අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව අද (2) නිකුත් කළ නිවේදනයකින් දක්වා තිබෙන්නේ තමන්ට ලැබුණු විදෙස් ආරංචි මාර්ගයකට අනුව දෙව්මැදුරු කීපයකට පහරදීමේ සූදානමක් ඇති බැවින් මෙම ස්ථාන වසාදැමීමට තීරණය කර ඇති බවත් මේ ඉරිදා පවත්වන්නට යෙදුණු දිව්‍ය පූජා හා දේව මෙහෙයන් නැවත දැනුම්දෙනතුරු නවත්වා දමන බවයි.
අදාළ නිවේදනයේ කාදිනල්තුමා අවධාරණය කරන්නේ,
‘‘අතිවිශ්වාසනීයව ලැබුණු විදේශීය ආරංචි මාර්ගයකට අනුව අප සතු සුප්‍රසිද්ධ දෙව්මැදුරකට සහ ගිහි අපෝස්තලික සේවා ආයතනයකට පහරදීමට මේ සතිඅග මාන බලන බවට අපට තොරතුරු ලැබී ඇත. එමනිසා ඔබගේ යහපත වෙනුවෙන් මෙම ස්ථාන දැනට වසා දැමීමට අප තීරණය කළෙමු.
කෙසේ වෙතත්, සියලුම දෙව්මැදුරු වල ලබන ඉරිදා පවත්වන්නට සැලසුම් කළ දේව මෙහෙයන් සහ අනිකුත් දිව්‍ය පූජා යාගයන් නැවත දැනුම්දෙන තුරු නවත්වා දැමීමට තීරණය කළෙමු. මෙම තොරතුරු මත පදනම්ව ලබන සතියේ ද සියලුම කතෝලික පෞද්ගලික පාසල් නැවත දැනුම් දෙනතුරු වසා තබන ලෙස ඉල්ලා සිටිමු.‘‘ යන්නයි.
Post a Comment