The Most/Recent Articles

Showing posts with label දීප්ති කුමාර ගුණරත්න. Show all posts
Showing posts with label දීප්ති කුමාර ගුණරත්න. Show all posts

අප ඉදිරිපත් කළ තිසීස දෙක

මේ වනවිට පවතින ගුවන්විදුලි නාලිකාවන් යනු අසන්නන් විසින් පවත්වාගෙන යන ඒවායි. මෙම තර්කයට අනුව පශ්චාත් – නූතනවාදය යනු සංස්කෘතිය සතු දේශපාලනික විභවය අහිමි වී එය වෙළඳපොළ බලවේගයක් බවට පරිවර්තනය වීමයි. ලංකාවේ පවතින සියලුම ජනමාධ්‍යය මේ අර්ථයෙන් පශ්චාත් – නූතනවාදීයි. 

දීප්ති කුමාර ගුණරත්න

වසර 17ක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට එවකට පැවති විපක්ෂ බලවේග කණ්ඩායම් පෙරට ගෙන ආ මූලික සටන් පාඨය මෙලෙස සංක්ෂිප්ත කළ හැකියි: ‛මානුෂික මුහුණුවරක් සහිත ධනවාදය.’ නවසිය අනූතුනේදී වමටත් ඇතුළුව සියලු දෙනාටම අවශ්‍ය වුණේ ධනවාදයේ නරක අංග හළා සාධනීය අංග ඉතුරු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදයක්. ධනවාදයට මානුෂික මුහුණ සවිකරන්නට ගිය දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඇගේ රෙජීමයේ අත්දැකීම් අප නැවත ආවර්ජනය කරන්නේ නම් එයට මුහුණුවර දෙකක් තිබුණා.


(1) සංකේත ප්‍රබන්ධය -SYMBOLIC FANTASY-– උතුරට දේශපාලන විසඳුමක් සහිත සාධාරණ වෙළඳපොළ ආර්ථිකයක්. (මුළු රටට)

(2) අශ්ලීල ෆැන්ටසි සාගරය -FANATICISM – කසිප්පු ලාල්, වයඹ මැතිවරණය, බැද්දෙගාන සංජීව, රෝහණ කුමාර, මංගලගේ සමලිංගික ලෝකය, එස්.බී.ගේ උඩරට බංගලාව, සනත් ගුණතිලක, චැනල් 9, AIR LANKA ගනුදෙනුව,TELECOM  ගනුදෙනුව, උතුරට දිගු-දුර-විහිදුම්-බලකාය (LRRP), රූකාන්ත-චන්ද්‍රලේකාගේ කොණ්ඩ කැපීම, කුමාර් පොන්නම්බලම් ඝාතනය . . .

බොහෝ දෙනා අපව දන්නේ පශ්චාත් – නූතනවාදීන් ලෙසින්. ඔවුන්ට අනුව ‛පශ්චාත් – නූතනවාදය’ යනු සමාජ සංවර්ධනයේ වර්ධිත අවස්ථාවක්. නමුත් එම වටහා ගැනීම වැරදියි. පශ්චාත් – නූතනවාදය යනු ධනවාදය විසින් ‛සංස්කෘතිය’ යටත් විජිතකරණය කිරීම සහ වෙළඳපොළකරණය කිරීමයි. සම්භාව්‍යය ගුවන් විදුලි සංස්කෘතිය තුළ ‛පාලක මැදිරිය’ සහ ‛අසන්නිය’ අතර සමාජ බන්ධනය හිස්ටෙරිකයි. නමුත් නිමල් ලක්ෂපතිආරච්චිගේ පුද්ගලික ගුවන්විදුලි සංස්කෘතිය තුළ ‛පාලක මැදිරිය’ අසන්නියගේ විනෝදය සඳහා කැප වූ උපකරණයක්. එවිට එහි සමාජ බන්ධනය විපරිතයි. කලින් පැවති සම්භාව්‍ය ගුවන්විදුලි නාලිකාවට ඇතුළ සහ පිට යනුවෙන් දෙකක් තිබුණා. එනම් නාලිකාව සහ වෙළඳ දැන්වීම. නමුත් ලක්ෂපති හඳුන්වා දුන් ගුවන්විදුලිය යනුම වෙළඳ දැන්වීමක්.

එයට ඇතුළ – පිටත කියා භේදයක් නැහැ. මේ සන්දර්භය තුළ නිමල් ලක්ෂපති යනු අවිඥානිකව පශ්චාත් – නූතනවාදියෙක්. ඔහුගේ මැදිහත් වීම සිදු වන තෙක් පැවති පූර්ව – වෙළඳපොළ – ශේෂය ඔහු වෙළඳපොළට විවෘත කළා. එවිට ගුවන්විදුලියට එතෙක් පැවති සාරයන් අහිමි වුණා. මේ වනවිට පවතින ගුවන්විදුලි නාලිකාවන් යනු අසන්නන් විසින් පවත්වාගෙන යන ඒවායි. මෙම තර්කයට අනුව පශ්චාත් – නූතනවාදය යනු සංස්කෘතිය සතු දේශපාලනික විභවය අහිමි වී එය වෙළඳපොළ බලවේගයක් බවට පරිවර්තනය වීමයි. ලංකාවේ පවතින සියලුම ජනමාධ්‍යය මේ අර්ථයෙන් පශ්චාත් – නූතනවාදීයි. ඔවුන්ගේ විවිධ අන්තර්ගතයන් තුළින් විද්‍යමාන වන්නේ සංස්කෘතියේ විරෝධාකල්ප විභවය ශුන්‍යය වී ඇති ස්වභාවයයි.

විපක්ෂය ක්‍රියාකාරී වන බල – ක්ෂේත්‍රය තුළදී හිටපු සුදර්ශන ගුණවර්ධන සහෝදරයාගේ ක්‍රියාකාරීත්වය ‛කාටත්’ ප්‍රහේලිකාවක් වන්නේ මන්ද?

මේ කරුණ වටහා ගැනීමට අවශ්‍ය කෙනෙකුට අප විසින් ලංකාවට ඉදිරිපත් කළ දෙවන තිසීසය (මෙය පශ්චාත් – නූතනවාදය තරම් ජනප්‍රිය නැති අතර ඒ ගැන බොහෝ දෙනාට න්‍යායික කුතුහලයක්ද නැත) වන ‛ෆැන්ටසිය’ දේශපාලන සාධකයක් යන කාරණය වෙතට අවධානය යොමු කළ යුතුයි. සුදර්ශන අනෙකුත් විපක්ෂ ක්‍රියාකාරිකයන්ගෙන් අසන්නේ මෙවැනි ආකාරයේ ප්‍රශ්නයකි.

‛ඔබගේ දෘශ්‍යමානය ඉතා පැහැදිලිය, රැඩිකල්ය, විප්ලවවාදීය. නමුත් ඔබගේ මේ සංකේත ප්‍රබන්ධයට ජවය දෙන අශ්ලීල ෆැන්ටසි අන්තර්ගතය ගැන ඔබ දැනුවත්ද -MANORI FANTASY-?’

‛වේලුපිල්ලේ පිරපාහරන් ඊළාම් යුද්ධය ජය ගත්තේ නම් ඔහු විසින් දෙමළ ජනතාවට ලබා දෙන එකම නිදහස සහ අයිතිවාසිකම් වනු ඇත්තේ ‛සූර්ය දෙවි’ වන්දනා කිරීමේ නිදහසත් ඔහුගේ සතුරාට වෛර කිරීමේ අයිතියත්ය. රාජපක්ෂලාද ඊට වෙනස් නැත. ඊළාම් යුද්ධය ජය ගැනීමෙන් පසු ඔවුන් කැමති ලෙස ශ්‍රී ලංකාව පාලනය කළ හැකි විය යුතුය.’  (රාවය, 2013 – 01 – 27, පිටුව 05)

ඉහත ලිපිය ‛රාවය’ පුවත්පතේ පළවන විට ‛එය’ පුවත්පතේ ‛අදහස’ නොවන බවට සඳහනක් නැති නිසා එම අදහස ‛රාවය’ ප්‍රධාන කතුතුමාගේද අදහස ලෙසින් භාර ගැනීමට සිදු වෙයි. ‛හනා ඇරෙන්ඩ්ට’ අනුව ‛සමාජවාදය’ සහ ‛ෆැසිස්ට්වාදය’ අතර වෙනසක් නැහැ. දෙකම අවසාන වන්නේ එකම තාර්කික අවසානයකින්. එය නම් සර්වාධීකාරීත්වයෙන්. හනා ඇරෙන්ඩ් ඉතාම දාර්ශනිකවත්, තිසරණී විසින් ගතානුගතිකවත් කියන මේ අදහස යට සැඟවුණු වර්ගවාදී ෆැන්ටසියක් ඇත. ඇගේ ලේඛන තුළත් ඇගේ ප්‍රේමදාස සඟයා වූ දයාන් ජයතිලකගේ ලේඛන තුළත් සැඟවුණු වර්ගවාදී, අශ්ලීල ෆැන්ටසියක් ඇත. (දයාන්ට අනුව කොටින් සහ සමාජවාදයට සටන් කරන්නන් යනු වර්ග දෙකක මිනිසුන්ය. කොටින්ට සමාවක් අවශ්‍ය නැත – ස්ටාලින්වාදියා යනු ඉතිහාසයේ වාස්තවික මූලධර්ම තදාත්මික කරගත් කොමියුනිස්ට්වාදියෙකු නිසා ඒ ගැන කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක. නමුත් ඔරිජිනල් ස්ටාලින්ට නම් ප්‍රතිසංස්කරණවාදී සිරකරුවා උපන්දින සුභපැතුම් එවයි.) මේ අයගේ සංකේත ප්‍රබන්ධ විසින් කුමන විකල්පයන් ඉදිරිපත් කළත් මේ අය රැම්බෝ මෙන් සිංහල සමාජයට නැවත රැගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව සිංහලයාට කොටින් නැති කළ ස්වාභිමානයයි. මේ ලිපිවලට ජනරංජනත් ඇතුළු සිංහල බෞද්ධයන් අවිඥානිකව කැමති වන්නේ ඉන් පෙරළා ලැබෙන අතීතකාමී ෆැන්ටසි විනෝදය නිසයි. මේ ලිපි දිගින් දිගටම අවිචාරවත්ව පළ වෙන්නේත් මේ අවිඥානික හේතුව නිසයි. එය පාඨකයාගේද අශ්ලීල රසය තෘප්තිමත් කරයි.

විපක්ෂයට අදාළ බල අඩවිය තුළ සුදර්ශන විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් අසමින් ඉන්නේ මේ ඉහත අප පැවසූ අශ්ලීල ෆැන්ටසියේ ක්‍රියාකාරීත්වයයි. [දැන් ඔහුව ද මීට ඇතුලත් කල යුතු ය.] විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වෙන් කළ යුත්තේද ඔවුන් රහසින් රැම්බෝලා පතන නිසාය.

කුබෝටා අත් ට්‍රුක්ටර් බෙදා දීම දේශපාලනය යැයි සිතා සිටින සජිත් ප්‍රේමදාසව අප ප්‍රශ්න කළ යුත්තේ ඔහු අත් ට්‍රුක්ටර් බෙදන නිසා හෝ පන්සල්වලට දාන දෙන නිසා නොවේ. අපි ඔහුගෙන් ඇසිය යුත්තේ ‛ඇයි ඔබ සුදුපාට අඳින්නේ කියාය?’, ඇයි ඔබ පිරිසිදු වෙන්න ඔච්චර උත්සාහ කරන්නේ? වැනි ප්‍රශ්නයි. මෙම ප්‍රශ්න අයිති කලාපය වන්නේ අවිඥානික ක්ෂේත්‍රයයි. භයානක වන්නේ දැන දැන සුදු ඇඳීම හෝ පිරිසිදු වීමට යාම නොවේ. භයානක වන්නේ තමනුත් නොදැන සුදු ඇඳීමයි. මන්දයත් එය කරන්නේ ‛තමන්’ වෙනුවෙන් නොව මහා අනෙකුන් (ඉතිහාසය, සදාචාරය, සායි බාබා, පක්ෂය, රට, ජාතිය, සංවර්ධනය…) වෙනුවෙන් නිසයි. 

FORMERසුදර්ශන අනෙකුත් විපක්ෂ ක්‍රියාකාරීකයන්ගෙන් අසන්නේ මෙම ෆැන්ටසි ක්ෂේත්‍රයට අදාළ ප්‍රශ්නයයි. ඔහු ගුරු සංගම් නායකයාගෙන් අසන්නේ සංවිධාන ප්‍රශ්නයක් නොවේ. අරගල ගැන ද නොවේ. 

ඔහුගේ ප්‍රශ්නය මෙලෙස සාරාංශගත කළ හැකියි. ‛ස්ටාලින් ඔයා හරි කැමති ඇයි MEDIA වලට පේන්න උද්ඝෝෂණය කරන්න?’ මේ ප්‍රශ්නය ස්ටාලින් වහාම තේරුම් ගනු ඇත්තේ ඊර්ෂ්‍යාවට අසන ප්‍රශ්නයක් ලෙසයි. නමුත් ‛විපක්ෂය’ තවම ඒකාබද්ධ වී නැත්තේ ‛අදහස්’ නැති නිසා නොව විපක්ෂ ක්‍රියාකාරිකයන් මෙවැනි අශ්ලීල ෆැන්ටසිවලින් -FANTASTICAL -විනෝද වෙන නිසාය. විවේචනය විය යුත්තේ ඔවුන්ගේ ප්‍රගතිශීලී අදහස් නොව මෙම විනෝදයයි. මන්දයත් මිනිසුන් මේ සමාජ – ක්‍රමයට ගැට ගැසී ඇත්තේ විවේචනය, විචාරය තුළ නොව විනෝදය වටා නිසාය.

ජයදේව උයන්ගොඩව නැවත කියවීම

දීප්ති කුමාර ගුණරත්න

ලංකාවේ ජීවත් වන සංකල්පීය ජීව ගුණයෙන් හෙබි වඩාත්ම දේශපාලනික දේශපාලන විද්‍යාඥයා සමහර විටෙක ජයදේව උයන්ගොඩ විය හැක. සරල ගැමි ජීවිතයක සිට කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු දක්වා ඔහු පරිණාමය වී ඇත. අරගලකරුවෙකුගේ ජීවිතයෙන් ඉවත් වී මේ දක්වා ඔහු දශක හතරක් පමණ දේශපාලන කුණාටු මැද ජීවත් වී ඇත. අද මා උත්සාහ කරන්නේ පීඩිත සමාජ ස්ථර විසින් ලංකාවේ රාජ්‍යයට එරෙහිව කරන ලද කැරලිවල ‛ප්‍රථිඵලය’ ගැන ඔහුගේ අදහස විචාරය කිරීමටය. මේ විෂය ගැන ඔහුගේ නිගමනාත්මක අදහස් පළ වී ඇත්තේ “දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරලිකාර දේශපාලනයේ අනාගතය” නම් ලිපියේය. ජනතා විමුක්ති පෙරමුණේ වැඩ න්‍යාය ගැන උයන්ගොඩගේ අදහස පළමුව සලකා බලමු.

“විජේවීරගේම සුපුරුදු වචනවලට අනුව ජවිපෙ දේශපාලන ව්‍යාපෘතිය වූයේ ‛මාක්ස්වාදී විශ්ව සත්‍යයන් ශ්‍රී ලංකාවේ සුවිශේෂ තත්ත්වයනට ගැලපීමයි.’ මෙය මාවෝවාදයට නෑකමක් දැක්වූ ප්‍රවාදයකි. එහෙත් එය ජවිපෙ යොදා ගත්තේ සම්ප්‍රදායික ස්ටැලින්වාදී – ට්‍රොට්ස්කිවාදී වාමාංශයෙන් තමන් වෙන් කර හඳුනා ගැනීමටය. මූලික සංකල්පවාදී හා මූලෝපායික ක්ෂේත්‍රයන් ගණනාවකදී ජවිපෙ මෙම වෙනස සංයුක්ත බවට පත් කළේය.”

විප්ලවය පිළිබඳ ජවිපෙ න්‍යායට අනුව විප්ලවවාදී බලවේග වූයේ සාම්ප්‍රදායික වාමාංශය සුවිශේෂව සැලකූ පරිදි නාගරික කම්කරු පන්තිය නොව පීඩිත ජනතාවය. පීඩිත ජනතාව නමැති ප්‍රවර්ගය තුළට නාගරික කම්කරු පන්තිය ඇතුළත් කළ හැකි නමුත් විප්ලවයේ හදිසි අවශ්‍යතාව පිළිබඳ හැඟීම පවතින්නේ ගැමි දුප්පත් ගොවි ජනතාව තුළය. මෙලෙස ලාංකික විප්ලවයේ ඓතිහාසික කර්තෘකයා (AGENT) පිළිබඳ ගැටලුව යළි සකස් කිරීම තුළ වැදගත් කරුණු දෙකක් දක්නට ලැබුණි.(A) පළමුව, සාම්ප්‍රදායික වමේ පක්ෂ විසින් සංවිධානය නොකරන ලද සමාජ පන්තීන් රැඩිකල් ලෙස සංවිධානය කිරීමට ජවිපෙ එමගින් බලාපොරොත්තු විය.
(B) දෙවැනුව, ඒ මගින් ‛නිර්ධන පංතිය’ නම් මාක්ස්වාදී න්‍යායික ප්‍රභේදයේ අර්ථය පුළුල් කරමින්, එය දේශීයකරණය කිරීමට ජවිපෙට හැකි විය. ජවිපෙ කළේ එම පදයට, ‛නිර්ධන පංතිය’ නමැති සිංහල පදයේ ඇති ‛දේපළ අහිමි’ යන අර්ථය ආදේශ කිරීමය. පවත්නා ක්‍රමයට එරෙහිව දුක්ගැනවිලි ඇති සෑම සමාජ පන්තීන් හා ස්ථරයන් මේ නිර්ධන පංතිය යන ප්‍රභේදයට ඇතුළත් කළ හැකි විය. (‛ජවිපෙ පන්ති ස්වභාවය’ නම් කෘතිය තුළ කීර්ති බාලසූරිය විවේචනය කරන්නේ මෙම විපරිවර්තනයයි.)

ජයදේව උයන්ගොඩ නම් දේශපාලන විද්‍යාඥයා ජවිපෙ මතවාදය හෙවත් ලෝක දැක්ම පන්ති ඌනිතවාදයෙන් මුදවා ඇත. ඒ අර්ථයෙන් ඔහු පශ්චාත් – මාක්ස්වාදීය. මන්දයත් ‛දෘෂ්ටිවාදය’ විශ්ලේෂණය කිරීමේදී ඔහු එහි මූලයන් ආර්ථිකයට සම්බන්ධ නොකරන නිසාය. නැතහොත් ඔහු ජවිපෙ ප්‍රකාශ කරන සමාජ සත්‍යය අධෝ-ව්‍යූහයට බද්ධ නොකරන නිසාය. තවත් පැහැදිලිව කිවහොත් ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂත්වය අනෙක් ඒවායින් වෙන් කරයි. උයන්ගොඩට අනුව පන්ති ප්‍රතිවිරෝධයන් ජවිපෙ විසින් අධෝ-ව්‍යූහයෙන් (ඌන සංවර්ධන න්‍යාය, අසමාන සංවර්ධන න්‍යාය) පසමිතුරු කලාපයකට විතැන් කර ඇත. සාම්ප්‍රදායික වමේ පක්ෂයකට වඩා ජවිපෙ දේශපාලන පෙරමුණ සහ ඊට සහභාගීවන ජනයාගේ සහභාගීත්වය පුළුල් වී ඇතැයි උයන්ගොඩ කියන්නේ මේ නිසාය. “මහජනයාට නිදහසේ ප්‍රකාශ වන්නට ඉඩදීම ‛ෆැසිස්ට්වාදයට’ මුල පුරයි” යන වෝල්ටර් බෙන්ජමින්ගේ උපන්‍යාසය ගැන උයන්ගොඩ කිසිවක් කියන්නේ නැත. ඒ වෙනුවට තම නිරීක්ෂණ හරහා උයන්ගොඩ විසින් මුදා හරින ප්‍රවාදය මෙලෙස සාරාංශ ගත කළ හැක.

‛විවිධ සමාජ ස්ථර, පන්තීන්, පීඩිතයන් රාජ්‍යයට විරුද්ධව කැරලි ගසන්නේ රාජ්‍යය තමන්ට අවශ්‍යය ආකාරයට ප්‍රතිසංස්කරණය කර ගැනීමටය. (කොමියුනිස්ට් ධර්මයට අනුව එහි නිෂ්ටාව රාජ්‍යය අහෝසි කරලීමය.) නමුත් ශ්‍රී ලංකාවේදී සිදු වී ඇත්තේ මේ කැරලි නිසා රාජ්‍යය සහ එහි මතවාදී සහ මර්දනකාරී ආයතනවල “මිලේච්ඡත්වය” වඩා තහවුරු වීමය. සාරාංශගත කොට කිවහොත් ‛හිංසනය’ (VIOLENCE) ශ්‍රී ලංකාවේදී ‛නිදහසට’ අදාළ කාරණයක් නොව වඩා මර්දනයකට කරන සිහි කැඳවීමකි.’

ඉහත ප්‍රවාදයේ විරුද්ධාභාසය (PARADOX) උයන්ගොඩගේ ලිපියේ 20 වැනි පාද සටහනේ ඇත.“මේ සම්බන්ධයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ තරුණ සංස්කෘතියේ වර්තමාන පරිවර්තනීය ක්‍රියාවලිය ගැඹුරින් විග්‍රහ කළ යුතුය. රූපවාහිනිය, වීඩියෝ, ජනප්‍රිය සංගීතය, ක්‍රීඩා තරග, විලාසිතා සහ සති අන්තයේ සංගීත සංදර්ශන වැනි නව මාදිලියේ සාමූහික විනෝද වීමේ අවස්ථාවන් වර්ධනය වීමත් සමඟ දැන් අඩු වියදමකින් තරුණ – තරුණියන් හට පෙරට වඩා විනෝද වීමේ අවස්ථාවන් ලබා දීමට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියට හැකිය.
ඒ අතරම භෞතික සම්පත් හිඟවීම නිසා ඇතිවන පෞද්ගලික කලකිරීම ‛සන්නද්ධ නැගිටීම’ නමැති සාමූහික ක්‍රියාකාරීත්ව මගින් ප්‍රකාශ වීමේ අවශ්‍යතාවක් දැන් නැත. එවැනි කලකිරීම්වලට ලෙහෙසියෙන්ම සන්නද්ධ සොරකම්, ගෙවල් බිඳීම් හා පාතාල ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් ආදී දේවල්වලින් සමන්විත වන අපරාධ ක්‍රියාමාර්ගය තුළින් ප්‍රකාශන මාර්ග සොයා ගත හැක. රූපවාහිනී සහ වීඩියෝ විනෝද වැඩසටහන් මගින් තරුණ සංස්කෘතියේ මෙම අංශය සඳහා මානසික සහ සංස්කෘතික තල්ලුවක් සැපයේ. භෞතික සම්පත්වල හිඟකම නිසා මතුවන දුක්ගැනවිලි ප්‍රකාශයට පත් කිරීම සඳහා තරුණයන් ආයුධ අතට ගැනීමේ අවශ්‍යතාවක් නැත. ගිනි අවි පාවිච්චි කරමින් බලහත්කාරයෙන් සුඛෝපභෝගී භාණ්ඩ අත්පත් කර ගැනීම එදා රැඩිකල් දේශපාලනය සඳහා කළ කැපවීමට අද පවතින විකල්පයක් ලෙස ක්‍රියා කරන බව නොකියා නොහැකිය.”
ජයදේව උයන්ගොඩගේ ප්‍රවාදයට අනුව දේශපාලන ක්ෂේත්‍රය තුළ ‛හිංසනයට’ ඇත්තේ නිශේධනාත්මක අදහසකි. එම පසුබිම ඔහු මෙලෙස පහදයි.

‛එක්තරා අන්දමින් බලන කළ තත්කාලීන දේශපාලනය තුළ පරස්පර විරෝධයක් ලෙස දැකිය හැකි කාරණයක් නම්, ජවිපෙ සන්නද්ධ නැගිටීම්වාදී දේශපාලනයට පිළිතුරක් ලෙස ශක්තිමත් කර ඇත්තේ රාජ්‍යයේ ප්‍රතිසංස්කරණවාදී ශක්‍යතාව නොව, රාජ්‍යයේ මිලිටරි සහ පොලිස් යාන්ත්‍රණයේ මර්දනකාරී ශක්‍යතාවයි.’

උයන්ගොඩගේ ප්‍රවාදය තුළ අඩංගු ‛හිංසනය’ යන්න නිශේධනයක් යන්න ගැන අප දාර්ශනික සහ දේශපාලන වශයෙන් ප්‍රශ්න කළ යුතු බව මගේ හැඟීමයි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ‛හිංසනය’ ධනාත්මක නම් දේශපාලනය තුළ ‛හිංසනය’ අප මෙතරම් පිළිකුල් කරන්නේ මන්ද? මෙම පරස්පරය විසඳීමට පළමුව අප න්‍යායික කවුළුවක් තනා ගත යුතුය.

2,
ප්‍රවාදයක් ලෙස ‛හිංසනය’ යනු නිශේධනාත්මක අදහසක් යන්න දාර්ශනිකව සලකන විට විරුද්ධාභාසයකි. මන්දයත් ‛හිංසනය’ දේශපාලන අරගලය තුළදී ධනාත්මක පැවැත්මක් ලෙස ද විග්‍රහ කළ හැක. උදාහරණයක් ලෙස ප්‍රංශ විප්ලවය යනු ‛හිංසනය’ විසින් මිනිසුන්ට නිදහස ලබා දුන් ඓතිහාසික සිදුවීමකි. දේශපාලන විද්‍යාව උගන්වන ඕනෑම ගුරුවරයෙකු ‛ප්‍රංශ විප්ලවය’ ගැන හොඳින් දනියි. එපමණක් නොව ‛ඇමරිකානු සිවිල් යුද්ධය’, උතුරු අයර්ලන්ත නිදහස් සටන, ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය (එංගලන්තය) වැනි දේශපාලන ව්‍යාපාර තුළ දී ද ‛හිංසනය’ අර්ථ දැක්වෙන්නේ නිදහස කරා මනුෂ්‍යයා ගමන් කරන පැසේජය ලෙසින්ය. ජවිපෙ අරගලය සහ උතුරේ අරගලය ගැන ලංකාවේ බුද්ධිමතුන් බහුතරයක් දෙනාගේ අදහස වන්නේ ඒවා හුදු හිංසාකාරී ව්‍යාපාරයන් පමණක්ය යන්නය. එමගින් සමාජය ඉදිරියට ගමන් කරනවා වෙනුවට ආපස්සට ගමන් කළ බවට ඔවූහු විවිධ තර්ක – විතර්ක ඉදිරිපත් කරයි. ඔවුන්ට අනුව හිංසනය ඇත්තේ මර්දනය පැත්තේ මිස නිදහස පැත්තේ නොවේ. මේ අදහස ලංකාවේ සමාජයේ මේ වන විට ව්‍යාධියක් මෙන් පැතිරී ගොස් ඇත.

කඩි ගුලකින් කඩියන් එන්නා සේ හිංසනය එන්නේ කොහෙන්ද? හිංසනය තමන්ට සම්බන්ධ ගැටලුවක් නොව තම අනෙකාට අදාළ ගැටලුවකි. සෑම තැනම ‛ජලය’ ඇත්නම් එහි අදහස ජලය සුලභ බවය. නමුත් ‛ජලය’ මැද පෙරදිග කාන්තාරවලදී හිඟය. එවිට එය ලබා ගැනීමට තරඟයක් ඇත. එම තරඟයේදී ජයග්‍රාහකයන් සහ පරාජිතයන් යනුවෙන් කොටස් දෙකක් ඉතිරි වෙයි. ජයග්‍රාහකයන් විසින් තමයි ඉන්පසු පරාජිතයන්ට දෙන ජලය ප්‍රමාණය තීන්දු කරන්නේ. එවිට ජලය යනු තවදුරටත් ස්වභාවික ගැටලුවක් නොව දේශපාලනමය ගැටලුවකි. ඒ අනුව ‛හිංසනය’ ට නිෂ්ක්‍රීය පදනමක් නැත.

ජයදේව උයන්ගොඩ ‛හිංසනය’ නිශේධනාත්මක ප්‍රපංචයක් ලෙසින් පහදන විට එම ප්‍රස්තූතය ඉහත ජලය පිළිබඳ ගැටලුව තරම් සරල නැත. උයන්ගොඩ යම් කිසි සමාජ සැකසුමක හටගත හැකි හිංසනයේ මූලයන් පහදා දීමට පේරු නම් රටෙහි සමාජය ගැන, ඒ රටේ මාක්ස්වාදියෙකු වන ‛මරියාතෙගුයි’ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවාද දෙකක් පහත පරිදි ඉදිරිපත් කරයි. මරියාතෙගුයිට අනුව ‛පේරුවියානු යථාර්ථය’ වටහා ගැනීමට පහත සඳහන් න්‍යායන් දෙක අවශ්‍යය. (ඔහුව ලතින් ඇමරිකාවේදී සැලකෙන්නේ ලතින් ඇමරිකානු ග්‍රාමිස්ච් ලෙසිනි.)

(A) පේරු දේශය තුළ රදළ ලෝකය සහ ධනවාදී ලෝකය යනු බොහෝ දෙනා සිතන පරිදි තනි ආර්ථික සමස්තයක කොටස් දෙකක් නොවේ. සත්‍යය වශයෙන්ම ඒවා පවතින්නේ එකට එක බද්ධව රදළ සබඳතා ධනවාදී සබඳතා මත පරපෝෂණය වීමෙනි. මේ නිසා ධනේශ්වර වාස්තවික සබඳතා කොතරම් දියුණු වූවත් පේරුවියානු යථාර්ථය තුළ ඉතුරු වන රදළ සබඳතා සාරය සදාතනිකව ඉතුරු වනවා මිස එය මුලිනුපුටා දමන්නේ නැත. එනම් පේරු හී ධනේශ්වර වර්ධනය විසින් එහි රදළ පැරණි ලෝකය විනාශ කරනවා වෙනුවට යළි පුනර්ජනනය කරයි. මෙමඟින් ලබා ගත හැකි නිගමනය වන්නේ පේරු දේශයේ ධනවාදය පූර්ණ වශයෙන් සංවර්ධනය වන තුරු  සමාජවාදය