The Most/Recent Articles

Showing posts with label ජගත් පුවත් විශ්ලේෂණ. Show all posts
Showing posts with label ජගත් පුවත් විශ්ලේෂණ. Show all posts

''ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කිරීමට අපි තීරණය කර තිබෙනවා'' - ඉම්රාන් ඛාන්


‘‘සාමය සඳහා වු පියවරක් ලෙස අල්ලාගත් ගුවන් නියමුවා හෙට නිදහස් කිරීමට අපි තීරණ කර තිබෙනවා‘‘ යනුවෙන් අද (28) දින පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පවසා සිටියේය.

කෙසේවුවත්, අගමැතිවරයාගේ මේ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ ඉන්දීය අගමැති මෝදි ‘‘මුළු රටම අපේ සොල්දාදුවන් සමග ඉන්නවා‘‘ යනුවෙන් කළ ප්‍රකාශයෙන් පසුව වීමද විශේෂත්වයකි. 

ඉන්දීය ගුවන් හමුදාවේ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය ඊයේ (27) වාර්තා කළා. ඉන්පසු ඉන්දීය බලධාරීන් වාර්තා කළේ, සිය ගුවන් හමුදාවේ සේවයේ නියුතු විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා අතුරුදන් වී ඇති බවයි.

කෙසේවෙතත්, පාකිස්තාන යුද ගුවන් යානා යොදාගෙන එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව මීට පෙර පාකිස්තානයෙන් ඉල්ලා සිටියා.










සබැඳි පුවත් 



පකිස්තාන හමුදාව මට හොඳට සලකනවා - ඉන්දියානු ගුවන් නියමුවා