විකුණුවේ ටොන් 17යි. කොමිස් මුදල කෝටි 25යි.
ආණ්ඩුව, මහාභාන්ඩාගාරය සතු රත්තරං සංචිතයෙන් ටොන් 17ක් සවුදි අරාබියේ ෂේක් මොහොමඩ් නම් ගැනුම්කරුට විකුණා තිබේ. රත්තරන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 4,475,000 බැගින් විකුණා ඇති මෙම රත්තරන් ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකෂ මහතාය.
ඔහුට මෙම ගනුදෙනුවේදී රත්තරන් කිලෝ එකකින් ඇමරිකානු ඩොලර් 150ක (ආසන්න වශයෙන් රුපියල් 15,000) කොමිස් මුදලක් ලැබී ඇත. ඒ අනුව මෙම ගනුදෙනුවේදී අදාල අතරමැදියා විසින් ලබාදී ඇති මුලූ කොමිස් මුදල රුපියල් කෝටි 25කි. (රුපියල් 2,250,000,000)
මෙම රත්තරන් ගනුදෙනුවට අදාල මුදල් ඩුබායි HSBC බැංකුව හරහා ලැබී ඇත. ශේක් මොහොමඩ් නැමති අදාල ගැනුම්කරු HSBC බැංකුවට මෙම මුදල් ලබාදී ඇත්තේ ස්විස් බැංකුවක් හරහාය.
මෙලෙස අදාල රත්තරන් ටොන් 17 විකිණීමෙන් ලැබුනු මුදල්වලට කුමක් සිදුවූයේද යන්න හෝ අවම වශයෙන් මෙම ගණුදෙනුව සිදුකළ බව හෝ ආණ්ඩුව ප්‍රසිද්ධ කළේ නැත. ඉතා රහසිගතව මෙලෙස මහාභාණ්ඩාගාරය සතු දේපොල විකුණා දැමුවේ කුමක් නිසාද යන්න ආණ්ඩුව වහා රටට හෙළිදරව් කළ යුතුය.
- සතිමැද ලංකා

Post a Comment