බැසිල් 2005 කරපු දෙය ආයෙත් කරාවිද ? 






























2005 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් වන්නේත් රනිල් වික‍්‍රමසිංහ පරාජය වන්නෙත් උතුරේ ඡන්ද  විර්ජනය සිදු වූ හෙයිනි. මේ උතුරේ ඡන්ද වර්ජනය සිදු වන්නේ රාජපක්ෂලාට පක්ෂව වන අතර එහි අභ්‍යන්තරය කොටි සංවිධානය හා රාජපක්ෂලා අතර වන මූල්‍ය ගනුදෙනුවක් බව මේ වන විට හෙලිදරව් වී තිබේ. ඒ රාඩා ගනුදෙනුවලට අදාළ නඩු වලිනි.

සිද්ධියට අදාළ සියලූ දේ පවසන්නේ ටිරාන් අලස්ය. එමිල් කාන්තන්ව ටිරාන් අලස් හදුනා ගන්නේ තමන්ගේ සන්නිවේදන උපකරණ වෙළෙදාම සදහා උතුරේ සහාය ලබා ගැනීමටය. 2005 වසරේදී ජනාධිපතිවරණ හෙහෙයුමෙහි ප‍්‍රචාරණය භාරව කටයුතු කළේ ටිරාන් අලස්ය. රාජපක්ෂවරුන්ගේ රැස්වීමකදී මහිනද රාජපක්ෂ විමසා ඇත්තේ උතුරේ ඡන්ද වැළැක්වීම සදහා කොටි සංවිධානය සමග සම්බන්ධ විය හැකි අයෙක් නැතිද යන බවයි. එහිදී එමිල් කාන්තන් සමග ඇති සබදතාව විස්තර කර ඇති ටිරාන් බැසිල් සහ එමිල් කාන්තන් කිහිප විටක්ම මුණ ගස්වා ඇත්තේ උතුරේ ඡන්ද වර්ජනය කිරීම සදහා සහාය ලබා ගැනීමටය.

එහිදී කොටි සංවිධානයට බෝට්ටු ලබා ගැනීම සදහා එමිල් කාන්තන් රාජපක්ෂවරුන්ගෙන් රුපියල් මිලියන 180ක් ඉල්ලා ඇති අතර එය ඉක්මණින් ඉටු කර දී ඇති බැසිල් ට‍්‍රැවලින් බෑග් දෙකක ඩොලර් සහ ශ‍්‍රී ලංකාවේ රුපියල් නෝට්ටු ඔවුන්ට ලබා දී ඇත. එහිදී රාජපක්ෂවරුන්ගේ කොන්දේසි වී ඇත්තේ උතරේ සහ නැගෙනහිර ඡන්ද වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීම සහ රාජපක්ෂ පවුලේ කිසිවකුට ප‍්‍රහාර එල්ල නොකරන ලෙසයි. එය පිළිගෙන ඇති කොටි සංවිධානය පසුවද වරින් වර මුදල් ලබා ගත් බව ටිරාන් අලස මාධ්‍ය ඉදිරියේ සදහන් කරනු ලැබුවේ 2010 වසරේදී තම නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ පසුය.

පසුව රාඩා ආයතනය මගින්ද කොටි සංවිධානය වෙත විශාල මුදලක් ලබා දී ඇති අතර රාඩා ආයතනයේ මුදල් විශාල ප‍්‍රමාණයක් රාජපක්ෂ වරුන් විසින් වංචා කොට ඇත්තේ බොරු ලිපිනයන් යෙදූ ආයතන තුනක් සදහා සුනාමි නිවාස ඉදිකිරීමට යැයි කියමින් මුදල් ලබා ගනිමිනි.

එමිල් කාන්තන් සහ රාජපක්ෂවරුන් අතර දීගය තවම නිමා වී නැත. හෙට දවසේ උතුර නැගෙහිර ඡන්ද වර්ජනය කිරීම වෙනුවෙන් රාජපක්ෂලා මුදල් විසි කිරීමට සූදානමින් සිටින බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. මොවුන් මෙවර මෙය සිදුකරන්නේ කා සමගින්දැයි යන්න ගැන අවධානයෙන් සිටිය යුතුය. රාජපක්ෂලා යනු තමන්ට අවශ්‍ය දේ හොදින් හෝ නරකින් ලබා ගන්නා පිරිසකි. එහෙයින් මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද තීරණාත්මක බැවින් අයි එස් අයි එස් හෝ යොදවා ඡන්ද වර්ජනය කරවීමට රාජපක්ෂලා කටයුතු කරමින් සිටිති.