ආශ්චර්ය;- අවුරුදු 13යි. පාසල් නොයයි

හර්ෂි සි. පෙරේරා
මේ සේයාරුවේ දැක්වෙන අය සුමග පාර, ගල්පොත්තවත්ත, බද්දේගම නගරය, බද්දේගම පදිංචිකරුවන් වේ. පියා කේ පි සොමදාසය. මව බන්දාරිගේ කුසුම්ය. (57) දියණිය කේ පි කවිනා සදමිනි (11) ය. පුතා කේ පි දෙනුවන් කුමාරය. (13) 13 හැවිරිදි ඔහු පාසල් නොයයි. මේ අවුරුද්දටම පාසල් ගොස් ඇත්තේ දින 04කි. හෙතෙම ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනීම ලැබිය යුතුය. ඔහු ගෙවල් වල කඩවල වැඩට යයි. හරක් බදින්න යයි. පියාගේ රැකියාව කුලී වැඩය. හෙතෙම මිට අවුරුදු 20කට ඉසෙල්ලා තෙලිකඩ පොලිසියේ අනියම් කම්කරුවකු විදියට වැඩ කර තිබේ. අවුරුදු 3 1/2 ක් වැඩ කිරීමෙන් පසු සේවය අත්හිටුවා ඇත. ඒ මැලේරියා හැදුන නිසා සේවයට වාර්තා නොකිරීමෙනි. ඒ පිළිබද වයිද්ය සහතිකද ඇත. කුලී වැඩ කර ලබන දයිනික ආදායම රුපියල් 800ක් පමණ වේ. එය හැමදාම නැත. පවුලේ අදායම අඩුය. කුඩා නිවසක් ඇත. මේ පවුල බද්දේගම පොලිසියෙන්ද පිඩාවට පත් වේ. ඔවුන්ට ඔබේ උදවු අවශ්‍යයි.

 දුරකථන අංක 077 8604811, 077 2199250 වේ.