නේටෝ හමුදා ප්‍රහාර වලින් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් 5 ක් මරුට

| කිෂානි වැලිවිටිගොඩ

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ නාගර්හාර් පළාතට සහ දකුණු ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතට නේටෝ හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි.

කන්දහාර් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාර වලදී, නේටෝ හමුදා හෙලිකොප්ටර් විසින් නිවාසයකට රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර එහි සිටි කාන්තාවන් 3 දෙනෙක් මිය ගොස් ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.