''මඩකලපුව විශ්වවිද්‍යාලය හමුදාවට පවරාගන්න'' - අතුරලියේ රතන හිමි


හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මඩකලපුව උසස් අධ්‍යාපන ආයතනය දකුණු ආසියාවේ බෝම්බ නිෂ්පාදනාගාරය බවත් මෙය හමුදාවට පවරාගෙන ත්‍රස්තවාදයට එරෙහි තාක්ෂණික දැනුම ලබාදෙන ආයතනය බවට පත්කළ යුතු බව අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ. 

මඩකලපුවේ ඉස්ලාම් විශ්වවිද්‍යාලය

මඩකලපුවේ අලුතින් ඉදිවුණු නැගෙනහිර විශ්වවිද්‍යාලය නමින් දැනට සමාජය හඳුනාගෙන තියෙන, ඉස්ලාම් විශ්වවිද්‍යාලය නමින් දැනට සමාජය හඳුනාගෙන තියෙන ආයතනය ගැන මං කැමතියි කියන්න, නැගෙනහිර පළාතේ පමණක් නෙමෙයි මුළු දකුණු ආසියාවේම ඉස්ලාම් මූලධර්මවාදී විශ්වවිද්‍යාලයට හැටියට මේක නම්කරනවා.
ගිය ආණ්ඩුව කාලේ ඉඩම් ලබාගත්තේ ටෙක්නිකල් කොලේජ් එකක් පවත්වාගෙන යනවා කියලා. ඉතිං පස්සේ මේකට මිලියන 100 කට අධික මුදලක් දැනට ලැබිලා තියෙනවා, ඒ කියන්නේ බිලියන දාහත හමාරක විතර ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත්.
ඉතිං බිලියන දාහත හමාරකට වැඩිය වියදම් කරලා තමයි මේ විශ්වවිද්‍යාලය මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙන්නේ, 90 % ක වැඩ නිම කරලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලයට පැමිණෙන මහාචාර්යවරුන්ගේ ආචාර්යවරුන්ගේ යම් යම් විස්තර අන්තර්ජාලයේ බලාගන්න පුළුවන්.  

අභිලාෂය සගවාගත් දකුණු ආසියාවේ විශාලම ශරියා විශ්විද්‍යාලය - බෝම්බ ෆැක්ටරිය
මෙය ඉතාම උපක්‍රමශීලීව අභිලාෂය සගවාගෙන හදපු දකුණු ආසියාවේ විශාලතම ශරියා විශ්වවිද්‍යාලය හැටියට මේක හඳුන්වන්න පුළුවන්. අරාබි භාෂාව හා ශරියා නීතිය ඉගැන්වීමේ මුවාවෙන් සම්පූර්ණයෙන්ම මේ විශ්වවිද්‍යාලය ගොඩනගලා තියෙන්නේ, ඉස්ලාම් අන්තවාදය පැතිරවීම සඳහා. මේක දකුණු ආසියාවේ තියෙන විශාලම ඉස්ලාම් අන්තවාදය උගන්වන ආයතනය, මුළු දකුණු ආසියාවේම බෝම්බකරුවන් හදන ෆැක්ටරිය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ, මේ කටයුත්ත ගැන අපිට අමනාපයක් නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරයක් ලබාගෙන නැහැ. ඒ නිසා මේ ගැන නීත්‍යනුකූල කටයුතු, සෞදි අරාබියේ අය මුදල් දීලා තියෙන්නේ, මුදල් දුන්නු රාජ්‍ය නොවන සංවිධානය ගැන අපිට ප්‍රශ්න තියෙනවා. ඒ ගැන මතුවට පැහැදිලි කරනවා. මෙහි ඉස්ලාම් දහම හා අරාබි භාෂාව ඉගැන්වීම පිළිබඳව සම්පූර්ණයෙන්ම ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට පසුබිම සකස් කරන අභිලාෂයෙන් මෙය හදලා තියෙන්නේ.
අද ත්‍රස්තවාදය අවි ආයුධ වලට වඩා තාක්ෂණික යුද්ධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒවගේම සයිබර් අවකාශයේ කරන යුද්ධයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ විශ්වවිද්‍යාලය හමුදාවට තාක්ෂණික දැනුම, සයිබර් අවකාශය පිළිබඳ දැනුම ලබාදෙන ප්‍රධාන විශ්වවිද්‍යාලය බවට පත්කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා හමුදාවෙන් 50 % ක් ද, අනෙක් ජන වර්ග නියෝජනය වන විදියට 50 % කුත් දායක කරගන්නා විදියට අපි යෝජනා කර සිටිනවා.'' යන්නයි.