මොරොන්තුඩුව OIC නොමනා වැඩක !




හර්ෂි සි. පෙරේරා

ගමගේ සිසිර කුමාර පෙරේරා ශ්‍රී ලංගම රියදුරෙකි. ඔහු මොරොන්තුඩුවේ පදිංචි වී සිටි. හෙතෙම මෙම ලිකිත පැමිණිල්ල 2013.10.07 දින මොරොන්තුඩුව පොලිස් ස්ථානදිපති වෙත යොමු කරන ලදී. මෙම ස්ථානදිපති ඔහුගේ පැමිණිල්ල හරි හැටි ලියා ගන්නේ නැත. ඔහුගේ මවගෙන් අල්ලස් ගෙන මවට පක්ෂපාති ලෙස කටයුතු කරමින් ඔහු පිඩාවට ලක් කරයි. ඔහු ජනසංසදයට පැමිණ කල පැමිණිල්ල සහ ඔහුගේ චායාරුපයක් මෙහි පල වේ. 

ස්ථානාධිපති,
පොලිස් ස්ථානය,
මොරොන්තුඩුව. 

ලිඛිත පැමිණිල්ල

ගමගේ සිසිර කුමාර පෙරේරා, අවු: 42යි, ජා.හැ.අ.712981172ඪ, රැුකියාව : ශ‍්‍රී ලංගම රියදුරු.
ලිපිනය : 239/2, රොබට් පෙරේරා මාවත, නාන්¥ව, මොරෙන්තුඩුව.
වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි. 2013.10.07 දිනදීය.

2013.10.06 දින, පස්වරු 1.30 ට පමණ මා මොරොන්තුඩුව පොලිස් ස්ථානයට පැමිණ, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ එය ඔබ විසින් වලක්වාලන ලදි. එම පැමිණිල්ල මෙසේය.

2013.10.05 වන දින, මා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පොලිසියට රැුගෙන විත්, ස්ථානාධීපති උ.පො.ප.ලියනාරච්චි වන ඔබ, මට බැණ තර්ජණය කර, භිය වද්දන ලද අතර, මාහට හිමි කඩය, මාගේ මව වන කේ.විමලාවතී මියට බාරදෙන ලෙසටද, කඩයේ රුපියල් ලක්ෂ දෙකක බඩුවලට මා වගකිවයුතු බවද ප‍්‍රකාශ කරන ලදි.

මාගේ ව්‍යාපාරයේ වෙළඳාම් කටයුතු සඳහා යොදාගන්නා ලද මාගේ මව වන කේ.විමලාවතී මියට බාර දිය නොහැකි බවත්, අවශ්‍ය නම් තවදුරටත් මාගේ වෙළඳාම් කටයුතු වල නිරත වීමට දිය හැකි බවද සඳහන් කරමි. 

එහි සිය`ඵ භාණ්ඩ මාගේ බවද ප‍්‍රකාශ කරමි.
මාහට මාගේ ගොඩනැගිල්ලේ, මාගේ ව්‍යාපාරය ගෙන යාමට ඇති අයිතියට බාධා නොවන ලෙසට හා මාහට ආරක්ෂාව ලබාදෙන ලෙසට ඉල්ලමි.
මෙහි සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කරමි.

ගමගේ සිසිර කුමාර පෙරේරා.
පිටපත:
පොලිස්පති
පොලිස් මූලස්ථානය.