භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට යන භික්ෂු රක්ෂණ ක්‍රමය මැයි මස 16 ආරම්භ කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසයි.
භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය රක්ෂණයට මුල් තැන ලැබෙන අයුරින් සකස් කොට ඇති මෙම රක්ෂණ ක්‍රමය මගින් දිවයිනේ භික්ෂූන් වහන්සේලා 15000 කට සෙත සැලසෙන බව සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කීය.
මෙම රක්ෂණ ක්‍රමය සදහා රුපියල් මිලියන 900 ක් වැයවන අතර බුද්ධ සාසන අරමුදලින් රුපියල් මිලියන 500 ක්ද භාණ්ඩාගාරයෙන් ලැබෙන රුපියල් මිලියන 50 ක් ද මේ වෙනුවෙන් ලැබී තිබේ.
‘සුරක්ෂා‘ රක්ෂණයට හිමිකම් ඇති පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සහ රජයේ සේවයේ නියුතු භික්ෂූන් වහන්සේලා මෙම භික්ෂූ රක්ෂණ ක්‍රමයට අයත් නොවන බවද ඇමතිවරයා අවධාරණය කරයි.
මෙම භික්ෂු රක්ෂණ ක්‍රමය ආරම්භ කිරීම මැයි 16 මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Post a Comment