සිරියාව: සිරියානු කැරලිකරුවන්ට ඇමෙරිකානු යුධ පුහුණුව තුර්කියේ


l කිෂානි වැලිවිටිගොඩ

තුර්කියේ පිහිටි හකාරි නමැති නගරයේ පිහිටි යුධ හමුදා කඳවුරු වල නේටෝ සහ ඇමෙරිකානු හමුදාව විසින් සිරියාවේ කැරලිකරුවන්ට යුධ පුහුණව ලබා දෙන බව ඇමෙරිකානු අභ්‍යන්තර ඔත්තු සේවය වන එෆ්. බී.අයි. සංවිධානයේ සේවය කල නිලධාරියෙකු සඳහන් කළේය.

සිරියානු හමුදාවෙන් ඉවත් වී කැරලි කරුවන් සමග එකතු වූ එරට හිටපු හමුදා නිලධාරියෙකු යටතේ ඇමෙරිකානු සහ නොටෝ සංවිධානය විසින් මෙහෙයවන අදාළ යුධ පුහුණුව පසුගිය මැයි මාසයේ සිට ආරම්භ කල බව එෆ්. බී. අයි. නිලධාරිනියක වන සිබෙල් එඩ්මන්ඩ් තුර්කියේ පලවන දිනපතා පුවත්පතක් වන මිලියෙට් වෙත ප්‍රකාශ කළ බව එම පුවත්පත අද වාර්තා කළේය.

එසේම ඇමෙරිකාව තුර්කිය මාර්ගයෙන් සිරියාවේ කැරලි කරුවන්ට ආණ්ඩුවට එරෙහිව යුධ වැදීම සඳහා අවි අයුධ සපයමින් සිටින බවද ය වැඩි දුරටත් සඳහන් කළේය.