ලක්ෂ 2000 ක් බදු මුදලක්
රේගුවට වංචාව කරමින් රාජපක්ෂ පුතුන්ට ලක්ෂ 1000 ක රේසිං කාර්
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor
Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස්
කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.
භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු,
වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක්
නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං
කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං
කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු
මුදල් ලෙස රුපියල් 2,500/=
ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත.
ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින්
ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin
-3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady -3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini
Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි.
ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar
Motor Private Limited) සමාගමකිනි.
එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios
Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව
1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර්
ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.
පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන්
ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන්
පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු
ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත
රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ
අරමුණෙන් බවද ඔවුහු පවසති.
01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)
02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)
03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)
04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00)