සැබෑ බන්ධනාගාර : දවස් 03 ක් ටොයිලට් ගියේ නැහැ.

හර්ෂි සි. පෙරේරා
මම හෙවාපුර දම්මික. අවුරුදු 39 යයි. විවාහක දරුවන් 02 යි. රබෝකන්ද, කිරිපෙද්ද, කරන්දෙණිය. මම ගාල්ල බන්දනාගාරයේ දවස් 03 ක් හිටියා. දෙන කෑම කන්න බැහැ. නිදාගන්න පහසුකම් ප්‍රමාණවත් නැහැ. දවස් 03ක් ටොයිලට් ගියේ නැහැ. ඒවාට යන්න බැරි තරම් අපිරිසිදුයි. දොරවල් තිබුනේ නැහැ. ඒවායේ තිබුනේ කෙටි බිත්ති. නැවෙත් නැහැ. දවස් 03 ක් වතුර බිබී හිටියා. බන්දනාගාර නිලදාරීන් කාටවත් පහර දෙනවා දැක්කේ නැහැ. මාව අත්අඩංගුවට ගත්තේ කරන්දෙණිය පොලිසිය. ඒ කුරුදු හොරකම් කිරීමේ චෝදනාවකට. මම ගාල්ල බන්දනාගාරයේ හිටියේ සැකකාරයෙක් විදිහට.