හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ව වේලාවකට ඉහතදී විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව කිසිදු බාධාවකින් තොරව රාජ්ය බලය සංඛේතාත්මකව රනිල් වික්රමසිංහ මහතාට භාරදී ස්වකීය නිල වාසස්ථානය වන අරලියගහ මන්දිරයෙන් ස්වෙච්ඡාවෙන් ඉවත් වී ඇති බව පොදු විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයට කැඳවා ඇති මහින්ද රාජපක්ෂ මහතා ජනතා කැමැත්තට හිස නමමින් මින් ඉදිරියට රටේ සියළු බලතල සංඛේතාත්මක ආකාරයට රනිල් වික්රමසිංහ මහතාට භාර දී ඇත. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ මෙම තීරණය ගනු ලැබුවේ ඔහුගේ ප්රතිවාදියා වන මෛත්රීපාල සිරිසේන මහතා මේ වන විට ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ලක්ෂ 5 කට වඩා අධික ඡන්ද සංඛාවකින් ජනාධිපතිවරණ සටනේ ජයග්රහණය කර ඇති හෙයිනි.