බෙල්ජියම;- ළමුන්ට අනායාස මරණ අයිතිය.

Image

හර්ෂි සි. පෙරේරා

බෙල්ජියම ලොව ප්‍රථම රට බවට පත්වෙමින් මරණාසන්න තත්වයේ සිටින ළමුන්ට අනායාස මරණ අයිතිය ලබා දි ඇත. බ්‍රහස්පතින්දා එ රට මෙම නීතිය විශාල බහුතර චන්දයකින් පහළ සබාවේදී සම්මත විය. එයට සහය පල කරන්නන් පවසන්නේ එය මානුෂික වන අතර අපචාර වැළැක්වීම සදහා පැහැදිලි සංවරණ හා තුලන ක්‍රමයක් නීතිය සම්බන්දයෙන් ක්‍රියාත්මක වන බවයි. ළමුන් සිය ජීවිතය නිමා කිරීමට ගන්නා තීරණය දෙමාපියන් අනුමත කල යුතු අතර මනෝ වයිද්යවරුන් ඔවුන්ට සිය ක්‍රියාව ගැන අවබෝදයක් ඇත්දැයි අනිවාර්යෙන් පරික්ෂා කල යුතුය. විරුද්දවාදීන් පවසන්නේ මෙම නීතිය අත්තනෝමතික බවයි. සමහරු මෙම අයිතිය අවුරුදු 18 ට අඩු දරුවන්ට දෙන්නේ කෙසේද යන්න ද ප්‍රශ්න කරයි. මොකද වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට ජීවිතය තීරණය කිරීමට ඉඩ දුන්නද හැගීම් සහ ආර්ථික තීන්දු ගැනීමට නොහැකි බැවිනි. මෙසේ ප්‍රශ්න කරන්නන් අතර බ්‍රසුල්ස්හි අගරදගුරු ජෝශප් ලියෝනාඩ් ද සිටි. කෙසේනමුත් මෙම චන්ද විමසීම බෙල්ජියමට වඩා වැඩි අවදානයක් දිනා ගත්තේ පිටරටදිය. අසල්වැසි නෙදර්ලන්තයේ සහ ලක්සම්බග්හි මෙම අනායාස මරණය වැඩිහිටියන් සම්බන්දයෙන් නීතිගත කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රාන්ත වන මොන්ටනා ,ඔර්ගියන්, වමොට් සහ වොෂින්ටන්හි මෙය නිතිගතය. නෙදර්ලන්තයේ අවුරුදු 12 ට වැඩි ළමුන්ට මිය යාමට ඉල්ලා සිටිය හැකි වේ. 
Image