තක්ෂිලා දිසාපාමොක්ලා සමනල දඩයමේ.


හර්ෂි සි. පෙරේරා
ශ්‍රී ලංකා ද්වීපයේ පාසැල පොලිසියට එහාය. එය ඒ තරමටම නීතිවිරෝදී ක්‍රියා කරමින් සිසුන් පිඩාවට පත් කරති. මෙම සමනල දඩයම සිදුවන්නේ හොරණ තක්ෂිලා මාද්‍ය මහා විද්‍යාලයේය. මෙවන් සිදුවීමකදී අපරාදයට ගොදුරු වූ සිසුවා වෙනුවෙන් පෙනී සිටින්නේ අතලොස්සකි. සෙස්සෝ අපරාද කළවුන් හා එකට ලගිති. චායරුපයේ සිටින්නේ අදාල ශිෂ්‍යාගේ දෙමාපියන්ය.
ප‍්‍රකාශය
මොහොමඞ් රහීම් මිස්කින්,අවු: 43 යි, (ජා.හැ.අ. 701020570*) විවාහක, දරුවන් 02 යි, රැකියාව: පෙදරේරු, ලිපිනය: නො:28, ඉසුරු උයන,දෙල්දුව, වාද්දුව.
2014.02.17 වන දිනදීය.
මොහොමඞ් සදීම් රෝෂාන් මිස්කින්, අවු: 18 යි, මාගේ පුතා වේ.
01. මාගේ පුතා පහේ ශිෂ්‍යත්වය සමත්ව, 2006 වසරදී තක්ෂිලා මධ්‍ය මහා විදුහලට (ජාතික පාසලට* හය වසරට ඇතුළත් කර ගනු ලැබීය.
02. ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ (්*හා සම්මාන (ඊ* සහිතව සමත් විය.
03. ඔහු, උසස් පෙළ විභාගය සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව තෝරාගනු ලැබීය.
04. ඔහු, සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල වලින් පසුව විදුහලේ ඵී 4 පංතියට අගෝසතු වලදී ඇතුල් විය.
05. එහි පංතිභාර ගුරුවරයා වූයේ යූ.ඞී.ජේ.ක‍්‍රිෂාන් නැමැත්තාය.
06. මෙම පන්තියේ ඉගෙන ගනිමින් සිටින අවස්ථාවක, මාගේ පුතා තනියම ඉන්න වෙලාවක, මෙම යූ.ඞී.ජේ.ක‍්‍රිෂාන් නැමැති ගුරුවරයා පුතා ළඟට ඇවිත්, ”උඹ තම්බියෙක්ද” යයි අසා ඇත.
07. එවිට මගේ ”පුතා” නෑ, මම මැලේ ජාතිකයෙක් යැයි කියා තිබේ.
08. එයින් පසුව, මෙම ගුරුවරයා මගේ පුතාට නිරන්තරයෙන් ”බල්ලා – බල්ලා” යයි ආමන්ත‍්‍රණය කරන්නට පටන් ගෙන ඇති අතර, පංතිය තුළ සිදුවන ඕනෑම කාරණයකදී මගේ පුතාට, ”උඹ පන්තිය කන්නේ නැතිව පලයන්” ආදී වශයෙන් නින්දා අපහාස කිරීමට පටන්ගෙන තිබේ.
09. 2013.11.11 දින, මෙම ගුරුවරයා පන්තියේ පිරිමි ළමුන්ගේ කොණ්ඩා පරීක්ෂා කර තිබේ. එහිදී කොණ්ඩය වැවී ඇති හා රැුවුල වැවී ඇති සිසුන්ට ”හෙට” කොණ්ඩය කපාගෙන එන්න යයි උපදෙස් දී තිබේ.
10. මගේ පුතාගේ කොණ්ඩය පරීක්ෂා කර, වාඩිවී සිටි මාගේ පුතාගේ කොණ්ඩයෙන් අල්ලා උඩට ඇද, බල්ලා උඹත් එක එක දවස් වලට මෝසතර දාගෙන එනවා නේද? කියා, එලියට පලයන් කියා ඇත.
11. එ් අනුව ඔහු පන්තියෙන් එළියට යන විට, මෙම ගුරුවරයා, ඔහුගේ කණට ගසා ඇත.
12. එය ඉවසාගෙන යන්න හදනකොට, නැවත පහර දෙන්නට අත උස්සන විට මාගේ පුතා එය වලක්වා ගුරුවරයා තල්ලූ කර දමා තිබේ.
13. ඉන්පසු, පුතාව කාර්යාලයට රැුගෙන ගොස් තිබේ. එහිදී විදුහල්පතිනිය කේ.කේ.පී.එම්.ජයතිලක ඇතුලූ ගුරුවරු හයදෙනෙකු පමණ වටකරගෙන පහර දෙන්නට සූදානම් වී ඇත.
14. එ් අවස්ථාවේ මාගේ පුතා තමාට පහර නොදෙන ලෙසට ඉල්ලා තිබේ.
15. ඉන්පසු කල්‍යානි නැමති ගුරුවරිය මාගේ නිවසට දුරකතනයෙන් කතාකොට, පුතා අමුතු විදියට හැසිරෙනවා ඉක්මනට එන්න යයි දැනුම් ද් තිබේ.
16. එ් අනුව, මාගේ බිරිඳ ඉනෝකා ප‍්‍රියංගනී විදුහලට ගොස් තිබේ. එවවිට වෙලාව පෙ.ව. 11.00 ට පමණ ඇත.
17. මාගේ බිරිඳ පාසලට ගිය පසුව, විදුහල්පතිනිය කේ.කේ.පී.එම්.ජයතිලක, පුතාව පාසලෙන් අස්කරගෙන යන ලෙසට දන්වා ඇත.
18. පසු දින මා හා බිරිඳ පාසලට ගොස් දරුවා අතින් වරදක් වූවා නම් සමාවන ලෙසට ඉල්ලා සිටියා.
19. එ් අවස්ථාවේ විදුහල්පතිනිය කේ.කේ.පී.එම්.ජයතිලක අපට කියා සිටියා, විනය කමිටුවට දන්වා, තීරණය දැනුම් දෙන බව.
20.නමුත් පිළිතුරක් ලැබුනේ නැහැ. දින දෙකකින් නැවත විදුහල්පතිනිය කේ.කේ.පී.එම්.ජයතිලකව හමුවුනා. ඇය කියා සිටියා පාසලේ ඔක්කොම ගුරුවරු දරුවාව අස්කර ගන්න කියන බව.
21. අප මේ පිළිබඳව ඉන්පසු පොලීසියට පැමිණිලි කරනු ලැබුවා.
22. මේ පිළිබඳව මානව හිමකම් කොමිෂමට ද පැමිණිලි කළා. අංකය: 4457/13
23. 2014.01.02 දින මානව හිමකම් කොමිෂමට පැමිණ විදුහල්පතිනිය කේ.කේ.පී.එම්.ජයතිලක හා යූ.ඞී.ජේ.ක‍්‍රිෂාන් කියා සිටියා ජාතික පාසල් අධ්‍යක්ෂ දරුවාගේ පන්ති තහනම් කර ඇති බව. ලිපියක් පෙන්නුවා. එය අපට බාර නොදුන්න බව පිළිගත්තා.
24. 2014.01.29 දින ජාතික පාසලේ අධ්‍යක්ෂක හමුවුනා. ඔහු එවැනි ලිපියක් බාර දුන් බවක් පිළිගත්තේ නැහැ. නමුත් ඔහු අපට දැනුම් දුන්නා ලිපියක් දීලා තියෙනවනම් ඉල්ලා ගන්න කියා.
25. එ් අනුව 2014.01.31 දින, උදේ 7.30 ට විදුහල්පතිනිය කේ.කේ.පී.එම්.ජයතිලක හමුවී ලිපියේ පිටපතක් ඉල්ලා ගත්තා.
26. එසේ ඉල්ලාගෙන මමත්, මාගේ බිරිඳත්, පුතාත්, කාර්යාලයෙන් පිටව එනවිට, අරුණ නැමති ගුරුවරයා පිටිපස්සෙන් ඇවිත්, ”පු`ඵවන්නම් අමාත්‍යාංශයට ගිහිල්ලා ළමයාව එවපන්කෝ බලන්න” කිව්වා.
27. ගේට්ටුව ළඟට එනකම් ඔහු පස්සෙන් ආවා. මා, මා යතුරුපැදිය ළඟට විත් හෙල්මට් එක දමාගෙන, තිදෙනාම පිටත්වෙන්න සූදානම් වන විට, අරුණ නැමති ගුරුවරයා ”මෙන්න මුන් යන්න හදනවා ඉක්මණට එනවා” කියා කෑගැහැව්වා.
28. එ් සමගම, උපාලි ක`ඵබෝවිල, කමල් සුජීව, සරත් මුණිදාස, චන්ද්‍රසිරි ලියනගේ, ගජේන්ද්‍ර හා චන්ද්‍රදාස බයන ගුරුවරු හා රියදුරු හි ලිපිකරු ද විත්, මට, පුතාට හා බිරිඳට පහර දුන්නා. 
29. එසේ පහර දෙන අතර, මාගේ බිරිඳව ගේට්ටුවෙන් එළියට ඇද දමා ගේට්ටුව වැහුවා.
30. මට යන අය සිද්ධිය දැක කෑ ගසා අපව බේරා ගත්තා. සිහිසුන්ව සිටි බිරිඳව හා පුතාව රෝහලට ගෙන ගිය අතර, පොලීසියට දන්වා මාව පොලීසියට ගෙන ගියා.
31. පොලීසිය මාගෙන් ප‍්‍රකාශයක ගෙන මාව රෝහල් ගත කළා.
32. එයින් පසුව දින දෙකක් පොලීසියට කැඳවූවා. නමුත් ඔවුන් ආවේ නැහැ.
33. මීට පෙර එනම්, 
1. පුතාට පහරදී පාසල් එ්ම නැවැත්වීම
2. පහරදීම අදාලව සමථ මණ්ඩලයට යොමු කළා. 
හොරණ පොලීසිය සිද්ධිය අදාලව මට විරුද්ධව හා පහරදීම ගැන නඩු පවරා ඇති බව ප‍්‍රකාශ කළා.

එමෙන්ම පුතාට, 
(1) ගුරුවරයෙකු පහරදීම
(2) පොලීසිය මගහැරීම
(3) පුතා අවමානයට හා කණස්සල්ලට පත් කිරීම 
පිලිබඳ නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමි.
ඉහත සඳහන් සියලූ කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

මොහොමඞ් රහීම් මිස්කින්