20 -20 ලෝක කුසලානය දිනීම සංගා මහේලට ‘සමුගැනීමේ ත්‍යාගයක්’



ඉකුත් ඉරිදා (06)  ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ගැන ඉහළින් අගයන්නට ඉන්දීය මාධ්‍ය  කටයුතු කැර තිබේ.‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ වෙබ් අඩවිය  පවසන්නේ වසර ගණනාවක තිස්සේ කළ වෙහෙසකින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රථිපල නෙලාගත් බවය.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්නඩිල්ෂාන් සහ ලසිත් මාලිංග වැනි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ රත්තරන් පරම්පරාව නියෝජනය කරන බව එම වෙබ් අඩවිය පවසයි. ජයග්‍රාහී මොහොතේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එකිනෙකා වැළඳ ගනිමින් සිය නළල් එකට තබා මිත්‍රත්වය සංවේදී ලෙස සැමරූ බව ටෙලිග්‍රාෆ් පුවත්පත කියයි. ඒ දෙදෙනා ලොව විශිෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනෙක් බවද එම පුවත්පත කියා සිටී.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ  පිතිකරුවන් දෙදෙනා  ‍සංගා සහ මහේල බවද එම පුවත්පත වැඩිදුරටත් කියයි.

අවස්ථා 04දී ලෝක කුසලානය පෙනී පෙනීගිලිහි ගිය ශ‍්‍රී ලංකාවට එදින සිය ජයග‍්‍රහණය විඳීමේ අවස්ථාව උදා වූයේ වාර කිහිපයකදීම ජයග්‍රහනයේ උන්මාදය විඳි ඉන්දියාවට පරාජයේ වේදනාව අත්කර දෙමින් බව ‘ද හින්දු’ පුවත්පත කියයි.

ඉන්දියාව ලැබු එම පරාජය සම්බන්ධයෙන් වඩාත් පසුතැවෙනුඇත්තේ යුවරාජ් සිං බව ද හින්දු පුවත්පත පවසයි.  විස්සයිවිස්ස ක‍්‍රිකට් ලෝක කුසලානය ශ්‍රි ලංකාවට හිමිවීම මහේලට සහ සංගක්කාරට ලැබුණු ‘සමුගැනීමේත්‍යාගයක්’ බවත් හින්දු පුවත්පත වාර්තා කරයි.

 ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණය සඳහා තීරණාත්මක සාධක වූයේ පිට ඉන්නට එපිටින් ලසිත්මාලිංග යැවූ යෝකර් පන්දු කිහිපය සහ කුමාර් සංගක්කාරගේ සටන්කාමී පිතිහරඹය බව හින්දුස්ථාන්ටයිම්ස් වෙබ් අඩවිය කියයි. ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල්පෙරේරා ඉක්මනින්ම දැවීයාම නිසා ශ්‍රී ලංකාව එක්වරම සසල වූ බව පවසන හින්දුස්ථාන්ටයිම්ස් වෙබ් අඩවිය මහේලගේසන්සුන් පිතිහරඹය නිසා කණ්ඩායම යළිත් ස්ථාවර වී ජයග්‍රහණය දක්වා ගමන් කරන්නට හැකි වූ බව පෙන්වා දෙයි.

වසර කිහිපයක් තිස්සේ අවසාන මහා තරගවලට පිවිස ඉන් පරාජය වීමේ මහා සාපයට තිත තබන්නට ශ්‍රි ලංකාවට හැකි විණැයි ටයිම්ස් වෙබ් අඩවිය  පවසයි. ‍

මෙම පරාජයෙන් වියරු වැටුණු ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඉන්දීය ක්‍රීඩක යුවරාජ්සිංගේ නිවසට ප්‍රහාරයක් එල්ල කැර තිබිණි. පන්දු 21කදී ලකුණු 11ක් පමණක් ලැබූ යුවරාජ් ගැන එරට ප්‍රේක්ෂකයින් වියරුවට පත් වී සිටි බව පැවසේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව හමුවේ ඉන්දියාවලද පරාජයේ වගකීම සිය පුත‍්‍රයාගේ උරහිස් මත පමණක් පැටවීම සාධාරණ නොවන බවයුවරාජ් සිංගේ පියා වන යෝරාජ් සිං පවසා ඇත. ඔහු කියා සිටින්නේ සිය පුත‍්‍රයා මෙන්ම ඉන්දීයකණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ද එම පරාජයට වගකිව යුතු බවයි. ශී‍්‍ර ලංකාවේපන්දු යැවීම හමුවේ විරාත් කෝලි පවා අවසන් පන්දුවාර කිහිපයේදී දැඩි පීඩනයකටලක් වූ බව ඔහු එන්.ඞී.ටී.වී. ප‍්‍රවෘත්ති සේවයට පවසා තිබේ.

මේ අතර ක්‍රිකට් ලොව සුපිරි තරු රැසක් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ගැන සිය සමාජ ජාල ගිණුම් හරහා සුභපතා තිබිණි.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා Lakbima