ASB සේල්ස් ෂොප් – අම්බලන්ගොඩ – වරද කාගේද?


හර්ෂි සි. පෙරේරා

පොලිසියට බොරු නඩු දැමීමේදී තරාතිරම වැදගත් නැත. මෙම බොරු නඩුවට ASB සේල්ස් ශෝප්හි අම්බලන්ගොඩ ශාකාවද හවුල්වී ඇත. මෙනිසා පිඩාවට පත්වුයේ චන්දන සමන්ත කොතලවලය. ඔහු එහි හිටපු සහකාර කලමනාකරුය. ඔහුව නිතිවිරෝදිව අත්අඩංගුවට ගෙන රදවාගෙන වදදී බොරු නඩුවකද දමා තිබේ. ඒ අම්බලන්ගොඩ පොලිසිය සහ ASB සහයෝගයෙනි. චන්දන මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට පැමිණිලි කළේය. එම පැමිණිල්ල හා ඔහුගේ චයාරුපය මෙහි පල වේ.



01. සභාපති,

මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති

පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති වීරෝධිව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වධදි බොරු නඩු දැමීම
චන්දන සමන්ත කොතලාවල, අවු: 38යි. (ජා.හැ. අංකය:- 751443994V), විවාහක, දරුවන් 01යි, රැකියාව : හිටපු සහකාර කළමණාකරු – ASB සේල්ස් ෂොප් – අම්බලන්ගොඩ.

ලිපිනය : කලූවා උඩුමුල්ල, ෙදාඩංගොඩ, ක`ඵතර.
2014.02.13 දිනදීය.

2009 ජුලි 07 දින සිට මා, අම්බලන්ගොඩ ASB සේල්ස් ෂොප් හි සහකාර කළමණාකරු වශයෙන් 2014.01.30 දින දක්වා සේවය කළෙමි.
2014.01.30 දින, මම සේවය සඳහා ගියේ නැත. එ් බව එදින උදේ 8.00 ට පමණ කළමණාකරු නිරෝෂ වින්ස්ලි හට දැනුම් දුන්නා.
එදින, 2014.01.31, උදේ 9.30 ට පමණ මට ප‍්‍රාදේශීය කළමණාකරු චන්දන සම්පත් දුරකථනයෙන් දැනුම් දුන්නා ”ෂොප් එක හොරු කඩලා කියා. තවද ඔහු මගෙන් ඇහැව්වා සමන්ත කොහේද ඉන්නේ ”කියා.
එ් වෙලාවේ මා හිටියේ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ. එ් බව මම ඔහුට කිව්වා.
ඔහු – චන්දන සම්පත්, දහවල් 12.30 ට පමණ නැවත දුරකථනයෙන් අමතා, ”ෂොප් එකට” එන්න කිව්වා.
එ් සමගම වාගේ මට ගෙදරින් දුරකථන පණිවුඩයක් ලැබුනා. ගෙදරින් කිව්වේ පොලිසිය සමග ASB එකේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා කිව්වා.
මම, එ් අනුව නැවත චන්දන සම්පත්ට කතාකර ඇහුව්වා, මම කොහාටද එන්න ඕනි කියා. එවිට, ගෙදරට එන්න කිව්වා.
මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ ඉවර කරගෙන මම ගෙදරට පැමිණියා. එවිට වේලාව ප:ව:2.30 පමණ ඇති.
මම ගෙදරට යන විට, ASB සමූහ ව්‍යාපාරයේ අයිතිකරු ජයසිරි සිල්වාගේ පුතා වන සඳුන් යන අය, ප‍්‍රාදේශීය කළමණාකරු චන්දන සම්පත්, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. දමිත් හා පො.කො. ධනුෂ්ක හිටියා.
පො.ප.දමිත් හා පො.කො.ධනුෂ්ක පැමිණ සිටියේ සිවිල් ඇඳුමිනි. තවද, ඔවුන් පැමිණ සිටියේ, ඉහත සඳහන් කල දෙදෙනාද සමගය. තවද ඔවුන් පමිණින සිටියයේ ASB සමූහ ව්‍යාපාරයේ අයිතිකරු ගේ උඡු ණඞ 0086 දරන වාහනයෙනි.
පො.ප.දමිත්, අපිත් එක්ක යන්න ඕනි යයි කිව්වා. මම කැමැත්ත පලකලා.
මෝටර් රථය ෙදාඩන්ගොඩින් අධිවේගී මාර්ගයට ඇතුලූ කර, ගමන් කොට, වැලිපැන්න ‘හයිවේ රෙස්ට්ටුරන්ට්’ එකේ නවත්වා කෑම ගත්තා. මට කෑම දුන්නේ නෑ. ඉන්පසු කුරුඳුගහ හැතැක්ම පිවිසුම් මාර්ගයෙන්, අම්බලන්ගොඩ පොලිසියට ආවා.
මා මෝටර් රථයේ සිටියා. පො.ප.දමිත් හා පො.කො.ධනුෂ්ක පොලස් ස්ථානය තුලට ගොස් ටික වේලාවක් සිට පැමිණ, මාව එම රථයෙන්ම අකුරැස්සට ගෙන ගියා.
මා, අම්බලන්ගොඩ ASBසේල් ෂොප් හී සේවය කරන කාලයේ මට ්ීඊ සමූහ ව්‍යාපාරයේ, නිවසක් ලබා දී තිබුනා. එය තිබුනේ අකුරැුස්සේ බංගම පාරේ.
මා, බිරිඳ හා දරුවා සමග පදිංචිවී සිටියේ එහි. මෙම පිරිස එම නිවසට ගියා. මෝටර් රථයේ් මා හා සඳුන් ( ්ීඊ අයිතිකරුගේ පුතා* සිටියදී, පො.ප. දමිත්, පො.කො. ධනුෂ්ක හා ප‍්‍රාදේශීය කළමණාකරු චන්දන සමග මගේ නිවස තුලට ගියා.
ඔවුන් කිව්වා නිවස පරීක්ෂා කරන්න ඕන කියා. පසුව දැනගත්තා ඔවුන් මගේ නිවසේ අල්මාරි, කබඞ්, මේස ලාච්චු ඇද පරික්ෂා කර තිබූ බව. එ් අවස්ථාවේ නිවසේ සිටියේ මගේ බිරිඳ හා අවුරුදු 3ක් වයසැකි පුතා පමණි.
මාව – නිවස තුලට ගෙන ගියේ නැහැ. ඔවුන් බිරිඳගෙන් හා අසල්වැසියන් ගෙන් මා ආ ගිය වේලාවන් ගැන ප‍්‍රශ්ණ කර තිබුනා.
ඔවුන්ට කිසිවක් හම්බවුනේ නෑ කියා ප‍්‍රකාශ කර, නැවත අම්බලන්ගොඩ පොලිසියට පැමිණියා. එවිට වේලාව රාත‍්‍රී 10.00 ට පමණ ඇති.
පොලිසියේදී මාව, අපරාධ අංශයේ කාමරය තුල තිබූ මේසය පෙන්වා මට එහි නිදා ගන්න කිව්වා.
මා මේසය මතට වී ඇඳ සිටිය ඇඳුම් එක්ක මුදුරුවන්ට බිළිවෙමින් සිටියා.
පසු දින 2014.02.01 දින, පෙ:ව:9.30 ට පමණ, මාව පොලිසියේ උඩ තටටුවේ පොලිස් නිලධාරීන් නිදා ගන්න කාමරයකට ගෙන ගියා.
එහිදී, මාව පුටුවක වාඩි කෙරෙව්වා. සැරයන් ගමගේ, කොස්තාපල් ධනුෂ්ක යන දෙදෙනා, එහි තිබූ ඇඳේ වාඩිවී මගෙන් ප‍්‍රශ්ණ කලා.
පැය 3ක් පමණ මගෙන් ප‍්‍රශ්ණ කර, නැවත අපරාධ අංශයට ගෙනවිත් වාඩි කෙරෙව්වා.
පස්වරු 2.30 ට පමණ, ASB සේල්ස් ෂොප් එකට අයිති, ඩොල්පින් සුපර් ඨඛ වෑන් එක පැමණියා. එය එළෙව්වේ ආරියරත්න යන රියදුරුය.
පො.ප. දමිත්, පො ප පෙරේරා, සැරයන් ගමගේ, කොස්තාපල් ධනුෂ්ක, ප‍්‍රාදේශීය කළමණාකරු චන්දන සම්පත් සමග, මාව වෑන් රථයට නංවා ගෙන, හොරවලට පැමිණියා. මේ අවස්ථාවේ නිල ඇඳුමින් සිටියේ සැරයන් ගමගේ පමණි.
හොරවලදී, බජාජ් සර්විස් සෙන්ටර් එකට ගොස් මා පිලිබඳව විස්තර විමසා සිටියා.
එතැනින් මතුගම පශු වෛද්‍ය කාර්යාලයට පැමිණියා. යන විට පශු වෛද්‍ය කාර්යාලය වසා තිබුනා.
එ් අසල තිබූ රෙස්ටුරන්ට් එකකට ගොස්, එතැන සේවකයින්ගෙන් මා ගැන විපරම් කලා.
එතැනින්, පො.ප. දමිත් ගේ – අගලවත්ත පිහිටි නිවසට ගියා. ASB වෑන් රථයේ තිබූ මා`ඵ පෙට්ටිය නිවස තුලට ගෙන ගියා.
පො.ප. දමිත්ගේ සුපිරි දෙමහල් නිවස තුල ස්වල්ප වේලාවක් ගත කොට, ගල්ලස්හේන හංදියේ, ඩ‍්‍රැගන් රෙස්ට්ටුරන්ට් එකට පැමිණියා. එතැන – ඔවුන් බියර් පානය කලා.
ඉන්පසු, නාගොඩ සෙන්ට‍්‍රල් හංදියේ චීන හෝටලයකට පැමිණියා. එහිදී ආහාර ගත්තා.
එතැනින් – අම්බලන්ගොඩ පොලිසියට පැමිණියා. එවිට රාත‍්‍රී 7.30ට පමණ ඇති.
එදින රාත‍්‍රියේ 10.00 ට පමණ, පෙර පරිදි, මාව අපරාධ අංශයේ කාමරයක මේසය උඩ නිදාගන්න කිව්වා.
පසු දින, 2014.02.03 දින, මු`ඵ දවසේම පොලිසිය තුල රඳවාගෙන හිටියා.
පසුදින 2014.02.04 දින උදේ 8.45 ට පමණ, නීතිඥ මධුර චින්තක ගමගේ මහතා මා බැලීමට පැමිණියා.
එදින දහවල් 11.00 ට මාව අධිකරණයට ගෙන යන බව, එ් මහතා මා සමග පවසා සිටියා.
නමුත් ගෙනිච්චේ නැහැ. එදින මු`ඵ දවසේම පෙර දින මෙන්, පොලිසිය තුල සිටියා. රාත‍්‍රියේ පෙර දින මෙන්ම අපරාධ අංශයේ කාමරයක මේසය මත නිදාගන්න දුන්නා.
පසුදින එනම් 2014.02.05 දින, උදේ 8.00ට පමණ, යලිත් නීතිඥ මධුර චින්තක ගමගේ මයා මා බැලීමට පැමිණියා. එ් මහතා, අද අනිවාර්යයෙන් උසාවි දාන බව ප‍්‍රකාශ කලා.
නමුත් දැම්මේ නැහැ. එදිනද පෙර සේම මා පොලිසියේම ගත කලා.
පසුදින, 2014.02.06, මාගේ බිරිඳ මාතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි කර තිබුනා. එහිදී ඇයව, නියෝජ්‍ය පොලිස්පතිවරයා දඩි පීඩාවට පත්කරලා තිබුනා.
එදින, 2014.02.06, සවස 2.00 ට පමණ මාගෙන් සැරයන් ගමගේ ප‍්‍රකාශයක් ගත්තා.
එයින් පසුව සවස 3.00ට පමණ, මාව බලපිටියේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.
එහිදී, මට විරුද්ධව, ව්‍යාජ චෝදනා නගා තිබුනා. 2014.02.30 වන දින, රාත‍්‍රියේ සොරකම පිළිබඳව කිසිවක් සඳහන්වී තිබුනේ නැහැ.
මාව, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරියා. මීළඟ නඩු දිනය 2014.07.18 දින වේ.
මා ඉල්ලා සිටින්නේ,
1. 2014.01.31 වන දින, අම්බලන්ගොඩ පොලිසිය විසින් මා නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම,
2. එදින සිට, 2014.02.06 දින දක්වා, දින 07ක් පුරා, නීති විරෝධීව රඳවා තබාගෙන, ශාරීරික හා මානසික වධහිංසාවන්ටද, අවමන් සහගත සැලකිලිවලට හා දඬුවම් වලට භාජණය කිරීම,
3. නීති විරෝධී ලෙස මාගේ නිවස සෝදිසි කිරීම,
4. ASB සමූහ ව්‍යාපාරයෙන් අල්ලස් ලබාගෙන මේ සියල්ල සිදුකිරීම,
5. පැමිණිල්ලක් කිරීමට ගිය විට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මාගේ බිරිඳට අවමන් කිරීම -
සම්බන්ධයෙන්,
අම්බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, එම පොලිසියේ අපරාධ අංශයේ පො.ප. දමිත්, පො.කො. ධනුෂ්ක, සැරයන් ගමගේ සහා මෙම ක‍්‍රියාවට හවුල් වූ ASB සමූහ ව්‍යාපාරයේ අයිතිකරුගේ පුත් සඳුන් හා ප‍්‍රාදේශීය කළමණාකරු චන්දන සම්පත් යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.
මෙම ක‍්‍රියාව මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද සඳහන් කරමි.
චන්දන සමන්ත කොතලාවල