පොහොට්ටුවේ අය බොරු කියන්න දන්නෙම නෑ


සජිත් ප්‍රේමදාස බලයට පත්වුවහොත් එම ආණ්ඩුවේ අගමැතිධූරය දරන්නේ 'සමනළ මංගල' බව රෝහිත අබේගුණවර්ධන මේ මොහොතේදී කුලියාපිටියේදී පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැළියේදී පැවසුවේය. 

ඊට සුළු මොහොතකට පසු එම රැළියේදීම අදහස් දැක්වූ විමල් වීරවංශ පැවසුවේ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ අගමැතිධූරය දරන්නේ ද වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ බවයි.

එකම වේදිකාවේ හිඳ එකිනෙකට පරස්පර කතා පවසන පොහොට්ටු සාමාජිකයින් විශ්වාස කරන්නේ කෙලෙසද ? යන්න  හුදී ජනයින් ලෙස අපට තිබෙන ප්‍රශ්නය වී තිබේ.