චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාරට ඇමරිකාවේ හොලිවුඩ් නුවර පිහිටි කීර්තිමත් ග්ලෝබල් මීඩියා මේකර්ස් (GLOBAL MEDIA MAKERS) ආයතනය විසින් ඔවුන්ගේ වාර්ෂික නේවාසික සිනමා වැඩමුළුවට (LA RESIDENCE) සහභාගිවීම සඳහා ශිෂ්‍යත්වයක් පිරිනමා තිබෙනවා. සංජීවට මෙම ශිෂ්‍යත්වය පිරිනමා ඇත්තේ ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “අම්මා” හි තිර-රචනය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහායි. හොලිවුඩ් නුවර තිර රචනා විශේෂඥයන්ගේ (Script Consultants) උපදෙස් අනුව සංජීව “අම්මා” චිත්‍රපටයේ තිර රචනය ලොස් ඇන්ජලීස් නුවරදී සංවර්ධනය කරනු ඇත.
ෆිල්ම් ඉන්ඩිපෙන්ඩන්ඩන්ට්(FiLM iNDEPENDEDNT) ආයනය සහ ඇමරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කරන ග්ලෝබල් මීඩියා මේකර්ස් ආයතනය සෑම වසරකම ලෝකයේ තෝරාගත් ඒක් භූගෝලීය කලාපයකින් සිනමාකරුවන් 18 දෙනෙකු සිය නේවාසික වැඩසටහන (LA RESIDENCE) සඳහා තෝරාගනු ලබයි. විශේෂ ජුරියක් විසින් චිත්‍රපට අධ්යක්ෂවරුන්, නිෂ්පාදකකයින් සහ වාර්තා චිත්‍රපට අධ්යක්ෂවරුන් යන කාණ්ඩ තුන යටතේ මෙම සිනමාකරුවන් 18 දෙනා නේවාසික වැඩසටහන වෙනුවෙන් තෝරාගනු ලබයි. 2019 වර්ෂය වෙන්කර තිබෙන්නේ දකුණු ආසියාව, ලෙබනනය සහ තුර්කිය යන රටවල් වෙනුවෙනි. මෙවර නේවාසික වැඩසටහනට ශ්‍රී ලංකාව වෙනුවෙන් තෝරාගෙන ඇති එකම සිනමාකරුවා සංජීව පුෂ්පකුමාර පමණක්වීම විශේෂත්වයකි.
මෙම නේවාසික වැඩසටහනේදී තිර රචනා උපදේශනයන්ට අමතරව නව සිනමා තාක්ෂණය හා සිනමාකරණය පිළිබඳ වැඩමුළු, පුහුණු සැසි හා සාකච්ජා ගණනාවකටම සහභාගිවීම සඳහා සංජීව පුෂ්පකුමාරට අවස්ථාව උදාවෙනු ඇත.
සංජීව, මේ වනවිට ජර්මනියේ බර්ලින් නුවර නිප්කෝ නේවාසික (NIPKOW ART RESIDENCE) වැඩමුළුව යටතේ ඔහුගේ තවත් චිත්‍රපටයක (Peacock Lament) තිර රචනය සංවර්ධනය කරන අතර එළඹෙන සැප්තැම්බර් 29දා ඔහු බර්ලීන් නුවර සිට ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත්වීමට නියමිතව තිබේ.
72 වසරක ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේදී ඇමරිකාවේ හොලිවුඩ්-නුවර නේවාසික සිනමා වැඩසටහනකට තෝරාගත් පළමු ශ්‍රී ලාංකික සිනමා අධ්යක්ෂවරයා වන්නේ සංජීව පුෂ්පකුමාරයි.
Post a Comment