පිටකෝට්ටේ සිංහ සමාජයෙන් සමාජ සත්කාර වැඩසටහන් රැසක්



ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත‍්‍රික් 306C1 සමාජයේ ශාඛාවක් වන පිටකෝට්ටේ සිංහ සමාජය මගින් 2019 වර්ෂය සඳහා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. එහි ප‍්‍රථම අදියරේ වැඩසටහන් කිහිපයක් පසුගිය 24 වන දින මාළඹේ ශ‍්‍රී රාහුල බාලිකා විද්‍යාලය මූලික කොටගෙන ආරම්භ කෙරිණි. එහිදී රාහුල බාලිකා විද්‍යාලයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවියන් සඳහා අභිපේ‍්‍රරණ (Motivation) වැඩසටහන් ආරම්භ කළ අතර ඒ හා සමගාමීව සිසුවියන් 100 දෙනෙකු සඳහා කොස් පැළ බෙදාදීම ද සංකේතාත්මකව සිදු කෙරිණි.


මේ අවස්ථාව සඳහා ශ‍්‍රී රාහුල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය තනූජා රත්ගොඩගේ, ප‍්‍රාදේශීය සභාපතිණිය සිංහ චන්ද්‍රිකා ගුණසේකර, පිටකෝට්ටේ සිංහ සමාජයේ සභාාපති සිංහ ග්ලෙත් ඩිමෙල්, ලේකම්  සිංහ චිත‍්‍රාල් ජයවර්ණ, සිංහ කි‍්‍රස්ටෝ සිරිවර්ධන, සිංහ අරුණ ප‍්‍රසන්න, හා ප‍්‍රවීන දේශක පියල් ගුණවර්ධන මහතා ද සහභාගී විය.