අලුත් පංතියට යන්නට කලින් අපේ ලෝකය කුසලතා වැඩමුළුව 27 වෙනිදා


හෙට දවස සුවඳවත් කරන ළමා පරපුර නිර්මාණශීලී දක්ෂතා සපිරි පරම්පරාවක් කිරීමේ අරමුණින් පැවැත්වෙන ‘‘අලූත් පංතියට යන්නට කලියෙන් අපේ ලෝකය ළමා නිර්මාණ කුසලතා වැඩමුළුව ’’දෙසැම්බර් මස 27 දා උදෑසන 09. 00 සිට 12.30 දක්වා බොරැල්ල පුංචි තියටර් රංග ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ. සෑම දරුවෙකු තුළම සැඟවුණු විශ්මිත නිර්මාණ හැකියාව අවදි කිරීමේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් රුසකින් සමන්විත මෙම අපේ ලෝකය වැඩමුළුව තුළ, නිර්මාණශීලී ලේඛනය, පරිකල්පන ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම්, නිර්මාණාත්මක කුසලතා සංවර්ධන ක‍්‍රියාකාරකම් ප‍්‍රාසංගික ගායනය හා රංගනය, ශ‍්‍රී ලාංකේය සාරධර්ම හා ආචාර ධර්ම, නිවැරදි දෙබස් උච්චාරණය හා කථන පුහුණූව, හඬ පුහුණූව ඇතුළු ප‍්‍රායෝගික අත්දැකීම් රැසක් නව්‍ය හා අපූර්වාකාරයෙන් ළමයින් වෙත ලබා දීමට අපේක්ෂිතය.
0767768403 අංකයට ඇමතීමෙන් ඔබේ දරුවාද ඒ සඳහා සහභාගී කරවිය හැකිය.














කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී සම්මානනීය ගත්කතුවර හා මාධ්‍යවේදී දේශක Voice & Voice Academy හි නිපුණතා සංවර්ධන වැඩසටහන් අධ්‍යක්ෂක උපුල් ගුරුගේ ඇතුළු කාර්ය මණ්ඩලය මෙහෙයවන මෙම වැඩසටහන උපුල් ගුරුගේ මහතාගේ ළමා සාහිත්‍ය හා නිපුණතා සංවර්ධන වැඩවටහන් කේෂ්ත‍්‍රයේ දස වර්ෂ පූර්ණය නිමිති කරගෙන පැවැත් වේ.