වර්ගවාදී ප්‍රකාශ කළ ජේම්ස් වොට්සන්ගේ නොබෙල් සම්මාන නාමය ඉවතට






නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥයෙකු වන ජේම්ස් වොට්සන් ජාතිය හා බුද්ධිය පිළිබඳ වෛරී සහගත අදහස් පුනරුච්චාරණය කිරීම නිසා ඔහුට හිමිව තිබූ නොබෙල් සම්මාන නාමය ඉවත්කර තිබේ.









පසුගිය ජනවාරි දෙවැනිදා PBS නාලිකාවේ විකාශය වූ “American Masters: Decoding Watson” වාර්තා වැඩසටහනේදී ජේම්ස් වොට්සන් පවසා සිටියේ බුද්ධි පරීක්ෂණ වලදී කළු හා සුදු ජාතීන්ගේ ජාන අතර අතර සාමාන්‍යයෙන් වෙනසක් පවතින බවයි. නොබෙල් සම්මාන නාමය ඉවත් කිරීමට මේ ප්‍රකාශය හේතුවී තිබේ.






DNA අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය 1953 දී සොයාගැනීම වෙනුවෙන් මොරිස් විල්කින්ස්, ෆ්‍රැන්සිස් ක්‍රික් හා ජේම්ස් වොට්සන් ට 1962 වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් සම්මානය හිමිකරගත්තේය. ජේම්ස්ට හිමිව තිබූ රන් සම්මානය 2014 වසරේදී ඔහු අලෙවි කළ අතර වාර්ගිකත්වය ගැන ජේම්ස් කළ ප්‍රකාශ නිසාවෙන් විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන ප්‍රජාව මීටපෙර ද ඔහුව හෙළාදැක ඇත.





වොට්සන්ගේ ප්‍රකාශය පිළිබඳ Cold Spring Harbor විද්‍යාගාරය නිකුත් කළ ප්‍රකාශයක දක්වා තිබෙන්නේ, ජේම්ස් වොට්සන් ‘තහවුරු නොකළ හා නොසැලකිලිමත්‘ අන්දමින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවත් දිගු කලක් පුරා විද්‍යාගාරයේ මෙහෙයුම් කටයුතු සිදුකළ වොට්සන්ගේ සියලු ගරු නම්බු නාම අවලංගු කරන බවත්ය. මේ වනවිට 90 වන වියේ පසුවන විද්‍යාඥ වොට්සන් 2007 වසරේදීද මෙවැනි වර්ගවාදී ප්‍රකාශයක් සිදුකළ අතර පසුව ඔහු ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

















BBC, The Guardian PBS ඇසුරිනි