ගෝඨාගේ මැරයින්ගෙන් සජිත්ගේ ආධාරකරුවන්ට ප්‍රහාර


තම අපේක්ෂකයා  දිනපතා ලබන  ජනතා අප්‍රසාදය හමුවේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් වියරු වැටී තිබේ. ඊට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ හම්බන්තොට වීරවිල  ප්‍රදේශයෙනි.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වීරවිල ප්‍රදේශයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අමිල අබේකෝන් සහ ඔහුගේ පියාටත්, සහෝදරයාටත්  පොදුජන පෙරමුණේ මැර පිරිස් විසින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබීමයි.

පොදුජන පෙරමුණේ මැරයන් වෙතින් ප්‍රහාරයට ලක්වූ මොවුන් මේ වන විට තංගල්ල සහ මාතර රෝහල් වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.