බෝගම්බර, මරු සිරා සහ මරණ දඩුවම.

හර්ෂි සි. පෙරේරා

මේ දිනවල බෝගම්බර බන්දනාගාරය, මරු සිරා සහ මරණ දඩුවම ගැන බොහෝ කතා ඇසිනි. මරු සිරාට මරණ දඩුවම දෙන අවස්ථාවේ බන කි හාමුදුරුවන් සමග කල සම්මුක සාකච්චාවක් ලක්බිම පුවත්පතේද පල විය. එම සම්මුක සකචාවේදී මාරු සිරා මරා නොඑල්ලවූ බව ප්‍රකාශ වූ අතර එම හිමිනද මරණ දඩුවම ක්‍රියාත්මක නොකළ යුත්තක් බව ප්‍රකාශ කළහ. නමුත් බෝගම්බර බන්දනාගාරය බැලීමට ගිය මරු සිරාගේ බිරිද මරණ දඩුවම පැමිණවිය යුතු බව කියා සිටියාය. ලංකාවේ බොහොමයක් සාමාන්‍ය ජනයා මරණ දඩුවමට පක්ෂය. මිට හේතු කිහිපයකි. එකක් ඔවුන් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම නිසා ලොව කිසිදු රටක බරපතල අපරාද අඩු නොවූ බව පිළිබද අවබෝදයක් නැත. මරණ දඩුවම දිය යුතුය යන්න ජනප්‍රිය මාතෘකාවකි. මෙරට අදිකරණයේ පවරන අපරාද නඩු වලින් සාර්ථක වන්නේ සියයට 4% ක් වැනි සුළු ප්‍රමාණයක් බවටද ඇත්තේ ජනතාව තුල ඉතා ලගු අවබෝදයකි. රටේ බහුතරය බවුද්දයන් වුවද සත්ව හිංසාව ගැන කතා කලද පලිගැනීම පලිගැනීමෙන් එනම් ඇසට ඇසක් දතට දතක් යන්න සාර්ථක ප්‍රතිපල අත්කර නොදෙන බවට ඇත්තේද නොදන්නා කමද පිළිගැනීමට ඇති අකමැත්තද යන්න සිතා ගැනීමද අසීරුය. දැන් අපි යුද අපරාද වලට එමු. උතුරේ යුද්දයේදී සුළුතරය වූ දෙමල ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මිය යන ලදී. එයට වගකිවයුත්තන්ට මරණ දඩුවම දීමට රටේ බහුතරය වූ සිංහල ජනතාව කොතෙක් දුරට සුදානම්ද? අපි අපේ හදවතට සෙමින් තට්ටු කර බලමු.