ඇය - පොලිසියෙන් ගුටි.



හර්ෂි සි. පෙරේරා

ඇය කරුනාවතිය. ඇය දමයන්තිය. ඇය අනොමාය. "මට හයියෙන් ඇඬුනා. කෑ ගැස්සුනා. එවිට හොඳටම බීලා හිටිය ස්ථානාධීපති පොල්ලක්ද රැුගෙන, වේසියෝ තුන්දෙනෙක් මූව බලන්න ඇවිල්ලා යයි කෑගසමින්, අප ළඟට ආවා. ඔහු මට අසභ්‍ය වචනයෙන් බැණවැදී, අතින් මගේ පිටට අත්වලට ගැසුවා. කොණ්ඩෙන් අල්ලා කරකවා, ඔලූවට ගසා, ඇදගෙන ගොස් කූඩුවට දැම්මා. " මේ කාන්තාවන් තුන්දෙනාටම පොද්දල පොලිසිය අමානුෂික ලෙස පහරදීමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාරගත කර තිබේ. අනෝමාගේ වයස අවුරුදු 02ක දියණියද මේ සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි.  ඔවුන්ගේ චයාරුපයක් සහ ඔවුන් ජනසංසදයට පැමිණ අදාල බලදාරීන්ට කල ලිකිත පැමිණිලි පහතින් පල වේ. 


01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
     කොළඹ 08.

02. එන්.කේ.ඉලංගකෝනා මහතා
    පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

පෝද්දල පොලිසියේ ස්ථානාධිපති පො.ප.කීර්තිසිංහ බීමතින්, අසභ්‍ය වචනයෙන් බැණවැදී, පහරදී, කන්න බොන්න නොදී, නීති විරෝධීව රඳවා තබාගෙන - බොරු නඩු දැමීම.

කොස්¥වගේ කරුණාවතී මදනායක, අවු: 53 යි, ජා.හැ.අ.6173211521ඪ, විවාහක, දරුවන් 01යි.
ලිපිනය : බාන්වැල්¥ව වත්ත, වක්වැල්ල, ගාල්ල. 
2013.10.08 දිනදීය.

වක්වැල්ල ගමගේ චතුරංග උයද කුමාර (අවු: 21* - අවිවාහක - මාගේ පුතා වේ.

2013.09.21 දින, සවස 2.00 පමණ, නෙ`ඵව වැඩ කරන ස්ථානයට යන්න පිටත් වුනා.

එදින රාත‍්‍රී 7.00 ට පමණ, වැඩපොලෙන් මට කතා කරලා කිව්වා, පුතා වැඩට ආවේ නැහැ කියලා. මම කිව්වා සවස 2.00ට පමණ ආපු බව.

මම  දන්න තැන්වල හොයලා බැලූවා. නමුත් ආරංචියක් ලැබුනේ නැහැ. පසුදා 22 දින, සවස 2.00 වනතුරු පුතාව හෙව්වා. හම්බවුනේ නැහැ. එ් නිසා මම ගාල්ල පොලිසියට ගිහිල්ලා පැමිණීල්ලක් දැම්මා. පෝද්දල පොලිසියටද ගියා. පෝද්ල පොලිසියෙන් පැමිණිල්ල බාරගත්තේ නැත. 

එ් අතර, මා දැනගත්තා මාගේ නංගී වන කේ.සුමිත‍්‍රා දමයන්තිගේ පුතා වන හේමන්ත කුමාරව පෝද්දල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව.

එ් අනුව මම මාගේ සොහොයුරිය වන කේ.සුමිත‍්‍රා දමයන්ති හා ඇගේ දියණීය වන වී.පී.අනෝමා ප‍්‍රියදර්ශනී , අනෝමා ප‍්‍රියදර්ශනීගේ දෙහැවිරිදි දියණීය වන නෙත්මි (අවු: 02* සමග පෝද්දල පොලිසියට ගියා.

අප පෝද්දල පොලිසියට ගොස්, එ් අවස්ථාවේ පොලිසියේ නිලධාරීන්ගෙන් විමසුවා හේමන්ත කුමාරව බලන්න ආවේ කියා.

එවිට ඔවුන් ප‍්‍රකාශ කලා, එහෙම කෙනෙක් ගෙනත් නැති බව. අප ඔවුන්ට ප‍්‍රකාශ කලා, නෙ`ඵවේ -හේමන්ත කුමාර, වැඩ කරන තැන චන්දරේ තමයි පණිවුඩය දුන්නේ කියා.

ඔවුන් එවිට, මේ තියෙන්නේ ජීප් එක, එහෙම ගිහිල්ලා නෑ කීවා. එවිට අප ඉල්ලා සිටියා, හේමන්ත කුමාර රැුකියාවට ගොස් සිටි විට, අත්අඩංගුවට ගැනීම ගැන පැමිණිල්ලක් දාන්න අවශ්‍ය බව. එ් අවස්ථාවේ ඔවුන් ප‍්‍රකාශ කලා පැමිණිල්ල දැමීමට ස්ථානාධිපති එනකන් ඉන්න කියා. 

ඉන් පසුව, එතැන සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ජීප් රථය අරගෙන කෙහේදෝ ගියා. අප පසකට වී සිටියා. 2013.09.23 වන දින, අ`ඵයම 2.00 ට පමණ, ජීප් රථය ආවා.

ජීප් රථයේ ස්ථානාධිපති කීර්තිසිංහ හා තවත් නිලධාරීන් පිරිසක් ආවා. ඔවුන් බැස, පිටුපස ෙදාර ඇර, ජීප් රථයේ බිම දාලා හිටපු හේමන්ත කුමාරව හා මාගේ පුතා වන චතුරංග උයද කුමාරව බිමට ඇදලා දැම්මා.

ඔවුන්ට නැගිට ගන්න බැරි තරමට ගහලා තිබුනේ. අප තිදෙනාට අනේ අපොයි කියා කෑ ගැස්සුනා.

එතැන සිටි පොලිස් කොස්තාපල් දෙදෙනෙක් බිම හිටිය එ් දෙන්නාව, බෙල්ල පිටුපස ෂර්ට් කොලරයෙන් අල්ලා, පොලිසිය තුලට බිම දිගේ ඇදගෙන ගියා.

මට හයියෙන් ඇඬුනා. කෑ ගැස්සුනා. එවිට හොඳටම බීලා හිටිය ස්ථානාධීපති පොල්ලක්ද රැුගෙන, වේසියෝ තුන්දෙනෙක් මූව බලන්න ඇවිල්ලා යයි කෑගසමින්, අප ළඟට ආවා. ඔහු මට අසභ්‍ය වචනයෙන් බැණවැදී, අතින් මගේ පිටට අත්වලට ගැසුවා. කොණ්ඩෙන් අල්ලා කරකවා, ඔලූවට ගසා, ඇදගෙන ගොස් කූඩුවට දැම්මා. 

මාව කූඩුවට දැම්මාට පස්සේ, මගේ සොයුරියගේ් දියණීය අනෝමා ප‍්‍රීයදර්ශනීව හා සොයුරිය සුමිත‍්‍රා දමයන්ති - පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොන්ඩෙන් ඇදගෙන ඇවිත් කූඩුවට දැම්මා. අනෝමා ප‍්‍රියදර්ශනී කිව්වා, නෙත්මි දරුවාව කව්ද උදුරා ගත්තා කියලා.

අනෝමා ප‍්‍රියදර්ශනී, දුවව ඉල්ලමින් ඇඬුවා. එදින උදේ 9.30 ට පමණ, මගේ සොයුරියගේ ලේලිය වන කේ.එම්.අනෝමා විසින් නේතිම දරුවාව ගෙනත් දුන්නා.

ඇය කිව්වා, අප පෝද්දල පොලිසියට ගිය ත‍්‍රී රෝද රථයේ රියදුරු අත දරුවාව ගෙදර එවා තිබුනු බව.

පසුදින (24 දා* අප කූඩුවේ සිටියා. කන්න දුන්නේ නැහැ. බොන්න වතුරවත් දුන්නේ නැහැ. 

පසුදින (25 දා* උදේ 9.30ට විතර, මගේ සොයුරියගේ ලේලිය වන කේ.එම්.අනෝමා ට කිව්වා අද ගාල්ල උසාවියට ගෙනයනවා, එහෙ ගිහිල්ලා ඇප ගන්න කියා.

හේමන්තව - එදින කූඩුව ඉදිරිපිට බිම දාලා තිබුනේ. ඔහුගේ එක අතකට මාංචුව දාලා අනෙක් කෙළවර ගබඩා කාමරයේ ෙදාරේ තිබූ කොක්කට දාලා තිබුනා.

25දා, දවල් අපෙන් ප‍්‍රකාශවලට අත්සන් ගත්තා. ලියා තිබූ දේ අපට කියෙව්වේ නැහැ.
ඉන් පසුව, අප හතර දෙනාවත්් ජීප් රථයට ගෙනවිත් නැග්ගුවා. අපි හතර දෙනා ජීප් රථයට නගින කොට, හේමන්ත කුමාර, මගේ පුතා චතුරංග උයද කුමාර ඇතුලූ තවත් දෙන්නෙක් හිටියා. ඔවුන් සියලූ දෙනාටම ගහලාල තිබුනා. හේමන්ත උයද කුමාරගේ කන් දෙකම ඉදිමිලා තිබුනා. මගේ පුතා චතුරංග උයද කුමාරගේ ඔලූව පැලිලා තිබුනා. එ් වෙලාවෙත් ලේ යමින් තිබුනා.

අපව ගෙන ගියේ බද්දේගම රෝහලේ ඞී.එම්. ඕ.ලඟට බව පොලිසිය කිව්වා.

රෝහලේදී, පොලිස් නිලධාරීන් තිදෙනෙක්, වෛද්‍යවරයාගේ කාර්යාලයට ගොස් ටික වේලාවකින් පැමිණ, එක් එක් අයව, මාංචු ගලවා වෛද්‍යවරයා ලඟට ගෙන ගියා. මාව ද ගෙන ගියා. ගහපු බව කියන්න එපා කියා මට තර්ජණය කලා. වෛද්‍යවරයා මාව පරීක්ෂා කලේ නැහැ. මම ඔලූව රිදෙන බව කිව්වා. වෛද්‍යවරයා පරීක්ෂා නොකර යන්න කිව්වා.

නැවත මාව ජීප් එකට දැම්මා. අනෙක් දෙන්නාවත් එලෙසම ගෙන ගියා.

ඉන්පසු, බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. අපව ගෙන ගියේ ගමගේ නැමැති නිලධාරියා. ඔහු අපට කිව්වා උඹලා වැඩිය දගලන්න එපා, උදේට අනෙක් දෙන්නාට හයිකෝට් දානවා කියා.

පසුව අප හතර දෙනාව බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබුවා.

අප තුන්දෙනා 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. 

30 වනදා ඇප මත මුදාහැරියා. මීළඟ දිනය 2014.02.27 වේ.

මාගේ පුතා වන චතුරංග උයද කුමාර හා මාගේ සොයුරියගේ පුතා වන හේමන්ත කුමාරව ද අධීකරණයට ඉදිරිපත් කරනු ලදුව, ඔවුන්ව ද බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මා ඉල්ලා සිටින්නේ,

පෝද්දල පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ නැමැති අය, බීමතින් පැමිණ, අසභ්‍ය වචනයෙන් බැණවැදී  පහරදී, ඇදගෙන ගොස් කූඩුවට දමා, කන්න නොදී, වතුරවත් නොදී, නීති විරෝධීව රඳවා තබාගෙන, වහිංසාවට, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලිවලට භාජනය කිරීම පිළිබඳව හා බොරු නඩු දැමීම පිළිබඳව නොපමාව නීතිමය පියවර ගන්නා ලෙසටත්, විනායනුකූල පියවර ගන්නා ලෙසටත්ය.


කේ.කරුණාවතී මදනායක.

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
     කොළඹ 08.

02. එන්.කේ.ඉලංගකෝනා මහතා
    පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

පෝද්දල පොලිසියේ ස්ථානාධිපති පො.ප.කීර්තිසිංහ බීමතින්, අසභ්‍ය වචනයෙන් බැණවැදී, පහරදී, කන්න බොන්න නොදී, නීති විරෝධීව රඳවා තබාගෙන - බොරු නඩු දැමීම.

කොස්¥වගේ සුමිත‍්‍රා දමයන්ති, අවු: 48යි, ජා.හැ.අ.658443259ඪ, විවාහක, දරුවන් 04යි.
ලිපිනය : බාන්වැල්¥ව වත්ත, වක්වැල්ල, ගාල්ල. දු.අ.0779071259.
2013.10.08 දිනදීය.

2013.09.22 වන දින, රාත‍්‍රී 12.00 පමණ, මාගේ බෑනා වන, එ්.ටී.ජගත් හේමන්ත ව - පෝද්දල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩ කරන ස්ථානයේ හිමිකරු චන්දරේ නැමැති අයගෙන් දැනගන්නට ලැබුනා.

එ් අනුව - මමත්, මාගේ දියණීය වන විතාන පතිරනගේ අනෝමා ප‍්‍රියදර්ශනී (එ්.ටී.ජගත් හේමන්ත ගේ බිරිඳ* සහ මාගේ වැඩිමහල් සොහොයුරිය කරුණාවතී මදනායක, මිනිපිරිය වන නෙත්මි (අවු: 02* සමග පෝද්දල පොලිසියට ගියා.

අප පෝද්දල පොලිසියට ගොස්, එ් අවස්ථාවේ පොලිසියේ නිලධාරීන්ගෙන් විමසුවා හේමන්ත කුමාරව බලන්න ආවේ කියා.

එවිට ඔවුන් ප‍්‍රකාශ කලා, එහෙම කෙනෙක් ගෙනත් නැති බව. අප ඔවුන්ට ප‍්‍රකාශ කලා, නෙ`ඵවේ -හේමන්ත කුමාර, වැඩ කරන තැන චන්දරේ තමයි පණිවුඩය දුන්නේ කියා.

ඔවුන් එවිට, මේ තියෙන්නේ ජීප් එක, එහෙම ගිහිල්ලා නෑ කීවා. එවිට අප ඉල්ලා සිටියා, හේමන්ත කුමාර රැුකියාවට ගොස් සිටි විට, අත්අඩංගුවට ගැනීම ගැන පැමිණිල්ලක් දාන්න අවශ්‍ය බව. එ් අවස්ථාවේ ඔවුන් ප‍්‍රකාශ කලා පැමිණිල්ල දැමීමට ස්ථානාධිපති එනකන් ඉන්න කියා. 

ඉන් පසුව, එතැන සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ජීප් රථය අරගෙන කෙහේදෝ ගියා. අප පසකට වී සිටියා. 2013.09.23 වන දින, අ`ඵයම 2.00 ට පමණ, ජීප් රථය ආවා.

ජීප් රථයේ ස්ථානාධිපති කීර්තිසිංහ හා තවත් නිලධාරීන් පිරිසක් ආවා. ඔවුන් බැස, පිටුපස ෙදාර ඇර, ජීප් රථයේ බිම දාලා හිටපු හේමන්ත කුමාරව හා චතුරංග උයද කුමාරව බිමට ඇදලා දැම්මා.

ඔවුන්ට නැගිට ගන්න බැරි තරමට ගහලා තිබුනේ. අප තිදෙනාට අනේ අපොයි කියා කෑ ගැස්සුනා.

එතැන සිටි පොලිස් කොස්තාපල් දෙදෙනෙක් බිම හිටිය එ් දෙන්නාව, බෙල්ල පිටුපස ෂර්ට් කොලරයෙන් අල්ලා, පොලිසිය තුලට බිම දිගේ ඇදගෙන ගියා.

මට හයියෙන් ඇඬුනා. කෑ ගැස්සුනා. එවිට හොඳටම බීලා හිටිය ස්ථානාධීපති පොල්ලක්ද රැුගෙන, වේසියෝ තුන්දෙනෙක් මූව බලන්න ඇවිල්ලා යයි කෑගසමින්, අප ළඟට ආවා. ඔහු එක පාරටම මගේ අතට පොල්ලෙන් ගැහුව්වා. එය දකුණු අතේ උඩට වැදුනා. තට්ටමට පොල්ලෙන් ගැහැව්වා. පිටට ගැහුව්වා. ඉන් පසු ඔහු මගේ බ්ලවුසයේ කරෙන් කරකවා අල්ලා ගත්තා. එවිට තවත් අයෙක් පැමිණ මගේ ඔලූවට අතින් ගැහුව්වා. එයින් පසු මාව ඇදගෙන පොලිසිය තුලට ගෙන ගියා. මාව ඔහු කූඩුව තුලට දැම්මා.

මාව කූඩුවට දැම්මාට පස්සේ, මගේ දියණීය අනෝමා ප‍්‍රීයදර්ශනීව හා සොයුරිය කරුණාවතී මදනායකව - පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොන්ඩෙන් ඇදගෙන ඇවිත් කූඩුවට දැම්මා. දුව අනෝමා කිව්වා, නෙත්මි (මිනිපිරියව* කව්ද උදුරා ගත්තා කියලා.

මගේ දියණීය, දුවව ඉල්ලමින් ඇඬුවා. එදින උදේ 9.30 ට පමණ, මගේ ලේලිය වන කේ.එම්.අනෝමා විසින් මිනිපිරියව ගෙනත් දුන්නා.

ඇය කිව්වා, අප පෝද්දල පොලිසියට ගිය ත‍්‍රී රෝද රථයේ රියදුරු අත දරුවාව ගෙදර එවා තිබුනු බව.

පසුදින (24 දා* අප කූඩුවේ සිටියා. කන්න දුන්නේ නැහැ. බොන්න වතුරවත් දුන්නේ නැහැ. 

පසුදින (25 දා* උදේ 9.30ට විතර, මගේ ලේලිය කේ.එම්.අනෝමා ට කිව්වා අද ගාල්ල උසාවියට ගෙනයනවා, එහෙ ගිහිල්ලා ඇප ගන්න කියා.

හේමන්තව - එදින කූඩුව ඉදිරිපිට බිම දාලා තිබුනේ. ඔහුගේ එක අතකට මාංචුව දාලා අනෙක් කෙළවර ගබඩා කාමරයේ ෙදාරේ තිබූ කොක්කට දාලා තිබුනා.

25දා, දවල් අපෙන් ප‍්‍රකාශවලට අත්සන් ගත්තා. ලියා තිබූ දේ අපට කියෙව්වේ නැහැ.
ඉන් පසුව, අප සිව්දෙනාවත්් ජීප් රථයට ගෙනවිත් නැග්ගුවා. අපි සිව්දෙනා ජීප් රථයට නගින කොට, හේමන්ත කුමාර, චතුරංග උයද කුමාර ඇතුලූ තවත් දෙන්නෙක් හිටියා. ඔවුන් සියලූ දෙනාටම ගහලාල තිබුනා. හේමන්ත උයද කුමාරගේ කකු් දෙකම ඉදිමිලා තිබුනා. චතුරංග උයද කුමාරගේ ඔලූව පැලිලා තිබුනා. එ් වෙලාවෙත් ලේ යමින් තිබුනා.

අපව ගෙන ගියේ බද්දේගම රෝහලේ ඞී.එම්. ඕ.ලඟට බව පොලිසිය කිව්වා.

රෝහලේදී, පොලිස් නිලධාරීන් තිදෙනෙක්, වෛද්‍යවරයාගේ කාර්යාලයට ගොස් ටික වේලාවකින් පැමිණ, එක් එක් අයව, මාංචු ගලවා වෛද්‍යවරයා ලඟට ගෙන ගියා. මාව ද ගෙන ගියා. වෛද්‍යවරයා මගෙන් අමාරු මොනවාද කියා ඇහුව්වා. මම අ. රිදෙන බව කිව්වා. 

එයින් පසුව, කිසිම පරීක්ෂාවක් කළේ නැහැ.කොළයක් පුරවා යන්න කිව්වා. නැවත මාව ජීප් එකට දැම්මා. අනෙක් දෙන්නාවත් එලෙසම ගෙන ගියා.

ඉන්පසු, බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. අපව ගෙන ගියේ ගමගේ නැමැති නිලධාරියා. ඔහු අපට කිව්වා උඹලා වැඩිය දගලන්න එපා, උදේට අනෙක් දෙන්නාට හයිකෝට් දානවා කියා.

පසුව අප සිව්දෙනාව බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබුවා.

අප තුන්දෙනා 30 වන දින දක්වා රක්ෂිතක බන්ධනාගාර ගත කර සිටියා. 

30 වනදා ඇප මත මුදාහැරියා. මීළඟ දිනය 2014.02.27 වේ.

මාගේ පුතා වන හේමන්ත කුමාර හා සොයුරියගේ පුතා වන චතුරංග උයද කුමාරව ද 25 දින අධීකරණයට ඉදරිපත් කරනු ලදුව, ඔවුන්වද බන්ධනාගාරගත කරනු ලැබුවා.

මා ඉල්ලා සිටින්නේ,

පෝද්දල පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ නැමැති අය, බීමතින් පැමිණ, අසභ්‍ය වචනයෙන් බැණවැදී පොල්ලකින් පහරදී, ඇදගෙන ගොස් කූඩුවට දමා, කන්න නොදී, වතුරවත් නොදී, නීති විරෝධීව රඳවා තබාගෙන, වහිංසාවට, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලිවලට භාජනය කිරීම පිළිබඳව හා බොරු නඩු දැමීම පිළිබඳව නොපමාව නීතිමය පියවර ගන්නා ලෙසටත්, විනායනුකූල පියවර ගන්නා ලෙසටත්ය.


කේ. සුමිත‍්‍රා දමයන්ති

01. සභෘපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
     කොළඹ 08.

02. එන්.කේ.ඉලංගකෝනා මහතා
    පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

පෝද්දල පොලිසියේ ස්ථානාධිපති පො.ප.කීර්තිසිංහ බීමතින්, අසභ්‍ය වචනයෙන් බැණවැදී, පහරදී, කන්න බොන්න නොදී, නීති විරෝධීව රඳවා තබාගෙන - බොරු නඩු දැමීම.

විතාන පතිරණගේ අනෝමා ප‍්‍රියදර්ශනී, අවු: 30යි, ජා.හැ.අ.837602084ඪ, විවාහක, දරුවන් 03යි.
ලිපිනය :බාන්වැල්¥ව වත්ත, වක්වැල්ල, ගාල්ල. 
2013.10.08 දිනදීය.

2013.09.22 වන දින, රාත‍්‍රී 12.00 පමණ, මාගේ සැමියා වන එ්.ටී.ජගත් හේමන්ත ව - පෝද්දල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩ කරන ස්ථානයේ හිමිකරු චන්දරේ නැමැති අයගෙන් දැනගන්නට ලැබුනා.

එ් අනුව - මමත්, මාගේ අම්මා වන කෝස¥වගේ සුමිත‍්‍රා දමයන්ති සහ මාගේ මවගේ වැඩිමහල් සොහොයුරිය කරුණාවතී මදනායක, මිනිපිරිය වන නෙත්මි (අවු: 02* සමග පෝද්දල පොලිසියට ගියා.

අප පෝද්දල පොලිසියට ගොස්, එ් අවස්ථාවේ පොලිසියේ නිලධාරීන්ගෙන් විමසුවා හේමන්ත කුමාරව බලන්න ආවේ කියා.

එවිට ඔවුන් ප‍්‍රකාශ කලා, එහෙම කෙනෙක් ගෙනත් නැති බව. අප ඔවුන්ට ප‍්‍රකාශ කලා, නෙ`ඵවේ -හේමන්ත කුමාර, වැඩ කරන තැන චන්දරේ තමයි පණිවුඩය දුන්නේ කියා.

ඔවුන් එවිට, මේ තියෙන්නේ ජීප් එක, එහෙම ගිහිල්ලා නෑ කීවා. එවිට අප ඉල්ලා සිටියා, හේමන්ත කුමාර රැුකියාවට ගොස් සිටි විට, අත්අඩංගුවට ගැනීම ගැන පැමිණිල්ලක් දාන්න අවශ්‍ය බව. එ් අවස්ථාවේ ඔවුන් ප‍්‍රකාශ කලා පැමිණිල්ල දැමීමට ස්ථානාධිපති එනකන් ඉන්න කියා. 

ඉන් පසුව, එතැන සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ජීප් රථය අරගෙන කෙහේදෝ ගියා. අප පසකට වී සිටියා. 2013.09.23 වන දින, අ`ඵයම 2.00 ට පමණ, ජීප් රථය ආවා.

ජීප් රථයේ ස්ථානාධිපති කීර්තිසිංහ හා තවත් නිලධාරීන් පිරිසක් ආවා. ඔවුන් බැස, පිටුපස ෙදාර ඇර, ජීප් රථයේ බිම දාලා හිටපු හේමන්ත කුමාරව හා චතුරංග උයද කුමාරව බිමට ඇදලා දැම්මා.

ඔවුන්ට නැගිට ගන්න බැරි තරමට ගහලා තිබුනේ. අප තිදෙනාට අනේ අපොයි කියා කෑ ගැස්සුනා.

එතැන සිටි පොලිස් කොස්තාපල් දෙදෙනෙක් බිම හිටිය එ් දෙන්නාව, බෙල්ල පිටුපස ෂර්ට් කොලරයෙන් අල්ලා, පොලිසිය තුලට බිම දිගේ ඇදගෙන ගියා.

මට හයියෙන් ඇඬුනා. කෑ ගැස්සුනා. එවිට හොඳටම බීලා හිටිය ස්ථානාධීපති පොල්ලක්ද රැුගෙන, වේසියෝ තුන්දෙනෙක් මූව බලන්න ඇවිල්ලා යයි කෑගසමින්, අප ළඟට ආවා. 
මම හිටියේ මගේ දෙවැහැදිරි නෙත්මි  දුව වඩාගෙන. මට ස්ථානාධිපති පො.ප.කීර්තිසිංහ පර වේසියෝ මෙතනට ආවා කියමින්, ඔහු අත තිබූ පොල්ලෙන් මගේ උරහිසට ගැහුව්වා. ඔහු හිටියේ හොඳටම බීලා. කව්ද කෙනෙක් මගේ අත හිටිය දරුවා උදුරා ගත්තා. එ් සමග ස්ථානාධිපති පො.ප.කීර්තිසිංහ මගේ කොණ්ඩෙන් අල්ලා ඔලූවට අතින් ගැහැව්වා. ඊට පස්සේ වෙනත් දෙන්නෙක් මාව ඇදගෙන පොලිසිය තුලට ගෙන ගිහින් කූඩුවට දැම්මා.
එක්කෙනෙක් කොණ්ඩෙන් අල්ලා ඇදගෙන ගිය අනෙක් මගේ වම් වලලූකර ලගින් මිරිකා අල්ලා ගෙන ඇදගෙන ගියා. ඔහුගේ නියපොතුවලට මාගේ අත සීරී ලේ ආවා. 
මාගේ දරුවා උදුරා ගත්තේ පොලිසියේ කෙනෙක්. කව්ද දන්නේ නැහැ. මම දරුවා ඉල්ලමින් ඇඬුවා. එදින 9.30 පමණ මාගේ නෑනා වන කේ.එම්.අනෝමා දරුවා ගෙනවිත් මට දුන්නා. ඇය කිව්වා අප පොලිසියට ගිය ත‍්‍රී රෝද රියදුරු අත දරුවා ගෙදරට එවා තිබූ බව.
පසුදින (24 දා* අප කූඩුවේ සිටියා. කන්න දුන්නේ නැහැ. බොන්න වතුරවත් දුන්නේ නැහැ. 

පසුදින (25 දා* උදේ 9.30ට විතර, මගේ නෑනා වන කේ.එම්.අනෝමා ට කිව්වා අද ගාල්ල උසාවියට ගෙනයනවා, එහෙ ගිහිල්ලා ඇප ගන්න කියා.

හේමන්තව - එදින කූඩුව ඉදිරිපිට බිම දාලා තිබුනේ. ඔහුගේ එක අතකට මාංචුව දාලා අනෙක් කෙළවර ගබඩා කාමරයේ ෙදාරේ තිබූ කොක්කට දාලා තිබුනා.

25දා, දවල් අපෙන් ප‍්‍රකාශවලට අත්සන් ගත්තා. ලියා තිබූ දේ අපට කියෙව්වේ නැහැ.
ඉන් පසුව, අප සිව්දෙනාවත්් ජීප් රථයට ගෙනවිත් නැග්ගුවා. අපි සිව්දෙනා ජීප් රථයට නගින කොට, හේමන්ත කුමාර, චතුරංග උයද කුමාර ඇතුලූ තවත් දෙන්නෙක් හිටියා. ඔවුන් සියලූ දෙනාටම ගහලාල තිබුනා. හේමන්ත උයද කුමාරගේ කකු් දෙකම ඉදිමිලා තිබුනා. චතුරංග උයද කුමාරගේ ඔලූව පැලිලා තිබුනා. එ් වෙලාවෙත් ලේ යමින් තිබුනා.

අපව ගෙන ගියේ බද්දේගම රෝහලේ ඞී.එම්. ඕ.ලඟට බව පොලිසිය කිව්වා.

රෝහලේදී, පොලිස් නිලධාරීන් තිදෙනෙක්, වෛද්‍යවරයාගේ කාර්යාලයට ගොස් ටික වේලාවකින් පැමිණ, එක් එක් අයව, මාංචු ගලවා වෛද්‍යවරයා ලඟට ගෙන ගියා. මාව ද ගෙන ගියා. වෛද්‍යවරයා මගෙන් අමාරු මොනවාද කියා ඇහුව්වා. වෛද්‍යවරයාට මම කිව්වා මට ගහපු බව. උරහිස අත ඉදිමිලා තිබුනා. වලලූකර ලඟින් සීරී තිබෙනු මා පෙන්වූවා. ඔලූවට ගහපු පාරට ඔලූව රිදනෙ බව ප‍්‍රකාශ කලා. නමුත් වෛද්‍යවරයා කිසිම පරීක්ෂාවක්කළේ නැහැ. තුන්ඩු කෑල්ලක් ලබා දුන්නා. එයට සුචු පොති කිහිපයක් ඩිස්පැන්සරියෙන් නිකුත් කලා (පැනඩෝල්*.

එයින් පසුව, කිසිම පරීක්ෂාවක් කළේ නැහැ.කොළයක් පුරවා යන්න කිව්වා. නැවත මාව ජීප් එකට දැම්මා. අනෙක් දෙන්නාවත් එලෙසම ගෙන ගියා.

ඉන්පසු, බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. අපව ගෙන ගියේ ගමගේ නැමැති නිලධාරියා. ඔහු අපට කිව්වා උඹලා වැඩිය දගලන්න එපා, උදේට අනෙක් දෙන්නාට හයිකෝට් දානවා කියා.

පසුව අප දෙන්නාව බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබුවා.

අප තුන්දෙනා 30 වන දින දක්වා රක්ෂිතක බන්ධනාගාර ගත කර සිටියා. 

30 වනදා ඇප මත මුදාහැරියා. මීළඟ දිනය 2014.02.27 වේ.

මාගේ සැමියා වන හේමන්ත කුමාරවත්, මාගේ ලොකු අම්මාගේ පුතා වන චතුරංග උයද කුමාරවත් 25 දිනම අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරන ලද බව ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ,

පෝද්දල පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ නැමැති අය, බීමතින් පැමිණ, අසභ්‍ය වචනයෙන් බැණවැදී පොල්ලකින් පහරදී, අපද වලලූ කරෙන් අල්ලා ඇදගෙන ගොස් කූඩුවට දමා, කන්න නොදී, වතුරවත් නොදී, නීති විරෝධීව රඳවා තබාගෙන, වහිංසාවට, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලිවලට භාජනය කිරීම පිළිබඳව හා බොරු නඩු දැමීම පිළිබඳව නොපමාව නීතිමය පියවර ගන්නා ලෙසටත්, විනායනුකූල පියවර ගන්නා ලෙසටත්ය.


වී.පී. අනෝමා ප‍්‍රියදර්ශනී,