නැන්සි පොලොසිගේ චීන තායිවාන සංචාරය පිළිබඳ චීනයේ දැඩි විරෝධය



ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා නැන්සි පෙලොසිගේ චීන තායිවාන ප්‍රදේශ‍යේ

සංචාරය කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරන බව චීන ආරක්ෂක

අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක  වූ ක්වැන් පවසයි. එම සංචාරය පිළිබඳව

හෙතෙම ඊයේ (2) අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.


එම සංචාරයෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව චීනය බොහෝ

වරක් පෙන්වා දී ඇත. නැන්සි පොලොසි එය නොසලකා හිතාමතාම අර්බුදයක් ඇති

කරමින් එකම චීන මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිල නිවේදන තුන

දැඩිව උල්ලංඝනය කර ඇති අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ දේශපාලන

පදනම හා දෙරටේ හමුදා සබඳතාවන්ට ද හානි සිදු කර තිබේ. 

ඇමරිකාවේ එම ක්‍රියාවලිය තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥාවක් නිකුත් කරන අතර

තායිවාන් සමුද්‍ර සන්ධියේ උණුසුම් තත්ත්වය උග්‍ර කර ඇත. තායිවාන

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය බාහිර බලවේගය සමඟ අවුල් කරමින් නැන්සි පොලොසි තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීමට ආරාධනා කිරීම භයානක වන අතර එය අනිවාර්යයෙන්ම බරපතළ ප්‍රතිවිපාකවලට ලක් වන ක්‍රියාවකි. 

චීන මහජන විමුක්ති හමුදාව ඕනෑම තත්ත්වයකට මුහුණදීමට දැඩි සීරුවෙන්

සිටින ඇති අතර හමුදා මෙහෙයුම් මාලාවක් දියත් කරනු ඇත. ජාතික

ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව නොසැලී ආරක්ෂා කරන අතර, බාහිර

මැදිහත්වීම් සහ තායිවාන බෙදුම්වාදී කුමන්ත්‍රණයන් අධිෂ්ඨානශීලීව පරාජය

කරනු ඇත.