මවකගේ විලාපය.



හර්ෂි සි. පෙරේරා

හයිවේ හදන රාජපක්ෂලාට වදහිංසා පැමිණවීම ගැන වගක් නැත. මේවා ප්‍රසිද්ද කරනවාටද රාජපක්ෂ රජය සහ එහි හෙන්චයියන් අකමැතිය. වදහිංසා පමුණුවන පොලිස්කාරයින්ට මේ සියලු දෙනාගේ ආශීර්වාදය අනුග්‍රහය සහ රැකවරණය ලැබේ. පහත සිද්දිය කියවන්න. වදහින්සාවේ තරම අවබෝද කර ගන්න. "එසේ අත්අඩංගුවට ගත් මාගේ පුතාට කෲර අමානුෂික වධහිංසා පමුණුවා ඇති අතර, ඇස් වලට කොච්චි දමා, රත් කරන ලද යකඩයක් ගුද මාර්ගයට ඇතුල්කර ඇති අතර, විදුලි සැර අල්ලා තිබේ. මාගේ පුතාට එසේ වධහිංසා පමුණුවනු ලබන්නේ නඩු 10ක් ඉල්ලමින්ය. "


සීලවතී පෙරේරා
බෝධිරාජ මාවත,
මහා වාද්දුව,
වාද්දුව.
2013.11.03

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. එන්.කේ.ඉලංගකෝන් මහතා,
     පොලිස්පති
     පොලිස් මූලස්ථානය,
     කොළඹ

අත්අඩංගුවට ගෙන කෲර අමානුෂික වධහිංසා පමුණුවීම

මැස්ටියගේ ෙදාන් නීල් නිරෝෂන් ගුණතිලක, අවු: 33යි, විවාහක, දරුවන් 01 යි - මාගේ පුතා වේ.

2013.11.02 දින, ප:ව:1.00 පමණ, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ජගත් නැමැති නිලධාරියා ඇතුලූ නිලධාරින් 6කු , යතුරු පැදි තුනකින් පැමිණ, මාගේ පුතාව අත්අඩංගුවට ගෙන, මාංචු දමා, යතුරු පැදියක දමාගෙන පානදුර දකුණ පොලිසියට ගෙන ගියා.

ඔහුව අත්අඩංගුවට ගත්තේ චේන් එකක් කැඩූ බවට චෝදනා කරමින්ය.

එසේ අත්අඩංගුවට ගත් මාගේ පුතාට කෲර අමානුෂික වධහිංසා පමුණුවා ඇති අතර, ඇස් වලට කොච්චි දමා, රත් කරන ලද යකඩයක් ගුද මාර්ගයට ඇතුල්කර ඇති අතර, විදුලි සැර අල්ලා තිබේ.

මාගේ පුතාට එසේ වධහිංසා පමුණුවනු ලබන්නේ නඩු 10ක් ඉල්ලමින්ය.

මීට ටික වේලාවකට පෙර ද පුතාව ජීප් රථයේ දමාගෙන කොහේදෝ රැුගෙන ගියේය.

මාගේ පුතා මේ වන විට දැඩි රෝගී තත්වයේ පසු වේ.

මා ඉල්ලා සිටින්නේ, කඩිනමින් මේ සම්බන්ධයෙන් මැදිහත්ව, කඩිනමින් මාගේ පුතාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමට හා අධිකරණයට ඉදිරිපත් කරවීමට පියවර ගන්නා ලෙසටත්, ව්‍යාජ චෝදනා නැගීම වලක්වාලන ලෙසටත්ය.


සීලවතී පෙරේරා.