The Most/Recent Articles

Showing posts with label NATO. Show all posts
Showing posts with label NATO. Show all posts

පාකිස්තානය : නේටෝ හමුදා සිදු කල ඝාතන සිසුන් විසින් හෙළා දකිති.

| කිෂානි වැලිවිටිගොඩ

ඇමෙරිකාවට සහ නේටෝ හමුදාව විසින් පසු ගිය මාසයේ පාකිස්තානු හමුදා නිලධාරින් 24 ක් දෙනෙකු ඝාතනය කිරීමට විරුද්ධව පාකිස්තානයේ සිසුන් විසින් උද්ඝෝෂණ රැළියක් ඊයේ (09) පැවැත් වූ බව වාර්තා වේ. පාකිස්තානු හමුදා කණ්ඩායම් වෙත එල්ල කල ඇමෙරිකානු ගුවන් ප්‍රහාර හෙළා දකිමින් පොස්ටේර් රැගෙන සටන් වැකි යොදා ගනිමින් විශ්ව විද්‍යාල සහ පාසැල් වල සිසුන් මෙසේ ඉස්ලාමාබාද් නුවර වීදි බැස තිබේ.

පසු ගිය නොවැම්බර් 26 වන දින නේටෝ හමුදා හෙලිකොප්ටර් සහ ප්‍රහාරක ජෙට් යානා මගින් වයඹ පාකිස්තානයේ පිහිටි හමුදා සීමා මුර පොළවල් 2 කට ප්‍රහාර එල්ල කිරීම නිසා හමුදා කණ්ඩායම් 24 ක ජීවිත අහිමි වී තිබෙන බවට වාර්තා වේ.


සිරියාව: සිරියානු කැරලිකරුවන්ට ඇමෙරිකානු යුධ පුහුණුව තුර්කියේ


l කිෂානි වැලිවිටිගොඩ

තුර්කියේ පිහිටි හකාරි නමැති නගරයේ පිහිටි යුධ හමුදා කඳවුරු වල නේටෝ සහ ඇමෙරිකානු හමුදාව විසින් සිරියාවේ කැරලිකරුවන්ට යුධ පුහුණව ලබා දෙන බව ඇමෙරිකානු අභ්‍යන්තර ඔත්තු සේවය වන එෆ්. බී.අයි. සංවිධානයේ සේවය කල නිලධාරියෙකු සඳහන් කළේය.

සිරියානු හමුදාවෙන් ඉවත් වී කැරලි කරුවන් සමග එකතු වූ එරට හිටපු හමුදා නිලධාරියෙකු යටතේ ඇමෙරිකානු සහ නොටෝ සංවිධානය විසින් මෙහෙයවන අදාළ යුධ පුහුණුව පසුගිය මැයි මාසයේ සිට ආරම්භ කල බව එෆ්. බී. අයි. නිලධාරිනියක වන සිබෙල් එඩ්මන්ඩ් තුර්කියේ පලවන දිනපතා පුවත්පතක් වන මිලියෙට් වෙත ප්‍රකාශ කළ බව එම පුවත්පත අද වාර්තා කළේය.

එසේම ඇමෙරිකාව තුර්කිය මාර්ගයෙන් සිරියාවේ කැරලි කරුවන්ට ආණ්ඩුවට එරෙහිව යුධ වැදීම සඳහා අවි අයුධ සපයමින් සිටින බවද ය වැඩි දුරටත් සඳහන් කළේය.

නේටෝ හමුදා ප්‍රහාර වලින් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් 5 ක් මරුට

| කිෂානි වැලිවිටිගොඩ

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ නාගර්හාර් පළාතට සහ දකුණු ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතට නේටෝ හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි.

කන්දහාර් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාර වලදී, නේටෝ හමුදා හෙලිකොප්ටර් විසින් නිවාසයකට රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර එහි සිටි කාන්තාවන් 3 දෙනෙක් මිය ගොස් ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.



ගඩාෆි මරා දැමීම ගැන නේටෝවට යුද අපරාධ චෝදනා ගොනු කල හැකිය

| අමිල ගුණරත්න

ගඩාෆි ගමන්ගත් ජීප් රථයට නේටෝ සංවිධානයේ සහය ලබන කැරලිකාර හමුදාව ප්‍රහාර එල්ල කරන විට ඔහු රථයෙන් බැස පැනයාමට තැත් කළ අවස්ථාවේදී කැරලිකරුවන් ඔහුට වෙඩි තැබූ බව අන්තර්වාර පාලනයේ ක්ෂේත්‍ර ආඥාපති මොහොමඩ් ලෙයිත් පවසයි. වෙඩි හුවමාරුවේදී ගඩාෆිගේ පාද වලට සහ හිසට බරපතළ තුවාල සිදුවී ඇත. මිස්රටා රෝහලට රැගෙන එන තුරුම ඔහුට පණ තිබී ඇත. ගඩාෆිව ජීවග්‍රහයෙන් අල්ලාගත් නේටෝ සංවිධානයේ සහය ලබන කැරලිකාර හමුදාවේ සාමාජිකයන් කිසිදු නඩු විභාගයකින් තොරව ඔහුව අමු අමුවේ වෙඩි තබා ඝාතනය කරන ලදී. ගඩාෆි මරා දැමු අයුරු පිලිබඳ සාක්ෂි කදිමට කැමරා කාච වල සටහන් වී තිබේ. ඝාතනය කළ ලිබියානු නායකයා ගේ මළ සිරුර වීදි දිගේ ඇදගෙනද යන ලදී. නේටෝ සංවිධානය සහ කැරලිකරුවන් විසින් කල මෙම ක්‍රියාව ජිනීවා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.




Tell a Friend