ජනරාල් බේරා ගැනීමට බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල උද්ගෝෂණ

රාජපක්ස රජතුමා විසින් පත් කරනු ලැබූ ඔහුගේම විනිසුරන් විසින් දඬුම යෝජනා කොට දැනට ඔහුට හිමි තරු ගලවා වලිකට සිරගෙදර ජම්පරය පිටින් කාලය ගත කරන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බේරා ගැනීම සඳහා අද කොළඹ සහ ත්‍රිකුණාමලයේදී උද්ගෝෂණ පැවැත් වුනි. ඊට සහභාගී වූ පිරිස කියා සිටියේ රාජපක්ෂ හැකි වහාම ජෙනරාල් ෆොන්සේකා නිදහස් කළ යුතු බවය. ඊට දෙමළ ජනතාවද ඇතුළුව විශාල පිරිසක් සහභාගී වූ බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ.

මෙසේ උද්ගෝෂණයක් පවත් වූයේ රාජපක්ෂ රජතුමා විසින් තනගල්ලේදී උසාවි සංකීරණයක් විවුර්ත කොට මේ රටේ නිතිය තමාටද ඇතුළුව සාම දෙනාටම පොදු බව ප්‍රකාශ කිරීමෙන් දින තුනකට පසුය.
Tell a Friend