මේ දැන් බණ්ඩාරගම පොලිසියේ සිදුවන වදහිංසා පැමිණවීමක්.




හර්ෂි සි. පෙරේරා

චින්තනි නදීශාගේ සැමියාට මේ දැන් බණ්ඩාරගම පොලිසිය විසින් වද දෙයි. මෙසේ වද දෙන්නේ මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිටද ෆැක්ස් මගින් දැනුම් දි තිබියදිත්ය. මෙයින් පැහැදිලි වන්නේ පොලිසිය මානව හිමිකම් කොමිසම පයිසෙකට ගණන් නොගන්නා බවකි. තවද පොලිස්පති පහළ නිලදාරීන්ගේ අපරාද සම්බන්දයෙන් නිහඩ බවකි. ඒවාට නිහඩව සහය පල කරන බවකි. දැන් කාටද කියන්නේ? පිඩාවට පත්වන්නේ අසරණ ජනතාවයි.


එම්.එ්.චින්තනී නදීෂා
47/එ් 3,
උහල්ලවත්ත,
බංඩාරගම.
2013.11.05

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නැගීම වලක්වාලන ලෙසට 
කරනු ලබන ඉල්ලීම

ෙදාඩංගොඩ ආරච්චිගේ රුවන් කුමාර (අවු: 27යි* - මාගේ සැමියා වේ.

අද දින එනම් 2013.11.05 දින, උදේ 9.00ට , බණ්ඩාරගම ෂෙඞ් එකට ගිය මාගේ සැමියාව, බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පහර දී, පොලිසියට ගෙනගොස් තිබේ.

මා සිද්ධිය ආරංචි වී ඔහුව බැලීමට බණ්ඩාරගම පොලිසියට ගිය අතර, ස්ථානාධිපතිවරයා ඔහුව නොගෙනා බව ප‍්‍රකාශ කලා. මා සමග පොලිසියට ගිය සැමියාගේ සොයුරා දැක තිබුනා සැමියාව පොලිසිය පිටුපස තබාගෙන රණවීර නැමැති නිලධාරියා ඔහු අසල පොල්ලකුත් තියාගෙන සිටිනවා. එ් බව ස්ථානාධිපතිවරයාට පැවසූ විට, ස්ථානාධිපතිවරයා බැණ වැදී, ඔහුව බැලීමට ඉඩදීම ප‍්‍රතික්ෂේප කලා.

මා සිද්ධිය අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන්නා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මාගේ සැමියාව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවීම නිසා, එකී නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම හේතුවෙන්, බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් මාගේ සැමියා සමග තරහින් පසුවන බවත්, මාගේ සැමියාගෙන් පළිගැනීමට නිරන්තරයෙන් කටයුතු කරනා බවත් ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,
1. වහාම - මාගේ සැමියාට වධහිංසා පමුණුවීම නතර කරවීමට කටයුතු කරනා ලෙසත්,
2. මාගේ සැමියාට ව්‍යාජ නඩු පැවරීම වලක්වාලන ලෙසත්,
3. මාගේ සැමියාට ආරක්ෂාව සලසන ලෙසටත්,
4. නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මාගේ සැමියාගෙන් පළිගැනීමට, නිරන්තරයෙන් ඔහුට 
   එරෙහිව නීති විරෝධීව කටයුතු කරනු ලබන - බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ඇතු`ඵ 
   වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසටත්ය.


එම්.එ්.චින්තනී නදීෂා
එම්.එ්.චින්තනී නදීෂා
47/එ් 3,
උහල්ලවත්ත,
බංඩාරගම.
2013.11.05

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නැගීම වලක්වාලන ලෙසට 
කරනු ලබන ඉල්ලීම

උක්ත කාරණය අදාලව මා විසින් අද දින (2013.11.05 දින* ඔබ වෙත වනු ලැබූ ෆැක්ස් පණිවුඩය හා බැඳේ.

එම පැමිණිලි කිරීම් වලින් අනතුරුව, මාගේ සැමියාට අමානුෂික ලෙස පොලිස් නිලධාරීන් විසින් පහරදී තිබේ.

මේ වන විට මාගේ සැමියාව පොලිස් කූඩුවට දමා ඇති අතර, නැවත පහරදීමට යයි කියා කොච්චි ගෙනා බව සැමියා මා සමග පවසා සිටියා.

පහර දීම් නිසා මාගේ සැමියාගේ නළල ඉඳිමී ඇති අතර, දකුණූ අත ද ඉඳිමී තිබේ.

ස්ථානාධිපතිවරයා පවසා සිටියා මාගේ සැමියා මානව හිමිකම් එකේ පොලිසියට විරුද්ධව පැමිණිලි කර ඇති බව.

මා නැවතත් ප‍්‍රකාශ කර සිටින්නේ, මාගේ සැමියාගෙන් පළිගැනීම සඳහා හිතාමතාම මාගේ සැමියාව අත්අඩංගුවට ගෙන, වධහිංසා කර, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීමට බණ්ඩාරගම පොලිසිය කටයුතු කරනා බවයි.

මා ඉල්ලා සිටින්නේ, වහාම මේ සම්බන්ධයෙන් මැදිහත්ව, නැවත මාගේ සැමියාට වධහිංසා පමුණුවීම වලකාලන ලෙසත්, වහාම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරවීමට කටයුතු කරනා ලෙසටත්ය.


එම්.එ්.චින්තනී නදීෂා