![]() |
| කතානායක කරු ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන |
The Most/Recent Articles
සිරිසේනව පැත්තකින් තියා, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන ක‍්‍රමයක් සොයා ගැනීම
GMOA අද තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක් වෙලා -- රාජිත
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද ‘තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක්‘ බවට පත්වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (16) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
සෞඛ්‍ය අමාත්‍යංශය ගැන සොයාබැලීමට ජනපති කොමිසමක් පත්කරන බවට වූ පුවත සාවද්‍ය බවත් මෙය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් පතුරුවා හරින අසත්‍ය කතාවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඊයේ දින තමන්ට දුරකතන ඇමතුමක් දුන් ජනපතිතුමා මේ ගැන පැවසූ බවත් අදාළ කොමිසම පිළිබඳ විමසූ අවස්ථාවේදී, ‘මොන කොමිෂන් ද ඩොක්ටර්, අමාත්‍යංශෙකට විරුද්ධව කොහොමද ජනාධිපති කොමිෂම් පත්කරන්නේ‘ යැයි පැවසූ බවත්, ‘කොමිෂන් එකක් පත්කරනවා නම් ජනාධිපතිවරයෙක් පත්කරන්නේ රජයට විරුද්ධව මිසක් අමාත්‍යංශෙකට විරුද්ධව නෙමේ. මං කිසිම දෙයක් කතා කරේ නැහැ. ඒගොල්ලෝ කතා කරා. මං ඕක තමයි කිව්වේ‘ යනුවෙන් පිළිතුරු දුන් බවත් අනාවරණය කළේය.
‘ගෙදර යන ගමන්’ පාරිභෝගික විනෝදයේම කොටසක් ලෙස ඡන්ද පොළට යන්නේ කොහොමද ?
- මහේෂ් හපුගොඩ -
ධනවාදය යනු සයිකෝසික තත්වයක් වනවාට වඩා සැමවිටම නිෂ්පාදනය කරන්නේ විපරීත සම්බන්ධයකි.
අද දවසේ අප ජීවත් වන “අනතුරුදායක සමාජයන්හි” (මෙයට අවශ්‍යනම් උපද්‍රව නැත්නම් ආපදා සමාජ යනුවෙන්ද භාවිතා කළ හැක) සියළුම අන්‍යතා තීරණය කරනු ලබන්නේ වෙළඳ පොළ අවකාශයකින් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ යැයි සිතමි. පොදු අවකාශයේ සිට පුද්ගලික අවකාශය දක්වා සියල්ල තීරණය කරන තීරකයා යනු අප දෙස නිරතුරුව බලා සිටින අවේක්ෂණ කැමරාවක් (surveillance camera) බඳු ධනවාදයේ උකුසු ඇසයි. අප රඟ පාන්නේ එම ඇස පිනවනු පිණිසය.
සන්නිවේදන ධනවාදී යුගය තුළ මෙම ‘කැමරාව’ යනු මහා අනෙකෙකි (ගූගල් හරහා කරන සෑම ගනුදෙනුවකදීම අපගේ අතිශය රහසිගත දත්ත නිරාවරණය වනවා සේම එහිදී අප විසින් ම අපව අනාරක්ෂිත කරගනු ලබයි). ‘කප්පාදුව සඳහා කිසිදු ඉඩක් නොතබමින් ස්වයං-නිෂ්පාදන ධනවාදයේ (self-productive capitalism) වියරු රංගනය විසින් සම්ප්‍රදායික ජිවිතයේ සියලු අන්තර්ගතය පමණක් නොව එහි ලිබිඩෝමය පැවැත්ම පවා තමා තුලට බලහත්කාරයෙන් අවශෝෂණය කරගනී’ යනුවෙන් ජිජැක් මෙම තත්වය විග්‍රහ කරයි. එනයින් ධනවාදය යනු සයිකෝසික තත්වයක් වනවාට වඩා සැමවිටම නිෂ්පාදනය කරන්නේ විපරීත සම්බන්ධයකි.
අප අප විසින්ම අනතුරේ හෙලාගෙන ඇත
එසේ බලන කල අප අද අත්දකින බැඳුම්කර සමාගමෙන් මුදල් ගැනීම පිළිබද කතාවේදී කිසිවෙකුට එයින් ගැලවීගත නොහැකි ලෙස සිරගත වී ඇති දෛවය යනු මෙම විශ්වීයකරණය වූ විපරිත බවේ තාර්කික ප්‍රකාශනයකි. අප අප විසින් ම අපව අනතුරේ හෙලා ගෙන ඇත. එසේ අනතුරට පත් වන ලෙස වෙළඳපල විසින් අපට නියෝග කරනු ලැබ ඇත. නමුත් අපව ගලවා ගැනීමට නැවත ධනවාදය පැමිණෙන්නේ ද නැත. සන්‍යාසියෙක් බවට පත් නොවී අප ධනවාදී කතිකාවෙන් ඉවත් විය යුතු බවට ජිජැක් යෝජනා කරන්නේ එබැවිණි.
නිරුවත පිළිබඳ සමාජීය වරදකාරීත්වය ඔබට එන්නේ ඔබ තුළින්මය
සාමාන්‍යයෙන් ඔබට ලජ්ජා සිතෙන්නේ කුමන අවස්ථාවේදීද ? ලැජ්ජාව ඇතිවීමට නම් යම් අයෙක් ඔබ දෙස බලා සිටින බව (gaze of the Other) පිලිබදව ඔබට දැනුමක් තිබිය යුතුය. සමාජය ඔබ දෙස බලාසිටින විට ඔබගේ හෙළුව හැමෝටම නිරාවරණය වන්නේ නම් එවිට ඔබට ලජ්ජා සිතේ. නමුත් ඔබගේ නිරුවත පිළිබද සමාජීය වරදකාරිත්වය (guilt) ඔබට එන්නේ ඔබ තුලින්ම ය. මා තුලම ඇති හඬකින් (voice) මා අමතන්නේ නම් හා එම හඬ විසින් මා තුළ වරදකාරී බවක් ඇතිකරන්නේ නම් එවිට මනෝ විශ්ලේෂණයේ ‘දැක්ම’ සහ ‘හඬ’ අතර සම්බන්ධය (the link between gaze and voice) අපට පැහැදිලි කළ හැක.
නමුත්, මෙම විපරීත යුගය තුළ ඔබට නිරුවතින් පාරේ ඇවිද යාමට බල කරනු ලැබ ඇත. එය සාමාන්‍යකරණය කරනු ලැබ ඇත. මෙම තත්වය වික්ටෝරියානු බන්ධනයෙන් නිදහස් වීමක් නොව නව වහල් භාවයක පෙරනිමිතිය (කාඩේෂියන් ලා ස්ත්‍රීවාදී නොවන හේතුව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි). අහං පරමාදර්ශයක් (ego-ideal) නොමැතිව මෙම ලැජ්ජාව හෝ වරදකාරී බව ආත්මය තුලින් ප්‍රකාශ වන්නේ නැත. සල්ලි සෙවීම සඳහා ඕනෑම දෙයක් කර (නිරුවතින්) පාරේ ඇවිදින දේශපාලකයින් පිරිසක් අපට ඇත්තේ මෙම පරමාදර්ශ බිඳවැටී ඇති සන්දර්භයක් තුළය.
මෙම යුගය තුළ සිදුවී ඇත්තේ අනෙකාගේ බැල්ම තුළ ඇති කප්පාදු ගුණය අහෝසි වී යාමයි
ජිජැක් ඉතාම පැහැදිළිව මේ තත්වය පහත පරිදි න්‍යායගත කරයි; ‘මෙම යුගය තුළ සිදුවී ඇත්තේ අනෙකාගේ බැල්ම තුළ ඇති කප්පාදු ගුණය අහෝසි වී යාමයි (the Other’s gaze loses its castrative power). ඒ වෙනුවට අනෙකා ගේ දැක්ම යනු අප ට සුපිරි අහමේ විනෝදයේ නිරීක්ෂක ස්ථානයකි. අනෙකා බලා සිටින්නේ මා විනෝද වන තුරුය. මා යම් විදියකින් විනෝද නොවුනොත් එවිට මා වරද කරුවෙකු වෙයි. එනයින් මා විසින් තහනම උල්ලංඝනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සංකේතනය උල්ලංඝනය තුලින් මා විනෝද විය යුතුම ය’.
මේ අනුව සදාචාරය යන්න නොවැදගත් වී උල්ලංඝනය අධිනිශ්චය වේ. හොර මැර කම් කරන අයට වඩ වඩාත් මිනිසුන් ලංවන්නේ සහ ඡන්දය දෙන්නේ සමාජයේ සිදුවී ඇති මෙම විපරීත ව්‍යුහාත්මක (සුසමාදර්ශී) විතැන්විම නිසාය. ඔබ වඩ වඩාත් හොඳින් අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නම් ඔබගේ මුහුණු පොතට වඩ වඩාත් ලියික් වැටෙන්නේ මෙම තත්වය නිසාය. සමහර දෙපැත්ත කැපෙන දේශපාලන කතා වලට මිනිසුන් ආකර්ෂණය වන්නේ එබැවිණි. පාර්ලිමේන්තුවේ වඩා වඩා කුණුහරප කියන්නේ ඇයිදැයි ඔබට දැන් පැහැදිලි ඇතැයි සිතමු. බලා සිටින කිසිවකු තුළ කප්පාදු ගුණයක් නැති බව එම කුණුහරප කියන්නන් හොඳින් දනී.

නිල් චිත්‍රපටයක වේදනාවෙන් රඟපාන නිළියකගෙන් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින්නේ තව තවත් වේදනාවයි
මහා අනෙකාගේ දැක්ම (නිරීක්ෂය) විසින් තව දුරටත් ලජ්ජාව ජනනය නොකරයි. නිල් චිත්‍රපටයක වේදනාවෙන් රඟපාන නිළියකගෙන් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින්නේ තව තවත් වේදනාවයි. තව තවත් වේදනාවේ අවයව නිරාවරණය කරන ලෙසයි. වඩා වඩාත් දෙවියන් හෙලා දකින ලෙසයි (fucking God යනුවෙන් මේ හෙලා දකින සෑම විටම තව තවත් ශක්තිමත්ව දෙවියන් ප්‍රාදුර්භුත වන බව ඔවුන්ට අමතක වේ). නමුත් අර වේදනාවෙන් කෑ ගසන නිළියගේ හඬින් මහා අනෙකා කප්පාදු වන බව ජිජැක් පවසයි.
ඒ අනුව ධනවාදයේ සැබෑ ගොදුර වනාහි අර නිළිය නොව එම නිළිය වේදනාවට පත් කරන්නා බවට පත්වේ. ‘ඔබගේ වේදනාව සමඟ විනෝද වන්න’ යන්න මේ යුගයේ නියෝගය බැවින් (ස්ව)පීඩකයා යනු ධනවාදයේ වඩාත්ම උත්කර්ෂවත් ගොදුරයි යනුවෙන් ජිජැක් පෙන්වා දෙයි. නිෂ්පාදන සම්බන්ධයකදී ස්වාමියා විසින් වහලාට (ශ්‍රමිකයාට) වේතනයක් ගෙවනු ලැබුවත් ස්වපීඩා සම්බන්ධයක දී සිදුවන්නේ වහලා විසින් ස්වාමියාට ගෙවනු ලැබීමයි (වේදනාව ජනනය කිරීමේ මිල – එනයින් වඩාත්ම වේදනාත්මක ලෙස ලිංගික සංසර්ගයේ යෙදෙන කළු ජාතික නළුවන් සඳහා වැඩිපුර මිලක් ගෙවීමට නිළියන් සුදානම් ය).
මෙම නව සම්බන්ධයේදී ජනනය කෙරෙන්නේ අතිරික්ත ප්‍රමෝදයකි
පැරණි ශ්‍රම සම්බන්ධයේදී අතිරික්ත වටිනාකමක් (surplus value) ජනනය කරනවා සේම මෙම නව සම්බන්ධයේදී ජනනය කරන්නේ අතිරික්ත ප්‍රමෝදයකි (surplus enjoyment). ඉදින් වේදනාව ජනනය කිරීම සඳහා පාලකයෙක් පීඩකයෙක් (masochist) ලෙස ඉදිරිපත් වන්නේ නම් එවිට අප විසින් ඔහුට ආකර්ශණීය මිලක් ගෙවිය යුතු වෙමු. මෙම ස්ටාලිනියානු සම්බන්ධය තේරුම් ගැනීම සඳහා අධ්‍යතන වමට අවශ්‍ය න්‍යායික මෙවලම් නොමැති අතර ඔවුන්ට එනයින් ගෝඨාභය රාජපක්ෂ ආගමනය තේරුම් යන්නේ නැත. මේ අනුව ‘හේතුව’ මත පදනම් වූ නුතන සමාජය අහෝසි වී මේ වනවිට ඉස්මතුව ඇත්තේ ‘වේදනාවේ’ ප්‍රකාශනයක් වන අනන්‍යතා සමාජ වේ. මෙම විෂය මුලික බව තේරුම් ගැනීම සඳහා ලිබටේරියානු හෝ සුබ සාධක රාජ්‍ය දයලෙක්තිකය ප්‍රමාණවත් නොවන බව ජිජැක් පෙන්වා දෙයි.
ඔබ විසින් සියල්ලම ඔබ වෙනුවෙන් තීරණය කළ යුතුය
ස්වාමියා මැදිහත්කරුවෙක් ලෙස අතුරුදහන් මෙම යුගයේදී ඔබ විසින් සියල්ලම ඔබ වෙනුවෙන් තීරණය කළ යුතුය.
ඔබ කුමන ලිංගිකයෙක්ද ? ඔබගේ පවුල් පරිසරය කෙසේ සකස් විය යුතුද ? ඔබ කුමන වර්ගයේ අධ්‍යාපනයක් ලබාගත යුතුද? ඔබ විවාහ විය යුත්තේ කෙබඳු අයෙක් සමගද ? ඔබගේ විවාහ මංගල්‍යයට මිලියන කීයක් වියදම් කළ යුතුද? ඔබගේ දරුවා කුමන පාසැලකට යැවිය යුතුද ? අනෙකා වසඟ කර ගැනීම සඳහා ඔබගේ ගවුම කෙතරම් කෙටි විය යුතුද ? ඔබ පච්ච කීයක් කෙටිය යුතුද? ඔබගේ මස්පිඩු කෙතරම් විශාල විය යුතුද?
සියල්ලම මෙම පරාවර්තනීය යුගය විසින් ‘විජිතකරණය’ (colonized) කර ඇති බව ස්ලෙවෝයි ජිජැක්ගේ මතයයි. මේ සෑම මිනිස් නිමේෂයක්ම මේ වන විට ප්‍රාග්ධනයේ තර්කනයට හසුකර හමාරය. ඒ සෑම අවස්ථාවක්ම (event) ප්‍රාග්ධන අවකාශයකි. උදාහරණ වශයෙන් මිලියනයක් පමණ වැයකර ඔබගේ විවාහ මංගල්‍යයේ ඇල්බමය නිම කළත් වැඩේ එතැනින් නිම වන්නේ නැත. ඔබගේ ඡායාරූප ඒජන්තයා කියන්නේ “හරි දැන් අපි එහෙනම් ඔබගේ බිරිඳගේ දරු ප්‍රසූත්‍රියේ අවස්ථා රැගත් ඇල්බමය සඳහා සූදානමින් සිටින” බවයි. එවිට ඔබ කළ යුත්තේ ඒ සඳහා ඇඩ්වාන්ස් මුදලක් ඔහු අතට දීමය. මේ නිදහස් යැයි අප පරිකල්පණය කරන අවකාශය වනාහී නිදහස් මොහොතක් නොව නව විජිතකරණ වහල්භාවයක් (වේදනාවක්) බව ඔබගේ මනසට ඇතුළුවීමට සෑම අයුරකින්ම “ වාරණය” කර ඇත. නව ආචීර්ණ කල්පිකභාවය (neo-conservatism) යනුවෙන් හැඳින්වෙන්නේ මෙයය.
ස්ත්‍රී පාර්ශ්වයෙන් ගත් විට නව විලාසිතා, නව රැකියා, නව සංචලතා, නව සම්බන්ධතා, නව සන්නිවේදන, අවකාශ (මුහුණු පොත) යනුවෙන් හැඳින්වෙන මෙම “නව” (neo) අවකාශය යනු ඉහත ආචීර්ණ කල්පිත නො-නිදහසේ අවස්ථාවේ. වඩාත් විජිතකරණය (colonized) කරමින් ඇත්තේ ස්ත්‍රිය වන අතර ඉහත අනතුරුදායක සමාජයේ පරාවර්තනීය බව සමනය කිරීම සඳහා සියල්ල පාලනය කරන පුරුෂ ශරීරයක් ඉහත ස්ත්‍රී අවකාශය විසින් ඉල්ලා සිටී.
ඉතින් වඩාත් මස්ගොබ සහිත, වඩාත් උස මහත, වඩා මර්ධනකාරී, වඩාත් හොඳින් කුණුහරුප කිවහැකි සම්ස්තතා පුරුෂ ශරීරය යනු ඉහත පරාවර්තනීය අනතුරුදායක සමාජයේම තාර්කික නිර්මාණයක් වේ. සංකේතනීය පිළිවෙල අතුරුදහන් වී යන මේ යුගයේ ස්වාභාවිකත්වය මෙන්ම සම්ප්‍රදාය වන දෙකම සමඟ මිනිසා දක්වන සම්භන්ධය ඛණ්ඩනය වන බව පවසන ජිවැක් දක්වන්නේ එවිට මිනිස් ඉතිහාසය සමඟ සම්භන්ද වීමට නව කේතයක් (code) සොයන බවයි.
ජැක්සන් ඇන්තනි, අමරසේකර, නලින් ද සිල්වා, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, විමල් වීරවංශ, රාජ් සෝමදේව, ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන, රාවණා ගවේශකයින් සහ “ වියත් මඟ” දිගේ පැමිණෙන බොහෝ ” “බුද්ධිමතුන්” තමාගේ කාර්ය ලෙස ස්වයං – අර්ථකතනය කරමින් ඇත්තේ ඉහත නව ආචීරණකල්පිකත්වයේ නියෝගය ලාංකික පශ්චාත් නූතන මිනිසා හට මුණගැස්වීමටය.
‘නව අහිමි කේතය’ සඳහා ඉහල මිලක් මේ වනවිට නියම වී ඇත
ජැක්සන් ඇන්තනිට නොතේරෙන දෙය නම් (ලංකාවේ මුහුණු පොතේ ස්ත්‍රීවාදීන්ගේ ගැටළුව ලෙස නම් කළ හැකි) තම දියණිය ඉහත “නිදහස” රඟදක්වන වීමට (කාඩේෂියන් උදාහරණය) ජැක්සන් පූර්ව ප්‍රධාන පියා වෙනුවෙන් කරන සටන් වැදීම යනු පරස්පර ක්‍රියා දෙකක් නොව එකම ක්‍රියාවක වෙනස් ප්‍රකාශනයන් දෙකක් යන්නය (අයෙක් විපරීත වන විට අනෙකා හිස්ටරික වේ). එකම දෙය නම් මේ දෙකේ සමපාතය තේරුම් ගැනීම සඳහා (මුහුණු පොත් නිර්මාල් සහ ගෝඨාභය තාර්කික ලෙස සම්බන්ධවන කලාපය) අසමපාත නිරීක්ෂක ස්ථානයක් (parallax gaze points) අවශ්‍ය වීමයි. මෙම ස්ථාන දෙක විසින් ම කරනු ලබන්නේ සුපිරි අහමේ විනෝද නියෝගය ක්‍රියාත්මක කිරීමයි (කාඩේෂියන් සහ ඩොනල්ඩ් ට්‍රුම්ප් මුණගැසීම අහම්බයක් නොවන බව දැන් ඔබට පැහැදිලි වනු ඇත) මේ සඳහා වන “දැනුම” මේ වන විට අප සමාජගත කර ඇත.

ඉදින් මෙම ‘නව අහිමි කේතය’ සඳහා ඉහල මිලක් මේ වනවිට නියම වී ඇත. බයිබලයේ පැරණිම පිටපත සෙවීම යේසුස් වහන්සේගේ ශරීරය නැවත විද්‍යාත්මක – ප්‍රවේණි ශල්‍ය පර්යේෂණයට ලක්කිරීම, පැරණි නටබුන් විද්‍යාත්මක ලෙස නැවත සොයාබැලීම, බුදුන්ගේ ධාතු නැවත රසායනාගාර පරීක්ෂණයට ලක්කිරීම, චන්ද්‍රිකා හා පරිගණක තාක්ෂණය ඔස්සේ ඊජිප්තු පිරමීඩ නැවත ගවේෂණය යන සියල්ල අයිතිවන්නේ ඉහත “අහිමි වූ කේතය” නැවත සොයාගැනීම නම් ක්ෂේත්‍රයටය.
දැන් අප තුන් පිටකය ජාතික වස්තුවක් ලෙස හඳුනාගෙන ඇත
ආචාර්ය ශිරන් දැරණියගලගේ පුරාවිද්‍යාව මහාචාර්ය රාජ් සෝමදේවගේ පුරාවිද්‍යාවෙන් වය්‍යූහාත්මකව (මනෝ විශ්ලේෂී ලෙස) වෙනස් වන්නේ මෙතැනදීය. රාජ් සෝමදේවගේ උත්සාහය නැති වූ සිංහලත්වයක් (විජය නොවන) නැවත සොයාදීම වන අතර ශිරාන් දැරණියගලගේ උත්සාහය ඉතිහාසය මිත්‍යාහරණය කිරිමය (අනුභූතිකය පදනම් කරගත් නූතන ඥානවිභාගය). සෝමදේව විසින් මිත්‍යාහරණය කළ යුතු අතීතයක් නැවත නැවත මිත්‍යාකරණය (mythologize) කරනු ලබයි.
ගෝලීය ධනවාදය තුළ “අනතුරට” වැටී ඇති සිංහලත්වයක් එම අනතුරින් ගලවා ගැනීම පිණිස (හිට්ලර් ජර්මන් ජාතිය ගලවා ගත්තා බඳු) ඔවුන් සටන් වැද ඇත. “නැති වූ කේතයක් ” ඇති බවට කරන පරිකල්පණය වනාහි දෘෂ්ඨිවාදය විසින් මෙහෙයවනු ලබන කලාපයකි. දැන් අප තුන් පිටකය ජාතික වස්තුවක් ලෙස හඳුනා ගෙන ඇත. නැති වූ මහා අනෙකා (ඉහත සඳහන්) සොයා යෑම වෙනුවෙන් ඉහත කේතය සෙවීම නම් ක්‍රියාව ඔස්සේ සිදුවන දෙය නම් දෘෂ්ඨිවාදය “මම” සහ “අනෙකා” අතරට පිවිසීමයි.

මිනිස් ඉතිහාසයේ කෘරතම, අශිෂ්ඨම, අශ්ලීලම ඝාතන සිවුවන්නේ මෙයින් පසුවය. අපගේ එදිනෙදා ජීවිතයේ පරාජයන්, අසමත් කම් සහ ආතතීන් මේ ඔස්සේ අප අනෙකා වෙත මුදාහරිනු ලබයි. විශේෂයෙන් ඉහත විජිතකරණීය ආචීර්කරණකල්පිතය තුල මිනිසා පත්වෙන අසරණ බවෙහි අමානුෂික දේශපාලනය බිහිවන්නේ දෘෂ්ටිවාදයේ ව්‍යූහයක් ගොඩනගා ගැනීමට මිනිසා දක්වන ආශාව දේශපාලනීකරණය වන මොහොතේදීය. මේ වනාහි අද දවසේ ගෝලීය දේශපාලනයේ මනෝ විශ්ලේෂී සිතියම් විද්‍යාවයි (cartography). අප අනෙකා පදනම් කරගත ජාතික දේශපාලනයක් ප්‍රවේශමෙන් නිපදවා ගත යුත්තේ එබැවිණි.
මෙම “සතුරු අනෙකා” තේරුම් ගැනීම පිණිස විද්‍යාවක් සොයායන ගමනේ මූලික දෘෂ්ඨිවාදී මැදිහත් වීමක් කරන්නේ ස්ලෙවෝයි ජිජැක් විසිනි. මෙම කලාපය සම්ප්‍රදායික මනෝ විශ්ලේෂණය විසින් නම්කර ඇත්තේ “අඳුරු මහාද්වීපය” ලෙසය. අප තුලම ඇති විනිවිදිය නොහැකි විෂයමූලිකත්වය මෙය වන අතර නාසි ජර්මණිය සහ ගොබෙල්ස් විසින් සූරාකනු ලැබුවේ මිනිස් විෂයේ ඇති මෙම අඳුරු කලාපයයි. නැතිනම් මිනිසාගේ මුග්ධ ප්‍රමෝදයයි. (Idiotic Jouissance). කුඩා දරුවකු තම අනාරක්ෂිත බව සහ අසරණ බව විසින් බියපත් කරණ ලදුව තම පියා සොයා යන්නේ යම්සේද අධ්‍යතන වෙළඳපොළ ධනවාදයේ අනාරක්ෂිත බවින් පොළඹවනු ලදුව මිනිස් විෂය සම්ස්තතා, පීතෘරූපකරණයක් සොයා යනු ලබයි. නැත්නම් සොයායාමට පොළඹවනු ලබයි. ගෝඨාභය රාජපක්ෂ කරළියට පැමිණෙන්නේ මෙම තීරණාත්මක මනෝ විශ්ලේෂී මන්සන්ධියේදීය.
පීඩක පුරුෂ පීතෘත්ව රූපකයකට දක්වන අවිඥාණික “අනුරාගික බන්ධනය” (Passionate attachment) අවසන් වන්නේ ස්වාමි – සේවක සම්බන්ධයකදී විෂයමූලිකත්වයක බව ජුඩිත් බට්ලර් උපුටා දක්වමින් ජිජැක් සඳහන් කරයි සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධයකදී ගැහැණිය “උඩ ” සිටින පිරිමියා “යට” කරගෙන මෙම පශ්චාත් නූතත සම්භන්දතා කලාපය තුල “උඩට” පැමිණියද මූලික ස්වාමි-සේවක අවසන් වන්නේ නැත. සම්බන්ධයේ ලිබ්ඩෝ කලාපය අවිඥාණක කාලයක ඇත්ත වශයෙන් පිරිමියා සිටින්නේ “උඩය” සතුට පවතින්නේ උඩවත් යටවත් නොව “තහනම” තුල බව උඩ ඉන්න කෙනාටත් යට ඉන්න කෙනාටත් පොදු අවිඥාණික නීතියයි. නමුත් අධ්‍යතන ධනවාදී වෙළඳපොළ විසින් එම දැනුම වාරණය කරමින් උල්ලංඝනය සඳහා ඉඩ කඩ විවර කරමින් ඇත. ප්‍රශ්නය ඇත්තේ දෙමළා තුලවත් මුසල්මානුවා තුලවත්, යුදෙව්වා තුලවත් නොව තමාගේම (විෂයේම) ලිබිඩෝමය තෘප්තියේ ආකෘතිය තුල බව සත්‍ය ලෙස වාරණය කරන දැනුමයි. අපගේ අධ්‍යයන් දිශානත, වන්නේ ධනවාදයේ මෙම වාරණය කර ඇති “දැනුම” එළිදරව් කිරීම වෙනුවෙනි. එය සාමාන්‍ය විචාරක දැනුම් නිෂ්පාදනයේ ප්‍රාග්ධන තර්කය තුල ස්ථානගත වන්නක් නොවේ. සරලව කිවහොත් අපගේ “දැනුම” මාකට් කළ නොහැක. එසේ මාකට් කළ හැකි වූවානම් දැන් වන විට අප කෝටිපතියන්ය.

ජර්මානුවාගේ අවුලට යුදෙව්වාට කළ හැකි දෙයක් නැති බවට වන තේරුම් ගැනීම “වාරණය” කිරීම ගොබෙල්ස් න්‍යායේ ආරම්භයයි
යුදෙව්වා සතුරෙක් ලෙස හඳුනා ගැනීම වෙනුවෙන් අප යම් දැනුමක් කැපකළ යුතුය. එම දැනුම නම් ජර්මානුවාගේ අසංගත බවේ මූලය ඇත්තේ ඔහු තුලම බවට වන දැනුමයි. ජර්මානුවාගේ අවුලට යුදෙව්වාට කළ හැකි දෙයක් නැති බවට වන තේරුම් ගැනීම “වාරණය” කිරීම ගොබෙල්ස් න්‍යායේ ආරම්භයයි.
පවත්නා ධනවාදයේ විෂයමූලික බව වසන් කරනු වස් ඒ වෙනුවට සර්වාධිකාරී පාලකයෙක් ගෙන ඒම විසඳුමක් නොවේ යන “දැනුම” මේ වන විට ලාංකික මුහුණු පොත් “බුද්ධිමතුන්” වාරණය කර ඇති දැනුම වේ. මෙය පශ්චාත් දේශපාලනය බවට නම් කළ හැක්කේ එසේ සර්වාධිකාරී වෙනසකින් කිසිවක් වෙනස් නොවන නිසාය.
හරියටම හැරීගේ සහ මේගන්ගේ “රැඩිකල්” කසාදයට පසුත් දිගින් දිගටම රාජකීය වතාවත් (rituals) පෙර පරිදිම (“රැඩිකල්” මේගන් සහ හැරීද ඇතුළුව) පිළිපදිමින් සිටිනවා වැනිය. එම අධිනිශ්චය වූ (ග්‍රාම්ස්චි) කසාදය විසින් අපේක්ෂා කළේ අභ්‍යන්තර බාධාවකි (ලැකාන්). එම රැඩිකල් බව තුලම ඔවුන් නිදහස් නැති බව කිසිවෙක් පැවසුවේ නැත (අවිඥානික වාරණය). එනයින් එම කසාදය තුල සිටි මේගන් හා හැරී, ඔවුන් දෙස වීදි දෙපස සිටිමින් බලාසිටි නරඹන්නන්, රූපවාහිනියෙන් නරඹන ලද අප, යන සියල්ලෝම ඉහත නව ආචීර්ණකල්පිකවාදය තුලට ඇතුල්වන්නේ කිසිවක් වෙනස් නොවුන, පැරණි දෙයම යලි යලිත් පුනර්ජීවනය වන, අපේක්ෂාභංග මානසික ව්‍යූහයන් තුලට ගාල්වෙමිනි.
ගෝඨාභයගේ ආගමනය අර්ථකතනය කළ හැකි හොඳම නිර්ණායක මේ අනුව ඉහත ආචීර්ණකල්පිත බවේ පුනර්ජීවන ව්‍යූහයයි. මහින්ද රාජපක්ෂ යුගය තුල ගෝඨාභයගේ රූපකය හොඳින්ම දන්නා අප මෙහිදී අමතක කරන දැනුම කැමක්ද ?
ඔබ පරිපූර්ණත්වය වෙත ළඟාවන්න - ධනේෂ්වර වෙළඳපොල
ධනේෂ්වර වෙළඳපොළ විසින් අපට දිගින් දිගටම ඒත්තු ගන්වන්නේ එක් දෙයකි, එනම් ඔබ “පරිපූර්ණත්වය” වෙත ළගාවන්න යන නියෝගයයි. (කියවන්න ටොඩ් මැකෝවන්ගේ Capitalism and Desire කෘතියේ 129 පිටුව)

Capitalism and Desire
ඔබ දැන් අඳින ඔඩෙල් සාප්පුවෙන් ගත් ගවුම වෙනුවට මේගන් ගේ ගවුම ඇඳ බලන්න. ඔබගේ ඔඩෙල් අසම්පූර්ණ බව වෙනුවට එවිට ඔබ පරිපූර්ණතිය වෙත යනු ඇත යන්න වෙළඳපොලේ තර්කයයි. නමුත් මෙම පරිපූර්ණ බව යනු මායාවක් (Illusion) මිස අන් කිසිවක් නොවේ.
රොමෑන්තික බව යනු වෙළඳ භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා වැඩි දෙයක් නොවේ
මැගෝවන්ට අනුව ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් සොයා යන අපට වෙළඳපොළ විසින් ඉදිරිපත් කරන්නේ ද ඉහත පරිපූර්ණ බවේ තර්කයමයි. මේ අනුව රොමෑන්තික බව යනු ඉහත භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා වැඩි දෙයක් නොවන බව මැගෝවන් මේ යුගයේ පෙන්වා දෙයි.
ඉදින් අප ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස දරදඬු පාලකයෙක් (පීඩකයෙක්) සොයායෑමේ වෙළඳපොළ තර්කණය තුල ඇත්තේ ද අපගේ පරිපූර්ණත්වය සොයායාමේ ශිෂ්ඨාචාර තර්කයම නොවේද ? පවත්නා වියවුල් සහ කැළඹුණු පශ්චාත් යටත් විජිත අවුල මේ සඳහා පසුබිමක් ද සපයයි. අනෙක් අතට තරඟකාරී ජාතිකත්ව කතිකාවද එය උල්පන්දම් දෙනු ලබයි.
නිර්මාල් රංජිත් සිතනවාට පරස්පරව ගෝඨාභය රාජපක්ෂ ලාංකික භූමිය තුළ ස්ථාන ගතවන මනෝ විශ්ලේෂී පසුබිම ගැන දැනගන්න
ඉදින් අපගේ පරිපූර්ණ බවේ සතුරා දෙමළෙක් හෝ මුසල්මානුවෙක් නම් ඉදින් එවිට ඉහත පීඩක (වේදනාව නිෂ්පාදනය කරන) පීතෘ රූපයකට තව තවත් වැඩි වටිනා කමක් ලැබෙනු ඇත. ඔහු විසින් වේදනාව නිෂ්පාදනය කරන බව අප හොදින්ම දන්නා බැවින් ඔහුට අප ගෙවිය යුතු මිලද ඉහලය. ජාතිකත්ව වසඟය තුළ සමකාලීන සිංහල දේශපාලනය මර්ධනීය පාලකයෙක් ඉල්ලා සිටින්නේ මන්ද යන්න ඔබට දැන් පැහැදිළි ඇති යයි සිතමු. නිර්මාල් රංජිත් සිතනවාට පරස්පරව ගෝඨාභය රාජපක්ෂ ලාංකික භූමිය තුළ ස්ථාන ගතවන මනෝ විශ්ලේෂී පසුබිම මෙයයි.
එතැනදී අප අමතක කරන්නේ මෙම ළිපියේ මාතෘකාව ට පදනම් වූ ජාතිකත්ව වධකයා වෙතට නව මානව වටිනාකමක් ආරෝපණය කිරීමේ හොලිවුඩ් මුසාවයි. ලාංකික දේශපාලනයේ පවා අද දක්වා සිදුවූ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපගේ දේශපාලන සදාචාරය ඇතිවී ඇති සිතාගත නොහැකි තරම් වූ ගැඹුරු වෙනසයි.
අවසානයේ මෙසේ ලිවිය හැකිය. අපගේ අහමේ සහ ප්‍රමෝදයේ ‘කෙටි පරිපථය’ නම් ස්ථානය විනෝද මර්ධිත ස්ථානය එවන් පාලකයෙක් විසින් නිපදවනු ඇත (short-circuit between Ego and jouissance). විනෝදය කරා අපට ළඟාවිය නොහැක්කේ දෙමලා හෝ මුසල්මානුවා නිසා බව ඔහු වහාම කියනු ඇත. එවිට ආශාවේ නැතිවූ වස්තු හේතුව (missing object-cause-of-desire) ‘දෙමළා’ බවට පත් වීමට වැඩි වෙලාවක් යන්නේද නැත. ඔබට ඇත්තේ ‘ගෙදර යන ගමන්’ (කාගිල්ස් වෙළඳ පාඨය) පාරිභෝගික විනෝදයේ ම කොටසක් ලෙස ඡන්ද පොළට යාමට පමණි…
(කියවන්න ජිජැක් ගේ Can One Exit from the Capitalist Discourse without Becoming a Saint ? ලිපිය සහ You May!: The Postmodern Superego යන ලිපිය. ඒ සමඟම ජිජැක් විසින් ගාඩියන් සඳහා ලියන ලද The depraved heroes of 24 are the Himmlers of Hollywood අදාළ කර ගතිමි. ටොඩ් මැගෝවන් ගේ Capitalism and Desire පොත ද මෙහිදී භාවිතා කෙරිණි.)
සබැඳි පුවත්
ඉතිහාසයේ ආපතික ආක්‍රමණය සහ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
අපතේ ගිය සිව් වසරක් සහ අපතේ යන මැතිවරණ වසරක් (1)
- ආචාර්ය ඩබ්. ඒ. වි්ජේවර්ධන -
අලූත් ආණ්ඩුවට රෝගියෙකු භාර ගැනීමට සිද්ධ වීම
වර්තමාන ආණ්ඩුව 2015 දී බලයට පත්වන විට ලංකාව තිබුණේ උග‍්‍ර ආර්ථික අර්බුදයක ය.
2012 දී සියයට 9 ක් වශයෙන් පැවති ආර්ථික වර්ධනය, 2013 වන විට සියයට 3.4 දක්වා පහත වැටී, 2014 වන විට තාවකාලික සියයට 5 ක වර්ධන වේගයක නතර වී තිබුණි. එය පවා අඩු වර්ධන වේගයකි. 2010 සිට 2014 දක්වා කාලය තුළ රටේ අපනයන වෙළඳාම ඩොලර් බිලියන 10 සීමාවේ එක තැන රැඳී තිබුණි. ඒ කාලය තුළ ආනයන වියදම ඩොලර් බිලියන 18 ක් පමණ විය. ඒ අනුව, ලංකාවේ විදේශ වෙළඳ ශේෂයේ ඩොලර් බිලියන 8 ක වාර්ෂික හිඟයක් තිබුණි.
කෙසේ වෙතත්, විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප‍්‍රමාණය වසරකට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 5 ක් පමණ වූ බැවින් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් අතර හිඟය ඩොලර් බිලියන 3 ක් පමණ විය. මෙය, රටක ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් වශයෙන් හැඳින්වෙයි.
ඒ හිඟය පියවා ගැනීමට සිද්ධ වුණේ විදේශයන්ගෙන් ණය ගැනීමෙනි. වැඩියත්ම, විදේශ වාණිජ ආයතනවලිනි. එම වාණිජ ණය ලැබෙන්නේ ඉහළ පොලී අනුපාතිකයක් සහිත ඉතා තද කොන්දේසි යටතේ ය. බාහිර ණය අර්බුදය වශයෙන් අද හැඳින්වෙන තත්ත්වයේ බීජ හටගත්තේ එතැනිනි. එහිදී, විදේශ රාජ්‍යයන්ගෙන් සහ විදේශ පෞද්ගලික මූල්‍ය ආයතනවලින් 2010 වන විට ලංකාව ලබාගෙන තිබූ ඩොලර් බිලියන 21 ක ණය ප‍්‍රමාණය, 2014 වන විට ඩොලර් බිලියන 43 දක්වා ඉහළ ගොස් තිබුණි. එනම්, දෙගුණයකටත් වඩා ණය කන්ද ගොඩ ගැසීමකි. ඒ ණය ප‍්‍රමාණයෙන්, පෞද්ගලික මූල්‍ය ආයතනවලින් 2010 වන විට ලබාගෙන තිබූ වාණිජ ණය ප‍්‍රමාණය සියයට 20 කි. මෙය, 2014 වන විට සියයට 40 දක්වා වැඩි වී තිබුණි.
අපේ මුළු විදේශ ණය කන්දරාව තුළ තිබූ වාණිජ ණය ප‍්‍රමාණය එසේ අති මහත් අන්දමින් ඉහළ ගොස් තිබීම නිසා, ණය වාරික ගෙවීමේදී මුහුණදීමට සිදු වූ පීඩනය හමුවේ රුපියලේ අගය පහළ යාමට නියමිත විය. එසේ වෙතත්, මූල්‍ය වෙළඳපොළ තුළ කෙරෙන මෑනවීම් මාර්ගයෙන් ඩොලරයේ රුපියල් වටිනාකම 130 ක කෘත‍්‍රීම අගයක් මත හිර කරගෙන තබා ගැනීමට කටයුතු කෙරුණි.
මෙවැනි මූල්‍ය වෙළඳපොල මෑනවීම් හැඳින්වෙන්නේ ‘දුරාචාර තල්ලූව’ වශයෙනි. මහ බැංකුව ක‍්‍රියාවේ යොදවන ‘සදාචාර තල්ලූවක’ සුජාතභාවය ඒවාට නොලැබෙයි. මේ නිසා, විදේශ විනිමය ගනුදෙනු කරන වාණිජ බැංකු තැරැව්කරුවෝ, මහබැංකුව විසින් අනුදක්නා අනුපාතිකයට ඉහළින් ඉල්ලූම් කොට තිබූ තමන්ගේ ලංසු ඉවත් කරගන්ට වූහ. එබැවින්, ඩොලර් සඳහා වෙළඳපොළේ පවතින සත්‍ය ඉල්ලූම සහ සැපයුම මත තීන්දු විය යුතු රුපියලේ සැබෑ වටිනාකම වෙත ළඟා වීමට නොහැකි විය.

මේ අතර, රාජ්‍ය ආදායම් අංශයේ ද අර්බුදයක් නිර්මාණය වෙමින් තිබුණි. එය සිදුවුණේ, රජයේ ආදායම, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් එක දිගටම පහළ වැටීම නිසා ය. දළ දේශීය නිෂ්පාදිතය යනුවෙන් ගැනෙන්නේ රටේ සමස්ත නිෂ්පාදනයේ මුළු වටිනාකමයි. ඒ අනුව, එම නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට, 2013 රජයේ ආදායම සියයට 13 ක් විය. එය, 2014 වන විට සියයට 11.6 දක්වා පහළ වැටුණි. මේ කාලය තුළ රජයේ වියදම, ඉහත කී දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 18 ක් පමණ විය. ඒ අනුව, රජයේ අයවැය තුළ සියයට 6 ක පමණ හිඟයක් තිබුණි. මේ හිඟය නිසා, එක පැත්තකින් රාජ්‍ය ණය දරා ගත නොහැකි මට්ටමට තවත් ඉහළ ගියේය. අනිත් පැත්තෙන් ඒ හිඟය පියවා ගැනීම සඳහා තවත් මුදල් සැපයීමට සිදුවූ නිසා රුපියල අවප‍්‍රමාණ වුණේය.
අලුත් ආණ්ඩුව රෝගී ආර්ථිකය ගොඩගන්න කටයුතු කළාද ?
මේ විදිහට, ආර්ථිකය සම්බන්ධයෙන් ගත් විට, මේ ආණ්ඩුව භාර ගත්තේ, රෝගී ආර්ථිකයකි.
එහෙත් ආණ්ඩුව අනතුරු ඇඟවීම් නොතකා හැරියේය
රටේ තත්වය එසේ වූ බව අලූත් ආණ්ඩුව නොදැන සිටියා නොවේ. රට මුහුණදෙමින් සිටි ආර්ථික අර්බුදයේ තරම, ‘ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’ මගින් ඕනෑවටත් වඩා ආණ්ඩුවට දැනුම් දී තිබුණි. අලූත් ආණ්ඩුව දිව්රුම් දීමට මාසයකට කලින්, ‘ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ’ 2014 වර්ෂයේ ආර්ථික තත්වය පිළිබඳ වාර්තාව නිකුත් කොට තිබුණි.
ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය, නොවැටී සිටිය යුතු බොරු වළවල් කිහිපයක් ගැන, ඉහත කී ආයතනය අනතුරු අඟවා තිබුණි. එකක් වුණේ, පිටරටවලින් ගන්නා ණය සහ ආණ්ඩුවේ සුරැකුම්පත් හරහා විදේශ මුදල් සංචිතයක් ගොඩනගා ගැනීමේ මෝඩකම නිසා විනිමය අනුපාතිකයේ අගය පහළ වැටීමට ඇති ඉඩකඩ ය.
තවත් කාරණයක් වුණේ, භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ශක්තිමත් උපාය මාර්ගයක් සකසා ගන්නවා වෙනුවට, විදේශ විනිමය අවශ්‍යතා සඳහා වැඩි වැඩියෙන් වාණිජ ණය ලබා ගැනීම තුළ ඇති අවදානමයි.
තෙවැනි කරුණ වුණේ, ආණ්ඩුව වෙනුවෙන් පිටරටවලින් ණය ලබා ගැනීම රාජ්‍ය බැංකුවලට පවරා, ආණ්ඩුවේ ණය පිළිබඳ සංඛ්‍යාලේඛන ලස්සණට තබා ගැනීමේ ඇති නොමනා කමයි. හතරවැනි කරුණක් ද පෙන්වා දී තිබුණි. එනම්, සෘජු විදේශ ආයෝජන මුළුමණින් සත්කාරක (සංචාරක) ක්ෂේත‍්‍රයට සංකේන්ද්‍රගත කිරීමෙන් ඇති විය හැකි උපද්‍රවයයි.
පස්වැනුව, අයවැය හිඟයේ තරම අඩු කොට පෙන්වීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රාග්ධන වියදම් කපා හැරීමෙන් ඇති විය හැකි දීර්ඝ කාලීන නරක ප‍්‍රතිවිපාක, ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ගත යුතු බවත් ඒ ආයතනය මගින් පෙන්වා දී තිබුණි.
රෝගීව තිබූ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මේ වාර්තාව අලූත් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති සඳහා පාවිච්චියට ගත හැකි මාර්ගෝපදේශයක් කර ගත යුතුව තිබුණි. එහෙත් එය ආණ්ඩුවේ සැලකිල්ලට නොගැනුණි.
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ආර්ථිකය කැප කිරීම
ආර්ථික ක්ෂේත‍්‍රය මුළුමණින්ම අතහැර අලූත් ආණ්ඩුව තමන්ගේ මුල් හය මාසය ගත කෙළේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථික අර්බුදය උග‍්‍ර වූ අතර එක පැත්තකින් ආර්ථික වර්ධන වේගය බාල වූ අතර අනිත් පැත්තෙන් යෝධ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නයක් ඇති කර ගැනුණි.
විදේශයන්ගෙන් ලබාගෙන තිබූ ණය ආපසු ගෙවීමට ප‍්‍රමාණවත් විදේශ ආදායම් මට්ටමක් නොතිබුණු තත්වයක් තුළ, කල් පිරෙන ණය ගෙවීම සඳහා පමණක් නොව, වාර්ෂික පොලී ගෙවීම සඳහා පවා, විදේශයන්ගෙන් තව තවත් ණය ගැනීමට අලූත් ආණ්ඩුවට සිද්ධ විය. ඒ නිසා, 2014 දී ඩොලර් බිලියන 24 ක් වූ විදේශ ණය ප‍්‍රමාණය 2017 අවසන් වන විට ඩොලර් බිලියන 31 ක් දක්වා ඉහළ ගියේය. මේ තත්වය තුළ විදේශ විනිමය අනුපාතිකය කෙරෙහි එල්ල වෙමින් තිබූ දැඩි පීඩනය හමුවේ රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් බිලියන 4 ක් වෙළඳපොළට මුදා හැරීමට මහ බැංකුවට සිදු විය. එහෙත් එය සාර්ථක වුණේ නැත. එනම් රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට හැකි වුණේ නැත.

අයවැය ඉලක්කම් සමග සෙල්ලම් කරන මුදල් අමාත්‍යවරයෙක්
මුදල් ඇමති රවි කරුණානායක යටතේ මුදල් අමාත්‍යාංශය වැරදි ගණනාවක් කෙළේය. 2016 අයවැය තුළ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වන වියදම් සහ ආදායම් සම්බන්ධයෙන් ඉහළ අගයක් පෙන්නුම් කිරීම සඳහා අපූරු ආදායම් අයිතමයක් ඊට එක් කොට තිබුණි. එනම් අධ්‍යාපනය සහ සෞඛ්‍ය කටයුතු සඳහා පාවිච්චියට ගැනෙමින් තිබූ ගොඩනැගිලි සඳහා වන කල්පිත කුලියක් සඳහන් කිරීමයි. එය, ඩොලර් බිලියන 139 ක කුලී ආදායමක් වශයෙන් දක්වා තිබුණි.
මේ සංඛ්‍යාව එක් වූ විට අයවැය වාර්තාව ලස්සණ විය. එහෙත් එයින් අයවැය ශක්තිමත් වුණේ නැත. මන්ද යත්, එවැනි ආදායමක් යනු, පොතේ සටහන් කෙරෙන සංඛ්‍යාවක් මිස මහ භාණ්ඩාරයට එක් වන සැබෑ ආදායමක් නොවුණු නිසා ය. නොපවතින ආදායම් සහ වියදම් පිළිබඳ සංඛ්‍යා ලේඛන පාවිච්චි කිරීමේ ඇති අවදානම ගැන විවේචනාත්මක ලිපියක් එදා මා ලියා තිබේ. ‘ඉලක්කම් එක්ක ඔට්ටු වීම යහපාලන ප‍්‍රතිපදාව නොවේ’ යන්න ඒ ලිපියේ මාතෘකාව විය.
එහෙත් රවි කරුණානායක ඇමතිවරයා ඒ කාරණය අරභයා දැඩි මතයක සිටියේය. එය, ලංකාව ගැන ලෝකය පුරා සිටින රාජ්‍ය මූල්‍ය විශේෂඥයන්ගේ උපහාසය ඇති කිරීමට එදා හේතු විය. ආණ්ඩුවේ ඒ අඥාන ක‍්‍රියාව නිවැරදි කිරීමට රනිල් වික‍්‍රමසිංහ කිසි ප‍්‍රයත්නයක් ගත්තේ නැත. වාසනාවකට, අයවැය සංඛ්‍යා ලේඛනවල පැවති ඒ විෂමතාව, 2017 අයවැය ඉදිරිපත් කිරීමේදී ඊළඟ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නිවැරදි කොට තිබුණි.
(මෙහි දෙවැනි කොටස බලාපොරොත්තු වන්න)
2019 ජනවාරි 7 වැනි දා Daily FT පුවත්පතේ පළවූ, ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන ලියූ “Sri Lanka's Deep Economic Crisis: Wasted Four Years & a Wasting Election Year" නැමැති මේ සමග අමුණා ඇති ලිපියේ පළමු කොටස සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි
සබැඳි පුවත්
රුපියල අවප්‍රමාණය වීමේ පූර්ණ වාසිය ආණ්ඩුවටයි
රෝහණ විජේවීර ඝාතකයෙක්ද ?
රෝහණ විජේවීර පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා නැත
ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුණේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට සංවේදී පුද්ගලයෙකු විය. එහෙත් සමහර අවස්ථාවලදී තමන් ගේ හිටපු අනුගාමිකයන් පවා ඝාතනය කිරීමට නියෝග දීමට ඔහු පෙළඹුණු අයුරු පෙනී යයි.මිනිසුන් ඝාතනය කිරීමේ දේශපාලනයක් කරා රෝහණ විජේවීර ගමන් කලේ මන්ද කියා මනෝ විද්‍යාත්මකව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් නොමැත. මේ සඳහා ළමා කාලයේ මෙන්ම පසුකාලීනව ඔහු විසින් අත්විඳි ක්‍ෂිතිමය තත්වයන් බලපෑ බවට උපකල්පනය කල හැකිය.
ආර්ථික ගැටළු, කුල පීඩනය හා සමාජ විෂමතා වලින් පීඩා විඳිමන්
ළමා කාලයේ සිට විජේවීර ආර්ථික ගැටළු, කුල පීඩනය වැනි සමාජ විෂමතා නිසා පීඩා වින්ඳේය. ශාරීරික වශයෙන් ඔහු දුර්වල පුද්ගලයෙකු විය. උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුණි. මේ නිසා ඔහු තුළ Body dysmorphic disorder තත්ත්වය තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. මෙකී කරුණු විජේවීරව නිර්දය චරිතයක් බවට පරිවර්තනය කළේය.
1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මැරයන් ගේ මෙහෙයවීම මත දෙණියායේ වත්තක ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසක් විසින් ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීරට පහරදී සදාකාලික ආබාධිතයෙකු බවට පත් කරනු ලැබීය. මෙම දුක්ඛදායක සිද්ධිය වන විට විජේවීර වයස හතරක දරුවෙකි. මේ සිදුවීමෙන් පසු විජේවීර ගේ ජීවිතය අභාවවාචක ලෙස වෙනස් විය. ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ගේ ජීවිතය තවත් පීඩාකාරී විය. මේ ක්‍ෂිතිමය සිදුවීම් ළමා විජේවීරගේ මනසට තදින්ම බලපෑවේය.
මව කෙරෙහි වූ අවිඥාණික වෛරය
විජේවීර තම පියා කෙරෙහි මානසිකව බැඳී සිටි අතර ආබාධිත වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නොසලකා හැරිය බවත් ඉන් ඔහුගේ මරණය ඉක්මන් වූ බවත් විශ්වාස කලේය. ඔහුට තම මව සමග බොහෝ අවිඥාණික ගැටුම් තිබූ අතර තමන් ගේ මව මිතුරන් ඉදිරියේ පවා සැතිරියක් ලෙස නම් කරමින් අවඥාවට භාජනය කලේය. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතා උපකාර කළේය. විජේවීර ඇතුළු සිසුන් පැට්‍රිස් ලුමුම්බා සරසවියේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම වූ අතර ඔහු 1960 වසරේ මොස්කව් බලා පිටත් විය.
හැටේ දශකයේ දකුණු පළාතේ නොදියුණු පසුගාමී ග්‍රාමයක ජීවත් වූ විජේවීර මොස්කව් නගරය දැකීමෙන් විමතියට පත් වූවා නිසැකය. සමහරක් විට ඔහුට මොස්කව් නගරය ලාස් වේගාස් නගරය මෙන් වූවාක් වෙන්නට ඇත. සංවර්ධිත සමාජයක් ජීවත් වූ මොස්කව් නගරයේ තිබූ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ පවා ඔහු දුටුවේ අධි සුඛෝපභෝගී භාණ්ඩ ලෙසටය. මේ නිසා ඔහු චීන කොමියුනිස්ට් ක්‍රමය අගය කලේය. තවද ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ගේ අයථා ක්‍රියාවන් දුටු ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කලේය.
අධ්‍යාපනය දුෂ්කර ව්‍යායාමයක් වූ කල
අපොස සාමාන්‍ය පෙළ මට්ටමට තිබූ පාසල් අධ්‍යාපනයද ඉංග්‍රීසි භාෂාව පිලිබඳව තිබූ ඌණ දැණුම නිසාද සමහර සායනික විෂයන් ඉගෙනීම ඔහුට දුෂ්කර විය. ඔහු සමග සෝවියට් දේශයට ගිය අනෙකුත් නාගරික සිසු සිසුවියන් රුසියන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සායනික විෂයන් හදාරා විභාග වලින් සමත් වූහ. (විජේවීර සමග වෛද්‍ය අධ්‍යාපනයේ යෙදුණු එක් ද්‍රවිඩ තරුණියක් සෝවියට් වෛද්‍ය උපාධියෙන් පසුව එංගලන්තය බලා ගොස් පසුව එහි වෛද්‍යවරියක සේ සේවය කළාය) එහෙත් විජේවීරට ජීව රසායන විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විෂය සමත් වීමට නොහැකි විය.
ජීව රසායන විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විෂය අසමත් වීමත් තම ගෙදර දොරේ පැවති සමාජ ආර්ථික ගැටළු නිසාත් පියාගේ අසනීප තත්වයත් නිසා විජේවීර ක්ලමථ තත්වයකින් පීඩා විඳින්නට ඇත. ඔහු මේ කාලයේදී ඔහු තුල Adjustment Disorder (සමායෝගී ආබාධය) නම් ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ තිබූ බවට සැක කළ හැකිය. මේ නිසා විවේක ගනු පිණිස වෛද්‍යවරු විජේවීරව සැනතෝරියා හෙවත් වෛද්‍ය සුඛාගාරයකට යවන ලදි. ඔහු මෙම වෛද්‍ය සුඛාගාරයේ සිටියදී ශ්‍රී ලාංකික සිසුන් ඔහුව බැලීමට ගියෝය.
සෝමපාල කරුණාසේන සමග කෝපයෙන්
සෝමපාල කරුණාසේන, විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙකි. ඔහු විජේවීර බැලීමට ගිය විට විජේවීර සිටියේ කෝපයෙනි. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කළ විජේවීර තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් කීවේය. මිනිස් ඝාතන පිලිබඳව විජේවීර ප්‍රසිද්ධියේ කතා කල මුල් අවස්ථාව එය වන්නට ඇත. කෙසේ නමුත් විජේවීර සිටි වික්‍ෂිප්ත තත්වය නිසා සෝමපාල කරුණාසේන වැඩි වේලාවක් නොසිට එන්නට ආවේය.
මෙම අසනීප තත්ත්ව නිසා විජේවීර 1964 වසරේදී ලංකාවට ආවේය. ලංකාවේදී ඔහු චීන පිලේ ෂන්මුගදාසන් සමග ගනුදෙනු කළ නිසාත් තමා ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ විවේචනය කල නිසාත් කේ.පී සිල්වා ගේ මෙහෙයවීම නිසා කොළඹ රුසියානු තානාපති කාර්‍යාලය යලි මොස්කව් යාමට ඔහුට වීසා නොදුන්නේය. මේ නිසා ඔහු පැරණි කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් සමග වෛර බැඳගත් අතර " පටන් ගන්නේ තොපෙනී" යන වැකිය භාවිතා කිරීම ඇරඹීය.
ජවිප අරඹමින් - ආයුධ සන්නද්ධ විප්ලවය ගැන අපේක්ෂාවෙන්
1965 මැයි මස 14 වන අක්මීමන දී ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී. ආයුධ සන්නධ විප්ලවය ඔහුගේ අපේක්‍ෂාව විය. 1965 සිට 1971 දක්වා පක්‍ෂයට බැඳුණු සාමාජිකයන්ට අවි ආයුද එකතු කරන ලෙසටත් බෝම්බ සාදන ලෙසටත් විජේවීර නියෝග කළේය. 1971 ආසන්නයේදී ඔහු සෑම පොලිස් කොට්ඨාශයකම සිටින කොමියුනිස්ට් පක්‍ෂ සාමාජිකයන් ඇතුළු සතුරන් ලෙස හඳුන්වනු ලැබූ පිරිස් ( මොවුන්ව ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලදි) පිලිබඳ ලයිස්තුවක් සකස් කරන ලෙසටත් විප්ලවයේදී මොවුන්ව ඝාතනය කරන ලෙසටත් උපදෙස් දුන්නේය.
ප්‍රේමපාල හේවාබටගේ
71 කැරැල්ල සාර්ථක වූවා නම් වාමාංශික දේශපාලකයින් ඝාතනයට සැලැස්මක්
යම් ලෙසකින් 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් බොහෝ වාමාංශික දේශපාලකයන් ඝාතනය කිරීමට විජේවීර ඉටාගෙන සිටියේය. මේ හැර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඔහුගේ ඝාතන ලැයිස්තුවේ සිටියෝය. මේ හැර විප්ලවය සාර්ථක වූයේ නම් විජේවීර විසින් ලොකු අතුල , සනත් බොරළුකැටිය, මහින්ද විජේසේකර, සරත් විජේසිංහ, කඩවත මිල්ටන් යනාදී තමන් ගේම දෙවන පෙළ නායකයන් ඝාතනය කිරීමේ සම්භාවිතාවක් තිබුණි. 71 කැරැල්ල ආරම්භයටත් පෙර ලොකු අතුලව සහ කඩවත මිල්ටන්ව ඉවත් කරන බව විජේවීර පවසා තිබූ අතර වරක් එය පියතිලක විසින් මාබෝලේ රෙක්සිට පවසා තිබුණි. 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් ඝාතන වැලක් සිදු වීමට නියමිත තිබුණු බව විජේවීරව ලඟින්ම ඇසුරු කල කෙලී සේනානායක සහ නවරත්න බණ්ඩා ප්‍රකාශ කරති.1971 කැරැල්ල අසාර්ථක වී සිර දඞුවම් විඳ යලිත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත ආ විජේවීර තුලින් ඝාතන මානසිකත්වය සෑහෙන දුරකට ඉවත් වන්නට ඇත. නමුත් ජේ. ආර් විසින් ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීර යටිබිම්ගත විය. යටිබිම්ගත නොවී අනෙකුත් වාමාංශික නායකයන් මෙන් ඉදිරියට ඒමට ලයනල් බෝපගේ විජේවීරට උපදෙස් දුන්නද ඔහු තුළ තිබූ පැරනොයිඩ අදහස් , අධි තක්සේරුව මත ඔහු දිගටම සැඟවී සිටියේය. ඒ අතර විජේවීර ජ.වි.පෙ දෙවන කැරැල්ලට සූදානම් විය.
ද්‍රෝහීන් ඝාතනයට උපදෙස් දෙමින්
ජ.වි.පෙ දෙවන කැරැල්ල සමයේදී වාමාංශික නායකයන් මෙන්ම ද්‍රෝහියන් ලෙස හඳුන්වන ලද තමන් ගේ හිටපු අනුගාමිකයන් ඝාතනය කරන ලෙසට විජේවීර උපදෙස් දුන්නේය. මේ නිසා බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ අතර ධර්මසේකර, කෙලී සේනානායක, ප්‍රේමපාල, නිමල් මහරගේ, රොබට් ජයසේකර වැන්නවුන් සැඟවී ජීවිත බේරාගත්හ. ලොකු අතුල, සෝමසිරි කුමානායක, ගාමිණී බාස් යන හිටපු අනුගාමිකයන්ද 71 කැරැල්ලේදී තමන්ගෙන් ප්‍රශ්න කළ උපාලි සෙනෙවිරත්න, ඇන්ටන් ජෙගනාදන් යන පොලිස් නිලධාරීන්ද ඔහුගේ ඝාතන ලයිස්තුවේ මුලින්ම සිටි පුද්ගලයෝ වෙති. විජේවීර විසින් නියෝග දී මරා දැමුණු නන්දන මාරසිංහ විජේවීර වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල පුද්ගලයෙකි. නන්දන මාරසිංහ ඝාතනය කිරීම මගින් විජේවීර තුල තිබූ හීනවූ සහකම්පනීය අවබෝධය (lack of empathy) පෙනී යයි.
මහාචාර්ය මයිකල් ලින්ඩෙන්
මිනිසෙකු ඝාතනය කිරීම සඳහා විජේවීර භාවිතා කල වචනය වූයේ "ඉවත් කරන්න" යන්නයි. මෙසේ විජේවීර විසින් ඉවත් කිරීමට නියෝග දුන් විට ඔහුගේ බැතිමත් අනුගාමිකයන් ඉතා ම්ලේච්ඡ ලෙස අදාල පුද්ගලයන්ව මරා දමන ලදී. කුරිරු ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම විජේවීර අනුමත කලා පමණක් නොව ඔහු ඝාතන කෙරෙහි ආශක්ත ද විය. මේ සඳහා විජේවීර තුළ Posttraumatic embitterment disorder (PTED) තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය, සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි අප්‍රසන්න තිත්ත භාවය, අපිළිසරණ හැඟීම්, පළි ගැනීමේ ආශාව, සහකම්පනීය හැඟීම් අඩු බව, දුක්මුසු මනෝ භාවයන්, තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික දේශපාලනය ගැන කතා කිරීමේදී රෝහණ විජේවීර විසින් ඔහුගේ අනුදැනුම ඇතිව සිදු කරන ලද ඝාතන පිළිබඳව පමණක් කතා කිරීම තේරුමක් නොමැත. විජේවීර ගේ නියෝග මත කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන කතා කරන විට අනෙකුත් දේශපාලකයන් විසින් මනුෂ්‍ය ඝාතන නොකලේද යන්න නිතැතින්ම පැණ නැගෙයි. අනෙකුත් දේශපාලකයෝද මිනි ඝාතන කළහ. එම නිසා අපට විජේවීරට පමණක් ඝාතන පිලිබඳව ඇඟිල්ල දික් කළ නොහැක
සබැඳි පුවත්
රෝහණ විජේවීර ගැන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්
'ආයතන ප්‍රධානීන් පත්කිරීම ප්‍රමාදවීමේ වගකීම අගමැති කාර්යාලය භාරගත යුතුයි' - ජනපති
නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බව පැවසු ජනාධිපතිතුමා එය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව ඊයේ (13) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතර පැවති හමුවකදී පැවසුවේය.
මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු අතර, එමෙන්ම අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය.
https://www.facebook.com/1960441840868863/videos/vb.1960441840868863/1193728417432439/?type=2&theater
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පැවසුවේ,
මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන පසුබිමක ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බවයි.
වර්ගවාදී ප්‍රකාශ කළ ජේම්ස් වොට්සන්ගේ නොබෙල් සම්මාන නාමය ඉවතට
නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥයෙකු වන ජේම්ස් වොට්සන් ජාතිය හා බුද්ධිය පිළිබඳ වෛරී සහගත අදහස් පුනරුච්චාරණය කිරීම නිසා ඔහුට හිමිව තිබූ නොබෙල් සම්මාන නාමය ඉවත්කර තිබේ.
පසුගිය ජනවාරි දෙවැනිදා PBS නාලිකාවේ විකාශය වූ “American Masters: Decoding Watson” වාර්තා වැඩසටහනේදී ජේම්ස් වොට්සන් පවසා සිටියේ බුද්ධි පරීක්ෂණ වලදී කළු හා සුදු ජාතීන්ගේ ජාන අතර අතර සාමාන්‍යයෙන් වෙනසක් පවතින බවයි. නොබෙල් සම්මාන නාමය ඉවත් කිරීමට මේ ප්‍රකාශය හේතුවී තිබේ.
DNA අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය 1953 දී සොයාගැනීම වෙනුවෙන් මොරිස් විල්කින්ස්, ෆ්‍රැන්සිස් ක්‍රික් හා ජේම්ස් වොට්සන් ට 1962 වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් සම්මානය හිමිකරගත්තේය. ජේම්ස්ට හිමිව තිබූ රන් සම්මානය 2014 වසරේදී ඔහු අලෙවි කළ අතර වාර්ගිකත්වය ගැන ජේම්ස් කළ ප්‍රකාශ නිසාවෙන් විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන ප්‍රජාව මීටපෙර ද ඔහුව හෙළාදැක ඇත.
වොට්සන්ගේ ප්‍රකාශය පිළිබඳ Cold Spring Harbor විද්‍යාගාරය නිකුත් කළ ප්‍රකාශයක දක්වා තිබෙන්නේ, ජේම්ස් වොට්සන් ‘තහවුරු නොකළ හා නොසැලකිලිමත්‘ අන්දමින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවත් දිගු කලක් පුරා විද්‍යාගාරයේ මෙහෙයුම් කටයුතු සිදුකළ වොට්සන්ගේ සියලු ගරු නම්බු නාම අවලංගු කරන බවත්ය. මේ වනවිට 90 වන වියේ පසුවන විද්‍යාඥ වොට්සන් 2007 වසරේදීද මෙවැනි වර්ගවාදී ප්‍රකාශයක් සිදුකළ අතර පසුව ඔහු ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
BBC, The Guardian PBS ඇසුරිනි

