- නීතිඥ ජගත් ලියන ආරච්ච් -
සාධාරණ හේතුවක් නොදන්වා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට විරුද්ධව මේ වන විට අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකිරීමට සූදානමින් සිටින බවට අද (7) ප‍්‍රධාන පුවත්පත් කිහිපයක් වාර්තා පළ කළේය.
මුළු රටේම අවධානය දිනාගෙන ඇති පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන පිළිබඳව නීතිඥ ජගත් ලියන ආරාච්චි මහතා කරන විග‍්‍රහය පහතින් පළවේ.
පොලිස්පතිවරයා ඉවත් කළ හැක්කේ කාටද ?
පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පලවන අතර ඇතැමෙක් පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිිබදව බලතල ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට බවත් ඔවුන් එකී වගකීම ඉටු නොකරන බවත් පවසයි. ඇතමෙක් ප‍්‍රකාශ කරන්නේ අගමැතිවරයා පොලිස්පතිවරයාව ඉවත් කිරීම නොකර සිටින බවයි. නමුත් පවතින නීතියට අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබදව නීති තත්ත්වය මෙම අදහස්වලට වඩා හාත්පසින්ම වෙනස්ය. විශේෂයෙන් ම ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවට මෙවැනි නිලධාරීන් හෝ කොමසාරිස්වරුන් ඉවත් කිරීමේ කිසිදු බලයක් නොමැත. මෙම ලිපියේ අරමුණ වන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබද නීති තත්වය පැහැදිලි කිරීමයි.
පොලිස්පතිවරයා පිලිබදව සදහන් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයන්හි දැක්වෙන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් තැනක සදහන් වන ප‍්‍රතිපාදන අනුව හෝ වෙනත් යම් නීතියක සදහන් ප‍්‍රතිපාදන අනුව මිස පොලිස්පතිවරයාව ඉවත් නොකල යුතු බවයි.
පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ
පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුල පොලිස්පතිවරයා ඉවත් කිරීම පිලිබද ප‍්‍රතිපාදන සඳහන් නොවේ. පොලිස්පතිවරයාව හා නීතිපතිවරයාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාල වන්නේ 2002 අංක 5 දරණ නිළධාරීන් ඉවත් කිරීම(කාර්ය පටිපාටිය) Removal of Officers (Procedure) Act, පනත අනුවය.
එකී පනත අනුව නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයාව ඉවත් කර හැක්කේ පනතේ 2 වන වගන්තියේ දක්වන හේතුවක් නිසා පමණි. එවැනි හේතුවක් මත පොලිස්පතිවරයා ඉවත් කිරීම ආකාරයන් දෙකකට කල හැකිය.
ජනපති විසින් පොලිස්පතිව ඉවත් කිරීම
ජනපති විසින් පොලිස්පතිව ඉවත් කිරීම
පළමුවන ආකාරය-ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම
පනතේ 3වන වගන්තියේ දක්වන හේතූන් අතරින් පහත සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සෑහීමටකට පත්විය හැකි හේතු පවතින්නේ නම් පොලිස්පතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. එම කරුණු වන්නේ,
1 ඔහුට එරෙහිවවස්තුභංගත්වයට පත්වී ඇති බවට නඩු තීන්දුවක් පැවතීම
2 ශාරීරික හෝ මානසික රෝගීභාවය නිසා සිය තනතුර දැරීමට නොහැකිවීම
3 සාදාචාරාත්මක වරදක් රාජද්‍රොහීත්වය හෝ අල්ලස පිලිබද වරදකට වරදකරු වීම
4 ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අහිමිවීම
පාර්ලිමේන්තුවේ තීරණයක් මත ඉවත් කිරීම
පාර්ලිමේන්තුවේ තීරණයක් මත ඉවත් කිරීම
දෙවන ආකාරය- පාර්ලිමේන්තුවේ තීරණයක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම
පොලිස්පතිවරයා විසින් පහත සදහන් වරදක් කර ඇති අවස්ථාවකදී
1 දුෂණ හෝ විෂමාචාරය පිලිබද වරදකරුවෙකු වීම
2 තනතුර අවභාවිතා කිරීම පිළිබද වරදකට වරදකරුවෙකු වීම
3 සිය රාජකාරිය නොසලකාහැරීම පිළිබද වරදකරුවෙකුවීම
4 සිය ධූරය පක්‍ෂපාතීව යොදාගැනීම පිලිබද වරදකට වරදකරුවීම
පාර්ලිමේන්තුවට පොලිස්පතිවරයාව ඉවත් කිරීම පිලිබදව තීරණයක් ගත හැකිය. එවැනි අවස්ථාවකදී අනුගමණය කල යුතු ක‍්‍රියාමාර්ග වනුයේ,
1 මන්ත‍්‍රීවරුවරුන් 1/3 කට අඩු නොවන මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද පොලිස්පතිවරයාව ඉවත් කිරීම සම්බන්ධ පරීක්‍ෂණ කමිටුවක් පත් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
2 පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එවැනි කමිටුවක් පිහිටිවිය යුතු බවට යෝජනාව සම්මත කිරීම
3 මෙම පරීක්‍ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු සිටිය යුතු අතර සභාපතිවරයාව අගවිනිසුරුවරයා විසින් නම්කරන ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයක,ු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ කථානායකවරයා විසින් අගමැති හා විපක්‍ෂනායක විමසා පත් කරනු ලබන නීතිය හෝ රාජ්‍ය පරිපාලන කලමණාකරණය පිලිබද විද්වතෙකුගෙන් සමන් විය යුතුය.
4 එම පරීක්‍ෂණ කමිටුව විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීමේ තීරණයක් ලබාදුන් පසුව එකී එකී තීරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාට යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම සිදුකරනු ලැබේ.
සේවය අත්හිටුවීම හා අනිවාර්ය නිවාඩු යැවීම
සේවය අත්හිටුවීම හෝ අනිවාර්ය නිවාඩු යැවීම සේවයෙන් ඉවත් කිරීමක් නොවන ඒ පිළිබද ප‍්‍රතිපාදන ඉහතකී පනතේ අන්තර්ගත නොවේ. එවැනි කාර්යයන් ආයතන සංග‍්‍රහය යටතේ සිදුකල හැකිය.
(උපුටාගැනීම ලංකා ඊ ප්‍රෙස් වෙතිනි)

Post a Comment