මහින්ද, ගියා නෙවෙයි පැන්නුවා : ඉදිරි වසර දෙකත් ධූරයේ ඉන්න හදලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තවදුරටත් බලයේ රඳී සිටිම සඳහා ගත් උත්සාහය වැලැක්වූයේ ආරකෂක මණ්ඩලය හා රජයේ ජේෂ්ඨ ඇමැතිවරුන් විසින් බව හෙළිවේ,

අද පානදර 2ට පමණ ආරක්ෂක මණ්ඩලය කැඳවා තමන්ට තව වසර දෙකක ධුරයේ සිටීම සඳහා ව්‍යවස්ථමය බලය තිබෙන බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. එහෙත් එහිදී ආරක්ෂක මණ්ඩලය පවසා ඇත්තේ ජනතා මතයට තමන් හිස නමන බවත් රාජපක්ෂ ධුරය අත් හැරිය යුතු බවත්ය. ඉන් පසුව පාන්දර 2.30 ට ඇමැති මණ්ඩලයේ ජේෂ්ඨයන් කැඳවා කල සාකච්ඡාවේදීද එම අදහස ඉදිරි පත් කළ නමුදු ඇමැති වරු සියළු දෙනාම ඊට එරෙහි විය. යම් හෙයකින් බලය රඳා ගැනීමට රාජපක්ෂ කටයුතු කළ හොත් තමන්ද විපක්ෂයට එක්වන බව අවධාරනය කර ඇත.

මේ නිසා රාජපක්ෂ පවුල බරපතල අර්බුදයකට ලක්ව තිබේ. ඉන් පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා සාමකාමී ලෙස බලය අත් හැරීමට තමන් කැමැති බව දන්වා . අරලියගහ මන්දිරයෙන් පිටත් වීමට තීරනය කර තිබේ.

කෙසේ නමුත් රාජපක්ෂලා මාන බැලුවේ තව දුරටත් බලයේ රඳී සිටීමටය. එහෙත් එහි විපක්ෂයේ අවසන් මෙහෙයුම ලෙස රාජපක්ෂට තව දුර්ටත් බලයේ ‍රැඳී සිටිමට තිබු අවසන් අවස්ථාවද අහිමි කරනු ලැබීය.