කළු මාධ්‍යට අගමැතිගෙන් අභියෝගයක්


අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මාධ්‍ය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත් තමන්ගෙන් හෝ සිය කාර්යාලයෙන් නොවිමසා ‍මෙවැනි තොරතුරු සමාජගත කරමින් සිටින බවත්ය.





මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති පැවසුවේ,





''මම කණගාටුයි කියන්න අද කැබිනට් එකේ විශාල කරුණු තියෙනවා කැබිනට් එකේ ඉන්නේ කවුද , නැත්තේ කවුද කියලා. සියලුම ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු පත්කරාට පස්සේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. මොකද කැබිනට් මණ්ඩලේ වැඩකරන්නේ පාර්ලිමේන්තුවට. කැබිනට් මණ්ඩලේ කවුද දැම්මේ නැත්තේ කියලා. සමහර කාරණා අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරගෙන යනවා.






වෙන වෙන මත තියෙනවා. මට පුදුම හිතුණේ මං එවලා නැති නම් ද එවලා තියෙනවා. මං දැක්කා අපේ විජිතමුණි සොයිසා මන්ත්‍රීතුමාගේ නම මම එව්වේ නැහැ. එතුමා හරි වාසනාවන්තයෙක් මොකද හැම මාධ්‍යටම නඩු දැම්මහම කොච්චර හම්මවෙයිද මිලියන 100 ක් එකතු කරයිද ?, එක්කෙනෙක්ගෙන් මිලියන 10 ගත්තොත් කොහොමද ?






තුන් හතර දෙනෙක් ඉන්නවා. මං එව්වේ නැති ඒවා, ඕනනම් මං ලියුම ඉදිරිපත් කරන්නම්. මං මේ සභාවට කියන්නම්. මේකයි කියන්නේ කළු මාධ්‍ය කියලා. අපි දැක්කා මේ කළු මාධ්‍ය ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් මොකක්ද කරේ කියලා.
දැන් මේක අපෙන් ඇහුවද ? මගේ කාර්යාලයෙන් ඇහුවද ? මගේ කතාව දානවද ? මාධ්‍යයේ. මේවා නිවැරදි කරනවද ? සල්ලි තියෙනවා නේද ගෙවන්න. ඉතිං එතුමලා නඩු දානවා නම් මං හිතන්නේ එතුමට කිසිම ප්‍රශ්නයක් නැහැ ඊළඟ ඡන්දෙට ඕන තරම් මුදල් හොයාගන්න පුළුවන්.





පාර්ලිමේන්තුවෙත් තියෙන්න ඕන. නම් එවන්නේ අගමැති කාර්යාලයෙන්. අපි කතාකරගෙන යනවා. කතාකරලා විසඳගන්න පුළුවන්. කොහොමද මේ මාධ්‍ය ?. මේගොල්ලෝ බැලුවේ ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් ඔක්කොම ලොකු ඒවා. මං හිතන්නේ මේ කළු මාධ්‍ය ගැන ජනවාරි මාසේ අපි හොඳ විවාදයක් මෙහේ තියලා නම් කරන්න ඕන ඔක්කොම උඩ ඉඳන් පල්ලෙහටම. ඒවා ගැන කියනකොට මාධ්‍ය අපිට සම්පූර්ණ සජීවි විකාශයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
අපිට මාධ්‍ය නැතිකරන්න වැඩක් නැහැ, ඒත් රටට හෙළිකරන්න ඕන. මොකද අපි තමයි නිදහස් මාධ්‍ය වෙනුවෙන් සටන් කළේ. කියන්න ඕන ටික මං කියනවා. කරුණාකරලා චෙක් පොත් ලෑස්ති කරලා තියාගන්න. මේ මන්ත්‍රීවරු හතර පස් දෙනාට අඩු ගාණේ මිලියන 50 – 100 ක් 200 ක් ගෙවන්න.‘‘ යන්නයි.