The Most/Recent Articles

Showing posts with label NamalRajapakse. Show all posts
Showing posts with label NamalRajapakse. Show all posts

මේකා මොකෙක්ද? මංකොල්ලකාරයෙක්

රාජපක්ෂ මොන නායකයෙක්ද ? මේ බාපොච්චා මුග්ධ, කැත පාලකයෙක්…ඇත්ත කතාව කියවමු.

කාගෙත් තාත්තා යැයි පවසන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් තමන්ගෙ පුත්තුන්ට පමණක් රුපියල් කෝටි ගණනින් වියදම් කරමින් තාත්තා වී , රටේ දරුවන්ට බාප්පෙකු වී ඇති බවත් අයවැය රහස් පුත්තුන්ට දුන් නිසා පුත්තු අයවැය ගේන්නත් කලින් රේසිං කාර් 19 ක් ඕඩර් කළා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඞ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්.

නායකයාගේ කැත කම : අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් අනිසි ලෙස පාවිච්චි කරමින් උගේ පැටවුන්ට
 දෙන ආතල් එක ඇතුලේ ජනතාව ගැන සිතන ආකාරය මනාව පෙන්වන දැන්වීම
වටිනාකම ලක්ෂ 933 යි, පුත්තුන්ට බදු නිදහස ලක්ෂ 2000 යි.  මොන නායකයෙක්ද මේ? යනුවෙන්ද  ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක  අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී ප්‍රකාශ කෙළේය ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර මන්ත‍්‍රීවරයා…

 2013 කියන්නේ රාජපක්ෂ පාලනයේ 8වෙනි අවුරුද්ද ආරම්භ කරන වර්ෂයයි. පොදු පෙරමුණු ආණ්ඩුව ලෙස ගත්තොත් මේ වනවිට අවුරුදු දෙකක් ඇරෙන්නට වසර 16ක් තිස්සේ රට පාලනය කොට තිබෙනවා. එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදු පෙරමුණේ අවුරුදු 16ක පාලනයේත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 08ක පාලනයේත් ආර්ථික ප‍්‍රතිලාභ තමයි මේ ජනතාවට ලැබෙමින් තිබෙන්නේ.

ඕනෑම ආණ්ඩුවක් වසර 07ක් තිසේසේ රටක් පාලනය කරලා 08 වෙනි අයැවය ඉදිරිපත් කරන විට එම අයවැයෙන් සුභවාදී ආර්ථික ප‍්‍රතිඵලයක් ජනතාවට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 07ක පාලනය තුළ අපේ රට බරපතල ආර්ථික අගාධයකට රට ඇදලා දමලා තිබෙනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම කියා තිබෙනවා අපේ රටේ ආර්ථිකය අර්බුදයට ණය ගැනීම සහ විශාල ලෙස මුදල් අච්චු ගැසීම හැර වෙන පිළියමක් නැති බව. ආණ්ඩුව 2013 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම වන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් හාරසියයක්. ඒ වගේම ආණ්ඩුව ණය ගැනීමට අපේක්ෂා කරනවා රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් තුන්සියයක්. ඒ වගේම සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අපේක්ෂා කරන ආදායම සම්පූර්ණයෙන්ම උපයා ගැනීමේ අපහසුවක් තිබෙනවා. අපේක්ෂිත ආදායම 10%ක අව ප‍්‍රමාණයක් සහිතව තමයි ලැබෙන්නේ. එහෙම ගත්තාම ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම ලබාගන්න බලාපොරොත්තුවන ණය ප‍්‍රමාණයට සමාන වෙනවා. වෙනත් ආකාරයකින් කියනවානම් ආණ්ඩුව මාස 06ක් තමන් ලබන ආදායමෙන් ආර්ථිකය ගෙනයන විට අනෙක් මාස 06 ගත කරන්නේ ලබාගන්නා ණය මතයි. අපේ රටේ ආර්ථිකය මෙවැනි අසීරු අඩියකට ගෙනත් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු 07ක් ඇවෑමෙන් අපේ රට ගෙනල්ලා තිබෙන්නේ එතනටයි.

පසුගිය දවසක පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරිය කියා තිබුණා අපේ රටේ දැඩි ආර්ථික අපහසුතාවය හා පෝෂණ ඌණතාවය නිසා ශ‍්‍රී ලංකාවේ 40,000කට ආසන්න දරු පිරිසකගේ අධ්‍යාපනය මුළුමනින්ම අඩාලවී ඇති බව. එතනටයි මහින්ද රාජපක්ෂ අපේ රට ගෙනත් තිබෙන්නේ. ඒ වගේම පසුගිය 11වෙනි දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලූම අමාත්‍යාංශවල ලේකම්වරන් කැඳවා රැුස්වීමක් පවත්වා තිබෙනවා. එහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප් නොවන පුනරාවර්තන වියදම් සියල්ල කපා හරින්න කියලා. ඔහු පවසා තිබෙන්නේ ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයකට පත්වී සිටින බවයි. අතිකාල, බටා සහ ඉන්ධන දීමනා සියල්ල කපාහරින ලෙස උපදෙස් දී තිබෙනවා. ඇත්තම ගත්තොත් රාජ්‍ය සේවකයින් තමන් ලබාගත් ණය ආදියට වාරික මුදල් කැපීමෙන් මූලික වැටුපෙන් අතට ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්. ඔවුන් ජීවිතය ගැටගහගන්නේ තමන්ට ලැබෙන දීමනා මුදල්වලින්. ඉතිං පී.බී.ජයසුන්දර කියනවා එම දීමනා සියල්ල කපා දාන්න කියලා. මේ ආණ්ඩුව රටේ ජනතාව ආර්ථික වශයෙන් ඉතාමක් අසීරු අඩියකට ඇද දමලා තිබෙන්නේ. ඒ ආර්ථික අමාරුකම් අස්සේ තමයි ආණ්ඩුව පෙට‍්‍රල් ගාස්තු ඉහල දමන්නේ.

ආණ්ඩුව පසුගිය මසක පමණ කාලය තුළ ගෙනා පෙට‍්‍රල් ප‍්‍රමාණයන්ගේ එකතුවේ සාමාන්‍ය අගය ගණනය කළ පසුව පෙට‍්‍රල් ලීටරයක සාමාන්‍ය මිල වන්නේ රු.89ක් පමණයි. වරායට ගොඩබාන ලද පෙට‍්‍රල් ලීටරයක මිල රු.89යි. නමුත් අපේ ගමේ ෂෙඞ් එකේ පෙට‍්‍රල් ලීටරයක මිල රු.159ක් වෙනවා මේ මිල වැඩි කිරීමත් සමග. මැදපෙරදිග තෙල් නැවක පටවලා, දින ගණනාවක් මුහුදේ නැව යාත‍්‍රා කරලා, කොළඹ වරායටත් ආවට පස්සේ ලීටරයක මිල රු.89ක් වන විට කොළඹ සිට අපේ ගමේ ෂෙඞ් එකට එනවිට තවත් රු.70ක් ආණ්ඩුව පෙට‍්‍රල් ලීටරයකට අයකරනවා. පෙට‍්‍රල්වලට බදුගැසීම ආණ්ඩුවේ එකම ආදායම බවට පත්වෙලා.
වරාය හා ගුවන් සේවා බද්ධ 5%යි. වරාය ගාස්තු ලෙස 2.79%ක් අය කරනවා. එවිට රු.89ක් වන පෙට‍්‍රල් ලීටරයක් රු.95.91ක් වෙනවා. ඉන්පසු ආණ්ඩුව මෙයට අමතර බද්ධක් ලෙස රු.25ක් බද්ධක්් අය කරනවා. පෙට‍්‍රල් සංස්ථාවෙන් සේවා ගාස්තු ලෙස රු.1.50ක් අය කරනවා. පෙට‍්‍රල් ෂෙඞ් හිමියාගේ ලාභය රු.1.25ක් වෙනවා. මේ බදුත්, ලාභත්, සේවා ගාස්තුත් සියල්ල එකතු කළාම පෙට‍්‍රල් ලීටරයක වටිනාකම රු.129ක් පමණයි. එම පෙට‍්‍රල් ලීටරයෙන් තෙල් සංස්ථාව තවත් රු.30ක ලාභයක් අයකර ගන්නවා. එනම් තෙල් සංස්ථාව විසින් පෙට‍්‍රල් ලීටරයකින් රු.60කට ආසන්න ප‍්‍රමාණයක සොරාකෑමක් සිදුකරනවා. ඔබ විසින් යතුරු පැදියට පෙට‍්‍රල් ලීටර් දෙකක් පිරවූ විට එයින් ආණ්ඩුවට රු.120ක බද්දක් ගෙවනවා. ආණ්ඩුව ජනතාවගේ දෛනික අවශ්‍යතාවලට එදිනෙදා බදු ගසමින් මේ විදියට මුදල් එකතු කරනවා.
ආසන්න වශයෙන් මසකට පෙට‍්‍රල් ලීටර් මිලියන 80ක් පමණ විකිණෙනවා. මිලියන 80 හැටෙන් වැඩි කළොත් ආණ්ඩුව පෙට‍්‍රල් වලින් පමණක් මසකට මිලියන 4800ක ලාභයක් ලබනවා. ආණ්ඩුව අවුරුද්දකට මිලියන 56,600ක් ලාභ ලබනවා. පෙට‍්‍රල් ජනතාවගේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් වෙනවා වෙනුවට ආණ්ඩුවේ ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා. අපේ රටේ සාමාන්‍යයෙන් ජීවත් වන පවුල් ගණන මිලියන 05යි. අපේ රටේ හැම පවුලක්ම අවුරුද්දකට පෙට‍්‍රල් වෙනුවෙන් රුපියල් 11000ක බදු මුදලක් ගෙවලා තිබෙනවා. මසකට පවුලක් ආසන්න වශයෙන් පෙට‍්‍රල් වෙනුවෙන් පමණක් රු.1000කට ආසන්න බද්දක් ගෙවනවා.

ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත කියනවා, පෙට‍්‍රල්වලට බදු ගැසීමට සිදුවනනේ විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් නිසා විශාල පාඩුවක් තෙල් සංස්ථාවට සිදුවන නිසා කියලා. ලංකාවේ තෙල් බෙදාහැරීමේ එකාධිකාරයෙන් 1/3ක් අයි. ඕ.සී.ය සතුව තිබෙනවා. නමුත් අයි. ඕ.සී සමාගම විදුලි බල මණ්ඩලයට තෙල් ලබාදෙන්නේ නැහැ. එමනිසාම අයි. ඕ.සී. සමාගම විශාල ලාභයක් ලබනවා. 13 ගැන කතා කරන මහත්වරුන්ගෙන්, ඉන්දීය ආර්ථික ව්‍යාප්තවාදය ගැන බෙරිහන් දෙන මහත්වරුන්ගෙන් අපි අහනවා ආණ්ඩුව හැම පෙට‍්‍රල් ලීටරයකින්ම රු.30ක ලාභයක් ඉන්දීය සමාගමට ගෙවනවා කියලා. ඉන්දීය සමාගම රටේ මුදල් ඩොලර් ලෙස එලියට ගෙනයනවා. අනිවාර්යෙන්ම අයි. ඕ.සී. සමාගම මෙම තීන්දු ගන්න අයට කොමිස් දෙනවා.

තෙල් මිල මේ ආකාරයෙන් වැඩි වී තිබියදී ආණ්ඩුවේ ප‍්‍රධාන කරුණ බවට පත්වී තිබෙන්නේ මොකක්ද? ආණ්ඩුව කරන්නේ මුළු කොළඹම වහලා කාර් රේස් පදින එකයි. උසස් පෙළ සමතුන් ලක්ෂ 20ක් ඉන්නවා අපේ රටේ. ඔවුන් රැුකියා විරහිතභාවයෙන් පෙළෙනවා. ගොවි අම්මා තාත්තගේ දරුවන් වගා කරන්න ඉඩමක් නැතිව ඉන්නවා. විශාල හැකියාවන් තිබෙන දූ පුතුන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදලක් නැතිව කාලය ගතකරනවා. මේ ආකාරයෙන් අපේ රටේ තරුණ පරපුර රැකියා විරහිතභාවයෙන් හිරකොට තිබෙනවා. ආණ්ඩුව විශාල ලෙස මුදල් වියදම් කරමින් රේස් පදිනවා. ආර්ථිකයට බලපාන කොළඹ නගරය මුළුමනින්ම වසා දමමින් රෙස් පදින ආණ්ඩුවක් මේක. එය විශාල ලෙස රටේ ආර්ථිකයට බලපානවා. සාමාන්‍යයෙන් ලෝකයේ රේස් සඳහා භාවිතා කරන්නේ වෙනම සකස් කර තිබෙන ධාවන පථ. නමුත් ලංකාවේ ආර්ථිකයට බලපාන නගරයක් වහලා කාර් රේස් පදිනවා.

2013 අයවැය කතාවේ කියනවා තරඟ සඳහා භාවිතා කරන විශේෂ වාහනවල නිෂ්පාදන බද්ද ඉවත් කරනවා කියලා. එහෙත් මෙම අයවැය ඉදිරිපත් කරන්නත් කලින් කාල්ටන් ක‍්‍රීඩා සමාජය විසින් රේසින් කාර් ඇණවුම් කරනවා. කාල්ටන් කියන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ බ‍්‍රෑන්ඞ් නේම් එකයි. ඒක රටේ කවුරුත් දන්නවා. මෙම ක‍්‍රීඩා සමාජය රාජපක්ෂ පුතුන්ගේ ක‍්‍රීඩා සමාජයයි. අයවැයෙන් බදු ඉවත් කරන බව මොවුන් කලින් දන්නවා. මුදල් ඇමති තාත්තා තමන්ගේ පුතුන්ට අයවැය රහස් හෙළිකරලා තිබෙනවා. මේකද ජනාධිපතිවරයාගේ හෘදසාක්ෂිය කියලා අපි අහනවා. ඔහු වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නෙවෙයි. හෘදසාක්ෂියට අනුවයි. ඉතිං මේ හෘදසාක්ෂියට එකඟ දේවල්ද?

එම කාල්ටන් ක‍්‍රීඩා සමාජය විසින් රේසින් කාර් 19ක් ආනයනය කරනවා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඞ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්. මෙම කාර්වල වටිනාකම රුපියල් ලක්ෂ 933ක් වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් ලක්ෂ 08ක් රටින් එළියට යනවා. නිෂ්පාදන බද්ද ඉවත් කර තිබෙන නිසා රුපියල් ලක්ෂ 2000ක් බද්දෙන් නිදහස් වෙනවා. එම මුදල රටට අහිමි වෙලා තිබෙනවා. තමන්ගේ පුතුන් වෙනුවෙන් බදු සහනය ලක්ෂ 2000ක්. මොන නායකයෙක්ද මේ. මොන රටක්ද මේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.2500කින් වැඩිකරන්න ආණ්ඩුවට මුදල් නැහැ. ගොවියන්ගේ, ධීවරයින්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක්. අයවැය සහන දීලා තිබෙන්නේ තමන්ගේ පුතුන්ට.
නිෂ්පාදන බද්දට අමතරව අයකරනු ලබන වරාය හා ගුවන් සේවා බද්දත්, වරාය ගාස්තුත් එකතුව ගත්තාම රුපියල් ලක්ෂ 2022 පමණ වෙනවා. නමුත් එම බදුවලින් කිසිදු මුදලක් ගෙවලා නැහැ. කාල්ටන් ක‍්‍රීඩා සමාජය කන්ටේනර් 04ක් සඳහා ගෙවා ඇති මුළු මුදල් රු.2500ක් පමණයි. ඔවුන් රිංගා තිබෙන්නේ ”කානේ” කියන සංචාරකයින් සඳහා ලබාදෙන රේගු නීතියෙන්. එම ”කානේ” කියන නීතියට අනුව විදේශිකයෙක් ලංකාවට එනවිට තමන් පාවිච්චි කළ වාහනය ගෙන ඒමට පුළුවන්. ඒ සඳහා එම විදේශිකයා බැංකු තැන්පතුවක් ලෙස මුදල් තැන්පත් කළ යුතුයි. එය රේගුව විසින් අය කර ගන්නේ නැහැ. මාස 06ක කාලයක් ඇතුලත එම වාහනය නැවත මෙරටින් ගෙන නොගියොත් එම බැංකු තැන්පතුව රේගු ගාස්තු වශයෙන් අය කර ගන්නවා. එම නීතිය රිංගා තමයි මෙම රාජපක්ෂ පුතුන් රේසින් කාර් ආනයනය කරලා තිබෙන්නේ. මාස 06කින් පසුව කාල්ටන් සමාගම රේසින් කාර් කොහාටද ගෙනියන්නේ. රේගු අධ්‍යක්ෂවරයාට පුළුවන් ඒ සඳහා ලබාදෙන මාස 06ක කාලය දීර්ඝ කරන්න. මුදල් ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතිං කවුද මුදල් ඇමති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.
පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් කියා තිබුණා නීතිය කාටත් එකයි. ලොකු පොඩි බේදයකින් තොරව හැමෝටම නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. ඉන් දින කිහිපයකට පසුව ඔහුම කියනවා එන්.එස්.බී එකේ සභාපති වංචාකාරී කොටස් ගණුදෙනුවකින් අමාරුවේ වැටුණා. නමුත් එහෙන් මෙහෙන් දාලා අපේ මිනිහා බේරගත්තා කියලා. ජනාධිපතිවරයා එහෙමයි තමන්ගේ මිනිස්සු බේරගන්නේ. එහෙම ජනාධිපතිවරයා තමන්ගේ පුතාලා වෙනුවෙන් මොනවා නොකරයිද?
මෙහිදී පැන නගින ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. රාජපක්ෂ පුතුන්ගේ කාල්ටන් ක‍්‍රීඩා සමාජයට රේසින් කාර් ගන්න ලක්ෂ 933ක් ලැබුණේ කොහොමද? නාමල් රාජපක්ෂට ඒ තරම් මුදලක් කොහෙන්ද? ඔහු සාමාන්‍ය උසස් පෙළ සමත් දරුවෙක් පමණයි. එහෙම කෙනෙක්ට කොයින්ද මේතරම් මුදලක් ලැබුණේ. ඒ වගේම ගෙන එන ලද රේසින් කාර් සඳහා ලක්ෂ 2022ක කානේ නීතියට අනුව බැංකු තැන්පතුවක් තබන්නේ කොහොමද? මේ රහස් රටට හෙළි කළ යුතුයි. රේසින් කාර් තරඟාවලිය සඳහා ගාලූ පාර සම්පූර්ණයෙන් කාපට් කළා. ඒවාට මුදල් යෙදෙව්වේ කවුද? පාර දෙපැත්තට වැලි කොට්ට පමණක් ලක්ෂ 150ක් දාලා තිබෙනවා. මේවා රටේ සමස්ත ජනතාවගේ බදු මුදල් වලින් එකතු කරගන්නා සල්ලි. ගමේ දුප්පත් අම්මා තාත්තට ගහනවා පොළ බද්ද, ලොරි රථයකට වහලයක් ගැසූ විට රුපියල් 56000ක් ලියාපදිංචි ගාස්තු ගන්නවා. 2013 අයවැයෙන් තරුණ තරුණියන්ගේ විවාහලියාපදිංචි ගාස්තු රු.1000 සිට රු.5000ක් දක්වා වැඩිකරා. පරණ උප්පැන්න සහතිකයක් ලබාගන්න ගිය විට රුපියල් 2000ක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් ජනතාවට විශාල ලෙස බදු ගහලා හොයන මුදල් වියදම් කරමින් ඉන්නේ තමන්ගේ පුතාලට කාර් රේස් පදින්න.
මේ ආකාරයේ මුග්ධ, කැත පාලනයක් තමයි මහින්ද රාජපක්ෂ ගෙන යමින් තිබෙන්නේ. අපේ රටේ ඉතාම පහත් අඩියට වැටී තිබෙන ආර්ථික අර්බුදය තව තවත් තීව‍්‍ර කරන්නේ මේ ආණ්ඩුව ගෙන යන වැරදි ආර්ථික කි‍්‍රයාමාර්ග වලින්. මේ රටේ තරුණ පරපුර මේ ආණ්ඩුවට එරෙහි විය යුතු නැද්ද? තමන්ට රැුකියාවක් ලබාදෙන්න බැරි ආණ්ඩුවක්. තරුණයින්ගේ විවාහයෙන් බදුමුදල් එකතු කරන ආණ්ඩුවක්. මේවට එරෙහිව අරගල කළ යුතු නැද්ද? ජනාධිපතිවරයා කියා තිබෙනවා ඔහු මේ රටේ සියලූ දෙනාගේ තාත්තා කියලා. ඒක මහ මුසාවක් පමණයි. ඔහු ඔහුගේ පුතුන්ගේ සහ තෝරාගත් තවත් කිහිපදෙනෙකුගේ තාත්තා පමණයි. ඔහු අනෙක් සියල්ලගේම බාප්පා පමණයි. එනිසා මේ බොරු, රැවටිලිකාරී ප්‍රෝඩාවන් වහාම රටට හෙළි කළ යුතුයි.

 මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්….

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුවේ චණ්ඩියන් මෙන්ම ඊට එරෙහි දුෂ්ඨයෝද ඉන්නවා. මේ දෙගොල්ලෝම මහින්ද රාජපක්ෂගේ නැට්ටුවෝ පමණයි. මේ දෙපිරිසම නටමින් ඉන්නේ රාජපක්ෂ අනුමැතියෙන්. මෙය විකටකාරී රංගනයක් පමණයි. රටේ පැන නගින අනෙකුත් ප‍්‍රශ්න යටගහන්න ජනතාවට හප හපා ඉන්න ගෙනාපු දෙයක් පමණයි.

මේ පසුගිය ඉරිදා පුවත්වල පළවුණා බැසිල් රාජපක්ෂ කියා තිබුණා කියලා ඔහු මේ දෝෂාභියෝගය ගැන දන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ කියනවා එයා ඒකට කැමති නෑ කියලා. මේක පුදුම වැඩක්. මේ ආණ්ඩුව අපේ එකක්ද? ඒ අය මේ ආණ්ඩුව ඇතුලේ සිද්ද වෙන දේවල් මොකුත් දන්නේ නැද්ද? මුල සිටම මහින්ද රාජපක්ෂ පවුල බේරාගැනීමේ ක‍්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් සිටියේ. ඒ නිසා බැසිල් රාජපක්ෂ ළඟට දෝෂාභියෝගය අත්සන් කරන්න ගෙනාවේ නැහැ. සාමාන්‍යයෙන් හොර කණ්ඩායමක නායකයා තමන්ගේ ගෝලයෝ ටික ආරක්ෂා කරනවා. පාතාල නායකයින් තමන්ගේ පාතාල සාමාජිකයින් රකිනවා. නමුත් මේ රාජපක්ෂ පවුලට පාතාල නායකයින්ට තිබෙන සම්ප‍්‍රදායවත් නැහැ. ඔවුන් තමන්ට උදව් කරන සියලූ දෙනාම පාවාදෙන ක‍්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් ඉන්නේ.

ජනතාව හිඟමනට දමමින් රජාගේ පැටවුන්ට ගෙනා රේසින් කාර් මෙන්න



ලක්ෂ 2000 ක් බදු මුදලක් රේගුවට වංචාව කරමින් රාජපක්ෂ පුතුන්ට ලක්ෂ 1000 ක රේසිං කාර්

කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.

භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම  මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු මුදල් ලෙස රුපියල් 2,500/= ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත.

ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට‍්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin -3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady -3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි.

Badagini Lambogini

එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.

කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.

පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන් ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන් පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ අරමුණෙන් බවද ඔවුහු පවසති.

01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)

02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)

03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)

04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00)

අපි අනාවැකි කියමු : "නිතීඥ" නාමල් රාජපක්ෂ පෙනී සිටි නඩුව දිනුම්

තමන්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම කරන කොට ගනිමින් මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ඉදිරිපත් කළ නඩුව අද කොළඹ දිස්ත්‍රික් අධිකරණයේදී විභාගයට ගැනුණ අතර මන්ත්‍රී වරයා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති වරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂය.

නාමල් රාජපක්ෂ මෙන්ම නියෝජ්‍ය අමිති ෆයිසර් මුස්තාපාද අදාළ නෞදුවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය. කෙසේ වෙතත අදාළ නඩු විභාගය එළඹෙන ජනවාරි 26 වැනිදා දක්වා කල් දමනු ලැබීය,

අය වැයදී ආණ්ඩුවට සහය දීම කාරණය කරගමිනින් ග්‍රේරුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහිමි කරනු ලැබීය, ඉන් පසු ආණ්ඩුවට එකතු වූ ඔහු මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ නිරීක්ෂණ ඇමති වරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් අදාළ නඩු විභාගයදී බොහෝ දුරට ග්‍රේරු හට ජයග්‍රහණය ලැබෙන බව ඇති පොදු නිගමනය සලකා ගෙන නාමල් රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් කිරීම සඳහා මුලික හේතුව වී ඇත්තේ ඔහු සහභාගී වන ප්‍රථම නඩුව පරාජ වීමෙන් වලක්වා ගැනීමට සහ ජයග්‍රහණයෙන් පසු නාමල් රාජපක්ෂට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ මෝඩ ජුවල් වැඩ සටහනකට යොමු වීමේ අදහසෙනි.


මකර රජදහනේ සන් හා අපේ සන්

පාසල් නිවාඩු කාලයේ ජාතික රූපවාහිණියේ දරුවන් වෙනුවෙන් හවස හයයි තිහට විකාශය වන මායා බන්ධන වැඩසටහන යළිත් වතාවක් නරඹබන්නට අවස්ථාව ලදිමි. මේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන මකර රජ දහන නමින් නම් කර තිබේ. මේ වැඩ සටහනනේ කතා තේමාව සමාන්තර ලොක කිහිපයක් අතර විස්තාරණය විය හැකි බෝට්ටුවක් මගින් සමාන්තර ලෝක අතර ගමන් කිරීම හා මේ එක් එක් ලොකයයේ පවතින වෙනස්කම් ගැන කතා කරන්නට අදාලව නිර්මාණය වී තිබේ. සාපේක්ෂව මෙම කතා මාලාව දරුවන්ගේ රසාස්වාදනය උදෙසා නිර්මාණය කරණු ලැබූවකි.

මේ කතා මාලාව අනුව මකර රජ දහන යනු පරීපූර්න රාජ ධානියකි. මේ මුලු රජ දහනම පාලනය කරණු ලබන්නේ සෙන් නැමති දොලොස් හැවිරිදි දරුවෙකි. මොහු මකර අධිරාජ්‍යයා ලෙස මේ රාජධානියේ අණසක පතුරුවා හරිනු ලබන්නේ ඔරකල් නැමති සර්වබලධාරී පර්ගණයක අනුහසිනි. මේ නිසා මුලු මකර රජ දහනේම සිය අනුහස පතුරුවා හරින්නට දොලොස් හැවිරිදි සෙන්ට හැකියාව ලැබේ. මකර අධිරාජ්‍යයාගේ කීකරු සේවකයා වන්නේ මහලු සෙන්සෝය. ඔහු කාලාන්තරයක් පටන් මකර අධිරාජ්‍යයාගේ පවුලට සේවය කරණ කීකරු සේවකයෙකි. කුඩා දරුවෙකුගේ මනසක් සහිත වැඩිහිටියෙකු ලෙස ඔරකල් මත යැපෙන සන් ජීවිතය ලෙස දකින්නේ මකර අධිරාජ්‍යයතුල ඔරකල්ගේ ආනුභාවයෙන් තමන් කළ නොහැක්කක් නොමැත්තෙකු ලෙසයි.

සන්ගේ ලෝකයට බාහිරින් පැමිණෙන කැති නම් තරුණිය වර්තමාන ධනවාදී සමාජයේ හැදී වැඩෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිට පැමිණෙන අමුත්තියෙකි. ඇය සන්ගේ මේ විකාර හැසිරීම් රටාව සැම විටම අභියෝගයට ලක් කරණු ලබයි. නමුත් මිලේඡ්ච නොදියුණු මායා බන්ධකයින්ගේ ලෝකයේ සිට පැමිණෙන අශ්කා නැමැත්තිය සිය බලය වෙනුවෙන් සන්ගේ මේ ළදරු වළිප්පුව ප්‍රයෝජනයට ගනිමින් මකර රජදහනේ පාලනය සියතට ගන්නට උත්සහා කරයි. මේ අතර සන් විසින් නැතිනම් අතීතයේ සිට විසූ සියලු මකර අධිරාජ්‍යයන් විසින් අමතකර කර දැමූ තමන්ගේම රාජධානියේ දිවිගෙවන සුඵිතර අසාධාරණයට හා පීඩාවට පත්වූ ජන කොටසගේ අයිතිවාසිකම් වෙනුවෙන් ෂාරක් නැමති තරුණයා සර්වබලධාරී මකර අධිරාජ්‍යයා සමග ගෝත්‍රීක ආයුධ වලින් සටන් කිරීමට ඉදිරිපත් වෙයි. නමුත් ඔරකල්ගේ ආනුභාවයෙන් මකර අධිරාජ්‍යයා ෂාරක් නැමති සුථජනතාවගේ නියෝජිතයාගේ බලය සුනුවිසුනු කර දමයි. ෂාරක් සිය ජනතාව වෙනුවෙන් මකර අධිරාජ්‍යයාගෙන් ඉල්ලා සිටින්නේ ආහාර සහ නිවාස ලබා දී තමන්ට ද මනුෂ්‍යයන්ට මෙන් සලකන ලෙසයි.

නමුත් මෙසේ සිය ජනතාවගෙන් කොටසක් ආහාර නොමැතිව බඩ ගින්නේ මිය යද්දී සන් කැතී නම් ආගන්තුක තරුණිය සමග පුඩින් වලින් ගසා ගැනීමේ තරගයක් පවත්වයි. උත්සව පවත්වමින් තමන්ගේ විනෝදය පරීපූර්ණය කර ගන්නට උත්සහා ගනී. තමන් හිටපු මකර අධිරාජ්‍යයාගේ පුතා වන නිසාම පරවෙිනි උරුමයෙන් සන් ද මකර අධිරාජ්‍යයා බවට පත් වෙයි. මේ නිසාම මුලු මකර රජදහනම තමන්ට අභිමත ආකාරයට පාලනය කරන්නට ඔහුට හැකියාව ලබේ. නමුත් ඔහුට නොතේරෙන සත්‍ය වන්නේ තමන් පොඩි දරුවකු බවයි. තමන්ට නොව බලය තිබෙන්නේ සිය පියා විසින් ගොඩ නැගූ ඔරකල් නම් පරිගණකයට බවයි. මේ අතර අවසානයේ සියල් උඩුයටිකූරු බවට පත් වෙයි. ඔරකල් ආශ්කා විසින් විනාශකර ෂාරක් සමග එක්ව මකර අධිරාජ්‍යයේ බලය පැහැර ගනී. මේ නිසා එතෙක් තමන් සර්වබලධාරී යැයි සිතා සිටි සන් නිකම්ම නිකම් අවුරුදු දොළහක පොඩි දරුවෙකු බවට පත්වෙයි. අවසානයේ සන් නිකම් නිකම් විහිලුකාරයෙකු බවට පත් වෙයි.
ලංකාවේ රජ්‍ය පාලනය පුරාතනයේ පැවතියේ රාජාඩුණ්ඩු පාලනයකි. මේ පාලනය තුල රජතුමා සර්වබලධාරී වූ අතර මුලු රාජ්‍යයම ඔහුගේ බලය වටා කේන්ද්‍රගතව පැවතිනි.ජනතාව යනු රජාගේ පාලනය යටතේ දිවිගෙවන යටත් වැසියන් පිරිසක් පමණක් විය. ජනතාවට අයිතිවාසිකම් නොවීය. මරණිය දණ්ඩණය ලබා දීමේ සිට මලේඡ්ච වධ තිස් දෙකක් ලබා දෙන්නට රජතුමාට හැකියාව ලැබුනු අතර රජතුමාට තමන් කැමති ඕනෑම ගැහැනියක් අඹුකමට ගන්නට අසීමිත වරප්‍රසාදයක් විය. රජ පවුලේ සියලු දෙනාටද මේ වරප්‍රසාද ඒ ආකාරයෙන්ම භුක්ති විදින්ට අවස්ථාව හිමිවිය.

පසුගිය දිනවල අලුත් කඩේ උසාවි සංකීර්ණය අභියස කදිම පෝස්ටරයක් දැක ගන්නට ලැබුනි. එහි සදහන්ව තිබුනේ නීතීඥ ධූරයෙන් පිදුම් ලැබූ ගරු නාමල් රාජපක්ෂ මැතිදුන්ට අපගේ ප්‍රණාමය යනුවෙනි. ලංකාවේ හෝ වෙිවා වෙනත් රටක වේවා යමෙකු නීතීඥ වෘත්තියට ප්‍රවිශ්ෂඨ වන්නේ විභාග සමත් වීමෙන් අනතුරුව ජෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ පුහුණුව ලැබීමෙන් අනතුරුවය. ලංකාවේ දී නම් නීතිඥවරයෙකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙන්නට මත්තෙන් යහපත් චරිතය මනා දැනීම හා හැකියාව සම්බන්ධයෙන් සලකා බලනු ලබයි. පසුව අදාල තැනැත්තා නීතිඥ වෘත්තිකයෙකු වශයෙන් බදවා ගනු ලබයි. එවිට ඔහු අධිකරණ නිළධාරියෙකු බවට පත්වෙයි. ඔහුගේ ප්‍රමුඛතම වගකීම වන්නේ යුක්තිය පසිදලීමේ කාර්යයට සහය වීමයි. එහිදී ඔහු ප්‍රමුඛතාවය පිරිනමනු ලැබිය යුත්තේ සිය වෘත්තීය ගෟරවය හා අධිකරණයේ ස්වාධිනතාවය තහවුරු කිරීම කෙරෙහිය. මෙලෙස නීතීඥ වෘත්තියට බදවා ගනු ලබන තැතැත්තෙකු කිසි විටෙකත් නීතීඥ ධූරයෙන් පිදුම් ලැබූ අයෙකු වශයෙන් සැලකිය නොහැකිය. සාමාන්‍යයෙන් මෙලෙස ධූරවලින් පිදුම් ලබන්නේ ආචාර්යවරුන්ය. ඒ සදහා කදිම උදාහරණය වන්නේ ආචාර්ය මර්වින් සිල්වාය. තවත් උදාහරණයක් නම් ආචාර්ය පබිල් සිල්වා, ආචාර්ය සෝමා එදිරි සිංහ, ආචාර්ය දේශමාන්‍ය ලලිත් කොතලාවල, ආචාර්ය මහින්ද රාජපක්ෂ යන අය මෙලෙස පිදුම් ලැබූවන්ය. සාමාන්‍යයෙන් මෙලෙස පිදුම් ලබන්නට කිසිදු අධ්‍යපන සුදුසුකමක් අවශ්‍ය නොවන අතර කිසිම විභාගයක් සමත් වීමද අවශ්‍ය වන්නේ නැත. මේ නිසා සමහර විට මේ පෝස්ටරයේ දක්වා ඇති ආකාරයට නාමල් රාජපක්ෂද මෙලෙස නීතීඥ ධූරයෙන් පිදුම් ලැබුවා යැයි පැවසීම සත්‍යයක් වන්නට පුලුවන.

පසුගිය සමයේ නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගයට පැමිණි අවස්ථාවේ විදුහල්පතිවරයා විසින් බුලත් දී පිළිගනු ලැබු බවට හා ඔහු වෙනම පරිගණක පහසුකම් සහිත වායු සමනය කළ කාමරයක විභාගය ලියූ බවටත් බැදීම් නීතිය විෂය සදහා ලකුණු 99 ක් ලබා ගත් බවට මාධ්‍ය වාර්ථා පල විය. තව දුරටත් ඔහු දිවුරුම් දුන් අවස්ථාවේ බොහෝ උදවිය පැමිණි බවටත් විනිශ්චයකාරවරුන්ට හා නීතීඥවරුන්ට අධිකරණ භූමියේ සිය රථ නතර කරන්නට පවා අවස්ථාව හිමි නොවු බවත් අපට දැන ගන්නට ලැබුනි. මෙරට අධිකරණ කේෂත්‍රයේ ප්‍රධානියා වන අගවිනිසුරුවරිය නාමල්ට අතට අත දීම යනු ලංකාවේ අධිකරණ ස්වාධීනතාවයට සෘජුව බල නොපාන්නේ ද යන ප්‍රශ්ණය අපට ඉතිරි කරයි. මේ සතුටට කොළඹ පාරවල් වසා නයිට් රේස් තියන්නටත් අරලියගහ මන්දිරයේ සාද පවත්වන්නටත් නාමල්ට හැකියාව ලැබෙන්නේ කොහොමද?
මේ සියල්ල කළ හැකි වන්නේ මායා බන්ධන හී සන්ට සිටින සර්ව බලධාරී ඔරකල් වැනි මේ ජනාධිපති සන්ට සිය සර්වබලධරිී සිය පියා සිටින නිසාද?

අවසානයේ මේ රටට කුමක් සිදු වෙයිද කුමක් සිදු වුවත් එය මකර රජ දහනට අත් වූ ඉරණමට වෙනස් නොවන බව අපට පැහැදිලිය. ඒ සන්ට කේවට්ටකම් කරන්නට මහලු සෙන්සෝ සිටින පරිදි මේ සන්ට කේවට්ටකම් කරන්නේ මහලු ජී.ඇල් පීරිස්ද? අවසානයේ මනසින් ළදරු වයසින් මුහුකුරා නොගිය සන්ට අත්වූ ඉරණමට වැඩි යමක් මේ සන්ට ලැබේ යැයි සිත්න්නට පුලුවනද? මේ කතාවේ අවසානයේ සන් යළිත් සියල්ල තේරුම් ගෙන ජීවිතය ජය ගෙන යහපත් පාලකයෙකු බවට පත්වෙයි. නමුත් වෙලි චිත්‍රපට වල අවසානය කලින්ම අධ්‍යක්ෂකවරයා විසින් තීරණය කරනු ලබන පරිදි ඇත්ත ජීවිතය අපට කලින්ම ව්‍යුහගත කරන්නට නොහැකිය.

රට වනසන හොර හැත්ත: මහා භාණ්ඩාගාරයේ රත්තරන් වල කොමිස් නාමල්ගේ සාක්කුවට

විකුණුවේ ටොන් 17යි. කොමිස් මුදල කෝටි 25යි.

ආණ්ඩුව, මහාභාන්ඩාගාරය සතු රත්තරං සංචිතයෙන් ටොන් 17ක් සවුදි අරාබියේ ෂේක් මොහොමඩ් නම් ගැනුම්කරුට විකුණා තිබේ. රත්තරන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 4,475,000 බැගින් විකුණා ඇති මෙම රත්තරන් ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍ෂ මහතාය.

ඔහුට මෙම ගනුදෙනුවේදී රත්තරන් කිලෝ එකකින් ඇමරිකානු ඩොලර් 150ක (ආසන්න වශයෙන් රුපියල් 15,000) කොමිස් මුදලක් ලැබී ඇත. ඒ අනුව මෙම ගනුදෙනුවේදී අදාල අතරමැදියා විසින් ලබාදී ඇති මුලූ කොමිස් මුදල රුපියල් කෝටි 25කි. (රුපියල් 2,250,000,000)

මෙම රත්තරන් ගනුදෙනුවට අදාල මුදල් ඩුබායි HSBC බැංකුව හරහා ලැබී ඇත. ශේක් මොහොමඩ් නැමති අදාල ගැනුම්කරු HSBC බැංකුවට මෙම මුදල් ලබාදී ඇත්තේ ස්විස් බැංකුවක් හරහාය.

මෙලෙස අදාල රත්තරන් ටොන් 17 විකිණීමෙන් ලැබුනු මුදල්වලට කුමක් සිදුවූයේද යන්න හෝ අවම වශයෙන් මෙම ගණුදෙනුව සිදුකළ බව හෝ ආණ්ඩුව ප්‍රසිද්ධ කළේ නැත. ඉතා රහසිගතව මෙලෙස මහාභාණ්ඩාගාරය සතු දේපොල විකුණා දැමුවේ කුමක් නිසාද යන්න ආණ්ඩුව වහා රටට හෙළිදරව් කළ යුතුය.

- සතිමැද ලංකා

Tell a Friend