පාසැල් පරිශ්‍රය තුල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා චක්‍රලේඛ අංක. 25/2019 අනුගමනය කිරීමේදී පාසල් ප්‍රජාවේ සියලුදෙනාගේම සම ගරුත්වය හා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතු මූලික කරුණු කීපයක් ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අවධාරණය කර සිටියි.
අදාළ නිර්දේශ,
1.ප්‍රථමයෙන් විදුහල්පතිතුමා/තුමිය විසින් පාසැල් ප්‍රජාව ආමන්ත්‍රණය කොට ආරක්ෂක පියවරවල් යොදන්නේ ඇයිද යන්නත්, එම පියවරවල් කිසිවෙකුටත් වෙනස්කමක් හෝ අවමන් නොවන ආකාරයට ක්‍රියාත්මක කල යුතු බැව් පහදා දීම; එමෙන්ම සියළුම ජන කොටස් අතර අනොන්‍ය අවබෝද්ධය හා සුහදත්වය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම.
2.අදාල ආරක්ෂක කමිටු හා අනු කමිටු පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට අයත් වන සියළු ජන කොටස් නියෝජනය වන ආකාරයට පත්කර ගැනීමේ අවශ්‍යතාවය.
3.හදිසි අවස්ථාවකදී කටයුතු කරන ආකාරය පිළිබඳ පෙරහුරු (drills) එම ආරක්ෂක කමිටු විසින් පාසැල් ප්‍රජාව සඳහා පැවැත්වීමට කටයුතු යෙදීම.
4.හදිසි අවස්ථාවකදී පාසැල් ශිෂ්‍යයන්ට හා දෙමව්පියන්ට ඇමතිය හැකි හදිසි ඇමතුම් අංකයක් ලබාදීම

Post a Comment