ද සුදුසු යැයි යනාදී වශයෙනි. ඒ කාලයේ ඒ වැනි අපරිණත කතා සුගතදාස කීවද දැන් ඒවා කියන්නේ නැත. දැං කියන්නේ කාටවත් නොතේරෙන අමුතු හේතු කීපයකි. කොටින්ම අජිත් තිලකසේන තියා කිසිවෙකුගේ නමක් තම මුඛයෙන් ප්‍රකාශ නොකරන්නට ප්‍රවේසම් වෙයි.

අද කාලයේ ලේඛකයකු වීම යනු එක්තරා විදියක තක්කඩියෙකු වීම යැයි ඔහුට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. පුවත්පත්වල නිර්මාන පළ කරගන්නට දත්මිටි කාගෙන වැර වෑයම් කළ මුල් කාලේ ඔහුට පත්තර යාලුවන් විශාල ප්‍රමාණයක් ඇති කරගන්නට හැකි වීමෙන් සුගතදාස සීඝ්‍රගාමී ලෙස ලේඛකයකු බවට පත්කරවීම එම සංස්කාරක-විචාරක මහත්තුරුන්ගේ ද ප්‍රමුඛ ම ව්‍යාපෘතියක් බවට නිතැතින් පත් විය. සුගතදාසට බෝතල් පාටි සඳහා අතමිට දිග හැර වියපැහැදම් දැරීමට හැකි වීම ඔවුනට ආශිර්වාදයක්ම විය. එහෙත් ඒ කිසිවක් සිදු නොවූවා සේ නිහතමානී ලෙස හැසිරීම සුගතදාසට එතරම් කනස්සල්ලක් ගෙන නොදුන්නේය. එම ගුණය විශ්මිත ලෙස පත්තර මිත්‍රයන්ගේ අමන්දානන්දයට ද හේතු විය. ඔවුන් සියල්ලම සුගතදාස දිරි ගැන්වූයේ ඊළඟ වසරේ ජාතික කවියා බවට රාජ්‍ය සම්මානයට පාත්‍ර වන බව නොඅනුමාන බවයි. එබඳු විටක දී දුප්පත් පත්තර යාලුවන් අමතක නොකළ මැනවැයි ඔවුහු නිතර සුගතදාසට පින්සෙණ්ඩු වූහ.

සුගතදාසගේ කවි කීපයක් ගීත බවට පරිවර්තනය කර තරුණ ගායක කණ්ඩායමක් ලවා රැප් කර ගායනා කරවා බොහෝ ඉක්මණින් ජනප්‍රිය තලයේ පදරචකයෙකු බවට පත් කරන්නට ව්‍යාපෘතියක් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සේවය කළ අලුත හමු වූ මිතුරෙකු ගෙන් යෝජනා විය. ඒ වෙනුවෙන් බ්ලැක් ලේබල් බෝතල් කීපයක් කඩා සංග්‍රහයක් ද සුගතදාසගේ නිවසේ දී පැවැත් වුණි. රුපියල් මිලියන කීපයක් ඒ වෙනුවෙන් වියදම් කරන්නට සිදු වන බැව් ඇසීමෙන් එය පසුවට කල් තබන්නට සුගතදාසට ගනදෙවි නුවණ පහල විය. ඇඟපත සුරුබුහුටි ඇහැට කණට පේන ගැටිස්සියකට නම් එබඳු පද රචනා ජනප්‍රිය කරගැනීමට වෙහෙස වීමට ඇවැසි නොවන බවත් ඒවා තනු දමා ස්වේච්ඡාවෙන් ගායනා කරන්නට කොලු රෑන් සංගීත ලෝකයේ සිටිනා බවත් සුගතදාස වැනි අයට එබන්දක් ඉටු කරගැනීමට ලෝස් නැතිව සල්ලි විසි කරන්නට සිදු වන බවත් වැඩිදුර පැහැදිලි කෙරුණි. එවැනි මාකටිං වැඩ කරගැනීමට ඕනෑම තරාතිරමක අය මේ මාධ්‍ය ලෝකයේ ඉන්නවා නේදැයි දැනගැනීම ම සුගතදාසගේ ඉමහත් සංතෝෂයට හේතු වූවා සැක නැත.

තවත් ඉංගිරිසි පත්තර මිත්‍රයෙකු යෝජනා කළේ මේ වසරේ දී හොඳම කවියා බවට පත් වී ඊළඟ වසරේ හොඳම කෙටිකතා සංග්‍රහයට සම්මාන ලබා ඊළඟ වසරේ දී හොඳම නවකතාවට ද සම්මාන ලබා ගැනුමට සැළසුම් සහගතව වැඩ කටයුතුවල යෙදිය යුතු බවයි. ඇවැසි නම් මේ වසරේ ලක්ශාන්ත අතුකෝරලගේ එලිදැක්වීමට නියමිත කවි පොත ප්‍රමාද කිරීමට පවා තමන්ට හැකි බැව් ඔහු විස්තර කරන ලදී. මේ සියළු ජයග්‍රහණ සඳහා ලිවීමට වඩා වැදගත් වන්නේ සම්බන්ධතා වර්ධනය කරගැනීම බැව් ද සම්මාන ලබා ගැනීමේ අදෘශ්‍යමාන උපක්‍රම ද ඇති බැව් නොවළහා හෙලි කරන්නට ඔහු සමත් වූයෙන් සාහිත්‍ය අම්බරයේ සුපර්නෝවාවක් වීමේ සිහිනයක් හදිසියේ සුගතදාසගේ සිතේ පහළ වීම ඔහු මැඩ ගත්තේ ඉමහත් වැර වෑයමිනි.

"මේ වයසට ඔච්චර දේවල් ඕන්නැහැ ඕං" යැයි කියා බොහෝ සුහද ලෙස පිටට තට්ටුවක් දමා සුගතදාස එම පත්තර මිතුරා හරවා යැව්වේ රෙඩ් ලේබල් බෝතලයක් ද අත පත් කරමිනි. ඉංගිරිසි පත්තරවල සංස්කාරකවරු රෙඩ් ලේබල් බොන්නට ඔතරම් ගිජු මන්දැයි සුගතදාසට සිතා ගත නොහැකි විය.

මේ වන විට අනෙකුත් කලා ක්ෂේත්‍රවල සුපර්ස්ටාර් තරග මේනියාවක් හටගත්තෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය ද එබඳුම ක්ෂණික කෙටි ක්‍රම ඔස්සේ සාහිත්‍යවේදීන්, නවකතාකරුවන්, කවියන් බිහිකරමින් සිටිනා බැව් සුගතදාසට සෙමින් වැටහිනි. ඇඟ පත කෙට්ටු-ස්ලිම්-පොත්ත රතු-මිටි කෙල්ලන් ලියන කියන දේවල් අතිශය විශිෂ්ට සාහිත්‍ය හා කලා නිර්මාන ලෙස සමාජගත වීම ද ජනප්‍රිය වීම ද එක්තරා අයුරක අභියෝගයක් ලෙස සුගතදාසට පෙනුණි.

කෙසේ වුවද සැබෑ ලේඛකයකු වීමේ පරමාර්ථයෙන් ඔහු අනවරතව නිර්මානකරනයේ යෙදෙමින් සතතාභ්‍යාසයේ නිමග්නව සිටිනා කාලයේ කුප්‍රකට සාහිත්‍ය විචාරක උපදෙසකින් සීසේරියන් ක්‍රමයට කෙටිකතා පොත් කීපයක් එකවර බිහි කර ඉන් නොනැවතී අන්තර්ජාලයේ කවි කෙටිකතා ලියා පළ කරන්නට යොමු වීමත් සමග ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්ම මාවතකට අවතීර්ණ විය.

උදෑසන ආහාරයට මුං ඇට තම්බා ඇත්තෙ යම්තමට තෙම්පරාදු කරය. ආහාර ගැනුමෙන් අනතුරුව සිය කාමරයට වැදී මුහුණු පොතේ කවි පිටුවට අවතීර්ණ වන සුගතදාස නැවත රාත්‍රී අට නවය වන තුරු දැක ගන්නට හැකි වන්නේ හවස හතරට පමණ දිවා ආහාරයට කාමරයෙන් එලියට එන විට පමණි. ඒ අතරතුර බිරිඳ පිලියෙල කර දෙන තේ කෝප්ප නිවී ඇල්වී යන බැවින් ඇය ඒවා ඉවත් කරමින් අලුත් තේ කෝප්ප කාමරය අසල ආලින්දයේ මේසය මත තබා යන්නී නොබී ඇති සෑම කෝප්පයක් පාසාම තුටු වන්නීය. මිනිහෙකුට මේ තරම් කාර්යබහුල විය හැකිදැයි ඇයට සිතා ගත නොහී තුටු වනු හැර අන් විකල්පයක් ඈ වෙත නැත. ඈ ප්‍රිය කරන්නේ තම අත්බෑගයේ අඩුමකුඩුම පිළිවෙලට සකස් කර සූදානම් කර තැබීමටය.

සෑම කෑම වේලකට පසුවම ග්ලූකෝමේට් මිලිග්‍රෑම් පන්සීයේ පෙති දෙකක් සුගතදාස පානය කරයි. දිනපතා විනාඩි තිහක් වේගයෙන් ඇවිදීම කළ යුතු වුවත් දියණිය ලැප්ටොප් යන්ත්‍රය ගෙනැත් දුන් මීට වසර තුනකට පමණ පෙර යම් දිනෙක සිට ඒ ව්‍යායාම ගැනීම සදහටම නතර විණි. ඔහු වෙනුවෙන් ව්‍යායාම කිරීමට ඕනෑම වෙලාවක සැදී පැහැදී ඇති ඕර්බිට්‍රැක් යන්ත්‍රයක් යහන්ගබඩාව කෙළවරේ තාවකාලික ඇඳුම් එල්ලනයක් ලෙස භාවිතා වෙයි. කලාතුරකින් දිනක දී ව්‍යාඝ්‍රා පෙත්තක් බීමෙන් පසු මුහුණු පොතේ කවි පිටුව වෙත යන සුගතදාස ලියන ශෘංගාරාත්මක පෙම් වෑහෙන කවි නිසාවෙන් වයස් බේදයකින් තොරව කිවිඳියෝ සිහිසුන්ව තරගයට පිළිතුරු වැල් කවි ලියන්නට පෙළඹෙති. වචන අස්සේ වල්කම් හංගා උපමා රූපක සමායෝජනය කිරීම කොතරම් කවි කමක්දැයි සුගතදාසට දැන් දැන් තේරෙන්නේ මිනිසුන් ගැහැණුන් මතුපිටින් පෙන්වනවාට වඩා කොතරම් ස්වාභාවික ලෙස වචන ඔස්සේ කෙරෙන වලත්තකම් වලට ප්‍රිය කරන්නේ ද යන්න අත්දැකීමෙන් දැනීමෙනි.

මේ දැනුම ම සාහිත්‍ය නොවේදැයි නොදන්නේ මී හරකුන්ය! සුගතදාස එසේ සිතයි.

බිරිඳ සමග කතා නොකරන කවි බසක් දේදුන්නෙන් එන සමනලියන් හා මුණු මුණු ගෑ හැකි බැව් අත්දැකීම මුහුණු පොතේ විනෝදය බව සුගතදාසට සිතෙයි. පත්තර කඩමාලු වල පළ වූ දහස්ගණනක් කවි නිර්මාන වලින් සුගතදාස නොලත් ප්‍රහර්ෂය මුහුණු පොතේ ලියැවෙන අද වැසිබර අහසකි යන වැකියෙන් පවා උන්මාද වන කාව්‍යක්කාර සමනලියන්ගේ ඇඟිලි තුඩු අගින් වෑහෙන කවි බවට ක්ෂණයකින් පත් වනු දැකීම නියම සම්භෝග ප්‍රහර්ෂයකි. සිකුරු ධාතුව උතුරා පිටාර යාමකි. ක්ෂණික කවි මෝචනයකි.

සෑම උදෑසනකම දේදුන්නක පැටලී පෙම් කවියට සුපෙම් කවිය ලියමින් සිටින සුගතදාස ගෙදර බිරිඳගේ ඇණවුමෙන් ඉඳහිට මිදුලට ගොස් පිරිසිදු වාතාශ්‍රය ලබා ගනී. ජීවිතය ගෙන යෑමට ඇවැසි ප්‍රමිතිගත බර මේ දේදුන්නෙන් සුගතදාසගේ සැහැල්ලු ජීවිතයට ලැබේ. සුගතදාස වඩාත් සතුටු වන්නේ මේ දේදුනු හුටපටය සිය බිරිඳ නොදන්නේ යැයි සිතීමටය. ඇය එබන්දක් දන්නේ නම් මීටත් වඩා ප්‍රමෝදයක් මේ රහසිගත ප්‍රේමයෙන් නො-උපදීයැයි කවරෙකුට කිව හැකිදැයි ඔහුට සිතෙයි. අතිශය ක්ෂුද්‍ර වූ හෝ ළාමක මෝඩකමක් හෝ රහසක් මොන තරම් පරිණත වූ මිනිසෙකුට හෝ ජීවත් වීමට තිබිය යුතු යැයි ඔහුට සිතෙයි. ඔහුට ජීවිතයේ සිතැඟි මල්ඵල ගන්වනු රිසි රහසිගත ඇණවුම් ලැබෙන්නේ වරදකාරී කවි සිතෙනි.

ලේඛනයට අත්හදා බැලීම් කළ මුල් දවස්වල බටහිර දර්ශනවාද පොතපතින් කියවා හැදෑරූ සුගතදාස "මම සිතමි එනිසා මම පවතිමි" යන ඩේකාට්ගේ අදහස ඉතා චමත්කාරජනක නොවේදැයි සිතුවේය. ඊටත් වඩා චමත්කාර අදහසක් දැන් ඔහුට පහල වී ඇත්තේ මුහුණු පොතේ ඇරඹුනු ජීවිතයත් සමගමය.

"මම මුහුණු පොතේ සිටිමි-එනිසා මම පවතිමි! "

දැන් දැන් සුගතදාසගේ පෙකනිවැල මවුසයේ කෙළවරින් ඇරඹී ඇත්තේ දෝයි සැක සිතෙන තරමට ජීවිතය සයිබරීකරණය වී ඇත.

බිරිඳට මෑතක සිට සුගතදාස ගේ දෙනෙත් තුළ ජීවත් වන තරුණ කොළු ගැටයා සැනසිල්ලකි. සතුටකි.

කැනඩාවෙන් එන දුරකතන ඇමතුමක ඇසෙන්නේ සුගතදාසගේ දියණියකගේ හඩය.

"අම්මී ... මොනාද තාත්ති කරන්නේ? කිසිම සද්දයක් නෑනේ... ස්කයිප් ආවත් වන් මිනිට් වගේ ඉන්නේ... "

සුගතදාසගේ බිරිඳ ලෝකයක් දිනා ගත් අයෙකු මෙන් දියණියට පිළිතුරු බඳින්නීය.

"අනේ දුවේ... පිරිමින්ගේ විනෝදේ ඕක තමයි...උදේ ඉඳං රෑ වෙනතුරු වැඩ කරන එක. කෑමක් බීමක් නෑ..."

ඇය මදක් කල්පනා කර...

"ඓතිහාසික නවකතාවක්ලු ලියන්නේ..."



ප.ලි.
සුගතදාස වලිමුනි ගැන ඓතිහාසික කෙටි කතාව හකාවතී මේ දැන් ලියා හමාර කර ඇත.

ප.ප.ලි.
සුගතදාස වලිමුනි ගේ අතාත්වික කාව්‍ය සහකාරිය සහ පෙම් දේදුන්න වන සන්ධ්‍යාරාණි ගුලවිට ගැන ද කියවීමට කතාවක් ඇත. එය සුගතදාස වලිමුනි යන නාම පදය සන්ධ්‍යාරාණි ගුලවිට යන නාම පදයෙන් විස්ථාපනය කොට මෙම කතාව නෙගටිව් පටලය ලෙස ගෙන මෙහිම පොසිටිව් පටලය නිර්මානය කරගැනීමෙන් කියවා ගැනීම අභ්‍යාසයක් ලෙස පාඨකයාට බාරය. සුදුසු තැන්හි පුරුෂ ලිංග නාම පද ස්ත්‍රී ලිංග නාම පද බවට හැරවීමෙන් ඔබට කැමති ලෙස එම ප්‍රබන්ධය හසුරුවා ගත හැකිය. උදාහරණයක් ලෙස කාන්තා අත් බෑගයක් වෙනුවට පොසිටිව් පටලයට ප්‍රක්ෂේප කරගන්නට සුදුසු වන්නේ පිරිමි කාර්යාල බෑගයකි.

ප.ප.ප.ලි
අනෙකාගේ විනෝදය කිමැයි සොයමින් ලතවන්නෝ කුහකයෝ ය. කාලකන්නියෝය. තම තමන්ගේ විනෝදය සොයා ගෙන ජීවත් වන්නෝ ලෝකය දිනන්නෝය.

පාදඩයා - කෙටි කතාව


වෛද්‍ය රුවන් M ජයතුංග



නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මර්ගයේ වාහනයක් වුවද ගමන් කලේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ සිටියේ මගීන් හතර දෙනෙක් පමණි. පළමුවන මගියා සුදු ජාතිකයෙකි. ඔහු ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳ සිටියේය. ඔහුගේ හිම කබාය වටිනා එකකි. නිතරම තම අත් ඔරලෝසුව දෙස බැලු ඔහු බසයක් එන තෙක් බලා සිටියේය. මෙවැනි පුද්ගලයෙකු බස් වල යන්නේ කලාතුරකිනි. මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා හෝ වාහනය අනතුරකට ලක්වීම නිසා ඔහු බස් නැවතුම් පොලේ තපිනවා විය හැක. දෙවැනි මගියා කළු ජාතිකයෙකි. ඔහු බස්නැවතුම් පොලේ ප්ලාස්ටික් පුටුවක අඩ නින්දේ අලස ලෙස දිගාවී සිටියේය. ඔහුගේ හිම කබාය කළු පැහැති අපිරිසිදු අතර මඩ පල්ලම් වලින් පිරී පැවතුනි. සුමාන දෙකකින්වත් රැවුල කපා නොසිටි නිසා ඔහු කෙරෙන් දිස් වුයේ සහාසික පෙනුමකි. අවට සිටිවුන් ගැන තැකීමක් නොකළ ඔහු ශබ්ද නගා ඈනුම් යැව්වේය.ඔහු කෙරෙන් හැමූ උෂ්ණය නිසා අවශේෂ මගීහු ඔහුගෙන් තරමක් ඈත් වී සිටියහ.


තෙවැනි මගියා ජටාවක් පැළඳි ඉන්දියන් ජාතිකයෙකි. ඔහු තම බිරිඳ සමග බස් රථයක් එන තෙක් බලා සිටියේය. ශීත කාලයේ පවතින අඳුර නිසා ඔවුන් සිටියේ තරමක් නොසන්සුන්වය. හැකි ඉක්මනින් නිවසට යාම ඔවුන්ගේ අභිලාශය වුහ.


තවමත් බස් එකක් නැහැ මට බයයි. කාන්තාව තම සැමියාට කිට්ටුව හින්දි බසින් කීවාය. එසේ කියන ගමන් ඇය නිදි කිරන කළු ජාතික මගියා දෙස බැලුවාය.

අද නිවාඩු දවසක් නිසා බස් වැඩ කරන්නේ දිනපතා කල සටහනට නෙවෙයි වගේ සැමියා පිළිතුරු දුන්නේය.

කළු ජාතිකයා ශබ්ද නගා ඇනුමක් ඇර ඉන්දියානු කාන්තාව දෙස යටසින් බැලුවේය. ඒ බැල්මට ඉන්දියානු කාන්තාව බිය ගත්තාය. ඇය තම සැමියාට වඩාත් ලංවූවාය.

අර මිනිහා අපි දිහා බලනවා බිරිඳ සැමියාට කනට කර කීවාය. අපි වැඩි වෙලා මෙතන ඉන්න එක හොඳ නැහැ, ටැක්සියක්වත් ගන්න බලමු. මෙසේ කියන ගමන් කාන්තාව තම අසල තිබු පෙට්ටි කිහිපය දෙපා අසල තබා ගත්තාය. මෙම තෑගි පෙට්ටි ඇය ගත්තේ ලබන මස කසාද බදින ඇයගේ නැගණියට තෑගි දීමටය. බ්රැම්ප්ටන් වල වසන නැගණිය වෘත්තියෙන් හෙදියකි. ඇයගේ අත ගන්නා තරුණයා තව නොබෝ දිනකින් බර්නාලා සිට ඒමට නියමිතය.


අපි ටැක්සියක් ගමුද? ඇය යලි සැමියාගෙන් ඇසුවාය.


අපෝ ටැක්සියකට මහා ගනනක් ගනී , තව ටිකකින් බස් එකක් එයි. සැමියා කීවේ ස්ථිර හඩකිනි. මදක් කලපනා කල ඔහු සුදු ජාතිකයා අසලට ගියේය.


සුබ සැන්දෑවක් , සමාවන්න කරදර කලාට රිච්මන්ඩ් හිල්වලට යන බස් එක කීයටද එන්නේ ?


සුදු ජාතිකයා නොරිස්සුම් ලෙස ජටාවක් පැළඳි සිටි විදේශිකයා දෙස
බැලුවේය. ඇසු ප්‍රශ්නය වැටහුනද විදේශිකයාගේ ඉන්දියානු උච්ඡාරණය
නොතෙරුනාක් මෙන් ඔහු ඇගවුයේය.

ඉන්දියානු ජාතිකයා යලිත් වරක් ආචාරශීලීව එම ප්‍රශ්නය ඇසීය.


මෙවර සුදු ජාතිකයා පිළිතුරු දුන්නේ තමා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකු නොවන
බවත් බස් කාලසටහන නැවතුම්පොළේ තොරතුරු කාර්යාලයෙන් ලබා ගත හැකි බව
කියමිනි. මෙය ඕනෑම කුඩා දරුවෙකු පවා දන්නා කරුණකි. මෙවැනි පිළිතුරක්
ඉන්දියානු ජාතිකයා අපේක්ෂා නොකළේය. බස් නැවතුම්පොළේ තොරතුරු කාර්යාලය
තරමක් දුරය. බිරිඳ මෙතන තබා තොරතුරු කාර්යාලයට යාමට ඔහුට සිත් නොදේ. සුදු
ජාතිකයාගේ උදාසීන පිළිතුර නිසා තරමක් නොසන්සුන් වූ ඔහු බිරිඳ අසලට
ගියේය.


කීයටද බස් එක එනවා කියන්නේ. ඇය ඇසුවාය.

තව පැය බාගයකින් විතරලු , සැමියා කීවේ ඔරලෝසුව දෙස බලන ගමන්ය.


කළු ජාතිකයා තවත් ඈනුමක් ඇර සිගරට්ටුවක් දල්වා ගත්තේය. මෙතන දුම් බීම
තහනම් බව දැක්වෙන දැන්වීමක්ද තිබේ. එහෙත් ඒ පිලිබදව ඔහුට ගණනක් නැත.


මේ මිනිහා මෙතන සිගරට් බොනවා හරි ගඳයි බිරිද සැමියාට කීවාය.
පොලිසියෙන්වත් පේන්න නැහැ

කෑගහන්න එපා ඔයා හින්දි වලින් කිව්වට පොලිසිය කියන වචනය මිනිහට
තේරෙන්න ඇති. මූ මත් ද්‍රව්‍ය ගන්න කෙනෙක් වගේ , ඔය බොන්නෙත් KSG එකක්
ද කොහෙද .

සැමියා KSG ලෙස හැදින්වුයේ කේරල ස්පෙෂල් ගංජා යන අරුත දෙන ගංජා
සුරුට්ටු හැදින්වීමටය. ඔහු ගංජා යන වචනය භාවිතා නොකළේ එය කළු ජාතිකයාට
තේරෙනු ඇතැයි සිතාගෙනය.



මුන් වගේ එවුන්ව අරගෙන ගිහිල්ලා හිර කරන්න ඔනෑ. මුම්බායි වල
පොලිසිය නම් මේ වගේ කාලකන්නින්ට දෙනවා ඇට කටු කැඩිලා යන්න. කොහේද
මෙහෙ මානව හිමිකම් අරවා මෙවා නිසා මේ වගේ කාලකන්නි වැහි වැහැලා.
ඉක්මනට බස් එකක් අවොත් කොච්චර එකක්ද. තව රෑ උනොත් මු අපිට පිහියක්
වත් ඇදලා ඉන ඉහ අත ගා ගනීයි . ඔහු සිතුවේය.





අනේ අර බලන්න බිරිඳ පිළිකුලෙන් යුතුව කීවාය. අර මිනිහා කිබුහුමක් යවලා
නහයෙන් ගලපු හොටු අල්ලෙන් පිස දැම්මා. හරිම ඌරෙක්. මගේ බඩත් දගලනවා,
මට වමනේ යන්න වගේ. ඇය අල්ලෙන් කට වසා ගත්තාය.



ඉන්දියානු කාන්තාව යලිත් කළු ජාතිකයා දෙස පිළිකුලින් බැලුවාය. එය කළු
ජාතිකයාගේ අවධානයට අසුවේදැයි බියගත් සැමියා තෑගි පෙට්ටි උසුලාගෙන වෙනත්
අසුනක් කරා ගියේය. දැන් ඔවුන් සිටිනුයේ කළු ජාතිකයා නොපෙනෙන ස්ථානයකය .
මෙම ස්ථානය අසලම දොරටුව ඇති නිසා සීත ගතිය වැඩිපුර දැනේ. නමුත් හිටපු
ස්ථානයට වඩා මෙතන හොඳ බව ඔහු සිතෙන් තර්ක කළේය. වමනය දැමීමට තදින්ම
අවශ්‍ය කල කාන්තාව දෙනෙත් ඇගිලි වලින් සම්බාහනය කරමින් සැමියා අසල
වාඩිවූවාය.



ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් බස් රථය පැමිනුනේය. සැමියා වහාම තෑගි
පෙට්ටි අතට ගෙන බිරිඳ සමග බස් රථයට ගොඩ වුයේ දෙවියන්ට ස්තුති කරමිනි.
සුදු ජාතිකයා සන්සුන් ලෙස බස් රථයට ගොඩවී ඉන්දියානු යුවල වාඩිවූ
ස්ථානයට බොහෝ ඈතින් වූ අසුනක වාඩි විය. කළු ජාතිකයා පමණක් බස්
නැවතුම්පොලේ වාඩිවී සිටි අයුරින්ම සිටියේය. බස් රථය ගැන ඔහු කිසිම
තැකීමක් නොකලේය. ඔහු බස් රථයට ගොඩ නොවීම සියලුම මගීන් ගේ අපේක්ෂාව
වූවාසේය.



බස් රථය පිටත් විය. බිරිඳ සැනසුම් සුසුමක් හෙළුවාය. ඇයගේ වමනය ගතියද පහවී
ගොසිනි. මහා මර්ගයේ වාහන අඩු නිසා බස් රථය ගමන් කලේ මදක්‌ වේගයෙනි. එම
නිසා ඔවුන් වැඩි පමාවක් නොවී තම නිවසට ඒමට හැකි විය. නිවසට පැමිණි වහාම
සැමියා තෑගි පෙට්ටි සාලයේ සෙටිය මත තැබුවේය. උණුසුම් කෝපි කෝපයක
අවශ්‍යතාව ඔහුට තදින්ම දැනුනි. සීත නිසා ඔහුගේ දෙකන් ගල් වී ඇතිසේය.
බිරිඳ ඇදුම් මාරු කිරීමට උඩු මහලට ගියාය. මුළුතැන් ගෙට ගිය සැමියා කෝපි
කෝප්පයක් බීම සඳහා විදුලි කේතලය ක්‍රියාත්මක කළේය.



උඩු මහලට ගිය බිරිඳ කෑගසමින් සැමියා සොයා මුළුතැන් ගෙට දුවගෙන ආවාය.
බිරිඳ ගේ කෑගැසීම අසා ඔහුද කලබල විය. මොකද මොකද ? ගොත ගසමින් ඔහු ඇසීය.

මගේ පර්ස් එක නැහැ.බිරිඳ වැලපුනාය. මගේ පාස්පෝර්ට් , ක්‍රෙඩිට් කාඩ්
ඔක්කොම එකේ , සල්ලිත් ඩොලර් පන්සීයක් තිබ්බා.



ඔයා කොහේද පර්ස් එක තිබ්බේ , සැමියා ඇසුවේ හිස අත ගසා ගනිමිනි.



මට හිතාගන්න බැහැ ,බස් නැවතුම් පොලේ වැටුනද නැතිනම් බස් එකේ වැටුනද
කියලා, මට මතකයි මම තෑගි වලට ගෙවන්න ක්‍රෙඩිට් කාඩ් එක ගන්න පර්ස් එක
අරිනවා. බිරිඳ කීවාය.



හරි , හරි ඊට පස්සේ සැමියා නොඉවසිලිමත්ව ඇයගෙන් විමසුවේය.



අනේ මගේ ඔලුව වැඩ කරන්නේ නැහැ මට දැන් මතක නැහැ, අපි බිරිඳ අඩමින්
කීවාය. අපි බස් නැවතුම් පොලේ කලබලයට තෑගී පෙට්ටි අරගෙන වාඩි වෙලා හිටි
තැන් මාරු කරන කොට වැටුනාවත්ද?



සැමියා මොහොතක් කල්පනා කළේය , ඔහු තම මිතුරු හරිනාත් සින්ග් ට දුරකථන
ඇමතුමක් දුන්නේය. මිතුරාගේ උපදෙස් ඇසු ඔහු තවත් වියකුඋල ව්‍යාකුල
විය.



මේක ලොකු ප්‍රශ්නයක් , ඔහු බිරිඳ ඇමතුවේය. හරිනාත් සින්ග් කියනවා වහාම
බැංකුවට කෝල් කරලා ක්‍රෙඩිට් කාඩ් එක අවලංගු කරන්න කියල. කියලා , ඔයාට
බැංකුවේ නොම්බරය මතකද ?



බිරිඳ බැංකුවේ දුරකථන අංකය සෙවීමට ඇයගේ දිනපොත පෙරලුවාය. ඒ අතර වාරයේ
නිවසේ දුරකථනය නාද විය.

සැමියා දුරකථන රිසිවරය අතට ගත්තේ හරිනාත් සින්ග් විය හැකි යැයි
සිතමිනි. එහෙත් ඔහුගේ පූදුමයට මෙන් අනෙක් කොනින් කතා කලේ කාන්තාවකි.



මට දේවී කිරාන් මහත්මියට කතා කරන්න පුලුවන්ද ? ඇය ආචාරශීලීව ඇසුවාය.

මේ කතා කරන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා මනේන්ද්‍ර සින්ග් ඔහු කීය.



සර් ඔබගේ බිරිඳගේ පර්ස් එක අපගේ ෆින්ච් බස් නැවතුම් පොලේ කාර්යාලයට
බාරදීලා තියනවා , ඔබ හැඳුනුම්පතක් අරගෙන අවොත් එය ලබා ගත හැකියි. නමුත්
අපි තව පැය දෙකකින් කාර්යාලය වහනවා, අද එන්න අපහසු නම් හෙට උදේ එන්න.
කාන්තාව ඔහුට කීවාය.



හරි අපි දැන් එන්නම් , කරුණාකරලා මට ඔබගේ නම කියන්න

මනේන්ද්‍ර සින්ග් කාන්තාව දුන් තොරතුරු වහ වහා ලියා ගත්තේය.



දේවී, ඔහු උද්දාමයෙන් බිරිඳට කතා කළේය. ඔයාගේ පර්ස් එක බස් නැවතුම්පොළ
කාර්යාලයේ තියනවා අපි දැන්මම යමු.

ඔවුන් ටැක්සියක නැගී යලි බස්නැවතුම්පොල වෙත ගියහ.



ඔවුන් දෙදෙනා පිළිගත් කාන්තාව හැඳුනුම්පත් පරික්ෂා කොට කිරාන් දේවිට ඇයගේ
පසුම්බිය දුන්නාය. එහි ලියකියවිලි සහ මුදල් නොඅඩුව තිබුණි.

ඔබලා හරිම වසනාවන්තයි , හොඳ වෙලාවට වැන්සන්ට මේ පර්ස් එක හමුඋනේ ,
වෙන කෙනෙකු ඇහුලුවා නම් මේක දකින්නටවත් ලැබෙන්නේ නැහැ. ඇය සිනාමුසු
මුහුණින් කීවාය.



කවුද වැන්සන් දේවී කිරාන් ඇසුවාය , එයාද පර්ස් එක බාර දුන්නේ ? මට
එයාට ස්තුති කරන්න අවශයි.



අර ඉන්නේ වැන්සන් ඇය කාර්යාලයේ වීදුරු දොරටුවට ආසන්නයේ පුටුවක වාඩිවී
නිදි කිරන පුද්ගලයෙකු දේවී කිරාන් ට පෙන්වූවාය.



ඔහුව දැකීමෙන් දේවී කිරාන් පමණක් නොව මනේන්ද්‍ර සින්ග් ද විමතියට පත් විය.



මොනවා මේ අර බස් නැවතුම් පොලේ සිටි කළු ජාතිකයා නේද ? දේවී කිරාන්
සැමියාගෙන් හින්දි බසින් ඇසුවාය. ඉක්බිති ඔවුන් දෙදෙනා වැන්සන් අසලට
ගියේය.



වැන්සන් මහත්මයා ඔබට ගොඩක් ඉස්තුතියි මගේ පර්ස් එක බාර දුන්නට දේවී
කිරාන් කීවාය.



වැන්සන් ඔවුන් දෙස යටසින් බැලුවේය.



වැන්සන් මහත්මයා ඔබට ස්තුති කරන්න වචන මට නැහැ මනේන්ද්‍ර සින්ග් ද කීවේය.





ඔහු තම පසුම්බිය හැර ඩොලර් විස්සේ නෝට්ටුවක් වැන්සන් අත තැබීය.

එපා වැන්සන් මුදල් ප්‍රතික්ෂේප කළේය. මේවගේ දෙයක් කරලා සල්ලි ගන්නේ
කවූද ? මම කලේ මගේ යුතුකම. දැන් සරුයි මැඩමුයි යන්න රෑ වෙන්නයි යන්නේ.

දේවී කිරාන්, වැන්සන්ගේ විශාල ගොරහැඩි දෑත් තම මෘදු දෙඅත් වලින්
අල්ලාගත්තේය. මහත්මයා ඔබ කල මේ උපකාරයට මිලක් නියම කරනවා නෙවෙයී ඒ නිසා
මේ නෝට්ටුව ගන්න , නැත්තම් අපේ හිතට හරි නැහැ.

වැන්සන් මදක්‌ සිනාසුනේය.

හරි , හරි සල්ලි එපා පුළුවන් නම් අර ස්ටාර් බක්ස් එකෙන් මට මධ්‍යම
ප්‍රමාණයේ ඩබල් ඩබල් එකක් (කෝපි කෝප්පයක් කිරි සහ සිනි සමග ) අරගෙන
දෙන්න. ඔහු මදක්‌ නුදුරේ තිබු ස්ටාර් බක්ස් කෝපි අවන්හලක් පෙන්වීය.

මනේන්ද්‍ර සින්ග් වැන්සන්ගේ කරට අත දැමුවේය. වැන්සන් මහත්මයා මමත් බොහොම
පිපාසයෙන් හිටියේ තේ හෝ කෝපි උගුරක් බීමට. අපි ඔක්කොම යමු ස්ටාර් බක්ස්
එකට මොනවා හරි කාල කෝපි ටිකක් බොන්න.

ඔවුන් තිදෙනා කෝපි අවන්හල කර කරා පියමන් කළහ.

Tell a Friend

කෙටි කතාව: ද්‍රෝහියා


වෛද්‍ය රුවන් එම්. ජයතුංග


ග්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි. නොනිළ ඇදිරි නීතිය, අවිනිශ්චිතතාව නිසා හිරු බැස ගිය පසු යමෙකු නිවසින් එළියට ගියේ ඉතා හදිසි අවශ්‍යතාවක දී පම‚. මේ නිසා සැඟවී සිටි මිනිසුන් තිදෙනා විමසිලිමත් වූයේ ආරක්ෂක අංශ කෙරෙහි පමනි.

—කෝ.... මූ තවමත් නෑනේ...˜ මිනිසුන් තිදෙනා අතරින් නායකයා යැයි සිතිය හැකි තැනැත්තා පැවසූවේ නොඉවසිල්ලෙනි.ඔහුගේ අතේ මෙරට නිපදවන ලද තුවක්කුවකි. —ගල්කටස්˜ යනුවෙන් හඳුන්වන මෙම ආයුධය තනා ඇත්තේ අඟල් අටක් දිග යකඩ පයිප්ප බටයක් අග කෙළවර පාස්සා එයට ලී මිටක් සවි කිරීමෙනි.

—දවල් පාරට ගියපාර තවමත් ආවේ නැහැ. මට හිතෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමට තමයි ග්‍රාමයා ගියේ.˜ නායකයා දෙස බලා මෙලෙස පැවසූවේ කෙට්ටු හීන්දෑරි තරුණයෙකි. ඔහුගේ අතේ උල් පිහියකි.
—කමක් නෑ. කොහේ ගියත් බෝක්කුව උඩින් යන්න එපැයි.˜ නායකයා පැවසූවේ ස්ථීර හඬකිණි.

—ග්‍රාමසේවක මහත්තයා නම් අහිංසකයා.˜ මෙතෙක් නිහඩව සිටි තෙවැන්නා කීය. ඔහු ඇඳ සිටියේ කොට කලිමකි. ඔහුගේ අත කිසිදු ආයුධයක් නොවීය.

—තිලක් මිනිහෙක් අහිංසකයෙක්ද, රකුසෙක්ද කියන එක අපට අදාල නැහැ. අපට අවශ්‍ය මිනිහාගේ දේශපාලන දර්ශනය. ඒක ප්‍රතිගාමි නම්, දේශ ද්‍රෝහි නම් එතනින් එහාට කථාවක් නැහැ. මෙච්චර අධ්‍යාපන පන්ති කරලත් තමුසේ තාම ගතානුගතික විදිහටනේ හිතන්නේ. මා හිතුවේ දැන් තමුසේ හොඳ දේශපාලන දර්ශනයක් මේ වෙනකොට ලබාගෙන ඇති කියලා.˜
නායකයා කීවේ හිසේ පැලදි තොප්පිය වමතින් ගනිමින්ය. දකුණු අතේ වූ ආයුධය ඔහු රෙදි තොප්පියෙන් පිරිමැදීය.

නායකයාගේ වදන් නිසා තිලක් තුළ ඇතිවූයේ ලජ්ජා සහගත බවකි. ඔහුට දේශපාලනයේ —අ˜ යනු —ආ˜ යනු ඉගැන්වූයේ රණබාහු සහෝදරයාය. උපාධිය සමත්ව සිටියද රැකියාවක් නොමැතිව පීඩනයෙන් කාලය ගතකළ ඔහුට යම් බලාපොරොත්තුවක සේයාවක් ඇති කරන ලද්දේ රණබාහු සහෝදරයා විසිනි. මාක්ස්වාදය, විප්ලවය, පන්ති සටන ඔහු ඉගෙන ගත්තේ මනා උනන්දුවකිනි.


—තිලක් සහෝදරයාට හොඳ බුද්ධියකුත් කරුණු වටහා ගැනීමේ ශක්තියකුත් තියෙනවා.˜ රණබාහු සහෝදරයා වරක් එසේ කීවේ තවත් පක්ෂයේ සන්නද්ධ නායකයෙකු සමගය. එය ඇසුණු තිලක්ගේ සිතට දැණුනේ සියුම් උද්දාමයකි. එහෙත් රණබාහු සහෝදරයා දැන් කිව් වදන් නිසා තිලක්ගේ සිත මදක් පෑරි‚.

—අපි පක්ෂය වෙනුවෙන් කැප වෙච්චි විප්ලවවාදීන්. පක්ෂයේ නියෝග ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා. ජීවිතය පූජා කරලා හරි අපි මේ සටන දිනන්න ඕන.˜ රණබාහු සහෝදරයා කීවේ ස්ථීර හඩකිනි.

මෙම සටන ජයග්‍රහණය කළ හැක්කේ කෙළෙසකද යන්න පිළිබඳව තිලක් කල්පනා කොට තිබේ. මෙය ජයග්‍රහණය කරන්නේ බෝල්ෂේවික්වරුන් මෙන් හිම මාළිගාවට පහර දීමෙන් ද, නැතහොත් ක්‍රැස්ත්‍රෝ මෙන් මොන්කාඩා බැරුක්කයට පහර දීමෙන්ද? ඔහු ඉතිහාසය හාරා අවුස්සා බැලූවේය.

නිර්ධන පංතියේ විමුක්තිය වෙනුවෙන් ඔහුද කැප කිරීම් කොට තිබේ. උද්ඝෝෂණ, වර්ජන වලදී තිලක් දැවැන්ත කාරයභාරයක් ඉටු කළේය. එහෙත් යට බිම් ගතව දේශපාලනය කිරීමත් සමගම ඔහුට පැවරුණේ රහසිගතව කෙරෙන වැඩ කොටසකි.

පොලීසිය හෝ හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා කැරලිකරුවන් මරාදමා තිබූ අයුරු ඔහු සියසින්ම දිටීය. නිරුවත් කොට හිසට වෙඩි තබා මරා දමන ලද කමල්චන්ද්‍ර ඇතුළු පිරිසකගේ මෘත ශරීර දැකීමෙන් ඔහු තුළ ඇති වූයේ දැඩි ආවේගයකි. කමල්චන්ද්‍ර ගුරුවරයෙකු ද විය. ඔහු දේශපාලන රැස්වීම් වලදී ඉතා හොඳ කථීකයෙකි. ඒ හැර කමල්චන්ද්‍ර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත නොවීය. එහෙත් ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. ඔහු සමග මරා දමා තිබූ අනෙකුත් තිදෙනා ඔහු හැඳිනගත්තේ නැත.

කමල්චන්ද්‍රගේ මරණයත් සමග ඔහු වඩාත් කල්පනාකාරීව වැඩ කළේය. රාත්‍රිය ගත කිරීමට නිවසට නොගිය ඔහු නිදා ගත්තේ කැළෑ රොදකය. නැතහොත් විශ්වාසවන්ත පාක්ෂිකයෙකුගේ නිවසකය.

පෝස්ටර් ගැසීම සඳහා රණබාහු සහෝදරයා නියම කළේ තිලක්ටය. අතින් අඳින ලද —මවුබිම නැතිනම් මරණය, —ද්‍රෝහියන්ට දඬුවම් දෙනු˜ වැනි පෝස්ටර් ඔහු බිත්තිවල ඇලවූයේ රාත්‍රී කාලයේදීය. පාප්ප බාල්දිය හා පෝස්ටර් මිටිය අතින් ගත් ලක්සිරි සමගින් ඔහු විදුහල් තාප්පයේ පෝස්ටර් අලවන විට හමුදා රියක් පැමි‚යේ අනපේක්ෂිත මොහොතකය.

—දුවමු, ආමි එකෙන්...˜ තිලක් ලක්සිරිට කීවේ පෝස්ටර් මිටිය කිහිලිගන්නා ගමන්ය. එහෙත් ඔවුන් පාප්ප බාල්දිය අතහැර දැමූහ. ලක්සිරි සමඟ කඩපේලිය අසලට දිවගිය ඔහු බාබර් සාප්පුව අසල වූ, විශාල කාණුවට බැස පලා ගියේ හමුÞවෙන් වෙඩි තැබුවහොත් එය මඟ හරිනු සදහාය.

එහෙත් හමුදා භටයෝ ඔවුන්ට වෙඩි නොතැබුහ. කුණු කාණුව දිගේ බඩගා ගිය ඔවුන් මතු වූයේ ඇලකිනි. කාණුවට නොදෙවෙනි කසල හා දුර්ගන්ධයෙන් යුක්ත වූ අපිරිසිදු ජලය පිරි ඇලේ ඔවුන් කරවටක් ගිලී සිටියේ පැයක පමණ කාලයක් ගෙවා දමමිනි. මෙසේ නිසොල්මනේ සිටියේ හමුදාව මඟ හැරීම පිනිසය.

උසස්පෙළ පාසල් සිසුවෙකු වූ ලක්සිරිගේ මුහුණේ බියක සේයාවකුදු නැත. මොහු දැඩි සිත් ඇත්තෙකු යැයි තිලක් තීරණය කළේ ඒ දිනයේදී ය. එය සනාථ කරනු වස් ලක්සිරි බොහෝ ප්‍රහාර වලට සම්බන්ධ විය. අවසන් ප්‍රහාරයේ දී රණබාහු සහෝදරයාගේ නියෝගය මත ලක්සිරි ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිට උල් පිහියකින් ඇන ග්‍රාමෝදය සභාපතිවරයාට පිහියෙන් අනින විට ලක්සිරිගේ දෙනෙත් වල තිබූ ගිනිපුපුරු තිලක්ට අමතක කරනු නොහැකි විය. පාසල් සිසුවෙකු මෙතරම් දරුණු වූයේ කෙසේද? ලක්සිරි මෙලෙස පරිවර්ථනයට ලක් වූයේ සමාජ අසාධාරණයන් නිසා නොවේ දැයි තිලක් කල්පනා කළේය.

එහෙත් ලක්සිරි මුවහත් කරනු ලැබුවේ සංවිධානය මගින් බව තිලක්ට වැටහිණි.

—ග්‍රාමයාගේ වැඩ අද ඉවරයි.˜ ලක්සිරි පැවසුවේ මුවහත් පිහිය ප්‍රවේශමෙන් අතගාමිනි. රණබාහු සහෝදරයා හිස වනා එය අනුමත කළේ තිලක් දෙසද බලමිනි. ඔවුනට පිළිතුරු නොදුන් තිලක් අඳුරු බොරළු පාර දෙස බලා සිටියේය. යම් අයෙක් සෙමින්, සෙමින් ඉදිරියට පා නගයි. ඔවුහු වහාම වෙස්මුහුණු පැළඳ ගත්හ.

ඉදිරියට පැමිණෙන්නා තරුණයෙකි. ඔහු ජයසුන්දර ග්‍රාම නිළධාරියා නොවන බව දුර තියා වුවද කිව හැකිය. අවුරුදු පනහ පැන සිටි ජයසුන්දර රාළහාමි ඇවිදින්නේ මහළු ගොන් මාල්ලෙකු සේය. ඇවිදින විට ඔහුගේ කය නැමේ. ජාතික ඇඳුම ඇඳ බුලත්විට හපන ඔහු මයිල බාගයක් දුර සිට වුවද හඳුනාගැනිම අසීරු නොවේ.

තරුණයා බෝක්කුව උඩින් ඇවිදගෙන ගියේ ජෝතිපාලගේ ගීයක් මුමුණමිණි. ඔහුට නොපෙනෙන සේ තිදෙනා පඳුරු තුළ සැඟවී ගත්හ. ජයසුන්දර රාළහාමි ප්‍රමාද මන්ද? රණබාහු සහෝදරයා නොසන්සුන් විය. ලක්සිරි පමණක් මුවින් කිසිවක් නොකියා උල් පිහියේ මුවාත පිරික්සමින් සිටියි.

—ග්‍රාමයාට කවුරු හරි ඔත්තුවක් දුන්නා වත්ද?˜ මෙවර රණබාහු සහෝදරයා ඇසුවේ තිලක් දෙස හොරහැයින් බලමිණි. එය තිලක් දුටුවේ නම් ඔහුගේ හද පෑරෙනු නිසැකය.

—මූ අද ආවේ නැත්නම් හෙට ගෙදරට ගිහිල්ලා හරි වැඩක් දෙමු.˜ ලක්සිරි කීවේ දත්කුරු කමිනි.

ජයසුන්දර ඝාතන නියෝගය තිලක්ට ප්‍රහේලිකාවකි. ඔහු යූ. ඇන්. පී. කාරයෙක් බව සැබෑය. ඔහු පමණක් නොව ඔහුගේ පරපුරේ සියළු දෙනා පරම්පරාගත යූ. ඇන්. පී. කාරයෝය. එහෙත් ඔහුට දේශපාලන උණ තිබුණේ නැත. ඉතා සාධාරණව රාජකාරි කළ ජයසුන්දර රාළහාමි ගමේ කොයි කවුරුත් සමඟ හිත හොඳින් සිටියේය.

සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට හැඳුනුම්පත ලබා ගැනීමට පෝර්මය පුරවා දුන්නේ ජයසුන්දර රාළහාමිය. අකුරු ශාස්ත්‍රය නොදත් තිලක්ගේ පියා, තම පුතා වන තිලක්ගේ පෝර්මය පුරවන ජයසුන්දර රාළහාමි දෙස බලා සිටියේ ගෞරවයෙන් හා කෘතගුණ සැලකිල්ලෙන් යුතුවය.

—දැන් භාරකාරයා හැටියට අබිලිං මෙතන අත්සනක් දාන්න.˜ ජයසුන්දර රාළහාමි පියාට පෝර්මය දුන් විට, අත්සන් කිරීමට නොදත් පියා මහපට ඇඟිලි සලකුණ නියමිත ස්ථානයේ තබා තම යුතුකම ඉටු කළේය.

—ඕං අයිඩෙන්ටිකාඩ් වැඩේ හරි. දැන් තියෙන්නේ හොඳින් පාඩම් කරලා විභාගේ පාස් වෙන එකයි.˜ ජයසුන්දර රාළහාමි පැවසුවේ හිතවත් වැඩිහිටියෙකුගේ විලාසයෙනි.

සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ හා උපාධියද සමත් වූ තිලක් හට රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමටද ග්‍රාම නිළධාරියා උපකාර කළේ කිසිදු ඊර්ෂ්‍යාවක් හිතේ නොදරමිණි. —මොහු ඉතා අවංක කාර්යශ+ර අයෙකු බව සහතික කරමි˜ යැයි ජයසුන්දර රාළහාමි තිලක්ට චරිත සහතිකයක් නිකුත් කරමින් මුද්‍රා තැබීය. එහෙත් සම්මුඛ පරීක්ෂණ වලට විනා රැකියාවකට ඔහුට අවස්ථාව නොලැබු‚.

රණබාහු සහෝදරයාගේ නියෝග ප්‍රශ්න නොකොට ඉටු කළ තිලක් ඔහු සමග මතවාදීව ගැටුණේ සහල් ගබඩාවට ගිනි තැබීමට තැත් කළ අවස්ථාවේදීය. රණබාහු සහෝදරයා සහල් ගබඩාවට ගිනි තැබිය යුතු යැයි තර්ක කළේය. එහෙත් එයට එකඟ වීමට තිලක්ට නොහැකි විය. —රණබාහු සහෝදරයා, ගොවීන්ගේ වී මිළට ගන්නේ මේ ගබඩාවයි. මෙතන රැස් කරන වී සමූපාකාරයෙන් අරගෙන යනවා. අපි මේක විනාශ කළොත් ගොවීන්ට වී ටික විකුණා ගන්න විදිහක් නැති වෙනවා. එතකොට වෙන්නේ මුදලාලිලා අඩු මිළට ගොවීන්ගේ වී ගන්න එකයි.˜

රණබාහු සහෝදරයා තිලක් දෙස හෙළුවේ අභියෝගාත්මක බැල්මකි. —තිලක් සහෝදරයා ප්‍රශ්න විශ්ලේශණය කරන්නේ මතු පිටින් විතරයි. සහෝදරයා ඔය කියන්නේ මතු පිටින් පෙනෙන සත්‍යය. වී ගබඩාව කියන්නේ ගොවීන්ගේ සටන් ශක්තිය හීන කරන මෙවලමක්. අපි ඒක විනාශ කරන්න ඕනෑ. එතකොට ගොවීන් විප්ලවකාරී බලවේගයක් බවට පත් වෙනවා....˜

රණබාහු සහෝදරයා කෙටි දේශනය අවසන් කළේ ජයග්‍රාහි හ~කිණි. ඉන් පසුව තිලක් කිසිවක් කීවේ නැත. එදින රාත්‍රියේ ඔවුහු වී ගබඩාවට ගියහ. විශාල පිට්ටු බම්බු වැනි කොන්කි්‍රට් ගබඩාවල ෙÞරවල් නාරස්සනයකින් කඩා දැමූ ඔවුහු වි පිරවූ ගෝනි වලට පෙට්රෝල් වත්කොට ගිනි තැබූහ.

—මුරකාරයා පේන්නවත් නැහැ..˜ තිලක් වටපිට බලා පැවසීය. ඉන්පසු ඔවුහු කාර්යාලය දෙසට ගියෝය. කුඩා කාර්යාලය ද ගිනි දෙවියාට පිදීමට ඔවුන්ට ගතවූයේ සුළු කාලයකි. වී තොග ගබඩාව දුම් දමමින් ගිනි ගනිද්දී ඔවුහූ පළා ගියහ. පසු දින ගබඩාවේ ඉතිරි වී තිබුණේ යෝධ කොන්ක්‍රීට් සැකිල්ල පම‚. ගින්න නිසා පිට්ටු බම්බු වැනි සුදු කොන්ක්‍රීට් ආවරණ කළු පැහැ ගැන්වී තිබු‚. කාර්යාලය තිබුණු තැන ඇත්තේ අඟ=රු ගොඩකි.

ඉන් සතියකට පසු ඔහු ගෙදර ගියේ සුළු වේලාවක් සඳහාය. තිලක් දුටු ඔහුගේ පියා ඔහු දෙස බැලූවේ බිය මුසු දෙනෙතිනි.

—පුතේ පෙරේදා පොලීසියෙන් මෙහෙ ආවා. උඹ ගැන අහගෙන..˜ පියා කීවේ බියපත් හෙ~කිණි.

—පුතේ... ආපහු මෙහෙ එන්න එපා, උඹව අල්ලගෙන යයි. රන්බණ්ඩාගේ පුතාවත් පොලීසියට ගෙනිච්චලූ˜ මව පැවසුවේ අ~න්නාක් මෙනි.

තිලක් කිසිවක් නොකියා දෙමාපියන් දෙස බලා පිටත්ව ගියේ කඩිනමිනි. ගම්මුන් මුලිච්චි නොවීම සඳහා ඔහු බඩවැටි අස්සෙන් සමන්මලීගේ නිවසට ගියේය. එහෙත් සමන්මලී නිවසේ නොවූවාය. ඇයගේ නිවසද වසා දමා තිබු‚.

—අද උදේ සමන්මලීවයි, අයියවයි හමුදාවෙන් ගෙනිච්චා,˜ අසල්වැසි කොළුවෙකු වූ මද්දු කීවේය. දෙපා කොර වී ඇති මද්දු ඇවිදින්නේ සැරයැටියක ආධාරයෙනි.

ලැඛෙන ආරංචි අනුව මෙහි සිටීම සුදුසු නැත. තිලක් ප්‍රධාන මාර්ග මඟ හැර රක්ෂිත ස්ථානයක් බලා ගියේය. කුඩා වන රොදක ඇති ගල් තලාව ඔවුන්ගේ රක්ෂිත ස්ථානය විය. පොලීසියෙන් හෝ හමුÞවෙන් එන විට ගල් තලාව උඩ සිටින සඟයෙකුගේ සං×වෙන් ඔවුන්ට ගංගාව දෙසට පැන යාමට හැකි වේ. ගංගාව අසල පාලම තරණය කොට ඔවුන්ට නගරයට අවතීර්ණ විය හැක. නගරයේ සැරිසරන දහසක් මිනිසුන් අතර මොහොතක දී ඔවුන්ට අතුරුදහන් වීමට ගතවන්නේ විනාඩි ගණනකි.

—තිලක් සහෝදරයා, මොනවද ආරංචි?˜ ඔහු දුටු රණබාහු සහෝදරයා ඇසිය.

—සමන්මලීවයි අයියවයි අරගෙන ගිහිල්ලා. මෙලහකටත් මරලා දාන්න ඇති...˜ තිලක් පැවසුවේ කලකිරීම හා කෝපය මිශ්‍ර වූ හඬකිනි.

—ප්‍රතිගාමින්ගේ මුර බල්ලෝ˜ රණබාහු සහෝදරයා කීවේ කෝපය හා පිළිකුල දනවන හඬකිනි. —මුන්ගේ පවුල්වල එවුනුත් මරලා දාන්න ඕනේ.˜

රණබාහු සහෝදරයා ඇතැම් විට ක්‍රියා කරනුයේ වෛරයෙන් හා අගතියෙන් බව තිලක් වටහා ගත්තේය. විප්ලවවාදියෙකුට මිනිසුන්ට වෛර කළ හැක්කේ කෙසේද? ඔහු මොහොතක් සිතුවේය. මාක්ස් වාදය හැදෑරිමෙන් පසු ඔහුට විප්ලවවාදියෙකු විමට නොමද ආශාවක් ඇති විය. කැස්ත්‍රෝ, චේ වැනි විප්ලවවාදියෙකු වී මිනිස්සුන්ට විමුක්තිය උදාකර දෙන්නට ඔහුට බලවත් ආශාවක් තිබු‚. එහෙත් දැන් ඔවුන් කරන ක්‍රියා ජනතාවට හිතකරව බලපාන්නේදැයි, තිලක් හෘද සාක‍ෂ්‍යයෙන් විමසිය. එහෙත් සුදුසු පිළිතුරක් නොලැබු‚.

—තන්ත්‍රී සහෝදරයා එළිය කන්දට ගෙනිහිල්ලා.˜ ජාවිගොඩ තිලක්ට පැවසුවේ සංවේගයෙනි.

එළියකන්ද හෙවත් කේ පොයින්ට්, එළියකන්ද වදකාගාරයට ගිය අයෙකු පණ පිටින් පැමි‚යේ කලාතුරකිනි.

—තන්ත්‍රී අපිව පාවා දෙයිද?˜ ජාවිගොඩ තිලක්ගෙන් රහසින් මෙන් ඇසිය. තන්ත්‍රී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. දිගින් දිගටම විශ්ව විද්‍යාල වසා තිබූ නිසා ඔහු ව්‍යාපාරයට සම්බන්ධ විය.

—නෑ.. සහෝදරයා, තන්ත්‍රී අපිව පාවල දෙන්නේ නෑ. ඒක මට විශ්වාසයි.˜ තිලක්ගේ පිළිතුරෙන් ජාවිගෙඩ සැනසුම් සුසුමක් හෙළීය.

—සහෝදරයා..˜ ජාවිගොඩ තිලක්ට මදක් ළං විය.

—අපි වී ගබඩාවට ගිනි තියපු එකට ගම්මු අපිත් එක්ක කළකිරිලා. දැන් ගම්මැද්දේ අපට සපෝට් එකට කවුරුත් නෑ. සමන්මලීවයි අයියාවයි ගෙනිච්චේ වී ගබඩාව ගිනි තිබ්බට පස්සේ, කවුරු හරි දුන්න ඔත්තුවකට.˜

වී ගබඩාව ගිනි තැබීමෙන් පසු රණබාහු සහෝදරයා කී පරිදි ගොවින් ප්‍රතිගාමින්ට එරෙහිව අවි අතට ගනු ඇත. එහෙත් ඔර්ලෝසුවේ කටු කැරකෙන්නේ අනිත් පැත්තටය. දැන් ගොවීහු විප්ලවවාදීන් දඩයම් කරති.

රණබාහු සහෝදරයා ඔවුන් අතරට පැමි‚ නිසා ඔවුන්ගේ දෙබස ඇන හිටියේය. උක්කුටිකයෙන් හිඳ ගත් රණබාහු සහෝදරයා මී ළඟට කළ යුත්තේ කුමක් දැයි විස්තර කළේය.

—සමන්මලිවත්, අයියාවත් ගෙනිච්චේ ග්‍රාමයාගේ කේලමකට වෙන්න ඕනෑ. දැන් තියෙන්නේ ඌව සයිලන්ස් කරන එක. මට ඔත්තුවක් ආවා හෙට දවල්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා කියලා. මූ රැස්වීමට ගිහිල්ලා එනකොට බෝක්කුව ළඟදී අල්ලා ගමු.˜ රණබාහු සහෝදරයා කීවේ නිශ්චිත අයුරිණි.

—හෙට මාත් එක්ක තිලක් සහෝදරයයි, ලක්සිරි සහෝදරයයි යං.˜ ඊට එරෙහිව කිසිවෙකු කථා නොකළ නිසා යොජනාව ස්ථීර විය. පසු දින සවස් වන විට ඔවුන් සිටියේ බෝක්කුව අසල වූ පඳුරු අස්සේ සැඟවීගෙනය.

—අන්න කවුද එනවා˜ ලක්සිරි කලබල විය.

ඔවුහු ඈතට ගොස් නෙත් යොමාගෙන සිටියෝය. ඈතින් එන පුද්ගලයා ඇවිදින විලාශය අනුව ඒ ජයසුන්දර රාළහාමි බව තිලක් වටහා ගත්තේය.

—හරි, හරි, ඒ එන්නේ ග්‍රාමයා. දැන් දෙමු වැඩේ.˜ රණබාහු තුවක්කුව සූදානම් කළේය. —තිලක් සහෝදරයා තමුසේ අද වැඩේ කරනවා. පෙන්නනවා තමුසේ හොඳ විප්ලවවාදියෙක් කියලා. ව්‍යාපාරයට තියෙන පක්ෂපාතිත්වය පෙන්වන්න තියෙන හොඳ අවස්ථාවක් මේක. ගන්නවා මේ තුවක්කුව.˜ ඔහු තිලක් අතට තුවක්කුව දුන්නේය.

තිලක් තුවක්කුව අතට ගෙන මහළු පුද්ගලයා තමා ඉදිරියට එනතෙක් බලා සිටියේය.

—වෙඩි තියන්නේ කොහාටද? හිසටද? නැතිනම් පිටු පා යන විට පසුපසටද? තිලක් කල්පනා කළේය. ග්‍රාම නිළධාරි ජයසුන්දර රාළහාමි කාටවත් වැරැද්දක් නොකළ රජයේ සේවකයෙක්. හිතේ සැකේට මරන්න නියම වෙලා. සමන්මලී ගැන ඔත්තුව දුන්නේ වෙන මිනිහෙක් වෙන්න

බැරිද? සමන්මලී ගැන ඔත්තුව දෙන එක ජයසුන්දර රාළහාමිට මීට කලින් කරන්න තිබුණේ නැද්ද? ඔහු තුවක්කුව අල්ලාගෙන සිතමින් උන්නේය.

දැන් නිළධාරියා හොඳටම කිට්ටුය. තිලක් තුවක්කුව තදින් ග්‍රහණය කළේ ඉලක්කය නොවරදවා ගැනීමටයි. දැන් ජයසුන්දර රාළහාමිගේ මුහුණ ද පෙනේ. පඳුරට මුවා වි සිටින නිසා ග්‍රාම නිළධාරියාට තම ඝාතකයා නොපෙනේ. දැන් හොඳම මොහොතයි. තිලක්ගේ දබර ඇඟිල්ල කොකා වෙත ගියේය. එහෙත් ඔහු කොකා ගැස්සුවේ නැත.

—රාළහාමිගේ මුහුණ බල බල මට වෙඩි තියන්න බැහැ. රාළහාමිට පිටිපස්සෙන් වෙඩි තියනවා. ඔහු ග්‍රාම නිළධාරියාට ඉදිරියට යාමට ඉඩ හලේය. ඔහු පසු කොට ඉදිරියට යන ජයසුන්දර ග්‍රාම නිළධාරියාට තිලක් තුවක්කුව මෑනුවේය. එහෙත් ඔහු තවම කොකා ගැස්සුවේ නැත. ග්‍රාම නිළධාරියා ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරද්දී රණබාහු සහෝදරයා නොසන්සුන් විය.

—තියපං˜ රණබාහු කෙඳිරීය. තමා පසුකොට යන ග්‍රාම නිළධාරියා දෙස තිලක් බලා සිටියේ උපේක්ෂා සහගතවය. ඔහු තුවක්කුව පහත දැමීය.

—බැහැ සහෝදරයා, මට ඒ නාකි මිනිහා මරන්න බැහැ. අපි විප්ලවවාදින් මිසක් ඝාතකයෝ නොවෙයි. මෙන්න තුවක්කුව. මට මීට පස්සේ මේ වගේ වැඩ පවරන්න එපා.˜ ඔහු රණබාහු දෙසට තුවක්කුව විසි කළේය.

—තිලක් සහෝදරයා, තමුසේ හරි ළාමකයි. තමුසේ කවදාවත් විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. දැන්වත් දුවලා ගිහිල්ලා ග්‍රාමයාට වෙඩි තියනවා.˜ රණබාහු සහෝදරයා තුවක්කුව අහුලා ගනිමින් කිවේය.

—බෑ සහෝදරයා, මම කිව්වානේ මේක මිනී මරුමක්. අපි යන මාර්ගය වැරදියි. අපි යන්නේ ජනතාව එක්ක නෙවෙයි˜ තිලක්ට කීමට හැකි වූයේ එපමණකි. වියුරු වැටුණු රණබාහු සහෝදරයා තුවක්කුව තිලක්ගේ මුහුණට එල්ල කළේය. —අඩෝ පෙන්දා, ද්‍රෝහියා, පාවා දෙන්නා තෝ ග්‍රාමයාට වෙඩි තියනවද? නැතිනම් මේකෙන් කනවද?˜

—ඕන දෙයක් කරන්න සහෝදරයා. මෙන්න මම දැන් ගියා. මට දැන් උලත් එකයි. පිලත් එකයි.˜ මෙසේ පවසමින් තිලක් සෙමින් ගම්මානය දෙසට යන්නට විය.

—ඒයි නැවතියං, මම උඹට අන්තිම වතාවටයි කියන්නේ.....˜ රණබාහු ඉදිරියට යන මිනිසාට තුවක්කුව එල්ල කළේය. මුවින් කිසිවක් නොපැවසූ තිලක් ඉදිරියටම ගියේය. රණබාහුගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන්නේය. ඔහු තිලක් දෙසට වෙඩි තැබීය. වෙඩි හ~ සමග තිලක්

බිම ඇද වැටුනේය.

Tell a Friend