වැඩ බලන ඇමතිවරු තිදෙනෙකු පත්කෙරේ


නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (10) සිට නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ.


මේ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.


ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස පත්කරනු ලැබ සිටි.